මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වැඩසිටියේ විශාලා මහනුවර මහවනයේ, කූටාගාර ශාලාවේ. එදා චූටි කෝකනදා නම් වූ පර්ජන්‍ය දෙවියාගේ දියණිය, රෑ පහන් වන වෙලාවේ, මුලුමහත් මහාවනයම ඒකාලෝක කරගෙන, භාග්‍යවතුන් වහන්සේ ළඟට පැමිණුනා. පැමිණිලා භාග්‍යවතුන් වහන්සේට වන්දනා කළා. පැත්තකින් හිටගත්තා. පැත්තකින් හිටගත් චූටි කෝකනදා නම් වූ පර්ජන්‍ය දියණිය භාග්‍යවතුන් වහන්සේ සමීපයේ මේ ගාථාවන් පැවසුවා.
“පර්ජන්‍යගේ දියණිය වන, විදුලි එළි පැහැයෙන් දිලෙන කෝකනදා දැන් මෙහෙ ඇවිත් ඉන්නවා. බුදු සමිඳුන්වත්, ශ්‍රී සද්ධර්මයත් වඳිමින්, අර්ථවත් වූ මේ ගාථාවන් පැවසුවා.
මේ ශ්‍රී සද්ධර්මය බොහෝ ක්‍රමවලට විස්තර කරන්න පුළුවනි. මා විසින් මේ ධර්මය මගේ මනසින් යම්තාක් පුරුදු කළාද, මං දැන් ඒක සාරාංශ වශයෙන් කියන්නම්.
කයෙන් හරි, වචනයෙන් හරි, මනසින් හරි, හැමතැනදිම, කිසිම පවක් කරන්නෙ නෑ. කාමයන් අත්හැරලා, හොඳ සිහිනුවණින් යුතුව ඉන්නවා. අයහපත ඇතිකරන කිසි දුකක් පුරුදු කරන්නෙ නෑ.”
සාදු! සාදු!! සාදු!!!
හතරවෙනි සතුල්ලපකායික වර්ගය අවසන් විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_1-4-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M