සංයුත්ත නිකාය

සගාථ වග්ගෝ

10.1.3. සූචිලෝම සුත්තං

10.1.3. සූචිලෝම නම් යක්ෂයාට වදාළ දෙසුම

ඒකං සමයං භගවා ගයායං විහරති ටංකිතමඤ්‌චේ සූචිලෝමස්‌ස යක්‌ඛස්‌ස භවනේ. තේන ඛෝ පන සමයේන ඛරෝ ච යක්ඛෝ සූචිලෝමෝ ච යක්ඛෝ භගවතෝ අවිදූරේ අතික්‌කමන්‌ති.

මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. එදා භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ ගයාවේ ටංකිතමඤ්ච නම් සූචිලෝම යක්‍ෂයාගේ භවනේ. ඒ වෙලාවේ ඛර කියන යක්ෂයාත්, සූචිලෝම යක්‍ෂයාත් භාග්‍යවතුන් වහන්සේට නුදුරින් ගමන් ගත්තා.

අථ ඛෝ ඛරෝ යක්ඛෝ සූචිලෝමං යක්‌ඛං ඒතදවෝච. ඒසෝ සමණෝති.

එතකොට ඛර යක්ෂයා සූචිලෝම යක්ෂයාට මෙහෙම කිව්වා.

“ඒයි! මෙන්න ශ්‍රමණයෙක්.”

නේසෝ සමණෝ, සමණකෝ ඒසෝ. යාව ජානාමි යදි වා සෝ සමණෝ යදි වා පන සෝ සමණකෝති.

“මෙයා ශ්‍රමණයෙක් නෙවෙයි. මෙයා ශ්‍රමණයෙක් වගේ කෙනෙක්.”

“හරි, මම දැන් බලන්නම්. මෙයා ශ්‍රමණයෙක්ද? එහෙම නැත්නම් ශ්‍රමණයෙක් වගේ කෙනෙක්ද කියලා.”

අථ ඛෝ සූචිලෝමෝ යක්ඛෝ යේන භගවා තේනුපසංකමි. උපසංකමිත්‌වා භගවතෝ කායං උපනාමේසි. අථ ඛෝ භගවා කායං අපනාමේසි.

අථ ඛෝ සූචිලෝමෝ යක්ඛෝ භගවන්‌තං ඒතදවෝච. භායසි මං සමණාති?

ඉතින් සූචිලෝම යක්‍ෂයා භාග්‍යවතුන් වහන්සේ ළඟට ගියා. ගිහින් භාග්‍යවතුන් වහන්සේට හේත්තු වුනා. එතකොට භාග්‍යවතුන් වහන්සේ ශ්‍රී ශරීරය මෑතට ගත්තා. ඒ මොහොතේ සූචිලෝම යක්ෂයා භාග්‍යවතුන් වහන්සේගෙන් මෙහෙම ඇහුවා.

“ඒයි ශ්‍රමණය, ඔබ මට භයයි නේද?”

(භගවා);

(භාග්‍යවතුන් වහන්සේ) :

න ඛ්‌වාහන්තං ආවුසෝ භායාමි. අපි ච තේ සම්‌ඵස්‌සෝ පාපකෝති.

“ආයුෂ්මත, ඔබ ගැන මට භයක් නෑ. නමුත් ඔබේ ඔය ස්පර්ශය නම් හරි රළුයි.”

(සූචිලෝමෝ);

(සූචිලෝම) :

පඤ්‌හං තං සමණ පුච්‌ඡිස්‌සාමි. සචේ මේ සමණ න බ්‍යාකරිස්‌සසි චිත්‌තං වා තේ ඛිපිස්‌සාමි, හදයං වා තේ ඵාලෙස්‌සාමි, පාදේසු වා ගහෙත්‌වා පාරගංගාය ඛිපිස්‌සාමීති.

“ඒයි ශ්‍රමණය, මම දැන් ප්‍රශ්නයක් අහනවා. හැබැයි ශ්‍රමණය, මට උත්තර නොදුන්නොත්, ඔබේ හිත හරි විකල් කරලා දානවා. එක්කො පපුව හරි පළලා දානවා. එක්කො පාවලින් අල්ලලා, ගඟෙන් එතෙරට වීසිකරලා දානවා.”

(භගවා);

(භාග්‍යවතුන් වහන්සේ) :

න ඛ්‌වාහන්තං ආවුසෝ පස්‌සාමි සදේවකේ ලෝකේ සමාරකේ සබ්‍රහ්‌මකේ සස්‌සමණබ්‍රාහ්‌මණියා පජාය සදේවමනුස්‌සාය, යෝ මේ චිත්‌තං වා ඛිපෙය්‍ය, හදයං වා ඵාලෙය්‍ය, පාදේසු වා ගහෙත්‌වා පාරගංගාය ඛිපෙය්‍ය. අපි ච ත්‌වං ආවුසෝ පුච්‌ඡ යදා කං‌ඛසීති. අථ ඛෝ සූචිලෝමෝ යක්ඛෝ භගවන්‌තං ගාථාය අජ්‌ඣභාසි.

“ආයුෂ්මත, මගේ හිත විකල් කරන්න පුළුවන් කෙනෙක්, හදවත පලා දමන්න පුළුවන් කෙනෙක්, පාවලින් අල්ලලා, ගඟෙන් එතෙරට වීසිකරන්න පුළුවන් කෙනෙක්, මේ දෙවියන්, බඹුන්, මරුන්, ශ්‍රමණ බමුණන් සහිත මේ ලෝකයේ, මේ දෙව්මිනිස් ප්‍රජාව තුළ මම නම් දකින්නෙ නෑ. නමුත් ආයුෂ්මත, ඔබ කැමති ඒ කරුණ අහන්න.”

එතකොට සූචිලෝම යක්‍ෂයා භාග්‍යවතුන් වහන්සේට ගාථාවකින් පැවසුවා.

රාගෝ ච දෝසෝ ච කුතෝනිදානා අරතී රතී ලෝමහංසෝ කුතෝජා
කුතෝ සමුට්‌ඨාය මනෝවිතක්‌කා කුමාරකා ධංකමිවොස්‌සජන්‌තීති.

“රාගයත්, ද්වේෂයත් හටගන්නෙ මොකෙන්ද? ධර්මයට නොඇලීමත්, කම් සුවයට ඇලීමත්, ලොමු දහගැනීමත් හටගන්නෙ කොතනින්ද? ගමේ ළමයි කපුටෙක් අල්ලගෙන නූල්වලින් කකුල් ගැට ගහලා, කොන අල්ලගෙන අත්හරිනවා වගේ, මේ මනෝ විතර්ක පටන් ගන්නෙ කොතනින්ද?”

(භගවා);

(භාග්‍යවතුන් වහන්සේ) :

රාගෝ ච දෝසෝ ච ඉතෝනිදානා අරතී රතී ලෝමහංසෝ ඉතෝජා
ඉතෝ සමුට්‌ඨාය මනෝවිතක්‌කා කුමාරකා ධංකමිවොස්‌සජන්‌ති.

“රාගයත්, ද්වේෂයත් හටගන්නෙ මේ ජීවිතය තුළින්මයි. කුසලයට නොඇල්මත්, පංච කාමයට ඇල්මත්, ලොමු දහගැනීමත් හටගන්නෙ මෙතනින්ම තමයි. ගමේ ළමයි කපුටෙක්ව අල්ලලා, කකුල් නුලකින් ගැට ගහලා, කොන අල්ලගෙන අතඅරිනවා වගේ, මනෝ විතර්කත් මෙතනින්ම තමයි ඇතිවෙන්නෙ.

ස්‌නේහජා අත්‌තසම්‌භූතා නිග්‍රෝධස්‌සේව ඛන්‌ධජා
පුථූ විසත්‌තා කාමේසු මාලු‍වා’ව විතතා වනේ.

තණ්හාවෙන් හටගන්නවා. තමන් තුළයි ඇතිවෙන්නෙ. නුග ගහක අතු ඉති බෙදෙනවා වගේ, වනාන්තරේක ගහක් වෙලා ගෙන මාලුවා වැලක් තියෙනවා වගෙයි, මේ කාමයන් ගැන තමයි හිත බොහෝ සෙයින් වෙලී යන්නෙ.

යේ නං පජානන්‌ති යතෝනිදානං තේ නං විනෝදෙන්‌ති සුණෝහි යක්‌ඛ
තේ දුත්‌තරං ඕඝමිමං තරන්‌ති අතිණ්‌ණපුබ්‌බං අපුනබ්‌භවායාති.

යම් කෙනෙක් ඔය කාරණේ දන්නවා නම්, ඒවා පටන් ගන්න තැන තේරුම් අරගෙන, ඒක දුරුකරනවා. පින්වත් යක්ෂය, හොඳට අහගන්න. අන්න එහෙම කිරීමෙන් එතෙර වෙන්න දුෂ්කර වූ ඒ සැඩ පහරින් ඒ උදවිය එතෙර වෙනවා. පුනර්භවය නැතිකර ගැනීම පිණිස කළින් එතෙර නොවුනු සැඩ පහරින් එතෙර වෙනවා.”

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_10-1-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M