සංයුත්ත නිකාය

සගාථ වග්ගෝ

10.1.9. පඨම සුක්කා සුත්තං

10.1.9. සුක්කා තෙරණිය ගැන වදාළ පළමු දෙසුම

ඒකං සමයං භගවා රාජගහේ විහරති වේළුවනේ කලන්‌දකනිවාපේ. තේන ඛෝ පන සමයේන සුක්‌කා භික්ඛුනී මහතියා පරිසාය පරිවුතා ධම්‌මං දේසේති. අථ ඛෝ සුක්‌කාය භික්‌ඛුනියා අභිප්‌පසන්‌නෝ යක්ඛෝ රාජගහේ රථිකාය රථිකං සිංඝාටකේන සිංඝාටකං උපසංකමිත්‌වා තායං වේලායං ඉමා ගාථායෝ අභාසි.

මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ රජගහ නුවර ලේහෙනුන්ගේ අභය භූමිය වූ වේළුවනාරාමයේ. ඒ කාලෙ සුක්කා භික්‍ෂුණිය මහත් සෙනඟ පිරිවරා ගෙන දහම් දෙසනවා.

එතකොට සුක්කා භික්‍ෂුණිය ගැන බොහෝ සෙයින් පැහැදුන යක්‍ෂයෙක් රජගහ නුවර පාරක් පාරක් ගානෙ, හන්දියක් හන්දියක් ගානෙ මේ ගාථාවන් කිය කියා ගියා.

කිම්මේ කතා රාජගහේ මනුස්‌සා මධුපීතාව සෙය්‍යරේ;
යේ සුක්‌කං න පයිරුපාසන්‌ති දේසෙන්‌තිං අමතං පදං.

“මේ රජගහ නුවර මිනිස්සු මොනවා කරනවාද මන්දා? මත්පැන් බීපු එවුන් වගේ ඔහේ වැටිල ඉන්නවා. අමා නිවන් දහම දේශනා කරන සුක්කා භික්‍ෂුණිය ඇසුරු නොකරන උදවියත් ඒ වගේ තමයි.

තඤ්‌ච පන අප්‌පටිවානීයං අසේචනකමෝජවං
පිවන්‌ති මඤ්‌ඤේ සප්‌පඤ්‌ඤා වලාහකමිවද්ධගූති.

නමුත් නුවණැති උදවියට ගුණදහම්වල ඕජා ගුණයෙන් රසවත් වූ මේ ධර්මය කොච්චර ඇසුවත් ඇති වෙන්නෙ නැත්තෙ, වලාකුලු අතරින් වෑහෙන දිය බොන මගියන් වගෙයි.”

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_10-1-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M