මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දවස්වල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සාකේත නුවර අඤ්ජන වනය නම් වූ මිගදායේ.
එදා කකුධ දිව්‍යපුත්‍රයා රැය පහන්වන වෙලාවේ සෝභාමත් සිරුරකින් යුතුව, මුළු මහත් අඤ්ජන වනයම ඒකාලෝක කරගෙන භාග්‍යවතුන් වහන්සේ ළඟට පැමිණියා. ඇවිදින් භාග්‍යවතුන් වහන්සේට වන්දනා කළා. එකත්පසක සිටියා. එකත්පසක සිටිය කකුධ දිව්‍ය පුත්‍රයා භාග්‍යවතුන් වහන්සේගෙන් මෙහෙම ඇහුවා.
“ශ්‍රමණයන් වහන්ස, සතුටින්ද ඉන්නෙ?”
“ආයුෂ්මතුනි, කුමක් ලැබුනාටද?”
“එහෙම නම් ශ්‍රමණයන් වහන්ස, ශෝකයෙන්ද ඉන්නෙ?”
“ආයුෂ්මතුනි, කුමක් දිරුවාටද?”
“එහෙම නම් ශ්‍රමණයන් වහන්ස, සතුටු වෙන්නෙත් නෑ. ශෝක වෙන්නෙත් නෑ නේද?”
“ඔව් ආයුෂ්මතුනි,”
“ශ්‍රමණයන් වහන්ස, ඔබ දුක් නැතුවද ඉන්නෙ. ඔබ තුළ ඇල්මක් දකින්න නැත්තෙ ඇයි? හුදෙකලාවේ ඉන්න කොට, භාවනාවට ඇති ඇල්ම නැතිවෙලා ගිහින්, ඒ නොඇල්මෙන් පීඩා විඳින්නෙ නැද්ද?”
(භාග්‍යවතුන් වහන්සේ) :
“පින්වත් දෙවිඳ, ඇත්තෙන්ම මම ඉන්නෙ දුක් නැතුව. මා තුළ ඇල්මක් දකින්න නෑ. මං හුදෙකලාවෙ සිටිද්දි වුනත්, භාවනාවට නොඇලෙන ගතිය මාව පෙළන්නෙ නෑ.”
(දිව්‍යපුත්‍රයා) :
“ශ්‍රමණයන් වහන්ස, ඔබ දුක් නැතුව ඉන්නෙ කොහොමද? ඔබ තුළ ඇල්මක් පෙනෙන්න නැත්තෙ කොහොමද? හුදෙකලාවේ ඉන්න ඔබවහන්සේව භාවනාවට තියෙන නොඇල්මෙන් යට නොකරගන්නෙ කොහොමද?”
(භාග්‍යවතුන් වහන්සේ) :
“දුක හටගත්තු කෙනා තුළයි ඇත්තෙන්ම ආශාව තියෙන්නෙ. ආශාව තියෙන කෙනා තුළයි ඇත්තෙන්ම දුක තියෙන්නෙ. ඒත් ආයුෂ්මතුනි, මේ භික්‍ෂුව තුළ ආශාව නැති බවත්, දුක නැති බවත් දැනගන්න.”
(දිව්‍යපුත්‍රයා) :
“ඇත්තෙන්ම බොහෝ කාලෙකට පස්සෙ පිරිනිවී ගිය, නිකෙලෙස් කෙනෙක් දැකගත්තා. ආශා නැති, දුක් නැති, ලෝකය ගැන තියෙන ආශාවෙන් එතෙර වෙච්ච භික්‍ෂුවක් දැකගත්තා.”
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_2-2-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M