සංයුත්ත නිකාය

සගාථ වග්ගෝ

10.1.11. වීරා සුත්තං

10.1.11. වීරා තෙරණියට වදාළ දෙසුම

ඒකං සමයං භගවා රාජගහේ විහරති වේළුවනේ කලන්‌දකනිවාපේ. තේන ඛෝ පන සමයේන අඤ්‌ඤතරෝ උපාසකෝ චීරාය භික්‌ඛුනියා චීවරං අදාසි. අථ ඛෝ චීරාය භික්‌ඛුනියා අභිප්‌පසන්‌නෝ යක්ඛෝ රාජගහේ රථිකාය රථිකං සිංඝාටකේන සිං‌ඝාටකං උපසංකමිත්‌වා තායං වේලායං ඉමං ගාථං අභාසි.

මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ රජගහ නුවර ලෙහෙනුන්ගේ අභය භූමිය වූ වේළුවනාරාමයේ. දිනක් එක්තරා උපාසකයෙක් වීරා භික්‍ෂුණියට සිවුරක් පූජා කළා.

එතකොට වීරා භික්‍ෂුණිය ගැන බොහෝ සෙයින් පැහැදුන යක්‍ෂයෙක් රජගහ නුවර පාරක් පාරක් ගානෙ, හන්දියක් හන්දියක් ගානෙ මේ ගාථාව කිය කියා ගියා.

පුඤ්‌ඤං වත පසවි බහුං සප්‌පඤ්‌ඤෝ වතායමුපාසකෝ
යෝ චීරාය අදාසි චීවරං සබ්‌බයෝගේහි විප්‌පමුත්‌තායාති.

“හැම කෙලෙස් බන්ධනයකින්ම නිදහස් වෙලා ඉන්න වීරා භික්‍ෂුණියට යම් කෙනෙක් සිවුරක් පූජා කරගත්තා නම්, ඒ මේ නුවණැති පින්වත් උපාසකතුමා අතිවිශාල පිනක් රැස් කරගත්තා.”

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_10-1-11/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M