සංයුත්ත නිකාය

සගාථ වග්ගෝ

2.1.8. තායන සුත්තං

2.1.8. තායන දිව්‍යපුත්‍රයාගේ අදහස අනුමත කොට වදාළ දෙසුම

සාවත්ථියං….

සැවැත් නුවර ජේතවනාරාමයේදී …………………….

අථ ඛෝ තායනෝ දේවපුත්‌තෝ පුරාණතිත්‌ථකරෝ අභික්‌කන්‌තාය රත්‌තියා අභික්‌කන්‌තවණ්‌ණෝ කේවලකප්‌පං ජේතවනං ඕභාසෙත්‌වා යේන භගවා තේනුපසංකමි, උපසංකමිත්‌වා භගවන්‌තං අභිවාදෙත්‌වා ඒකමන්තං අට්‌ඨාසි. ඒකමන්තං ඨිතෝ ඛෝ තායනෝ දේවපුත්‌තෝ භගවතෝ සන්‌තිකේ ඉමා ගාථායෝ අභාසි.

පැරණි තවුසෙක් වූ ඒ තායන දිව්‍යපුත්‍රයා එදා රැය පහන් වන වෙලාවේ, මුළු මහත් ජේතවනයම බබුලුවාගෙන, භාග්‍යවතුන් වහන්සේ ළඟට ආවා. ඇවිදින් භාග්‍යවතුන් වහන්සේට වන්දනා කළා. පැත්තකින් හිටගත්තා. පැත්තකින් හිටගත්තු තායන දිව්‍යපුත්‍රයා භාග්‍යවතුන් වහන්සේ ළඟ මේ ගාථාවන් පැවසුවා.

ඡින්‌ද සෝතං පරක්‌කම්‌ම කාමේ පනුද බ්‍රාහ්‌මණ
නප්‌පහාය මුනී කාමේ නේකත්‌තමුපපජ්‌ජති

“පින්වත් බ්‍රාහ්මණය, තෘෂ්ණා සැඩ පහර වීරියෙන්ම යි සිඳින්න ඕන. මේ කාමයන් දුරුකරන්න ඕන. කාමයන් ප්‍රහාණය නොකොට මුනිවරයා චිත්ත ඒකාග්‍රතාවය ලබන්නෙ නෑ.

කයිරා චේ කයිරාථේනං දළ්‌හමේනං පරක්‌කමේ
සිථිලෝ හි පරිබ්‌බාජෝ භිය්‍යෝ ආකිරතේ රජං

ඉතින් කරනවා නම් වීරියෙන්මයි කරන්න තියෙන්නෙ. දැඩි වීරියක්, බලවත් වීරියක් ගන්න ඕන. පැවිදි ජීවිතේ බුරුලට ගත්තොත්, බොහෝ විට සිද්ධ වෙන්නෙ කෙලෙස් වැගිරෙන එක.

අකතං දුක්‌කතං සෙය්‍යෝ පච්‌ඡා තපති දුක්‌කතං
කතඤ්‌ච සුකතං සෙය්‍යෝ යං කත්‌වා නානුතප්‌පති

වැරදි දේ නොකරන එකම තමයි උතුම්. වැරදි දේ කිරීමෙන් අන්තිමේ දී පසුතැවෙන්න වෙනවා. යමක් කළාට පස්සෙ පසුතැවෙන්නෙ නැත්නම්, අන්න ඒ හොඳ දේවල් තමයි කිරීම උතුම් වන්නෙ.

කුසෝ යථා දුග්‌ගහිතෝ හත්‌ථමේවානුකන්‌තති
සාමඤ්‌ඤං දුප්‌පරාමට්‌ඨං නිරයායූපකඩ්ඪති

කුසතණ ගහ වැරදි විදිහට ඇල්ලුවොත් ඒක අල්ලපු අතම තමයි කැපිල යන්නෙ. පැවිදි ජීවිතේ වැරදි විදිහට ගත කළොත්, නිරයට ඇදගෙන යනවා.

යං කිඤ්‌චි සිථිලං කම්‌මං සංකිලිට්‌ඨඤ්‌ච යං වතං
සංකස්‌සරං බ්‍රහ්‌මචරියං න තං හෝති මහප්‌ඵලන්‌ති

යම්කිසි ලිහිල් වැඩපිළිවෙලක් ඇද්ද, කිලුටු වෙච්ච ගුණදහමක් ඇද්ද, සැක ඇතිවෙන බ්‍රහ්මචාරී බවක් ඇද්ද, ඒවා මහත්ඵල වෙන්නෙ නෑ.”

ඉදමවෝච තායනෝ දේවපුත්‌තෝ. ඉදං වත්‌වා භගවන්‌තං අභිවාදෙත්‌වා පදක්‌ඛිණං කත්‌වා තත්‌ථේවන්‌තරධායීති.

තායන දිව්‍යපුත්‍රයා ඔය කරුණ පැවසුවා. භාග්‍යවතුන් වහන්සේට වන්දනා කළා. ප්‍රදක්ෂිණා කළා. එතනම නොපෙනී ගියා.

අථ ඛෝ භගවා තස්‌සා රත්‌තියා අච්‌චයේන භික්‌ඛූ ආමන්‌තේසි. ඉමං භික්ඛවේ රත්‌තිං තායනෝ නාම දේවපුත්‌තෝ පුරාණතිත්‌ථකරෝ අභික්‌කන්‌තාය රත්‌තියා අභික්‌කන්‌තවණ්‌ණෝ කේවලකප්‌පං ජේතවනං ඕභාසෙත්‌වා යේනාහං තේනුපසංකමි. උපසංකමිත්‌වා මං අභිවාදෙත්‌වා ඒකමන්තං අට්‌ඨාසි. ඒකමන්තං ඨිතෝ භික්‌ඛවේ තායනෝ දේවපුත්‌තෝ මම සන්‌තිකේ ඉමා ගාථායෝ අභාසි.

භාග්‍යවතුන් වහන්සේ ඒ රාත්‍රිය ඉක්ම ගියාට පස්සෙ භික්‍ෂුන් වහන්සේලා ඇමතුවා. “පින්වත් මහණෙනි, පැරණි තාපසයෙක්ව සිටිය තායන නම් දිව්‍ය පුත්‍රයා මේ රාත්‍රිය ඉක්ම යද්දි, මුළු මහත් ජේතවනයම බබුලුවාගෙන ලස්සන පැහැයකින් මං ළඟට ආවා. ඇවිදින් මට වන්දනා කරලා පැත්තකින් හිටගත්තා. පින්වත් මහණෙනි, පැත්තකින් හිටගත්ත තායන දිව්‍යපුත්‍රයා මා ඉදිරියේ මේ ගාථාවන් පැවසුවා.

ඡින්‌ද සෝතං පරක්‌කම්‌ම කාමේ පනුද බ්‍රාහ්‌මණ
නප්‌පහාය මුනී කාමේ නේකත්‌තමුපපජ්‌ජති

“පින්වත් බ්‍රාහ්මණය, තෘෂ්ණා සැඩ පහර වීරියෙන්මයි සිඳින්න ඕන. මේ කාමයන් දුරුකරන්න ඕන. කාමයන් ප්‍රහාණය නොකොට මුනිවරයා චිත්ත ඒකාග්‍රතාවය ලබන්නෙ නෑ.

කයිරා චේ කයිරාථේනං දළ්‌හමේනං පරක්‌කමේ
සිථිලෝ හි පරිබ්‌බාජෝ භිය්‍යෝ ආකිරතේ රජන්ති

ඉතින් කරනවා නම් වීරියෙන්මයි කරන්න තියෙන්නෙ. දැඩි වීරියක්, බලවත් වීරියක් ගන්න ඕන. පැවිදි ජීවිතේ බුරුලට ගත්තොත්, බොහෝ විට සිද්ධ වෙන්නෙ කෙලෙස් වැගිරෙන එක.

අකතං දුක්‌කතං සෙය්‍යෝ පච්‌ඡා තපති දුක්‌කතං
කතඤ්‌ච සුකතං සෙය්‍යෝ යං කත්‌වා නානුතප්‌පති

වැරදි දේ නොකරන එකම තමයි උතුම්. වැරදි දේ කිරීමෙන් අන්තිමේදී පසුතැවෙන්න වෙනවා. යමක් කළාට පස්සෙ පසුතැවෙන්නෙ නැත්නම්, අන්න ඒ හොඳ දේවල් තමයි කිරීම උතුම් වන්නෙ.

කුසෝ යථා දුග්‌ගහිතෝ හත්‌ථමේවානුකන්‌තති
සාමඤ්‌ඤං දුප්‌පරාමට්‌ඨං නිරයායූපකඩ්ඪති

කුසතණ ගහ වැරදි විදිහට ඇල්ලුවොත් ඒක අල්ලපු අතම තමයි කැපිල යන්නෙ. පැවිදි ජීවිතේ වැරදි විදිහට ගත කළොත්, නිරයට ඇදගෙන යනවා.

යං කිඤ්‌චි සිථිලං කම්‌මං සංකිලිට්‌ඨඤ්‌ච යං වතං
සංකස්‌සරං බ්‍රහ්‌මචරියං න තං හෝති මහප්‌ඵලන්‌ති

යම්කිසි ලිහිල් වැඩපිළිවෙලක් ඇද්ද, කිලුටු වෙච්ච ගුණදහමක් ඇද්ද, සැක ඇතිවෙන බ්‍රහ්මචාරී බවක් ඇද්ද, ඒවා මහත්ඵල වෙන්නෙ නෑ.”

ඉදමවෝච තායනෝ දේවපුත්‌තෝ ඉදං වත්‌වා මං අභිවාදෙත්‌වා පදක්‌ඛිණං කත්‌වා තත්‌ථේවන්‌තරධායි. උග්‌ගණ්‌හාථ භික්‌ඛවේ තායනගාථා. පරියාපුණාථ භික්ඛවේ තායනගාථා. ධාරේථ භික්‌ඛවේ තායනගාථා. අත්‌ථසංහිතා භික්‌ඛවේ තායනගාථා, ආදිබ්‍රහ්‌මචරියිකාති.

තායන දිව්‍යපුත්‍රයා ඔය කරුණ පැවසුවා. ඊළඟට මට වන්දනා කළා. ප්‍රදක්‍ෂිණා කළා. එතනම නොපෙනී ගියා. පින්වත් මහණෙනි, තායන ගාථා ඉගෙනගන්න. තායන ගාථා කට පාඩම් කරගන්න. පින්වත් මහණෙනි, තායන ගාථා මතක තබාගන්න. පින්වත් මහණෙනි, තායන ගාථා හරිම අර්ථවත්. පින්වත් මහණෙනි, තායන ගාථා නිවන් මඟට මුල් වෙනවා.

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_2-1-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M