සැවැත් නුවර ජේතවනාරාමයේදී ……………………
ඒ දිනවල සූරිය දිව්‍යපුත්‍රයාව රාහු අසුරිඳු විසින් අල්ලගෙනයි සිටියේ. ඉතින් එදා සූරිය දිව්‍යපුත්‍රයා භාග්‍යවතුන් වහන්සේව සිහිකරමින් මේ ගාථාව සිහිකළා.
“බුද්ධ වීරයන් වහන්ස, ඔබවහන්සේට නමස්කාර වේවා! ඔබවහන්සේ හැමදේකින්ම නිදහස් වූ සේක. මං කරදරේක වැටිලයි ඉන්නෙ. මට පිහිට වන සේක්වා!”
එතකොට භාග්‍යවතුන් වහන්සේ සූරිය දිව්‍යපුත්‍රයා වෙනුවෙන් රාහු අසුරිඳුට ගාථාවලින් මෙහෙම වදාළා.
“ඒයි රාහු, සූරිය දිව්‍යපුත්‍රයා අරහත් වූ තථාගතයන් වහන්සේව සරණ ගියා. බුදුරජාණන් වහන්සේලා ලෝකයට අනුකම්පා කරනවා. ඒ නිසා සූරිය දිව්‍යපුත්‍රයාව නිදහස් කරන්න.
ඒයි රාහු, යම් කෙනෙක් ඝන අන්ධකාරය එළිය කරයිද, බබලවයිද, උග්‍ර තේජස් ඇති හිරු මඬලක් ඇත්තේද, අහසේ හැසිරෙන ඒ හිරු මඬල ගිලින්න එපා. ඒයි රාහු, මගේ දරුවෙක් වන සූරියපුත්‍රයාව නිදහස් කරන්න.”
එතකොට රාහු අසුරිඳු සූරිය දිව්‍යපුත්‍රයාව නිදහස් කළා. බියෙන් වෙව්ලගෙන වේපචිත්ති අසුරිඳු ළඟට ගියා. ගිහින් තැති අරගෙන, මවිල් කෙලින් කරගෙන පැත්තකින් හිටගත්තා.
එකත්පසක සිටි රාහු අසුරිඳුට, වේපචිත්ති අසුරිඳු ගාථාවකින් මෙහෙම කිව්වා.
“ඒයි රාහු, මොකද ඔය භයවෙලා වගේ? හිරු නිදහස් කළා නේද? ඉතින් දැන් මේ තැති අරගෙන, භයවෙලා වගේ ඉන්නෙ මොකද?”
(රාහු) :
“බුදු සමිඳුන් මට ගාථාවන් වදාළා. යම් විදිහකින් මං හිරු නිදහස් නොකළා නම්, මගේ හිස හත් කඩකට පැලෙන්න ඉඩ තිබුනා. ජීවිතයට සැපක් නම් ලැබෙන්නෙ නෑ.”
සාදු! සාදු!! සාදු!!!
පළවෙනි සූරිය වර්ගය අවසන් විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_2-1-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M