සැවැත් නුවර ජේතවනාරාමයේදී …………………………..
පින්වත් මහණෙනි, වේපචිත්ති අසුරේන්ද්‍රයා අසනීප වුනා. දුකට පත් වුනා. ගොඩාක් ලෙඩ වුනා. ඉතින් පින්වත් මහණෙනි, ශක්‍ර දේවේන්‍ද්‍රයා ලෙඩ දුක් විමසීම පිණිස වේපචිත්ති අසුරේන්‍ද්‍රයා ළඟට ගියා.
“පින්වත් මහණෙනි, ඉතින් වේපචිත්ති අසුරේන්‍ද්‍රයා දුරින්ම පැමිණෙන ශක්‍ර දේවේන්‍ද්‍රයාව දැක්කා. දැකල ශක්‍ර දේවේන්ද්‍රයාට මෙහෙම කිව්වා. ‘ප්‍රිය දේවේන්ද්‍රය, මට ප්‍රතිකාර කළ මැනව’ කියලා.
“ප්‍රිය වේපචිත්ති, (එහෙම බෑ) සම්බරී කියන මැජික් එක මට උගන්වන්න ඕන.”
“නිදුකාණනි, නෑ, මං අසුරයන්ගෙන් අහල බලනකම් ඒක උගන්වන්න බෑ.”
ඊට පස්සෙ පින්වත් මහණෙනි, වේපචිත්ති අසුරේන්ද්‍රයා අනිත් අසුරයන් ගෙන් ඇහැව්වා. ‘නිදුකාණෙනි, මං ශක්‍ර දේවේන්ද්‍රයාට සම්බරී මැජික් එක උගන්වන්නද?’ කියලා. එපා! නිදුකාණෙනි, ඔබ ශක්‍ර දේවේන්ද්‍රයාට සම්බරී මැජික් එක උගන්වන්න එපා!
එතකොට පින්වත් මහණෙනි, වේපචිත්ති අසුරේන්ද්‍රයා ශක්‍ර දෙවියන්ට ගාථාවකින් මෙහෙම කිව්වා.
“මඝ නම් ඇති ශක්‍ර දෙව් රජුනි, සුජාවගේ සැමියාණෙනි, ඔය මායාවලින් යුතු පුද්ගලයාට උපදින්න සිද්ධ වෙන්නෙ සම්බර නම් අසුරයාට වගේ සියක් වසරක් පැහෙන භයානක නරකාදියේයි.”
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_11-3-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M