සංයුත්ත නිකාය

සගාථ වග්ගෝ

2.1.7. පඤ්චාල චණ්ඩ සුත්තං

2.1.7. පංචාල චණ්ඩ දිව්‍යපුත්‍රයාට වදාළ දෙසුම

සාවත්ථියං…

සැවැත් නුවර ජේතවනාරාමයේදී …………………….

ඒකමන්තං ඨිතෝ ඛෝ පඤ්‌චාලචණ්‌ඩෝ දේවපුත්‌තෝ භගවතෝ සන්‌තිකේ ඉමං ගාථං අභාසි.

එකත්පසක සිටි පංචාල චණ්ඩ දිව්‍යපුත්‍රයා භාග්‍යවතුන් වහන්සේ සමීපයේ මේ ගාථාව පැවසුවා.

සම්‌බාධේ වත ඕකාසං අවින්‌දි භූරිමේධසෝ
යෝ ඣානමබුධා බුද්‌ධෝ පතිලීනනිසභෝ මුනීති.

“ඇත්තෙන්ම කරදර පරිසරයේදී පවා මහා ප්‍රඥාවන්ත උතුමන් ධ්‍යාන සැප ලබනවා. ශ්‍රේෂ්ඨ මුනිඳුන් වූ, හුදෙකලාවේ වසන යම් බුදු සමිඳු කෙනෙක් වෙත් නම්, උන්වහන්සේ ඒ ධ්‍යානය ලබලයි තියෙන්නෙ.”

සම්‌බාධේ වාපි වින්‌දන්‌ති (පඤ්‌චාලචණ්‌ඩාති භගවා)
ධම්‌මං නිබ්‌බාණපත්‌තියා
යේ සතිං පච්‌චලත්‌ථුංසු
සම්‌මා තේ සුසමාහිතාති.

(භාග්‍යවතුන් වහන්සේ) :

“පංචාල චණ්ඩ, නිවන් අවබෝධයට පැමිණෙන කෙනා කරදර පරිසරයක වුනත් ධ්‍යාන ලබනවා. යමෙක් මනාකොට සිහිය පිහිටුවාගන්නවා නම්, ඔවුන්ට මනාකොට සමාධිගත වෙන්න පුළුවනි.”

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_2-1-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M