සැවැත් නුවර ජේතවනාරාමයේදී ……………………..
පින්වත් මහණෙනි, මේක ඉස්සර වෙච්ච දෙයක්. දෙවියන් හා අසුරයන් අතර යුද්ධයක් ඇතිවුනා. ඉතින් පින්වත් මහණෙනි, ඒ යුද්ධයේදී අසුරයො දිනුවා. දෙවියො පැරදුනා.
පින්වත් මහණෙනි, පැරදිච්ච දෙවියො උතුරු දිශාවට පළා ගියා. එතකොට අසුරයො ඔවුන්ගේ පස්සෙ ලුහුබැන්දා. පින්වත් මහණෙනි, ඒ වෙලාවෙ ශක්‍ර දේවේන්‍ද්‍රයා මාතලී රථාචාර්යාට ගාථාවකින් පැවසුවා.
“මාතලී බලාගෙනයි! ඉඹුල් වනයේ ගුරුලන්ගේ කැදලි ඇති. ඒ නිසා ඔවුන්ව බේරලා, රථය හරවන්න. ඊට හොඳයි අසුරයන්ගේ පහරින් මැරිලා යන එක. මේ කුරුළු පැටවුන්ට කුරුළු කූඩු නැතිවෙන්න එපා!”
එතකොට පින්වත් මහණෙනි, මාතලී රථාචාර්යා “එහෙමයි, ඔබට සෙතක්ම වෙන්න ඕන” කියල, රෝද දාහක් ඇති, ආජානීය අසුන් යෙදූ රථය ආපහු හැරෙව්වා.
එතකොට පින්වත් මහණෙනි, අසුරයන්ට මෙහෙම හිතුනා. “ඔන්න දැන් ශක්‍ර දේවේන්‍ද්‍රයාගේ රෝද දාහකින් යුතු ආජානීය අසුන් යෙදූ රථය ආපහු හැරෙව්වා නෙව. දෙවන වතාවටත් දෙවියො අසුරයන් එක්ක යුද්ධ කරන්න එන හැඩයි” කියල භය වුනා. ඔවුන් අසුර පුරයටම ගියා.
පින්වත් මහණෙනි, ඉතින් ඔන්න ඔය විදිහටයි ශක්‍ර දේවේන්‍ද්‍රයාට ධර්මයෙන්ම ජය ලැබුනෙ.
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_11-1-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M