☰
සැවැත් නුවර ජේතවනාරාමයේදීය …………………….
එකත්පසෙක සිටි ඒ දෙවියා, භාග්‍යවතුන් වහන්සේ සමීපයේ මේ ගාථාව පැවසුවා.
“දෙපා ඇති මිනිසුන් අතර ශ්‍රේෂ්ඨ වෙන්නෙ රජ්ජුරුවොයි. සිව්පාවුන් අතර ශ්‍රේෂ්ඨ වෙන්නෙ ගවයායි. බිරින්දෑවරුන් අතර ශ්‍රේෂ්ඨ වෙන්නෙ ළදරු ස්ත්‍රියයි. දරුවන් අතර ශ්‍රේෂ්ඨ වෙන්නෙ කුළුඳුල් දරුවායි.”
(භාග්‍යවතුන් වහන්සේ) :
“දෙපා ඇති මිනිසුන් අතර ශ්‍රේෂ්ඨ වෙන්නේ සම්බුදුරජාණන් වහන්සේයි. සිව්පාවන් අතර ශ්‍රේෂ්ඨ වෙන්නේ ආජානීය අශ්වයායි. බිරින්දෑවරුන් අතර ශ්‍රේෂ්ඨ වෙන්නේ ස්වාමියාට සෙනෙහෙවන්ත බිරිඳයි. දරුවන් අතර ශ්‍රේෂ්ඨ වෙන්නේ කීකරු දරුවායි.”
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_1-2-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M