සංයුත්ත නිකාය

සගාථ වග්ගෝ

10.1.8. සුදත්ත සුත්තං

10.1.8. අනාථපිණ්ඩික සිටුතුමා (සුදත්ත) ට වදාළ දෙසුම

ඒකං සමයං භගවා රාජගහේ විහරති සීතවනේ. තේන ඛෝ පන සමයේන අනාථපිණ්‌ඩිකෝ ගහපති රාජගහං අනුප්‌පත්‌තෝ හෝති. කේනචිදේව කරණීයේන. අස්‌සෝසි ඛෝ අනාථපිණ්‌ඩිකෝ ගහපති බුද්ධෝ කිර ලෝකේ උප්‌පන්‌නෝති. තාවදේව ච පන භගවන්‌තං දස්‌සනාය උපසංකමිතුකාමෝ හෝති.

මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ රජගහ නුවර සීතවනයේ. එදා අනාථපිණ්ඩික ගෘහපතියාද යම්කිසි කටයුත්තකට රජගහ නුවරට ඇවිත් හිටියා. අනාථපිණ්ඩික ගෘහපතියාට ‘බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයේ පහළ වුනා’ කියලා අහන්න ලැබුනා. ඒ ඇසීමත් සමඟම භාග්‍යවතුන් වහන්සේ ළඟට යන්න ඔහු තුළ ලොකු ආශාවක් ඇතිවුනා.

අථ ඛෝ අනාථපිණ්‌ඩිකස්‌ස ගහපතිස්‌ස ඒතදහෝසි. අකාලෝ ඛෝ අජ්‌ජ භගවන්‌තං දස්‌සනාය උපසංකමිතුං. ස්‌වේ දානාහං කාලේන භගවන්‌තං දස්‌සනාය උපසංකමිස්‌සාමීති, බුද්‌ධගතාය සතියා නිපජ්‌ජි. රත්‌තියා සුදං තික්‌ඛත්‌තුං වුට්‌ඨාසි පභාතන්‌ති මඤ්‌ඤමානෝ. අථ ඛෝ අනාථපිණ්‌ඩිකෝ ගහපති යේන සීවථිකද්‌වාරං තේනුපසංකමි. අමනුස්‌සා ද්‌වාරං විවරිංසු.

එතකොට අනාථපිණ්ඩික ගෘහපතියාට මෙහෙම හිතුනා. ‘අද භාග්‍යවතුන් වහන්සේව බැහැදකින්න යන්න කාලෙ නොවෙයි. මං හෙට වේලාසනින්ම භාග්‍යවතුන් වහන්සේව බැහැදකින්න යනවා.’ ඉතින් බුදු සමිඳුන් ගැනම හිත හිතා ඔහු නිදාගත්තා. අළුයම කියලා හිතාගෙන රෑ තුන් වරක්ම නැගිට්ටා. අන්තිමේ දී අනාථපිණ්ඩික ගෘහපතියා සොහොන් පිට්ටනියෙ දොර ළඟටත් ආවා. අමනුස්සයෝ දොර ඇරලා දුන්නා.

අථ ඛෝ අනාථපිණ්‌ඩිකස්‌ස ගහපතිස්‌ස නගරම්‌හා නික්‌ඛමන්‌තස්‌ස ආලෝකෝ අන්‌තරධායි. අන්‌ධකාරෝ පාතුරහෝසි. භයං ඡම්‌භිතත්‌තං ලෝමහංසෝ උදපාදි. තතෝව පුන නිවත්‌තිතුකාමෝ අහෝසි. අථ ඛෝ සීවකෝ යක්ඛෝ අන්‌තරහිතෝ සද්‌දමනුස්‌සාවේසි.

එතකොට අනාථපිණ්ඩික ගෘහපතියා නගරයෙන් නික්මෙද්දි, එළිය අතුරුදහන් වුනා. කළුවර වෙලා ගියා. භයත්, තැති ගැනීමත්, ලොමු දහගැනීමත් ඇතිවුනා. එතකොට ආපහු හැරිල යන්ට හිතුනා. ඒ මොහොතේ සීවක යක්‍ෂයා නොපෙනී ඉඳලා හඬනඟා කිව්වා.

සතං හත්‌ථී සතං අස්‌සා සතං අස්‌සතරී රථා
සතං කඤ්‌ඤාසහස්‌සානි ආමුත්තමණිකුණ්‌ඩලා
ඒකස්‌ස පදවීතිහාරස්‌ස කලං නාග්‌ඝන්‌ති සෝළසිං

“ඇත්තු ලක්‍ෂයක් ලැබුනත්, අශ්වයන් ලක්ෂයක් ලැබුනත්, වෙළඹුන් ලක්‍ෂයක් ලැබුනත්, අශ්ව රිය ලක්ෂයක් ලැබුනත්, මුතුමැණික් ආභරණවලින් සැරසුන කන්‍යාවන් ලක්‍ෂයක් ලැබුණත් ඒවා බුදු සමිඳුන්ව බැහැදකින්න තබන එක පියවරකින් සොළොස් කලාවෙන් කලාවක් තරම්වත් වටින්නෙ නෑ.

අභික්‌කම ගහපති, අභික්‌කම ගහපති, අභික්‌කමනං තේ සෙය්‍යෝ නෝ පටික්‌කමනන්‌ති.

පින්වත් ගෘහපතිය, ඉස්සරහට යන්න. පින්වත් ගෘහපතිය, ඉස්සරහට යන්න. ඉස්සරහට යන එකමයි ඔබට උතුම්. ආපහු හැරිලා යන්න ඕන නෑ.”

අථ ඛෝ අනාථපිණ්‌ඩිකස්‌ස ගහපතිස්‌ස අන්‌ධකාරෝ අන්‌තරධායි. ආලෝකෝ පාතුරහෝසි. යං අහෝසි භයං ඡම්‌භිතත්‌තං ලෝමහංසෝ සෝ පටිප්‌පස්‌සම්‌භි.

දුතියම්‌පි ඛෝ ….(පෙ)…. තතියම්‌පි ඛෝ අනාථපිණ්‌ඩිකස්‌ස ගහපතිස්‌ස ආලෝකෝ අන්‌තරධායි, අන්‌ධකාරෝ පාතුරහෝසි, භයං ඡම්‌භිතත්‌තං ලෝමහංසෝ උදපාදි. තතෝව පුන නිවත්‌තිතුකාමෝ අහෝසි. තතියම්‌පි ඛෝ සීවකෝ යක්ඛෝ අන්‌තරහිතෝ සද්‌දමනුස්‌සාවේසි.

එතකොට අනාථපිණ්ඩික ගෘහපතියාට කළුවර ගතිය නැතිවුනා. ආලෝකය ඇතිවුනා. කළින් තිබිච්ච භය, තැති ගැනීම, ලොමු දහගැනීම සංසිඳුනා.

දෙවෙනි වතාවටත් …. (පෙ) …. තුන්වෙනි වතාවටත් අනාථපිණ්ඩික සිටුතුමාට ආලෝකය නැතිවුනා. කළුවරක් ඇතිවුනා. භයත්, තැති ගැනීමත්, ලොමු දහගැනීමත් ඇතිවුනා. එතනින් ආපහු හැරිලා යන්න හිතුනා. තුන්වෙනි වතාවෙත් සීවක යක්‍ෂයා නොපෙනී ඉඳලා හඬ නඟා කිව්වා.

සතං හත්‌ථී සතං අස්‌සා සතං අස්‌සතරී රථා
සතං කඤ්‌ඤාසහස්‌සානි ආමුත්තමණිකුණ්‌ඩලා
ඒකස්‌ස පදවීතිහාරස්‌ස කලං නාග්‌ඝන්‌ති සෝළසිං

“ඇත්තු ලක්ෂයක් ලැබුනත්, අශ්වයන් ලක්‍ෂයක් ලැබුනත්, වෙළඹුන් ලක්ෂයක්, ලැබුනත්, අශ්ව රිය ලක්ෂයක් ලැබුනත්, මුතුමැණික්, ආභරණ වලින් සැරසුන කන්‍යාවන්ව ලක්ෂයක් ලැබුනත්, බුදු සමිඳුන්ව බැහැදකින්න තබන එක පියවරකින් සොළොස් කලාවෙන් කලාවක් තරම්වත් වටින්නෙ නෑ.

අභික්‌කම ගහපති, අභික්‌කම ගහපති, අභික්‌කමනං තේ සෙය්‍යෝ නෝ පටික්‌කමනන්‌ති.

පින්වත් ගෘහපතිය, ඉස්සරහට යන්න. පින්වත් ගෘහපතිය, ඉස්සරහට යන්න. ඔබට ඉස්සරහට යන එකම තමයි උතුම්. හැරිලා යන්න ඕන නෑ.”

අථ ඛෝ අනාථපිණ්‌ඩිකස්‌ස ගහපතිස්‌ස අන්‌ධකාරෝ අන්‌තරධායි, ආලෝකෝ පාතුරහෝසි. යං අහෝසි භයං ඡම්‌භිතත්‌තං ලෝමහංසෝ සෝ පටිප්‌පස්‌සම්‌භි. අථ ඛෝ අනාථපිණ්‌ඩිකෝ ගහපති යේන සීතවනං තේනුපසංකමි.

තේන ඛෝ පන සමයේන භගවා රත්‌තියා පච්‌චූසසමයං පච්‌චුට්‌ඨාය අජ්ඣෝකාසේ චං‌කමති. අද්‌දසා ඛෝ භගවා අනාථපිණ්‌ඩිකං ගහපතිං දූරතෝව ආගච්‌ඡන්‌තං. දිස්‌වාන චං‌කමා ඕරෝහිත්‌වා පඤ්‌ඤත්‌තේ ආසනේ නිසීදි. නිසජ්‌ජ ඛෝ භගවා අනාථපිණ්‌ඩිකං ගහපතිං ඒතදවෝච. ඒහි සුදත්‌තාති. අථ ඛෝ අනාථපිණ්‌ඩිකෝ ගහපති නාමේන මං භගවා ආලපතීති තත්ථේව භගවතෝ පාදේසු සිරසා නිපතිත්‌වා භගවන්‌තං ඒතදවෝච. කච්‌චි භන්තේ භගවා සුඛමසයිත්‌ථාති?

එතකොට අනාථපිණ්ඩික ගෘහපතියාට කළුවර ගතිය නැතුව ගියා. ආලෝකය ඇතිවුනා. කළින් තිබිච්ච භය, තැතිගැනීම, ලොමු දහගැනීම නැතිව ගියා.

ඉතින් අනාථපිණ්ඩික ගෘහපතියා සීත වනයට ආවා. ඒ මොහොතේ භාග්‍යවතුන් වහන්සේ රාත්‍රී හිමිදිරියේ අවදිවෙලා, එළිමහනේ සක්මන් කරමින් හිටියේ. භාග්‍යවතුන් වහන්සේ දුරින්ම පැමිණෙන අනාථපිණ්ඩික ගෘහපතියාව දැක්කා. දැකලා, සක්මනින් ඉවත් වෙලා, පැණ වූ ආසනේ වැඩසිටියා. වැඩ හිඳගත් භාග්‍යවතුන් වහන්සේ අනාථපිණ්ඩික ගෘහපතියාට මෙහෙම වදාළා.

“පින්වත් සුදත්ත, මෙහෙ එන්න.”

එතකොට අනාථපිණ්ඩික ගෘහපතියා “භාග්‍යවතුන් වහන්සේ මගේ නමින්ම කථාකොට වදාළා” කියලා, එතනම භාග්‍යවතුන් වහන්සේගේ සිරිපතුල් අභියස වැඳ වැටුනා. භාග්‍යවතුන් වහන්සේගෙන් මෙහෙම ඇහුවා.

“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, සුවසේ සැතපුණු සේක්ද?”

(භගවා);

(භාග්‍යවතුන් වහන්සේ) :

සබ්‌බදා වේ සුඛං සේති බ්‍රාහ්මණෝ පරිනිබ්‌බුතෝ
යෝ න ලිම්‌පති කාමේසු සීතිභූතෝ නිරූපධි.

“යම් කෙනෙක් කාමයන්ට ඇලෙන්නෙ නැත්නම්, සිහිල් වෙලා නම්, කෙලෙස් රහිත නම් පිරිනිවිලා නම්, අන්න ඒ බ්‍රාහ්මණයා හැමදාම ඒකාන්තයෙන්ම සුවසේ සැතපෙනවා.

සබ්‌බා ආසත්‌තියෝ ඡෙත්‌වා විනෙය්‍ය හදයේ දරං
උපසන්‌තෝ සුඛං සේති සන්‌තිං පප්‌පුය්‍ය චේතසෝති.

සියලු තණ්හාව නැති කරලා, හදවතේ පීඩාව දුරු කරලා, සිතේ සංසිඳීමට පැමිණිච්ච උපශාන්ත කෙනා සුවසේ සැතපෙනවා.”

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_10-1-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M