☰
සැවැත් නුවර ජේතවනාරාමයේදීය.
ඉතින් ඒ දෙවියා භාග්‍යවතුන් වහන්සේ සමීපයේ මේ ගාථාව පැවසුවා.
“ජීවිතය මරණය කරා ගෙන යනවා. ජීවත් වෙන්න තිබෙන්නෙ සුළු කාලයයි. ජරාව විසින්, මරණය කරා ගෙන යන සත්වයන්ට ආරක්‍ෂා වෙන්න තැනක් නෑ. මරණය අභියස ඇති මේ බිය දකින කෙනා සැප සැළසෙන පින්කම්ම යි කරන්න ඕන.”
(භාග්‍යවතුන් වහන්සේ) :
“ජීවිතය මරණය කරා ගෙන යනවා. ජීවත් වෙන්න තිබෙන්නෙ සුළු කාලයයි. ජරාව විසින් මරණය කරා ගෙන යන සත්වයන්ට ආරක්‍ෂා වෙන්න තැනක් නෑ. මරණය අභිසය තියෙන මේ බිය දකින කෙනා ඒ අමා නිවන් සුව ලබනු කැමැත්තෙන්, ලෝකාමිසය අත්හරින්න ඕන.”
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_1-1-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M