සැවැත් නුවර ජේතවනාරාමයේදී …………………………..
එදා ශක්‍ර දෙවියන් භාග්‍යවතුන් වහන්සේ ළඟට ආවා. ඇවිදින් භාගයවතුන් වහන්සේට වන්දනා කරලා පැත්තකින් හිටගත්තා. පැත්තකින් හිටගත්ත ශක්‍ර දෙවියා භාග්‍යවතුන් වහන්සේගෙන් මෙහෙම ඇහුවා.
“ස්වාමීනි, රමණීය භූමිය කියල කියන්නෙ මොකක්ද?”
(භාග්‍යවතුන් වහන්සේ) :
“ලස්සනට නිර්මාණය කරපු ආරාම, චෛත්‍යය, විශාල රුක්ගොමු, පැන් පොකුණු ආදිය තියෙනවා. නමුත්, මනුෂ්‍යයාගේ රමණීයත්වයෙන් දහසයෙන් එකක් තරම්වත් ඒක වටින්නෙ නෑ.
ගමක වේවා, අරණ්‍යයක වේවා, නිම්නයක වේවා, කඳු ගැටයක වේවා, යම් තැනක රහතන් වහන්සේලා වැඩසිටිනවා නම්, අන්න ඒක තමයි රමණීය භූමිය.”
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_11-2-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M