☰
(දෙවියා) :
“මඟ වියදමට බැඳගත යුත්තේ මොනවාද? භෝග සම්පත්වලට පිහිට මොනවාද? සත්වයාව අදින්නේ කුමකින්ද? ලොව අත්හැරීමට අමාරු දේ කුමක්ද? තොණ්ඩුවකට අහුවෙච්ච ලිහිණියෙක් වගේ බොහෝ සත්වයෝ බැඳුනේ කුමකටද?”
(භාග්‍යවතුන් වහන්සේ) :
“මඟ වියදමට බැඳගත යුත්තේ ශ්‍රද්ධාවයි. සැප සම්පත්වලට පිහිට වන්නේ ඉසුරුමත් බවයි. සත්වයාව ඇදගෙන යන්නේ තෘෂ්ණාවයි. ලෝකයේ අත්හරින්න අමාරු දෙයත් තෘෂ්ණාවයි. තොණ්ඩුවකට අහුවෙච්ච ලිහිණියෙක් වගේ බොහෝ සත්වයන් බැඳිල ඉන්නේ තෘෂ්ණාවටයි.”
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_1-8-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M