සැවැත් නුවර ජේතවනාරාමයේදීය …………………….
(දෙවියා) :
“ඇයි ඔබවහන්සේට කුටියක් නැද්ද? ඇයි කැදැල්ලක්වත් නැද්ද? ඇයි එතකොට කුල පරම්පරාවක් නැද්ද? ඇයි බන්ධනවලින් මිදිලද ඉන්නෙ?”
(භාග්‍යවතුන් වහන්සේ) :
“ඇත්තෙන්ම මට කුටියක් නෑ. ඇත්තෙන්ම මට කැදැල්ලකුත් නෑ. ඇත්තෙන්ම මට කුල පරම්පරාවකුත් නෑ. ඇත්තෙන්ම මං හැම බන්ධනයෙන්ම මිදිලයි ඉන්නෙ.”
(දෙවියා) :
“මං ඔබවහන්සේගේ කුටිය කියල මොකක් ගැන කියන්නද? මං කැදැල්ල කියල මොකකට කියන්නද? ඔබවහන්සේගේ කුල පරම්පරාව කියල මොකකට කියන්නද? ඔබවහන්සේ නිදහස් වුනේ කොයි බන්ධනයෙන් කියල කියන්නද?”
(භාග්‍යවතුන් වහන්සේ) :
“මව්ට තමයි කුටිය කිව යුත්තේ. බිරිඳට තමයි කැදැල්ල කිව යුත්තේ. දරුවන්ට තමයි කුල පරපුර කිව යුත්තේ. තණ්හාවට තමයි බන්ධනය කිව යුත්තේ.”
(දෙවියා) :
“ඔබවහන්සේට කුටියක් නැති එකමයි හොඳ. කැදැල්ලක් නැති එකමයි හොඳ. කුල පරම්පරාවක් නැති එකමයි හොඳ. ඔබවහන්සේ බන්ධනයෙන් මිදුන එකමයි හොඳ.”
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_1-2-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M