මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයේ. එදා රැය පහන්වෙද්දී, එක්තරා දෙවි කෙනෙක් මුළු මහත් ජේතවනාරාමයම ඒකාලෝක කරගෙන, භාග්‍යවතුන් වහන්සේව බැහැදකින්නට ආවා. ඇවිදින් භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරලා පැත්තකින් හිටගත්තා. පැත්තකින් හිටගත්තු ඒ දෙවියා, භාග්‍යවතුන් වහන්සේගෙන් මෙහෙම ඇහුවා.
“පින්වත් නිදුකාණන් වහන්ස, ඔබවහන්සේ මේ සත්වයන්ගේ නිවන් මඟත්, ඒ අවබෝධයත්, ඒ අමා නිවනත් ගැන දන්නා සේක්ද?”
(භාග්‍යවතුන් වහන්සේ)
“එසේය, ප්‍රිය ආයුෂ්මත, නිවන් මඟත්, ඒ අවබෝධයත්, ඒ අමා නිවනත් ගැන මං දන්නවා.”
(දෙවියා)
“පින්වත් නිදුකාණන් වහන්ස, සත්වයන්ගේ නිවන් මඟත් ඒ අවබෝධයත්, ඒ අමා නිවනත් ගැන ඔබවහන්සේ දන්නෙ කොයි විදිහටද?”
(භාග්‍යවතුන් වහන්සේ)
“ප්‍රිය ආයුෂ්මත, තෘෂ්ණාවෙන් යුක්ත භව පැවැත්ම ක්‍ෂය වෙලා යන්න ඕන. සඤ්ඤා විඤ්ඤාණයේ පැවැත්ම ගෙවිල යන්න ඕන. විඳීම් ගැන තියෙන ඇල්ම නිරුද්ධ වීමෙන්, විඳීම් සංසිඳෙන්න ඕන. මං ඔන්න ඔය විදිහට සත්වයන්ගේ නිවන් මඟත්, අවබෝධයත්, ඒ අමා නිවනත් දන්නවා.”
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_1-1-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M