සැවැත් නුවර ජේතවනාරාමයේදී …………………………..
එදා භාග්‍යවතුන් වහන්සේ දවල් කාලෙ විවේකයෙන් වැඩසිටියා. ඒ වෙලාවෙ ශක්‍ර දෙවියාත්, සහම්පතී බ්‍රහ්මයාත් භාග්‍යවතුන් ළඟට ආවා. ඇවිදින් දොරකඩ හිටගත්තා. එතකොට ශක්‍ර දෙවියා භාග්‍යවතුන් වහන්සේ සමීපයේ ගාථාව පැවසුවා.
“මාර යුද්ධය ජයගත් මහා වීරයන් වහන්ස, උපාදානස්කන්ධ බර බැහැර කළ පින්වතුන් වහන්ස, ණය නැති උතුමාණන් වහන්ස, නැගී සිටින සේක්වා! ලොවේ, සැරිසරා වඩින සේක්වා! ඔබවහන්සේගේ මැනැවින් නිදහස් වූ සිත පුන් පොහෝ දා බබලන සඳ මඩලක් වැන්න.”
(භාග්‍යවතුන් වහන්සේ) :
“පින්වත් දේවේන්‍ද්‍රය, තථාගතයන්ට වන්දනා කළ යුත්තේ ඔය විදිහට නොවෙයි. පින්වත් දේවේන්‍ද්‍රය තථාගතයන්ට වන්දනා කළ යුත්තේ මෙන්න මේ විදිහටයි.
මාර යුද්ධය ජයගත් මහා වීරයන් වහන්ස, සසර කතරින් සත්වයන් එතෙර කරවන ගැල්කරුවාණන් වහන්ස, ණය නැති උතුමන් වහන්ස, නැගී සිටින සේක්වා! ලොව සැරිසරා වඩින සේක්වා! භාග්‍යවතුන් වහන්ස, දහම් දෙසන සේක්වා! අවබෝධ කරන අය ඇතිවෙනවාමයි!”
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_11-2-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M