සැවැත් නුවර ජේතවනාරාමයේදී …………………….
එදා මාඝ දිව්‍යපුත්‍රයා රැය පහන් වන වෙලාවේ, මුළු මහත් ජේතවනයම ඒකාලෝක කරගෙන භාග්‍යවතුන් වහන්සේ ළඟට ආවා. ඇවිදින් භාග්‍යවතුන් වහන්සේට වන්දනා කළා. පැත්තකින් හිටගත්තා. පැත්තකින් හිටගත් මාඝ දිව්‍යපුත්‍රයා භාග්‍යවතුන් වහන්සේට ගාථාවකින් පැවසුවා.
“කුමක් නැති කළාමද සනීපෙට නින්ද යන්නෙ? කුමක් නැති කළාමද ශෝක නොකරන්නෙ? පින්වත් ගෞතමයන් වහන්ස, කවර නම් එකම එක දෙයක් නැසීම ගැනද සතුටු වෙන්නෙ?”
(භාග්‍යවතුන් වහන්සේ) :
“ක්‍රෝධය නැති කළාම තමයි සනීපෙට නින්ද යන්නෙ. ක්‍රෝධය නැති කළාම තමයි ශෝකය නැතිවෙලා යන්නෙ. විෂ මුල් තියෙන (පළිගැනීම නම් වූ) මිහිරි අග ඇති ක්‍රෝධය නැසීම ගැන ආර්යන් වහන්සේලා ප්‍රශංසා කරනවා. ඒ ක්‍රෝධය නසා දැමීමෙන්මයි ශෝක නොකරන්නෙ.”
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_2-1-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M