සංයුත්ත නිකාය

සගාථ වග්ගෝ

2.2.7. සුබ්‍රහ්ම සුත්තං

2.2.7. සුබ්‍රහ්ම දිව්‍යපුත්‍රයාට වදාළ දෙසුම

සාවත්ථියං…

සැවැත් නුවර ජේතවනාරාමයේදී …………………….

ඒකමන්තං ඨිතෝ ඛෝ සුබ්‍රහ්‌මා දේවපුත්‌තෝ භගවන්‌තං ගාථාය අජ්‌ඣභාසි.

එකත්පසක සිටි සුබ්‍රහ්ම දිව්‍යපුත්‍රයා භාග්‍යවතුන් වහන්සේට ගාථාවකින් පැවසුවා.

නිච්‌චං උත්‍රස්‌තමිදං චිත්‌තං නිච්‌චං උබ්‌බිග්‌ගමිදං මනෝ
අනුප්‌පන්‌නේසු කිච්‌ඡේසු අථෝ උප්‌පතිතේසු ච
සචේ අත්‌ථි අනුත්‍රස්‌තං තං මේ අක්‌ඛාහි පුච්‌ඡිතෝති

“නූපන් කරදර ගැනත්, ඇතිවෙලා තියෙන කරදර ගැනත් මේ සිත නිතර තැතිගන්නවා. මේ සිත නිතර බියට පත් වෙනවා. මං මේ අසන කරුණු කියා දෙනු මැනවි. මේ හිතේ තැතිගැනීමක් නැත්නම්, ඒක ඇතිවන්නෙ කොහොමද?”

(භගවා);

(භාග්‍යවතුන් වහන්සේ) :

නාඤ්‌ඤත්‍ර බොජ්‌ඣංගා තපසා නාඤ්‌ඤත්‍ර ඉන්‌ද්‍රියසංවරා
නාඤ්‌ඤත්‍ර සබ්‌බනිස්‌සග්‌ගා සොත්‌ථිං පස්‌සාමි පාණිනන්‌ති

“බොජ්ඣංග ධර්ම හැර, කෙලෙස් තවන ජීවිතය හැර, ඉන්‍ද්‍රිය සංවරය හැර, ඒ අමා නිවන හැර, සත්වයන්ට වෙන සෙතක් මං දකින්නෙ නෑ.”

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_2-2-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M