සංයුත්ත නිකාය

සගාථ වග්ගෝ

10.1.10. දුතිය සුක්කා සුත්තං

10.1.10. සුක්කා තෙරණිය ගැන වදාළ දෙවෙනි දෙසුම

ඒකං සමයං භගවා රාජගහේ විහරති වේළුවනේ කලන්‌දකනිවාපේ. තේන ඛෝ පන සමයේන අඤ්‌ඤතරෝ උපාසකෝ සුක්‌කාය භික්‌ඛුනියා භෝජනං අදාසි. අථ ඛෝ සුක්‌කාය භික්‌ඛුනියා අභිප්‌පසන්‌නෝ යක්ඛෝ රාජගහේ රථිකාය රථිකං සිංඝාටකේන සිංඝාටකං උපසංකමිත්‌වා තායං වේලායං ඉමං ගාථං අභාසි.

මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ රජගහ නුවර ලේහෙනුන්ගේ අභය භූමිය වූ වේළුවනාරාමයේ. දිනක් එක්තරා උපාසකයෙක් සුක්කා භික්‍ෂුණියට දානයක් පූජා කළා.

එතකොට සුක්කා භික්‍ෂුණිය ගැන බොහෝ සෙයින් පැහැදුන යක්‍ෂයෙක් රජගහ නුවර පාරක් පාරක් ගානෙ, හන්දියක් හන්දියක් ගානෙ මේ ගාථාව කිය කියා ගියා.

පුඤ්‌ඤං වත පසවි බහුං සප්‌පඤ්‌ඤෝ වතායමූපාසකෝ
යෝ සුක්‌කාය අදාසි භෝජනං සබ්‌බගන්‌ථේහි විප්‌පමුත්‌තායාති

“හැම කෙලෙස් ගැටයකින්ම නිදහස් වෙලා ඉන්න සුක්කා භික්‍ෂුණියට යම් කෙනෙක් දානයක් පූජා කරගත්තා නම්, ඒ මේ නුවණැති පින්වත් උපාසකතුමා අතිවිශාල පිනක් රැස් කරගත්තා.”

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_10-1-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M