සංයුත්ත නිකාය

සගාථ වග්ගෝ

2.2.1. චන්දිමස සුත්තං

2.2.1. චන්දිමස දිව්‍යපුත්‍රයාට වදාළ දෙසුම

සාවත්ථියං…

සැවැත් නුවර ජේතවනාරාමයේදී …………………….

අථ ඛෝ චන්‌දිමසෝ දේවපුත්‌තෝ අභික්‌කන්‌තාය රත්‌තියා අභික්‌කන්‌තවණ්‌ණෝ කේවලකප්‌පං ජේතවනං ඕභාසෙත්‌වා යේන භගවා තේනුපසංකමි. උපසංකමිත්‌වා භගවන්‌තං අභිවාදෙත්‌වා ඒකමන්තං අට්‌ඨාසි. ඒකමන්තං ඨිතෝ ඛෝ චන්‌දිමසෝ දේවපුත්‌තෝ භගවතෝ සන්‌තිකේ ඉමං ගාථං අභාසි.

එදා චන්දිමස දිව්‍යපුත්‍රයා රැය පහන් වන වෙලාවේ සෝභා සම්පන්න සිරුරකින් යුතුව මුලු මහත් ජේතවනයම ඒකාලෝක කරගෙන භාග්‍යවතුන් වහන්සේ ළඟට ආවා. ඇවිදින් භාග්‍යවතුන් වහන්සේට වන්දනා කළා. පැත්තකින් හිටගත්තා. පැත්තකින් හිටිය චන්දිම දිව්‍යපුත්‍රයා භාග්‍යවතුන් වහන්සේ සමීපයේ මේ ගාථාව පැවසුවා.

තේ හි සොත්‌ථිං ගමිස්‌සන්‌ති කච්‌ඡේ වාමකසේ මගා
ඣානානි උපසම්‌පජ්‌ජ ඒකෝදී නිපකා සතාති

“ධ්‍යාන ලබා සිටින, එකඟ සිත් තියෙන, තැනට සුදුසු ප්‍රඥා තියෙන, සිහි ඇති උන්වහන්සේලා යහපතට පැමිණෙන්නේ, මදුරුවන් නැති තැනක ඉන්න තරුණ මුවන් වගේ.”

(භගවා);

(භාග්‍යවතුන් වහන්සේ) :

තේ හි පාරං ගමිස්‌සන්‌ති ඡෙත්‌වා ජාලංව අම්‌බුජෝ
ඣානානි උපසම්‌පජ්‌ජ අප්‌පමත්‌තා රණඤ්‌ජහාති

“ධ්‍යානයන් ලබාගෙන ඉන්න, අප්‍රමාදීව කෙලෙස් දුරු කරන උන්වහන්සේලා සසරින් එතෙරට යන්නේ දැලක් සිඳගෙන යන මාළු රැලක් වගේ.”

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_2-2-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M