මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ රජගහ නුවර ගිජ්ඣකූට පර්වතයේ. එදා ශක්‍ර නම් වූ යක්‍ෂයෙක් භාග්‍යවතුන් වහන්සේ ළඟට ආවා. ඇවිදින් භාග්‍යවතුන් වහන්සේට ගාථාවෙන් පැවසුවා.
“සියලු කෙලෙස් ගැට නැති කළ, මනා කොට දුකින් මිදුණ ශ්‍රමණයෙක් වන ඔබ, ඔය අනුන්ට අනුශාසනා කරන වැඩේ ගැලපෙන්නෙ නෑ.”
(භාග්‍යවතුන් වහන්සේ) :
“පින්වත් ශක්‍රය, යම්කිසි බාහිර දෙයකින් යාළු මිත්‍රකමක් ඇතිවෙනවා නම්, ඒ හේතුවෙන් සිතින් අනුකම්පා කරන්න බුද්ධිමත් කෙනෙකුට වටින්නෙ නෑ. (මෙහි තේරුම අනවශ්‍ය මිත්‍ර ධර්ම ඇති කරගෙන උදව් කරන්න ගිහින් ඇතිවන පිරිහීම ගැනයි.)
නමුත් පහන් සිතින් යම් කෙනෙකුට අනුශාසනාවක් කරනවා නම්, එතන කිසි බැඳීමක් නෑ. එතන තියෙන්නෙ දයාවත්, අනුකම්පාවත් විතරයි.”
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_10-1-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M