සංයුත්ත නිකාය

සගාථ වග්ගෝ

2.1.4. මාගධ සුත්තං

2.1.4. මාගධ දිව්‍යපුත්‍රයාට වදාළ දෙසුම

සාවත්ථියං….

සැවැත් නුවර ජේතවනාරාමයේදී …………………….

ඒකමන්තං ඨිතෝ ඛෝ මාගධෝ දේවපුත්‌තෝ භගවන්‌තං ගාථාය අජ්‌ඣභාසි.

එකත්පසක සිටි මාගධ දිව්‍යපුත්‍රයා භාග්‍යවතුන් වහන්සේට ගාථාවකින් මේ විදිහට පැවසුවා.

කති ලෝකස්‌මිං පජ්‌ජෝතා යේහි ලෝකෝ පකාසති
භගවන්‌තං පුට්‌ඨුමාගම්‌ම කථං ජානේමු තං මයන්‌ති

“මේ ලෝකයේ යම් දෙයකින් බබලයි නම්, ඒ වගේ බැබලීම් කීයක් තියෙනවාද? භාග්‍යවතුන් වහන්සේ ළඟට පැමිණුන අපි ඒ කරුණ දැනගන්නෙ කොහොමද?”

(භගවා);

(භාග්‍යවතුන් වහන්සේ) :

චත්‌තාරෝ ලෝකේ පජ්‌ජෝතා පඤ්‌චමෙත්‌ථ න විජ්‌ජති
දිවා තපති ආදිච්‌චෝ රත්‌තිං ආභාති චන්‌දිමා
අථ අග්‌ගි දිවාරත්‌තිං තත්‌ථ තත්‌ථ පකාසති
සම්‌බුද්‌ධෝ තපතං සෙට්‌ඨෝ ඒසා ආභා අනුත්‌තරාති

“ලෝකෙ තියෙන්නෙ බබලන දේවල් හතරයි. මෙහි පස්වෙනි දෙයක් නෑ. දවල්ට හිරු බබලනවා. රාත්‍රියට සඳ බබලනවා. දවල් රෑ දෙකේම ඒ ඒ තැන ගින්න බබලනවා. බබලන දේවල් අතර සම්බුදුරජාණන් වහන්සේ ශ්‍රේෂ්ඨයි. ඒ ආලෝකය උත්තරීතරයි.”

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_2-1-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M