(දෙවියා) :
“ලෝකයට තියෙන පහන කුමක්ද? ලෝකයෙහි නිදිවරන කෙනා කවුද? එකට ජීවත්වෙන උදවියට වැඩකටයුතුවලදී උපකාර වෙන්නෙ කවුද? ඔහුගේ ජීවිත පැවැත්මට උපකාර වන්නේ කුමක්ද?
කම්මැලියාවත්, වීරියවන්තයාවත් අම්ම කෙනෙක් දරුවෙක්ව පෝෂණය කරනවා වගේ පෝෂණය කරන්නේ කවුද? පොළොව ඇසුරු කරගෙන ජීවත් වන සත්වයන් ජීවත් වෙන්නේ කුමක් උපකාර කරගෙනද?”
(භාග්‍යවතුන් වහන්සේ) :
“ලෝකයට තියෙන පහන තමයි ප්‍රඥාව. ලෝකයේ නිදිවරන්නේ සිහියයි. එකට ජීවත් වෙද්දී වැඩකටයුතුවලට උපකාර කරන්නේ ගවයන්ය. ඔහුගේ දිවි පැවැත්ම සී සෑමයි.
කම්මැලියාවත්, වීරියවන්තයාවත් අම්ම කෙනෙක් දරුවෙක්ව පෝෂණය කරනවා වගේ පෝෂණය කරන්නේ වැස්සයි. පොළොව ඇසුරු කරගෙන ඉන්න සත්වයන් ජීවත් වෙන්නෙ වැස්ස උපකාර කරගෙනයි.”
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_1-8-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M