සංයුත්ත නිකාය

සගාථ වග්ගෝ

10.1.6. පියංකර සුත්තං

10.1.6. පියංකර මාතාව පැවසූ දෙසුම

ඒකං සමයං ආයස්‌මා අනුරුද්ධෝ සාවත්‌ථියං විහරති ජේතවනේ අනාථපිණ්‌ඩිකස්‌ස ආරාමේ. තේන ඛෝ පන සමයේන ආයස්‌මා අනුරුද්ධෝ රත්‌තියා පච්‌චූසසමයං පච්‌චුට්‌ඨාය ධම්‌මපදානි භාසති. අථ ඛෝ පියංකරමාතා යක්‌ඛිනී පුත්‌තකං ඒවං තෝසේසි.

මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන් සැවැත් නුවර ජේවනය නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයේ වැඩසිටියා. එදා ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන් රෑ අළුයමින් අවදි වෙලා, දහම් පද හඬ නඟා කියමින් හිටියා. එවේලෙහි පියංකර මාතා යක්‍ෂණිය කුඩා දරුවාව මේ විදිහට නැලෙව්වා.

මා සද්‌දං කරි පියංකර භික්‌ඛු ධම්‌මපදානි භාසති
අපි ච ධම්‌මපදං විජානිය පටිපජ්‌ජේම හිතාය නෝ සියා

“පුතේ පියංකර, සද්ද කරන්න එපා! භික්‍ෂුව දහම් පද හඬ නඟා කියනවානෙ. බණ පදයක් ඉගෙන ගෙන, පිළිපැදගන්න පුළුවන් වුනොත්, ඒක අපට යහපතක්ම නෙව.

පාණේසු ච සංයමාමසේ සම්‌පජානමුසා න භණාමසේ
සික්ඛේම සුසීලමත්‌තනෝ අපි මුච්‌චේම පිසාචයෝනියාති.

අපි සත්ව හිංසාවෙන් වැළකිලා ඉන්නෙ. දැන දැන බොරු කියන්නෙ නෑ. අපි පිරිසිදු විදිහට සිලුත් රකිනවා. කොහොම හරි මේ පිසාච යෝනියෙන් අත්මිදෙන්න ඕන.”

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_10-1-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M