මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ රජගහ නුවර කලන්දක නිවාප නම් වූ වේළුවනයේ.
එදා දීඝලට්ඨි දිව්‍යපුත්‍රයා රැය පහන් වන වෙලාවේ සෝභාමත් සිරුරකින් යුතුව, මුළු මහත් වේළුවනයම බබුළුවාගෙන භාග්‍යවතුන් වහන්සේ හමුවට ආවා. ඇවිදින් භාග්‍යවතුන් වහන්සේට වන්දනා කළා. පැත්තකින් හිටගත්තා. පැත්තකින් හිටගත්තු දීඝලට්ඨි දිව්‍යපුත්‍රයා භාග්‍යවතුන් වහන්සේට ගාථාවකින් පැවසුවා.
“ඉතින් භික්‍ෂුවක් හදවතේ ශාන්තිය ඇතිකරන අරහත්වය කැමති වෙනවා නම්, ඔහු ධ්‍යාන වඩන කෙනෙක් වෙන්න ඕන. විමුක්ති සිත් ඇති කෙනෙක් වෙන්න ඕන. ලෝකයේ හටගැනීමත්, නැතිවීමත් අවබෝධ කරන්න ඕන. සතිපට්ඨානයේ හොඳින් සිත පිහිටුවාගන්න ඕන. ‘මමය, මාගේය’ කියන අදහසින් වෙන්වෙන්න ඕන. එතකොටයි අරහත් ඵලය ආනිසංස වශයෙන් ඇතිවෙන්නේ.”
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_2-2-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M