සැවැත් නුවර ජේතවනාරාමයේදී …………………….
එකත්පසක සිටි චන්දන දිව්‍යපුත්‍රයා භාග්‍යවතුන් වහන්සේට ගාථාවකින් පැවසුවා.
“දිවාරාත්‍රී දෙකේම කම්මැලි නැතුව, මේ සසර සැඩපහර තරණය කරන්නෙ කවුද? පිහිටන්නෙ නැතුව, පාවෙන්නෙ නැතුව, ගැඹුරු සැඩපහරේ ගිලෙන්නෙ නැතුව එතෙර වෙන්නෙ කවුද?”
(භාග්‍යවතුන් වහන්සේ) :
“ඔහු හැමදාම සිල්වත් නම්, ප්‍රඥාවන්ත නම්, සිත එකඟ වෙලා නම්, පටන්ගත් වීරියෙන් යුක්ත නම්, ජීවිතේ දෙවෙනි කොට ධර්මයේ හැසිරෙනවා නම්, තරණය කිරීමට දුෂ්කර වූ මේ සසර සැඩපහරයි ඔහු තරණය කරන්නෙ.
කාම සඤ්ඤාවෙන් වැළකිලා, රූපයට තියෙන බැඳීමත් ඉක්ම ගිහින්, ආශාවෙන් ඇලෙන ගතිය නැතිකරල දාපු කෙනා, ගැඹුරු සැඩපහරෙ ගිලෙන්නෙ නෑ.”
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_2-2-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M