මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයේ.
එදා රැය පහන් වෙද්දී එක්තරා දෙවි කෙනෙක් මුළු මහත් ජේතවනයම ඒකාලෝක කරගෙන භාග්‍යවතුන් වහන්සේව බැහැදකින්නට ආවා. ඇවිදින් භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරලා පැත්තකින් හිටගත්තා. පැත්තකින් හිටගත්තු ඒ දෙවියා භාග්‍යවතුන් වහන්සේගෙන් මෙහෙම ඇහුවා.
“පින්වත් නිදුකාණන් වහන්ස, ඔබවහන්සේ මේ සසර සැඩ පහර තරණය කළේ කොහොමද?”
(භාග්‍යවතුන් වහන්සේ)
“ප්‍රිය ආයුෂ්මත, මං පිහිටල හිටියෙත් නෑ. මං උත්සාහ කළෙත් නෑ. අන්න ඒ විදිහටයි සසර සැඩපහර තරණය කළේ.”
(දෙවියා)
“පින්වත් නිදුකාණන් වහන්ස, ඔබවහන්සේ පිහිටා සිටින්නෙත් නැතුව, උත්සාහ කරන්නෙත් නැතුව, සසර සැඩපහර තරණය කළේ කොහොමද?”
(භාග්‍යවතුන් වහන්සේ)
“ප්‍රිය ආයුෂ්මත, යම් විටෙක මං පිහිටා සිටින්න හැදුවොත්, එතකොට මාව ගිලෙනවා. (මෙහි තේරුම කාමසුඛල්ලිකානුයෝගයේ පිහිටා නොසිටිය යුතු බවයි.) ඒ වගේම ප්‍රිය ආයුෂ්මත, මං යම් වෙලාවක උත්සාහ කරන්න ගියොත්, එතකොට මාව උඩට මතුවෙනවා විතරයි. (මෙහි තේරුම අත්තකිලමථානුයෝගය අත්හළ යුතු බවයි.) ඔය විදිහට ප්‍රිය ආයුෂ්මත, මං පිහිටන්නෙත් නැතුව, උත්සාහ කරන්නෙත් නැතුව සසර සැඩපහර තරණය කළා.”
(දෙවියා)
“හා! පිහිටන්නෙත් නැතුව, උත්සාහ කරන්නෙත් නැතුව මේ ලෝකයේ විසත්තිකා නම් වූ තෘෂ්ණාවෙන් එතෙර වුන, පිරිනිවුන, ශ්‍රේෂ්ඨ මනුෂ්‍ය රත්නයක් කලාතුරකින් මට දැකගන්න ලැබුනේ.”
ඒ දෙවියා ඔය විදිහට කිව්වා. ශාස්තෘන් වහන්සේ එය අනුමත කොට වදාළා. එතකොට ඒ දෙවියා ‘ශාස්තෘන් වහන්සේ මාගේ අදහස අනුමත කොට වදාළ සේකැ’යි භාග්‍යවතුන් වහන්සේට වන්දනා කළා. පැදකුණු කළා. එතනම නොපෙනී ගියා.
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_1-1-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M