සංයුත්ත නිකාය

සගාථ වග්ගෝ

2.2.6. වසුදත්ත සුත්තං

2.2.6. වසුදත්ත දිව්‍යපුත්‍රයාට වදාළ දෙසුම

සාවත්ථියං…

සැවැත් නුවර ජේතවනාරාමයේදී …………………….

ඒකමන්තං ඨිතෝ ඛෝ වසුදත්‌තෝ දේවපුත්‌තෝ භගවතෝ සන්‌තිකේ ඉමං ගාථං අභාසි.

එකත්පසක සිටි වසුදත්ත දිව්‍යපුත්‍රයා භාග්‍යවතුන් වහන්සේට මේ ගාථාව පැවසුවා.

සත්‌තියා විය ඕමට්‌ඨෝ ඩය්‌හමානෝව මත්‌ථකේ
කාමරාගප්‌පහානාය සතෝ භික්‌ඛු පරිබ්‌බජේති

“ආයුධයකින් පහර කාපු කෙනෙක් වගේ, හිස ගිනිගත්තු කෙනෙක් වගේ භික්‍ෂුව කාමරාගය නැතිකිරීම පිණිස සිහිනුවණින් හැසිරෙන්න ඕන.”

(භගවා);

(භාග්‍යවතුන් වහන්සේ) :

සත්‌තියා විය ඕමට්‌ඨෝ ඩය්‌හමානෝව මත්‌ථකේ
සක්‌කායදිට්‌ඨිප්‌පහානාය සතෝ භික්‌ඛු පරිබ්‌බජේති

“ආයුධයකින් පහර කාපු කෙනෙක් වගේ, හිස ගිනිගත්තු කෙනෙක් වගේ භික්‍ෂුව සක්කාය දිට්ඨිය නැතිකිරීම පිණිස සිහිනුවණින් හැසිරෙන්න ඕන.”

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_2-2-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M