සංයුත්ත නිකාය

සගාථ වග්ගෝ

10.1.5. සානු සුත්තං

10.1.5. සානු නම් සාමණේර පුත්‍රයාට වදාළ දෙසුම

ඒකං සමයං භගවා සාවත්‌ථියං විහරති ජේතවනේ අනාථපිණ්‌ඩිකස්‌ස ආරාමේ. තේන ඛෝ පන සමයේන අඤ්‌ඤතරිස්‌සා උපාසිකාය සානු නාම පුත්‌තෝ යක්‌ඛේන ගහිතෝ හෝති. අථ ඛෝ සා උපාසිකා පරිදේවමානා තායං වේලායං ඉමා ගාථායෝ අභාසි.

මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයේ. ඒ වන විට එක්තරා උපාසිකාවකගේ සානු නම් සාමණේර පුත්‍රයාව යකෙක් විසින් අල්ලගත්තා. එතකොට ඒ උපාසිකාව හඬ හඬා ඒ වෙලාවෙ මේ ගාථාවන් කිව්වා.

චාතුද්‌දසිං පඤ්‌චදසිං යා ව පක්‌ඛස්‌ස අට්‌ඨමී
පාටිහාරියපක්‌ඛඤ්‌ච අට්‌ඨංගසුසමාගතං
උපෝසථං උපවසන්‌ති බ්‍රහ්‌මචරියං චරන්‌ති යේ

“තුදුස්වකටත්, පසළොස්වකටත්, අඩ මසක් පාසා අටවකටත්, සඳ නැගෙන කාලෙටත්, යම් කෙනෙක් අට්ඨාංග උපෝසථය සමාදන් වෙලා ඉන්නවා නම්, බ්‍රහ්මචාරීව ඉන්නවා නම්,

න තේහි යක්‌ඛා කීළන්‌ති ඉති මේ අරහතං සුතං
සාදානි අජ්‌ජ පස්‌සාමි යක්‌ඛා කීළන්‌ති සානුනාති.

ඒ උදවිය සමඟ යක්‍ෂයො සෙල්ලමට යන්නෙ නෑ කියලා රහතන් වහන්සේලාගෙන් මං අහලා තියෙනවා. අද මම ඒක දකිනවා. සානු පුතාත් එක්ක මේ යක්‍ෂයො සෙල්ලම් කරනවා නෙව.”

(යක්ඛෝ);

(යක්‍ෂයා) :

චාතුද්‌දසිං පඤ්‌චදසිං යා ච පක්‌ඛස්‌ස අට්‌ඨමී
පාටිහාරියපක්‌ඛඤ්‌ච අට්‌ඨංගසුසමාගතං
උපෝසථං උපවසන්‌ති බ්‍රහ්‌මචරියං චරන්‌ති යේ

“තුදුස්වකටත්, පසළොස්වකටත්, අඩ මසක් පාසා අටවකටත්, හඳ වැඩෙන කාලෙමත්, අෂ්ටාංග උපෝසථයත්, බඹසරත් යමෙක් රකිනවා නම්,

න තේහි යක්‌ඛා කීළන්‌ති සාහු තේ අරහතං සුතං
සානුං පබුද්‌ධං වජ්‌ජාසි යක්‌ඛානං වචනං ඉදං

ඔවුන් සමඟ යක්කු සෙල්ලම් කරන්නෙ නෑ කියල ඔබ ඇසූ කරුණ හොඳයි. දැන් මේ කියන යක්‍ෂයින්ගේ වචනත් සානු නැගිට්ටට පස්සෙ කියන්න.

මාකාසි පාපකං කම්‌මං ආවි වා යදි වා රහෝ.
යඤ්චේව පාපකං කම්‌මං කරිස්‌සසි කරෝසි වා
න තේ දුක්‌ඛා පමුත්‍යත්‌ථී උප්‌පච්‌චාපි පලායතෝති.

ඉතින් එළිපිට හෝ රහසින් හෝ පව් කරන්න එපා! යමෙක් පව් කරනවා නම්, පව් කළොත්, අහසට නැගී පැනලා යන්න හැදුවත් ඔබට ඒ දුකින් නිදහස් වෙන්න බෑ.”

(සානු);

(සානු) :

මතං වා අම්‌ම රෝදන්‌ති යෝ වා ජීවං න දිස්‌සති
ජීවන්‌තං අම්‌ම පස්‌සන්‌තී කස්‌මා මං අම්‌ම රෝදසීති?

“අම්මේ, කෙනෙක් මැරුණාමනෙ අඬන්නෙ. එහෙම නැත්නම්, ජීවත් වෙන කෙනෙක් දකින්න නැත්නම්නෙ අඬන්නෙ. ඉතින් අම්මෙ, මං ජීවත් වන බව ඔබ හොඳට පේනවානෙ. අම්මෙ, දැන් මොකටද අඬන්නෙ?”

(උපාසිකා)

(උපාසිකාව) :

මතං වා පුත්‌ත රෝදන්‌ති යෝ වා ජීවං න දිස්‌සති
යෝ ච කාමේ චජිත්‌වාන පුනරාගච්‌ඡතේ ඉධ
තං වාපි පුත්‌ත රෝදන්‌ති පුන ජීවං මතෝ හි සෝ

“පුතේ, කෙනෙක් මැරුණට පස්සෙ අඬනවා තමයි. ජීවත් වෙලා ඉන්න කෙනෙක් නොදකින කොටත් අඬනවා තමයි. යම් කෙනෙක් කාමයන් දුරු කරලා, පැවිදි වෙලා ඉඳලා, ආයමත් මේ දුකට ආපු නිසා පුතේ, අඬනවා. ඉතින් එයා ජීවත් වුනත් මැරුණා වගේ තමයි.

කුක්‌කුළා උබ්‌භතෝ තාත කුක්‌කුළං පතිතුමිච්‌ඡසි
නරකා උබ්‌භතෝ තාත නරකං පතිතුමිච්‌ඡසි.

පුතේ, යන්තම් උණු අළු නිරයෙන් ගොඩ ඇවිල්ලයි මේ ඉන්නෙ. ආයෙමත් උණු අළු නිරයට යන්න කැමති ද? පුතේ, නිරයෙන් ගොඩ ඇවිල්ලා ඉඳගෙන ආයමත් නිරයට වැටෙන්න කැමතිද?

අභිධාවථ භද්‌දන්‌තේ කස්‌ස උජ්‌ඣාපයාමසේ
ආදිත්‌තා නීහටං භණ්‌ඩං පුන ඩය්‌හිතුමිච්‌ඡසීති.

ආපහු යන්න. යහපතක්ම වෙන්න ඕන. ඒ ගැන කාට දොස් කියන්නද? ගිනි ගත්තු ගෙදරකින් එළියට ගත්තු බඩුවක් ආයෙත් ගින්නට දමන්න කැමතිද?”

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_10-1-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M