ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයේ. එදා බොහෝ සතුල්ලපකායික දෙවිවරු රැය පහන් වන වෙලාවේ මුළු ජේතවනයම ඒකාලෝක කරගෙන, භාග්‍යවතුන් වහන්සේ ළඟට පැමිණියා. ඇවිදින් භාග්‍යවතුන් වහන්සේට වන්දනා කළා. ඊට පස්සෙ පැත්තකින් හිටගත්තා. පැත්තකින් හිටගත් එක් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයේ මේ ගාථාව පැවසුවා.
“ශ්‍රද්ධාව තමයි මනුෂ්‍යයාගේ දෙවැන්නා වෙන්නෙ. ඉතින් ශ්‍රද්ධාව නැතිබව යමෙක් තුළ පිහිටල නැත්නම්, ඔහු කීර්තියට පත්වෙනවා. පිරිවර සම්පත් ඇතිවෙනවා. ඔහු ශරීරය අත්හැරියාම ස්වර්ගයේ උපදිනවා.”
එතකොට වෙන දෙවි කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයේ මේ ගාථාවන් පැවසුවා.
“ක්‍රෝධය අත්හරින්න ඕන. මාන්නය විශේෂයෙන්ම දුරුකරන්න ඕන. හැම බන්ධනයක්ම ඉක්මවා යන්න ඕන. නාමරූප දෙකේ නොඇලෙන, කෙලෙස් රහිත ඒ රහතන් වහන්සේ තුළට, කෙලෙස් පැමිණෙන්නෙ නෑ.
බාල වූ, ප්‍රඥා රහිත වූ සාමාන්‍ය ජනතාව ඉන්නෙ ප්‍රමාදයෙන්මයි. නමුත්, ප්‍රඥාවන්ත කෙනා අප්‍රමාදී බව සුරකින්නෙ, ශ්‍රේෂ්ඨ ධනයක් රකිනවා වගේ.
ප්‍රමාද වෙන්න හොඳ නෑ. කාමාශාවේ ඇලී වෙසෙන්න හොඳ නෑ. අප්‍රමාදීව, ධ්‍යාන වඩන කොට, ඔහු පරම සැපයට පත්වෙනවා.”
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_1-4-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M