සංයුත්ත නිකාය

සගාථ වග්ගෝ

10.1.1. ඉන්දක සුත්තං

10.1.1. ඉන්දක යක්ෂයාට වදාළ දෙසුම

ඒවං මේ සුතං. ඒකං සමයං භගවා රාජගහේ විහරති ඉන්‌දකූටේ පබ්බතේ ඉන්‌දකස්‌ස යක්‌ඛස්‌ස භවනේ. අථ ඛෝ ඉන්‌දකෝ යක්ඛෝ යේන භගවා තේනුපසංකමි. උපසංකමිත්‌වා භගවන්‌තං ගාථාය අජ්‌ඣභාසි.

මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ ඉන්‍ද්‍රකූට පර්වතයේ ඉන්දක යක්ෂයාගේ භවනේ වැඩසිටියේ. එදා ඉන්දක යක්ෂයා භාග්‍යවතුන් වහන්සේ ලඟට ආවා. ඇවිදින් භාග්‍යවතුන් වහන්සේට ගාථාවෙන් පැවසුවා.

රූපං න ජීවන්‌ති වදන්‌ති බුද්‌ධා කථං න්‌වයං වින්‌දතිමං සරීරං
කුතස්‌ස අට්‌ඨී යකපිණ්‌ඩමේති කථං න්‌වයං සජ්‌ජති ගබ්‌භරස්‌මින්‌ති.

“සතර මහා ධාතුන් ගෙන් හටගත් රූපය ජීවයක්ය කියලා, බුදුවරයන් වහන්සේලා කියන්නෙ නෑ. එහෙම නම්, සත්වයාට මේ සිරුරක් ලැබුනෙ කොහොමද? සත්වයාගේ ඇට, අක්මා පිඬ ආදිය කොහෙන්ද ආවේ? ගර්භාෂයක මේක හටගත්තෙ කොහොමද?”

(භගවා);

(භාග්‍යවතුන් වහන්සේ) :

පඨමං කලලං හෝති කලලා හෝති අබ්‌බුදං
අබ්‌බුදා ජායතේ පේසී පේසී නිබ්‌බත්‌තති ඝනෝ
ඝනා පසාඛා ජායන්‌ති කේසා ලෝමා නඛාපි ච.

“ඉස්සෙල්ලාම ඇතිවෙන්නෙ කළල රූපය. ඒ කළලෙන් හැදෙනවා පොඩි මස් ගුලියක්. ඒ මස් ගුලිය මස් වැදැල්ලක් වෙනවා. ඒ මස් වැදැල්ල තමයි ටික ටික හයි වෙන්නෙ. ඒකෙන් අතු බෙදෙනවා. අන්තිමේ, කෙස්, ලොම්, නිය හටගන්නවා.

යඤ්‌චස්‌ස භුඤ්‌ජතේ මාතා අන්‌නං පානඤ්‌ච භෝජනං
තේන සෝ තත්‌ථ යාපේති මාතුකුච්‌ඡිගතෝ නරෝති.

ඒ දරුවාගේ අම්මා යම්කිසි දෙයක් කනවා බොනවා නම්, මව් කුසට පැමිණි මිනිසාත්, ඒකෙන්මයි යැපෙන්නෙ.

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_10-1-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M