සැවැත් නුවර ජේතවනාරාමයේදී ……………………..
එදා භාග්‍යවතුන් වහන්සේ දවල් කාලෙ ගතකිරීම පිණිස භාවනාවෙන් වැඩසිටියා. එතකොට ශක්‍ර දේවේන්‍ද්‍රයාත්, වේරෝචන අසුරේන්‍ද්‍රයාත්, භාග්‍යවතුන් වහන්සේ වෙත ආවා. ඇවිදින් දොරකඩ හිටගත්තා. ඒ මොහොතේ වේරෝචන අසුරේන්‍ද්‍රයා භාග්‍යවතුන් වහන්සේ සමීපයේ මේ ගාථාව පැවසුවා.
“යහපත ඉෂ්ට කරගන්නා තෙක්ම පුරුෂයෙක් උත්සාහ කරන්න ඕන. ඉෂ්ට වන යහපත් දේ නිසාමයි කෙනෙක් බබලන්නෙ. මේක වේරෝචනගේ කියමනක්.”
(ශක්‍ර දෙවි) :
“යහපත ඉෂ්ට කරගන්නා තෙක්ම පුරුෂයෙක් වීරිය කරන්න ඕන තමයි. ඉෂ්ට වන යහපත් දේ නිසා, කෙනෙක් බබලනවා තමයි. ඉවසීමට වඩා උතුම් දෙයක් නෑ.”
(වේරෝචන) :
“හැම සත්වයෙක්ම ඒ ඒ තැනදී සුදුසු පරිදි, යහපත ඇති කරගන්නවා. සියලු සත්වයන් එකට ජීවත් වෙන්නෙ, එකට එකතුවීමම උතුම්ය කියලයි. ඉෂ්ට වන යහපත් දේ නිසා කෙනෙක් බබලනවා. මේක වේරෝචනගේ වචනයක්.”
(ශක්‍ර දෙවි) :
“හැම සත්වයෙක්ම ඒ ඒ සුදුසු පරිදි, යහපත ඇතිකරගන්නවා තමයි. සියලු සත්වයන් එකට ජීවත් වෙන්නෙ, එකට එකතුවීමම උතුම් කියල හිතාගෙන තමයි. ඉෂ්ට වන යහපත් දේ නිසා, කෙනෙක් බබලනවා තමයි. ඉවසීමට වඩා උතුම් දෙයක් නෑ.”
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_11-1-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M