ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ රජගහ නුවර ගිජ්ඣකූට පර්වතයේ. එදා ශක්‍ර දෙවියන් භාග්‍යවතුන් වහන්සේ ළඟට ආවා. ඇවිදින් භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරලා, පැත්තකින් හිටගත්තා. පැත්තකින් හිටගත් ශක්‍ර දෙවියන් භාග්‍යවතුන් වහන්සේට ගාථාවකින් පැවසුවා.
“පින් කැමතිව පුණ්‍ය යාග කරන්න කැමති මනුෂ්‍යයින්, අනාගතයේ සැප විපාක ඇති පින් ලබන්න නම්, කාට දන් දුන්නොත්ද මහත්ඵල වෙන්නෙ?”
(භාග්‍යවතුන් වහන්සේ) :
“මාර්ගයේ ගමන් කරන්නා වූ හතර දෙනෙකුත්, ඵලයට පත්වුන හතර දෙනෙකුත් ඉන්නවා. මේ තමයි සෘජු මගක ගමන් කරන, ප්‍රඥාවන්ත, සීලවන්ත, සමාහිත සිත් ඇති ශ්‍රාවක සංඝයා.
පින් කැමතිව පුණ්‍ය යාග කරන්න කැමති මනුෂ්‍යයින්, අනාගතයේ සැප විපාක ලබන්න කැමති නම්, සංඝයාට දෙන දානයයි මහත් ඵල වෙන්නෙ.”
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_11-2-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M