☰
(දෙවියා) :
“නොමඟ කියල කියන්නෙ මොකක්ද? රෑ දවල් දෙකේදීම ගෙවිල යන්නෙ මොනවා? පිරිසිදු බඹසර ජීවිතයට කිලුට මොකක්ද? වතුර නැතුව නානවා කියන්නෙ මොකක්ද?”
(භාග්‍යවතුන් වහන්සේ)
“රාගය තමයි නොමඟ කියල කියන්නෙ. රෑ දවල් දෙකේම වයස තමයි ගෙවිල යන්නෙ. ස්ත්‍රීන් තමයි පිරිසිදු බඹසර ජීවිතයට කිලුට වෙන්නෙ. මේ සත්ව ප්‍රජාව ඇලෙන්නෙත් ස්ත්රියටමයි. කෙලෙස් තවන දිවි පැවැත්මත්, බ්‍රහ්මචරියාවත් තමයි වතුර නැතුව නානවා කියල කියන්නෙ.”
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/1-6-8-උප්පථ-සුත්තං/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M