සංයුත්ත නිකාය

සගාථ වග්ගෝ

1.7.5. බන්ධන සුත්තං

1.7.5. බන්ධනය ගැන වදාළ දෙසුම

(දේවතා);

(දෙවියා) :

කිංසු සම්‌බන්‌ධනෝ ලෝකෝ කිංසු තස්‌ස විචාරණං
කිස්‌සස්‌ස විප්‌පහාණේන සබ්‌බං ඡින්‌දති බන්‌ධනන්‌ති

“ලෝකය බැඳිලා තියෙන්නෙ මොකෙන්ද? එහි ඇවිද යන්නේ කුමකින්ද? සියලු බන්ධන සිඳී බිඳී යන්නේ කුමක් නැතිකිරීමෙන්ද?”

(භගවා);

(භාග්‍යවතුන් වහන්සේ) :

නන්‌දි සම්‌බන්‌ධනෝ ලෝකෝ විතක්‌කස්‌ස විචාරණං
තණ්‌හාය විප්‌පහාණේන සබ්‌බං ඡින්‌දති බන්ධනන්‌ති

“ලෝකය බැඳිල තියෙන්නෙ ආශාවෙනුයි. එහි ඇවිද යන්නේ විතර්කවලින්. සියලු බන්ධන සිඳී බිඳී යන්නේ තණ්හාව නැතිකිරීමෙනුයි.”

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_1-7-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M