සැවැත් නුවර ජේතවනාරාමයේදී …………………….
එකත්පසක සිටි නන්දන දිව්‍යපුත්‍රයා භාග්‍යවතුන් වහන්සේට ගාථාවකින් පැවසුවා.
“මහා ප්‍රාඥ වූ පින්වත් ගෞතමයන් වහන්ස, ඔබ වහන්සේගෙනුයි මං අහන්නෙ. භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධ ඥානය කිසිදේකින් වැහිලා නෑ. කොයි වගේ කෙනෙකුටද ‘සිල්වතා’ කියන්නේ? කොයි වගේ කෙනෙකුටද ප්‍රඥාවන්තයා කියන්නේ? කොයි වගේ කෙනෙක්ද දුක ඉක්මවා යන විදිහට ජීවිතේ ගෙවන්නේ? කොයි වගේ කෙනෙකුටද දෙවියන් පවා පුදපූජා කරන්නේ?”
(භාග්‍යවතුන් වහන්සේ) :
“යම් කෙනෙක් සිල්වත් නම්, ප්‍රඥාවන්ත නම්, සිත දියුණු කරලා නම්, සිත එකඟ කරලා නම්, ධ්‍යානයේ ඇලී වසනවා නම්, සිහි නුවණින් යුක්ත නම්, ඔහු තුළ හැම ශෝකයක්ම නැතිවෙලා, ප්‍රහාණය වෙලා නම්, ඔහු අවසන් සිරුර දරන රහතන් වහන්සේ නමක්.
ඒ වගේ අයටයි සිල්වතුන් කියන්නෙ. ඒ වගේ අයටයි ප්‍රඥාවන්තයින් කියන්නෙ. ඒ වගේ අය තමයි දුක ඉක්මවා යන ජීවිතයක් ඇතුව ඉන්නෙ. ඒ වගේ අයට තමයි දෙවියනුත් පුදන්නෙ.”
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_2-2-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M