සංයුත්ත නිකාය

සගාථ වග්ගෝ

11.1.7. න දුබ්භිය සුත්තං

11.1.7. ද්‍රෝහී නොවීම ගැන වදාළ දෙසුම

සාවත්‌ථියං…..

සැවැත් නුවර ජේතවනාරාමයේදී ……………………..

භූතපුබ්‌බං භික්ඛවේ සක්‌කස්‌ස දේවානමින්දස්ස රහෝගතස්‌ස පටිසල්‌ලීනස්‌ස ඒවං චේතසෝ පරිවිතක්කෝ උදපාදි. යෝපි මේ අස්‌ස පච්‌චත්‌ථිකෝ තස්‌සපාහං න දුබ්‌භෙය්‍යන්‌ති.

පින්වත් මහණෙනි, මේක ඉස්සර සිදුවෙච්ච දෙයක්. හුදෙකලාවේ විවේකයෙන් හිටිය ශක්‍ර දේවේන්‍ද්‍රයාට මේ විදිහේ අදහසක් ඇතිවුනා. “මට කවුරු හරි හතුරුකම් කළොත්, මම ඔහුට පවා ද්‍රෝහී නොවී ඉන්නවා.”

අථ ඛෝ භික්ඛවේ වේපචිත්‌ති අසුරින්‌දෝ සක්‌කස්‌ස දේවානමින්දස්ස චේතසා චේතෝපරිවිතක්‌කමඤ්‌ඤාය යේන සක්කෝ දේවානමින්‌දෝ තේනුපසංකමි.

පින්වත් මහණෙනි, එතකොට වේපචිත්ති අසුරේන්‍ද්‍රයා තමන්ගේ සිතින් ශක්‍ර දේවේන්‍ද්‍රයාගේ අදහස දැනගෙන, ශක්‍ර දේවේන්‍ද්‍රයා ළඟට ගියා.

අද්‌දසා ඛෝ භික්ඛවේ සක්කෝ දේවානමින්‌දෝ වේපචිත්‌තිං අසුරින්‌දං දූරතෝව ආගච්‌ඡන්‌තං. දිස්‌වාන වේපචිත්‌තිං අසුරින්‌දං ඒතදවෝච. තිට්‌ඨ වේපචිත්‌ති ගහිතෝසීති.

පින්වත් මහණෙනි, එතකොට ශක්‍ර දේවේන්‍ද්‍රයා දුරින්ම එන වේපචිත්ති අසුරේන්‍ද්‍රයාව දැක්කා. දැකලා වේපචිත්ති, ශක්‍ර දේවේන්‍ද්‍රයාට මෙහෙම කිව්වා.

“ඒයි! වේපචිත්ති, ඔහොම ඉන්නවා. දැන් ඔබව අපට අහුවුනා.”

යදේව තේ මාරිස පුබ්‌බේ චිත්‌තං තදේව ත්‌වං මාරිස පහාසීති. සපස්‌සු ච මේ වේපචිත්‌ති අදුබ්‌භායාති.

“හා! නිදුකාණෙනි, ඔබ කලින් හිතපු දේ නිදුකාණෙනි, ඔබ ඒ හිතපු දේ අත්හැරියාද?”

“මේ! වේපචිත්ති, ඔබ එහෙනම් දිවුරන්න ඕන, මට ද්‍රෝහි වෙන්නෙ නෑ” කියල.

යං මුසාභණතෝ පාපං යං පාපං අරියූපවාදිනෝ
මිත්‌තද්‌දුනෝ ච යං පාපං යං පාපං අකතඤ්‌ඤුනෝ
තමේව පාපං ඵුසති යෝ තේ දුබ්‌භේ සුජම්‌පතීති.

“බොරු කියන කෙනෙකුට යම් පාපයක් වෙනවා නම්, ආර්ය උපවාද කරන කෙනෙකුට යම් පාපයක් වෙනවා නම්, මිත්‍ර ද්‍රෝහියෙකුට යම් පාපයක් වෙනවා නම්, අකෘතඥ කෙනෙකුට යම් පාපයක් වෙනවා නම්, සක් දෙවිඳුනි, යම් කෙනෙක් ඔබට ද්‍රෝහි වුනොත්, ඒ විදිහේම පවක් ඔහු කරා එනවා.”

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_11-1-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M