සංයුත්ත නිකාය

සගාථ වග්ගෝ

11.2.4. දළිද්ද සුත්තං

11.2.4. දිළිඳු මිනිසෙක් ගැන වදාළ දෙසුම

ඒකං සමයං භගවා රාජගහේ විහරති වේළුවනේ කලන්‌දකනිවාපේ. තත්‍ර ඛෝ භගවා භික්‌ඛූ ආමන්තේසි භික්ඛවෝති. භදන්තේති තේ භික්‌ඛූ භගවතෝ පච්‌චස්‌සෝසුං. භගවා ඒතදවෝච. භූතපුබ්‌බං භික්ඛවේ අඤ්‌ඤතරෝ පුරිසෝ ඉමස්‌මිංයේව රාජගහේ මනුස්‌සදළිද්‌දෝ අහෝසි, මනුස්‌සකපණෝ මනුස්‌සවරාකෝ. සෝ තථාගතප්‌පවේදිතේ ධම්මවිනයේ සද්‌ධං සමාදියි. සීලං සමාදියි. සුතං සමාදියි. චාගං සමාදියි. පඤ්‌ඤං සමාදියි.

මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ රජගහ නුවර ලෙහෙනුන්ගේ අභයභූමිය වූ වේළුවනාරාමයේ. එදා භාග්‍යවතුන් වහන්සේ “පින්වත් මහණෙනි” කියල භික්‍ෂුසංඝයා ඇමතුවා. “පින්වතුන් වහන්ස” කියල ඒ භික්‍ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නා. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළා.

“පින්වත් මහණෙනි, මේක ඉස්සර සිදුවෙච්ච දෙයක්. ඒ කාලෙ මේ රජගහ නුවර බොහොම දුප්පත් මනුස්සයෙක් හිටියා. ඔහු කාගෙත් අනුකම්පාවට ලක්වුනා. ඔහු අසරණ මනුස්සයෙක්. නමුත් ඔහු තථාගතයන් වහන්සේ වදාළ ධර්මවිනය ගැන ශ්‍රද්ධාව ඇති කරගත්තා. සිල්වත් වුනා. ධර්ම ඥානයක් ඇතිකර ගත්තා. දන් දුන්නා. ප්‍රඥාව ඇති කරගත්තා.

සෝ තථාගතප්‌පවේදිතේ ධම්මවිනයේ සද්‌ධං සමාදියිත්‌වා සීලං සමාදියිත්‌වා සුතං සමාදියිත්‌වා චාගං සමාදියිත්‌වා පඤ්‌ඤං සමාදියිත්‌වා කායස්‌ස භේදා පරම්මරණා සුගතිං සග්‌ගං ලෝකං උපපජ්‌ජි දේවානං තාවතිංසානං සහව්‍යතං. සෝ අඤ්‌ඤේ දේවේ අතිරෝචති වණ්‌ණේන චේව යසසා ච.

ඉතින්, ඔහු තථාගතයන් වහන්සේ වදාළ ධර්මවිනය ගැන ශ්‍රද්ධාව ඇති කරගෙන, සිල් සමාදන් වෙලා, ධර්ම ඥානයක් ඇතිකරගෙන, දන් දීලා, ප්‍රඥාවත් ඇති කරගෙන, කය බිඳී මරණයට පත්වුනාට පස්සෙ තව්තිසාවෙ දෙවියන් අතර ඉපදුනා. ඔහු සැප සම්පත් වලිනුත්, රූප සෝභාවෙනුත් අනිත් දෙවිවරුන් අභිබවා බබලන්න වුනා.

තත්‍ර සුදං භික්ඛවේ දේවා තාවතිංසා උජ්‌ඣායන්‌ති ඛීයන්‌ති විපාචෙන්‌ති. අච්‌ඡරියං වත භෝ අබ්භුතං වත භෝ. අයං හි දේවපුත්තෝ පුබ්‌බේ මනුස්‌සභූතෝ සමානෝ මනුස්‌සදළිද්‌දෝ අහෝසි, මනුස්‌සකපණෝ මනුස්‌සවරාකෝ. සෝ කායස්‌ස භේදා පරම්මරණා සුගතිං සග්‌ගං ලෝකං උපපන්‌නෝ දේවානං තාවතිංසානං සහව්‍යතං. සෝ අඤ්‌ඤේ දේවේ අතිරෝචති වණ්‌ණේන චේව යසසා චාති.

එතකොට පින්වත් මහණෙනි, තව්තිසාවැසි දෙවියො නින්දා කරන්න පටන් ගත්තා. දොස් කියන්න පටන් ගත්තා. අවමන් කරන්න පටන් ගත්තා. “භවත්නි, මේක හරි අපූරු දෙයක් නෙව. භවත්නි මේක හරි අද්භූත දෙයක් නෙව. මේ දිව්‍යපුත්‍රයා කලින් මනුස්ස ලෝකෙ ඉන්න කොට මහ දුප්පතෙක්. අනුකම්පාව ලැබිය යුතු කෙනෙක්. අසරණ මනුස්සයෙක්. ඔහු එතනින් මැරිලා, මේ සුගති සංඛ්‍යාත ස්වර්ග ලෝකෙ වන තව්තිසා දෙවියන් අතර උපන්නා. දැන් ඔහු සැපසම්පත් වලිනුත්, රූප සෝභාවෙනුත්, අනිත් දෙවියන්ව යටපත් කරගෙන බබලනවා.”

අථ ඛෝ භික්ඛවේ සක්කෝ දේවානමින්‌දෝ දේවේ තාවතිංසේ ආමන්තේසි. මා ඛෝ තුම්‌හේ මාරිසා ඒතස්‌ස දේවපුත්තස්‌ස උජ්‌ඣායිත්‌ථ. ඒසෝ ඛෝ මාරිසා දේවපුත්තෝ පුබ්‌බේ මනුස්‌සභූතෝ සමානෝ තථාගතප්‌පවේදිතේ ධම්මවිනයේ සද්‌ධං සමාදියි. සීලං සමාදියි. සුතං සමාදියි. චාගං සමාදියි. පඤ්‌ඤං සමාදියි. සෝ තථාගතප්‌පවේදිතේ ධම්මවිනයේ සද්‌ධං සමාදියිත්‌වා සීලං සමාදියිත්‌වා සුතං සමාදියිත්‌වා චාගං සමාදියිත්‌වා පඤ්‌ඤං සමාදියිත්‌වා කායස්‌ස භේදා පරම්මරණා සුගතිං සග්‌ගං ලෝකං උපපන්‌නෝ දේවානං තාවතිංසානං සහව්‍යතං. සෝ අඤ්‌ඤේ දේවේ අතිරෝචති වණ්‌ණේන චේව යසසා චාති.

එතකොට පින්වත් මහණෙනි, ශක්‍ර දේවේන්‍ද්‍රයා තව්තිසාවෙ දෙවියන් ඇමතුවා. “පින්වත්නි, ඔබ මේ දිව්‍යපුත්‍රයාට නින්දා කරන්න එපා! මේ දිව්‍යපුත්‍රයා කළින් මනුස්ස ජීවිතේ ඉන්න කොට, තථාගතයන් වහන්සේ වදාළ ධර්මවිනය ගැන ශ්‍රද්ධාව ඇතිකර ගත්තා. සිල්වත් වුනා, ධර්ම ඥානයත් ඇතිකර ගත්තා. දන් දුන්නා. ප්‍රඥාව ඇති කරගත්තා. ඉතින් ඔහු තථාගතයන් වහන්සේ වදාළ ධර්මවිනය ගැන ශ්‍රද්ධාව ඇති කරගෙන, සිල් සමාදන් වෙලා, ධර්ම ඥානයක් ඇති කරගෙන, දන් දීලා, ප්‍රඥාවක් ඇතිකරගත්තු නිසා, කය බිඳී මැරුණට පස්සෙ සුගති සංඛ්‍යාත ස්වර්ගය වූ තව්තිසාවෙ ඉපදුනා. ඔහු දැන් අනිත් දෙවියන් යටපත් කරගෙන, සැපසම්පත් වලිනුත්, රුප සෝභාවෙනුත් බබලනවා.”

අථ ඛෝ භික්ඛවේ සක්කෝ දේවානමින්‌දෝ දේවේ තාවතිංසේ අනුනයමානෝ තායං වේලායං ඉමා ගාථායෝ අභාසි.

ඉතින් පින්වත් මහණෙනි, ඒ වෙලාවෙ ශක්‍ර දෙවියා තව්තිසාවෙ දෙවියන් සතුටු කරවමින් මේ ගාථාවන් පැවසුවා.

යස්‌ස සද්‌ධා තථාගතේ අචලා සුප්‌පතිට්‌ඨිතා
සීලඤ්‌ච යස්‌ස කල්‍යාණං අරියකන්‌තං පසංසිතං.

“යමෙක් තුළ තථාගතයන් වහන්සේ ගැන අචල ශ්‍රද්ධාවක් හොඳින් පිහිටලා තියෙනවා නම්, සත්පුරුෂයන් විසින් ප්‍රශංසා කරන, ආර්යකාන්ත වූ යහපත් සීලයකුත් ඔහුට තියෙනවා නම්,

සංඝේ පසාදෝ යස්‌සත්‌ථි උජුභූතඤ්‌ච දස්‌සනං
අදළිද්‌දෝති තං ආහු අමෝඝං තස්‌ස ජීවිතං.

ඔහුට මාර්ගඵලලාභී සංඝයා කෙරෙහි ප්‍රසාදයක් තියෙනවා නම්, සෘජු වූ අවබෝධ ඥානයක් තියෙනවා නම්, ඔහු ගැන කියන්නේ ‘දිළිඳු නැති කෙනෙක්’ කියලයි. ඔහුට තියෙන්නෙ හිස් ජීවිතයක් නොවෙයි.

තස්‌මා සද්‌ධඤ්‌ච සීලඤ්‌ච පසාදං ධම්‌මදස්‌සනං
අනුයුඤ්‌ජේථ මේධාවී සරං බුද්‌ධාන සාසනන්‌ති.

ඒ නිසා බුද්ධිමත් කෙනෙක් නම් බුද්ධානුශාසනාව සිහිකරන්න ඕන. ධර්මයේ හැසිරෙන්න ඕන. ශ්‍රද්ධාවත්, සීලයත්, පැහැදීමත්, ධර්මාවබෝධයත් ලබාගන්න ඕන.”

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_11-2-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M