මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. එදා භාග්‍යවතුන් වහන්සේ මගධ ජනපදයේ මණිමාළක චේතිය භූමියේ මණිභද්ද යක්‍ෂයාගේ භවනේ වැඩසිටියේ. එතකොට මණිභද්ද යක්‍ෂයා භාග්‍යවතුන් වහන්සේ වෙත ආවා. ඇවිදින් භාග්‍යවතුන් වහන්සේ සමීපයේ මේ ගාථාව පැවසුවා.
“සිහි ඇති කෙනාට හැමදාම යහපත උදාවෙනවා. සිහි ඇති කෙනා සැපවත් වෙනවා තමයි. සිහි ඇති කෙනාගේ ජීවිතය හැම තිස්සෙම ශ්‍රේෂ්ඨයි. වෛරයෙනුත් නිදහස් වෙනවා.”
(භාග්‍යවතුන් වහන්සේ) :
“සිහි ඇති කෙනාට හැමදාම යහපත උදාවෙනවා තමයි. සිහි ඇති කෙනා සැපවත් තමයි. සිහි ඇති කෙනාගේ ස්වභාවය හැමදාම ශ්‍රේෂ්ඨ තමයි. ඒ වුනාට වෛරයෙන් නිදහස් වෙන්නෙ නෑ.
යම් කෙනෙකුගේ සිත දිවා රාත්‍රී හැමවිටම අහිංසාවේ ඇලී තියෙනවාද, ඔහු සියලු සතුන් කෙරෙහි මෙත් සිත වඩනවා. ඔහු තුළ කා ගැනවත් වෛරයක් ඇතිවෙන්නෙ නෑ.”
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_10-1-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M