සංයුත්ත නිකාය

සගාථ වග්ගෝ

1.7.1. නාම අන්වභවි සුත්තං

1.7.1. සියල්ලම යටපත් කරගෙන සිටින නාමය ගැන වදාළ දෙසුම

සාවත්ථියං…

(දේවතා);

(දෙවියා) :

කිංසු සබ්‌බං අන්වභවි කිස්‌මා භිය්‍යෝ න විජ්‌ජති
කිස්‌සස්‌ස ඒකධම්‌මස්‌ස සබ්‌බේව වසමන්‌වගූති

“සියල්ලම යටපත් කරගෙන තියෙන්නෙ මොකකින්ද? මොකකට වැඩියෙන් දෙයක්ද නැත්තෙ? හැමෝම වසඟයට ගිය එකම එක දේ මොකක්ද?”

(භගවා);

(භාගවතුන් වහන්සේ) :

නාමං සබ්‌බං අන්වභවි නාමා භිය්‍යෝ න විජ්‌ජති
නාමස්‌ස ඒකධම්‌මස්‌ස සබ්‌බේව වසමන්‌වගූති

“නාමය තමයි හැමදේම යටපත් කළේ. නාමයට වඩා ලොකු දෙයක් නෑ. නාමය නම් වූ එකම දෙයට තමයි හැම කෙනෙක්ම වසඟ වුනේ.”

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_1-7-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M