☰
සැවැත් නුවර ජේතවනාරාමයේදීය …………………….
(දෙවියා) :
“මහා වීර වූ මුනිඳාණනි, මේ වාහනේට රෝද හතරක් තියෙනවා. දොරටු නවයක් තියෙනවා. ඇතුළත පිරිල තියෙන්නෙ අසුචිවලින්. ආශාවත් එක්ක එකතු වෙලා තියෙන්නෙ. (මව් කුස නැමැති) මඩ වගුරේ ඉපදිලා තියෙන්නෙ. මේ වාහනයෙන් නිදහස් වෙන්නෙ කොහොමද?”
(භාග්‍යවතුන් වහන්සේ) :
“රැහැනයි, වරපටයි සිඳින්න ඕන. පාපී ආශාවයි, ලෝභයයි සිඳින්න ඕන. තණ්හාව මුළුමනින්ම උදුරලා වීසිකරන්න ඕන. අන්න එතකොට මේ වාහනයෙන් නිදහස් වෙන්න පුළුවනි.”
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_1-3-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M