මජ්ඣිම නිකාය

උපරි පණ්ණාසකෝ

3.5.9. පිණ්ඩපාතපාරිසුද්ධි සුත්තං

3.5.9. පිණ්ඩපාතය පිරිසිදු බවට පත් කිරීම ගැන වදාළ දෙසුම

ඒවං මේ සුතං: ඒකං සමයං භගවා රාජගහේ විහරති වේළුවනේ කලන්දකනිවාපේ. අථ ඛෝ ආයස්මා සාරිපුත්තෝ සායන්හසමයං පතිසල්ලානා වුට්ඨිතෝ යේන භගවා තේනුපසංකමි. උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදි. ඒකමන්තං නිසින්නං ඛෝ ආයස්මන්තං සාරිපුත්තං භගවා ඒතදවෝච:

මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. එසමයෙහි භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ රජගහනුවර කලන්දකනිවාප නම් වූ වේළුවනයේ. එදා ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ සවස් වරුවෙහි භාවනාවෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියා. පැමිණ භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කොට එකත්පස්ව සිටගත්තා. එකත්පස්ව සිටි ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළා.

විප්පසන්නානි ඛෝ තේ සාරිපුත්ත, ඉන්ද්‍රියානි පරිසුද්ධෝ ඡවිවණ්ණෝ පරියෝදාතෝ. කතමේන ඛෝ ත්වං සාරිපුත්ත, විහාරේන ඒතරහි බහුලං විහරසීති:

“පින්වත් සාරිපුත්ත, ඔබේ ඉඳුරන් හරිම පැහැපත්. පිරිසිදුයි. සමේ වර්ණය බබලනවා. පින්වත් සාරිපුත්ත, ඔබ මේ කාලයේ බහුල වශයෙන් වාසය කළේ කවර භාවනාවකින්ද?”

සුඤ්ඤතා විහාරේන ඛෝ අහං භන්තේ, ඒතරහි බහුලං විහරාමීති.

“ස්වාමීනී, මේ කාලයේ මං ශූන්‍යතා භාවනාවෙන් තමයි බහුලව වාසය කරන්නේ.”

සාධු සාධු සාරිපුත්ත, මහාපුරිසවිහාරේන කිර ත්වං සාරිපුත්ත, ඒතරහි බහුලං විහරසි. ‘මහාපුරිසවිහාරෝ හේස සාරිපුත්ත, යදිදං සුඤ්ඤතා. තස්මාතිහ සාරිපුත්ත, භික්ඛු සචේ ආකංඛෙය්‍ය, සුඤ්ඤතා විහාරේන ඒතරහි බහුලං විහරෙය්‍ය’න්ති. තේන සාරිපුත්ත, භික්ඛුනා ඉති පටිසඤ්චික්ඛිතබ්බං: ‘යේන චාහං මග්ගේන ගාමං පිණ්ඩාය පාවිසිං, යස්මිඤ්ච පදේසේ පිණ්ඩාය අචරිං, යේන ච මග්ගේන ගාමතෝ පිණ්ඩාය පටික්කමිං. අත්ථි නු ඛෝ මේ තත්ථ චක්ඛුවිඤ්ඤෙය්‍යේසු රූපේසු ඡන්දෝ වා රාගෝ වා දෝසෝ වා මෝහෝ වා පටිඝං වාපි චේතසෝ’ති.

“සාදු! සාදු! සාරිපුත්ත. එහෙම නම් ඔබ මේ කාලයෙහි මහා පුරුෂ විහරණයකින් නෙව බහුලව වාසය කරන්නේ. පින්වත් සාරිපුත්ත, යම් ශූන්‍යතා සමාපත්තියක් ඇද්ද, ඕක මහා පුරුෂ විහරණයක්. එම නිසා පින්වත් සාරිපුත්ත, භික්ෂුව, ඉදින් ශූන්‍යතා සමාපත්ති විහරණයෙන් මේ කාලයේ බහුලව වාසය කරනවා කියා කැමති වෙනවා නම්, පින්වත් සාරිපුත්ත, ඒ භික්ෂුව විසින් නුවණින් මෙනෙහි කළ යුත්තේ මෙහෙමයි.

‘මං යම් මාර්ගයකින් ගමට පිණ්ඩපාතේ වැඩියාද, යම් ප්‍රදේශයක පිඬු පිණිස හැසිරුණාද, යම් මාර්ගයකින් පිණ්ඩපාතය කරගෙන ආපසු පැමිණුනාද, ඒ කාලය තුළ ඇසෙන් දැකපු රූපයන් පිළිබඳව මා තුළ කැමැත්තක් හෝ රාගයක් හෝ ද්වේෂයක් හෝ මෝහයක් හෝ සිතෙහි ගැටීමක් හෝ ඇතිවුනාවත්ද?’ කියලා.

සචේ සාරිපුත්ත, භික්ඛු පච්චවෙක්ඛමානෝ ඒවං ජානාති: ‘යේන චාහං මග්ගේන ගාමං පිණ්ඩාය පාවිසිං. යස්මිඤ්ච පදේසේ පිණ්ඩාය අචරිං, යේන ච මග්ගේන ගාමතෝ පිණ්ඩාය පටික්කමිං. අත්ථි මේ තත්ථ චක්ඛුවිඤ්ඤෙය්‍යේසු රූපේසු ඡන්දෝ වා රාගෝ වා දෝසෝ වා මෝහෝ වා පටිඝං වාපි චේතසෝ’ති. තේන සාරිපුත්ත, භික්ඛුනා තේසංයේව පාපකානං අකුසලානං ධම්මානං පහානාය වායමිතබ්බං.

ඉදින් පින්වත් සාරිපුත්ත, භික්ෂුව නුවණින් ප්‍රත්‍යවෙක්ෂා කරද්දී මේ විදිහට දැනගන්නවා නම්, ‘මං යම් මාර්ගයකින් ගමට පිණ්ඩපාතේ වැඩියාද, යම් ප්‍රදේශයක පිඬු පිණිස හැසිරුනාද, යම් මාර්ගයකින් පිණ්ඩපාතය කරගෙන ආපසු පැමිණුනාද, ඒ කාලය තුළ ඇසෙන් දැකපු රූපයන් පිළිබඳව මා තුළ කැමැත්තක් හෝ රාගයක් හෝ ද්වේෂයක් හෝ මෝහයක් හෝ සිතෙහි ගැටීමක් හෝ ඇතිවෙලා තියෙනවා’ කියලා එතකොට පින්වත් සාරිපුත්ත, ඒ භික්ෂුව විසින් ඒ පාපී අකුසල ධර්මයන්ගේ ප්‍රහාණය පිණිස වීරිය කළ යුතුයි.

සචේ පන සාරිපුත්ත, භික්ඛු පච්චවෙක්ඛමානෝ ඒවං ජානාති: යේන චාහං මග්ගේන ගාමං පිණ්ඩාය පාවිසිං, යස්මිං ච පදේසේ පිණ්ඩාය අචරිං, යේන ච මග්ගේන ගාමතෝ පිණ්ඩාය පටික්කමිං. නත්ථි මේ තත්ථ චක්ඛුවිඤ්ඤෙය්‍යේසු රූපේසු ඡන්දෝ වා රාගෝ වා දෝසෝ වා මෝහෝ වා පටිඝං වාපි චේතසෝ’ති. තේන සාරිපුත්ත, භික්ඛුනා තේනේව පීතිපාමොජ්ජේන විහාතබ්බං අහෝරත්තානුසික්ඛිනා කුසලේසු ධම්මේසු.

ඉදින් පින්වත් සාරිපුත්ත, භික්ෂුව නුවණින් ප්‍රත්‍යවෙක්ෂා කරද්දී මේ විදිහට දැනගන්නවා නම්, ‘මං යම් මාර්ගයකින් ගමට පිණ්ඩපාතේ වැඩියාද, යම් ප්‍රදේශයක පිඬු පිණිස හැසිරුනාද, යම් මාර්ගයකින් පිණ්ඩපාතය කරගෙන ආපසු පැමිණුනාද, ඒ කාලය තුළ ඇසෙන් දැකපු රූපයන් පිළිබඳව මා තුළ කැමැත්තක් හෝ රාගයක් හෝ ද්වේෂයක් හෝ මෝහයක් හෝ සිතෙහි ගැටීමක් හෝ ඇතිවෙලා නැහැ’ කියලා. එතකොට පින්වත් සාරිපුත්ත, ඒ භික්ෂුව විසින් ඒ ප්‍රීති ප්‍රමුදිත බවෙන් යුක්තව, රෑ දවල් දෙකෙහි කුසල ධර්මයන් තුළ හික්මෙමින් වාසය කළ යුතුයි.

පුන ච පරං සාරිපුත්ත, භික්ඛුනා ඉති පටිසඤ්චික්ඛිතබ්බං: ‘යේන චාහං මග්ගේන ගාමං පිණ්ඩාය පාවිසිං, යස්මිං ච පදේසේ පිණ්ඩාය අචරිං, යේන ච මග්ගේන ගාමතෝ පිණ්ඩාය පටික්කමිං. අත්ථි නු ඛෝ මේ තත්ථ සෝතවිඤ්ඤෙය්‍යේසු සද්දේසු ….(පෙ)…. ඝානවිඤ්ඤෙය්‍යේසු ගන්ධේසු ….(පෙ)…. ජිව්හාවිඤ්ඤෙය්‍යේසු රසේසු ….(පෙ)…. කායවිඤ්ඤෙය්‍යේසු ඵොට්ඨබ්බේසු ….(පෙ)…. මනෝවිඤ්ඤෙය්‍යේසු ධම්මේසු ඡන්දෝ වා රාගෝ වා දෝසෝ වා මෝහෝ වා පටිඝං වාපි චේතසෝ’ති. සචේ සාරිපුත්ත, භික්ඛු පච්චවෙක්ඛමානෝ ඒවං ජානාති: ‘යේන චාහං මග්ගේන ගාමං පිණ්ඩාය පාවිසිං, යස්මිං ච පදේසේ පිණ්ඩාය අචරිං, යේන ච මග්ගේන ගාමතෝ පිණ්ඩාය පටික්කමිං. අත්ථි මේ තත්ථ මනෝවිඤ්ඤෙය්‍යේසු ධම්මේසු ඡන්දෝ වා රාගෝ වා දෝසෝ වා මෝහෝ වා පටිඝං වාපි චේතසෝ’ති. තේන සාරිපුත්ත, භික්ඛුනා තේසංයේව පාපකානං අකුසලානං ධම්මානං පහානාය වායමිතබ්බං.

ඉදින් පින්වත් සාරිපුත්ත, නැවත අනෙකක් කියමි. භික්ෂුව විසින් මේ විදිහට නුවණින් විමසා බැලිය යුතුයි ‘මං යම් මාර්ගයකින් ගමට පිණ්ඩපාතේ වැඩියාද, යම් ප්‍රදේශයක පිඬු පිණිස හැසිරුනාද, යම් මාර්ගයකින් පිණ්ඩපාතය කරගෙන ආපසු පැමිණුනාද, ඒ කාලය තුළ කනින් ඇසූ ශබ්දයන් ….(පෙ)…. නාසයට දැනුන ගඳ සුවඳ ….(පෙ)…. දිවට දැනුන රස ….(පෙ)…. කයට දැනුනු පහස ….(පෙ)…. මනසට සිතුනු අරමුණු පිළිබඳව මා තුළ කැමැත්තක් හෝ රාගයක් හෝ ද්වේෂයක් හෝ මෝහයක් හෝ සිතෙහි ගැටීමක් හෝ ඇතිවුනාවත්ද?’ කියලා.

ඉදින් පින්වත් සාරිපුත්ත, භික්ෂුව නුවණින් ප්‍රත්‍යවෙක්ෂා කරද්දී මේ විදිහට දැනගන්නවා නම්, ‘මං යම් මාර්ගයකින් ගමට පිණ්ඩපාතේ වැඩියාද, යම් ප්‍රදේශයක පිඬු පිණිස හැසිරුනාද, යම් මාර්ගයකින් පිණ්ඩපාතය කරගෙන ආපසු පැමිණුනාද, ඒ කාලය තුළ මනසින් දැනගත් අරමුණු පිළිබඳව මා තුළ කැමැත්තක් හෝ රාගයක් හෝ ද්වේෂයක් හෝ මෝහයක් හෝ සිතෙහි ගැටීමක් හෝ ඇතිවෙලා තියෙනවා’ කියලා එතකොට පින්වත් සාරිපුත්ත, ඒ භික්ෂුව විසින් ඒ පාපී අකුසල ධර්මයන්ගේ ප්‍රහාණය පිණිස වීරිය කළ යුතුයි.

සචේ පන සාරිපුත්ත, භික්ඛු පච්චවෙක්ඛමානෝ ඒවං ජානාති: යේන චාහං මග්ගේන ගාමං පිණ්ඩාය පාවිසිං, යස්මිං ච පදේසේ පිණ්ඩාය අචරිං, යේන ච මග්ගේන ගාමතෝ පිණ්ඩාය පටික්කමිං. නත්ථි මේ තත්ථ මනෝවිඤ්ඤෙය්‍යේසු ධම්මේසු ඡන්දෝ වා රාගෝ වා දෝසෝ වා මෝහෝ වා පටිඝං වාපි චේතසෝ’ති. තේන සාරිපුත්ත, භික්ඛුනා තේනේව පීතිපාමොජ්ජේන විහාතබ්බං අහෝරත්තානුසික්ඛිනා කුසලේසු ධම්මේසු.

ඉදින් පින්වත් සාරිපුත්ත, භික්ෂුව නුවණින් ප්‍රත්‍යවෙක්ෂා කරද්දී මේ විදිහට දැනගන්නවා නම්, ‘මං යම් මාර්ගයකින් ගමට පිණ්ඩපාතේ වැඩියාද, යම් ප්‍රදේශයක පිඬු පිණිස හැසිරුනාද, යම් මාර්ගයකින් පිණ්ඩපාතය කරගෙන ආපසු පැමිණුනාද, ඒ කාලය තුළ මනසින් දැනගත් අරමුණු පිළිබඳව මා තුළ කැමැත්තක් හෝ රාගයක් හෝ ද්වේෂයක් හෝ මෝහයක් හෝ සිතෙහි ගැටීමක් හෝ ඇතිවෙලා නැහැ’ කියලා. එතකොට පින්වත් සාරිපුත්ත, ඒ භික්ෂුව විසින් ඒ ප්‍රීති ප්‍රමුදිත බවෙන් යුක්තව, රෑ දවල් දෙකෙහි කුසල ධර්මයන් තුළ හික්මෙමින් වාසය කළ යුතුයි.

පුන ච පරං සාරිපුත්ත, භික්ඛුනා ඉති පටිසඤ්චික්ඛිතබ්බං: පහීනා නු ඛෝ මේ පඤ්ච කාමගුණාති, සචේ සාරිපුත්ත, භික්ඛු පච්චවෙක්ඛමානෝ ඒවං ජානාති: අප්පහීනා ඛෝ මේ පඤ්ච කාමගුණාති. තේන සාරිපුත්ත, භික්ඛුනා පඤ්චන්නං කාමගුණානං පහානාය වායමිතබ්බං. සචේ පන සාරිපුත්ත, භික්ඛු පච්චවෙක්ඛමානෝ ඒවං ජානාති: පහීනා ඛෝ මේ පඤ්ච කාමගුණාති. තේන සාරිපුත්ත, භික්ඛුනා තේනේව පීතිපාමොජ්ජේන විහාතබ්බං අහෝරත්තානුසික්ඛිනා කුසලේසු ධම්මේසු.

පින්වත් සාරිපුත්ත, නැවත අනෙකක් කියමි. භික්ෂුව විසින් මේ විදිහටත් නුවණින් විමසිය යුතුයි. ‘පංච කාම ගුණයන් මා තුළ ප්‍රහාණය වෙලාද තියෙන්නේ?’ කියලා. ඉදින් පින්වත් සාරිපුත්ත, නුවණින් ප්‍රත්‍යවෙක්ෂා කරද්දී භික්ෂුව මෙහෙම දැනගන්නවා නම්, ‘මා තුළ පංච කාම ගුණ ප්‍රහීණ වෙලා නෑ’ කියලා, එතකොට පින්වත් සාරිපුත්ත, ඒ භික්ෂුව විසින් පංච කාම ගුණයන්ගේ ප්‍රහාණය පිණිස වීරිය කළ යුතුයි.’ ඉදින් පින්වත් සාරිපුත්ත, භික්ෂුව නුවණින් ප්‍රත්‍යවෙක්ෂා කරද්දී මෙහෙම දැනගන්නවා නම්, ‘මා තුළ පංච කාම ගුණ ප්‍රහීන වෙලා තියෙන්නේ කියලා’ එතකොට පින්වත් සාරිපුත්ත, ඒ භික්ෂුව විසින් ඒ ප්‍රීති ප්‍රමුදිත බවෙන් යුක්තව, රෑ දවල් දෙකෙහි කුසල ධර්මයන් තුළ හික්මෙමින් වාසය කළ යුතුයි.

පුන ච පරං සාරිපුත්ත, භික්ඛුනා ඉති පටිසඤ්චික්ඛිතබ්බං: ‘පහීනා නු ඛෝ මේ පඤ්ච නීවරණා’ති. සචේ සාරිපුත්ත, භික්ඛු පච්චවෙක්ඛමානෝ ඒවං ජානාති: අප්පහීනා ඛෝ මේ පඤ්ච නීවරණා’ති. තේන සාරිපුත්ත, භික්ඛුනා පඤ්චන්නං නීවරණානං පහානාය වායමිතබ්බං. සචේ පන සාරිපුත්ත, භික්ඛු පච්චවෙක්ඛමානෝ ඒවං ජානාති: ‘පහීනා ඛෝ මේ පඤ්ච නීවරණා’ති. තේන සාරිපුත්ත, භික්ඛුනා තේනේව පීතිපාමොජ්ජේන විහාතබ්බං අහෝරත්තානුසික්ඛිනා කුසලේසු ධම්මේසු.

පින්වත් සාරිපුත්ත, නැවත අනෙකක් කියමි. භික්ෂුව විසින් මේ විදිහටත් නුවණින් විමසිය යුතුයි. ‘පංච නීවරණ මා තුළ ප්‍රහාණය වෙලාද තියෙන්නේ?’ කියලා. ඉදින් පින්වත් සාරිපුත්ත, නුවණින් ප්‍රත්‍යවෙක්ෂා කරද්දී භික්ෂුව මෙහෙම දැනගන්නවා නම්, ‘මා තුළ පංච නීවරණ ප්‍රහීණ වෙලා නෑ’ කියලා, එතකොට පින්වත් සාරිපුත්ත, ඒ භික්ෂුව විසින් පංච නීවරණයන්ගේ ප්‍රහාණය පිණිස වීරිය කළ යුතුයි.’ ඉදින් පින්වත් සාරිපුත්ත, භික්ෂුව නුවණින් ප්‍රත්‍යවෙක්ෂා කරද්දී මෙහෙම දැනගන්නවා නම්, ‘මා තුළ පංච නීවරණ ප්‍රහීන වෙලා තියෙන්නේ කියලා’ එතකොට පින්වත් සාරිපුත්ත, ඒ භික්ෂුව විසින් ඒ ප්‍රීති ප්‍රමුදිත බවෙන් යුක්තව, රෑ දවල් දෙකෙහි කුසල ධර්මයන් තුළ හික්මෙමින් වාසය කළ යුතුයි.

පුන ච පරං සාරිපුත්ත, භික්ඛුනා ඉති පටිසඤ්චික්ඛිතබ්බං: පරිඤ්ඤාතා නු ඛෝ මේ පඤ්චුපාදානක්ඛන්ධා’ති. සචේ සාරිපුත්ත, භික්ඛු පච්චවෙක්ඛමානෝ ඒවං ජානාති: අපරිඤ්ඤාතා ඛෝ මේ පඤ්චුපාදානක්ඛන්ධා’ති. තේන සාරිපුත්ත, භික්ඛුනා පඤ්චන්නං උපාදානක්ඛන්ධානං පරිඤ්ඤාය වායමිතබ්බං. සචේ පන සාරිපුත්ත, භික්ඛු පච්චවෙක්ඛමානෝ ඒවං ජානාති: පරිඤ්ඤාතා ඛෝ මේ පඤ්චුපාදානක්ඛන්ධා’ති. තේන සාරිපුත්ත, භික්ඛුනා තේනේව පීතිපාමොජ්ජේන විහාතබ්බං අහෝරත්තානුසික්ඛිනා කුසලේසු ධම්මේසු.

පින්වත් සාරිපුත්ත, නැවත අනෙකක් කියමි. භික්ෂුව විසින් මේ විදිහටත් නුවණින් විමසිය යුතුයි. ‘පංච උපාදානස්කන්ධයන් මා විසින් පිරිසිඳ අවබෝධ කරලාද තියෙන්නේ?’ කියලා. ඉදින් පින්වත් සාරිපුත්ත, නුවණින් ප්‍රත්‍යවෙක්ෂා කරද්දී භික්ෂුව මෙහෙම දැනගන්නවා නම්, ‘මා විසින් පංච උපාදානස්කන්ධයන් පිරිසිඳ අවබෝධ කරලා නෑ’ කියලා, එතකොට පින්වත් සාරිපුත්ත, ඒ භික්ෂුව විසින් පංච උපාදානස්කන්ධයන් පිරිසිඳ අවබෝධය පිණිස වීරිය කළ යුතුයි.’ ඉදින් පින්වත් සාරිපුත්ත, භික්ෂුව නුවණින් ප්‍රත්‍යවෙක්ෂා කරද්දී මෙහෙම දැනගන්නවා නම්, ‘මා විසින් පංච උපාදානස්කන්ධයන් පිරිසිඳ අවබෝධ කරලයි තියෙන්නේ කියලා’ එතකොට පින්වත් සාරිපුත්ත, ඒ භික්ෂුව විසින් ඒ ප්‍රීති ප්‍රමුදිත බවෙන් යුක්තව, රෑ දවල් දෙකෙහි කුසල ධර්මයන් තුළ හික්මෙමින් වාසය කළ යුතුයි.

පුන ච පරං සාරිපුත්ත, භික්ඛුනා ඉති පටිසඤ්චික්ඛිතබ්බං: භාවිතා නු ඛෝ මේ චත්තාරෝ සතිපට්ඨානා’ති. සචේ සාරිපුත්ත, භික්ඛු පච්චවෙක්ඛමානෝ ඒවං ජානාති: අභාවිතා ඛෝ මේ චත්තාරෝ සතිපට්ඨානා’ති. තේන සාරිපුත්ත, භික්ඛුනා චතුන්නං සතිපට්ඨානානං භාවනාය වායමිතබ්බං. සචේ පන සාරිපුත්ත, භික්ඛු පච්චවෙක්ඛමානෝ ඒවං ජානාති: භාවිතා ඛෝ මේ චත්තාරෝ සතිපට්ඨානා’ති. තේන සාරිපුත්ත, භික්ඛුනා තේනේව පීතිපාමොජ්ජේන විහාතබ්බං අහෝරත්තානුසික්ඛිනා කුසලේසු ධම්මේසු.

පින්වත් සාරිපුත්ත, නැවත අනෙකක් කියමි. භික්ෂුව විසින් මේ විදිහටත් නුවණින් විමසිය යුතුයි. ‘මා විසින් සතර සතිට්ඨානයන් වඩලද තියෙන්නේ?’ කියලා. ඉදින් පින්වත් සාරිපුත්ත, නුවණින් ප්‍රත්‍යවෙක්ෂා කරද්දී භික්ෂුව මෙහෙම දැනගන්නවා නම්, ‘මා විසින් සතර සතිපට්ඨානයන් වඩලා නෑ’ කියලා, එතකොට පින්වත් සාරිපුත්ත, ඒ භික්ෂුව විසින් සතර සතිපට්ඨානයන් වැඩීම පිණිස වීරිය කළ යුතුයි.’ ඉදින් පින්වත් සාරිපුත්ත, භික්ෂුව නුවණින් ප්‍රත්‍යවෙක්ෂා කරද්දී මෙහෙම දැනගන්නවා නම්, ‘මා විසින් සතර සතිපට්ඨානයන් වඩලා තියෙන්නේ කියලා’ එතකොට පින්වත් සාරිපුත්ත, ඒ භික්ෂුව විසින් ඒ ප්‍රීති ප්‍රමුදිත බවෙන් යුක්තව, රෑ දවල් දෙකෙහි කුසල ධර්මයන් තුළ හික්මෙමින් වාසය කළ යුතුයි.

පුන ච පරං සාරිපුත්ත, භික්ඛුනා ඉති පටිසඤ්චික්ඛිතබ්බං: භාවිතා නු ඛෝ මේ චත්තාරෝ සම්මප්පධානා’ති. සචේ සාරිපුත්ත, භික්ඛු පච්චවෙක්ඛමානෝ ඒවං ජානාති: අභාවිතා ඛෝ මේ චත්තාරෝ සම්මප්පධානා’ති. තේන සාරිපුත්ත, භික්ඛුනා චතුන්නං සම්මප්පධානානං භාවනාය වායමිතබ්බං. සචේ පන සාරිපුත්ත, භික්ඛු පච්චවෙක්ඛමානෝ ඒවං ජානාති: භාවිතා ඛෝ මේ චත්තාරෝ සම්මප්පධානා’ති. තේන සාරිපුත්ත, භික්ඛුනා තේනේව පීතිපාමොජ්ජේන විහාතබ්බං අහෝරත්තානුසික්ඛිනා කුසලේසු ධම්මේසු.

පින්වත් සාරිපුත්ත, නැවත අනෙකක් කියමි. භික්ෂුව විසින් මේ විදිහටත් නුවණින් විමසිය යුතුයි. ‘මා විසින් සතර සම්‍යක් ප්‍රධාන වීරිය වඩලාද තියෙන්නේ?’ කියලා. ඉදින් පින්වත් සාරිපුත්ත, නුවණින් ප්‍රත්‍යවෙක්ෂා කරද්දී භික්ෂුව මෙහෙම දැනගන්නවා නම්, ‘මා විසින් සතර සම්‍යක් ප්‍රධාන වීරිය වඩලා නෑ’ කියලා, එතකොට පින්වත් සාරිපුත්ත, ඒ භික්ෂුව විසින් සතර සම්‍යක් ප්‍රධාන වීරිය වැඩීම පිණිස වීරිය කළ යුතුයි.’ ඉදින් පින්වත් සාරිපුත්ත, භික්ෂුව නුවණින් ප්‍රත්‍යවෙක්ෂා කරද්දී මෙහෙම දැනගන්නවා නම්, ‘මා විසින් සතර සම්‍යක් ප්‍රධාන වීරිය වඩලා තියෙන්නේ කියලා’ එතකොට පින්වත් සාරිපුත්ත, ඒ භික්ෂුව විසින් ඒ ප්‍රීති ප්‍රමුදිත බවෙන් යුක්තව, රෑ දවල් දෙකෙහි කුසල ධර්මයන් තුළ හික්මෙමින් වාසය කළ යුතුයි.

පුන ච පරං සාරිපුත්ත භික්ඛුනා ඉති පටිසඤ්චික්ඛිතබ්බං: භාවිතා නු ඛෝ මේ චත්තාරෝ ඉද්ධිපාදා’ති. සචේ සාරිපුත්ත, භික්ඛු පච්චවෙක්ඛමානෝ ඒවං ජානාති: අභාවිතා ඛෝ මේ චත්තාරෝ ඉද්ධිපාදාති. තේන සාරිපුත්ත, භික්ඛුනා චතුන්නං ඉද්ධිපාදානං භාවනාය වායමිතබ්බං. සචේ පන සාරිපුත්ත, භික්ඛු පච්චවෙක්ඛමානෝ ඒවං ජානාති: භාවිතා ඛෝ මේ චත්තාරෝ ඉද්ධිපාදාති. තේන සාරිපුත්ත, භික්ඛුනා තේනේව පීතිපාමොජ්ජේන විහාතබ්බං අහෝරත්තානුසික්ඛිනා කුසලේසු ධම්මේසු.

පින්වත් සාරිපුත්ත, නැවත අනෙකක් කියමි. භික්ෂුව විසින් මේ විදිහටත් නුවණින් විමසිය යුතුයි. ‘මා විසින් සතර ඉර්ධිපාද වඩලාද තියෙන්නේ?’ කියලා. ඉදින් පින්වත් සාරිපුත්ත, නුවණින් ප්‍රත්‍යවෙක්ෂා කරද්දී භික්ෂුව මෙහෙම දැනගන්නවා නම්, ‘මා විසින් සතර ඉර්ධිපාද වඩලා නෑ’ කියලා, එතකොට පින්වත් සාරිපුත්ත, ඒ භික්ෂුව විසින් සතර ඉර්ධිපාද වැඩීම පිණිස වීරිය කළ යුතුයි.’ ඉදින් පින්වත් සාරිපුත්ත, භික්ෂුව නුවණින් ප්‍රත්‍යවෙක්ෂා කරද්දී මෙහෙම දැනගන්නවා නම්, ‘මා විසින් සතර ඉර්ධිපාද වඩලා තියෙන්නේ කියලා’ එතකොට පින්වත් සාරිපුත්ත, ඒ භික්ෂුව විසින් ඒ ප්‍රීති ප්‍රමුදිත බවෙන් යුක්තව, රෑ දවල් දෙකෙහි කුසල ධර්මයන් තුළ හික්මෙමින් වාසය කළ යුතුයි.

පුන ච පරං සාරිපුත්ත, භික්ඛුනා ඉති පටිසඤ්චික්ඛිතබ්බං: භාවිතානි නු ඛෝ මේ පඤ්චින්ද්‍රියානීති. සචේ සාරිපුත්ත, භික්ඛු පච්චවෙක්ඛමානෝ ඒවං ජානාති: අභාවිතා ඛෝ මේ පඤ්චින්ද්‍රියානී’ති. තේන සාරිපුත්ත, භික්ඛුනා පඤ්චන්නං ඉන්ද්‍රියානං භාවනාය වායමිතබ්බං. සචේ පන සාරිපුත්ත, භික්ඛු පච්චවෙක්ඛමානෝ ඒවං ජානාති: භාවිතා ඛෝ මේ පඤ්චින්ද්‍රියානී’ති. තේන සාරිපුත්ත, භික්ඛුනා තේනේව පීතිපාමොජ්ජේන විහාතබ්බං අහෝරත්තානුසික්ඛිනා කුසලේසු ධම්මේසු.

පින්වත් සාරිපුත්ත, නැවත අනෙකක් කියමි. භික්ෂුව විසින් මේ විදිහටත් නුවණින් විමසිය යුතුයි. ‘මා විසින් පංච ඉන්ද්‍රිය ධර්මයන් වඩලාද තියෙන්නේ?’ කියලා. ඉදින් පින්වත් සාරිපුත්ත, නුවණින් ප්‍රත්‍යවෙක්ෂා කරද්දී භික්ෂුව මෙහෙම දැනගන්නවා නම්, ‘මා විසින් පංච ඉන්ද්‍රිය ධර්මයන් වඩලා නෑ’ කියලා, එතකොට පින්වත් සාරිපුත්ත, ඒ භික්ෂුව විසින් පංච ඉන්ද්‍රිය ධර්මයන් වැඩීම පිණිස වීරිය කළ යුතුයි.’ ඉදින් පින්වත් සාරිපුත්ත, භික්ෂුව නුවණින් ප්‍රත්‍යවෙක්ෂා කරද්දී මෙහෙම දැනගන්නවා නම්, ‘මා විසින් පංච ඉන්ද්‍රිය ධර්මයන් වඩලා තියෙන්නේ කියලා’ එතකොට පින්වත් සාරිපුත්ත, ඒ භික්ෂුව විසින් ඒ ප්‍රීති ප්‍රමුදිත බවෙන් යුක්තව, රෑ දවල් දෙකෙහි කුසල ධර්මයන් තුළ හික්මෙමින් වාසය කළ යුතුයි.

පුන ච පරං සාරිපුත්ත, භික්ඛුනා ඉති පටිසඤ්චික්ඛිතබ්බං: භාවිතා නු ඛෝ මේ පඤ්චබලානීති. සචේ සාරිපුත්ත, භික්ඛු පච්චවෙක්ඛමානෝ ඒවං ජානාති: අභාවිතා ඛෝ මේ පඤ්චබලානී’ති. තේන සාරිපුත්ත, භික්ඛුනා පඤ්චන්නං බලානං භාවනාය වායමිතබ්බං. සචේ පන සාරිපුත්ත, භික්ඛු පච්චවෙක්ඛමානෝ ඒවං ජානාති: භාවිතා ඛෝ මේ පඤ්චබලානීති. තේන සාරිපුත්ත, භික්ඛුනා තේනේව පීතිපාමොජ්ජේන විහාතබ්බං අහෝරත්තානුසික්ඛිනා කුසලේසු ධම්මේසු.

පින්වත් සාරිපුත්ත, නැවත අනෙකක් කියමි. භික්ෂුව විසින් මේ විදිහටත් නුවණින් විමසිය යුතුයි. ‘මා විසින් පංච බල ධර්මයන් වඩලාද තියෙන්නේ?’ කියලා. ඉදින් පින්වත් සාරිපුත්ත, නුවණින් ප්‍රත්‍යවෙක්ෂා කරද්දී භික්ෂුව මෙහෙම දැනගන්නවා නම්, ‘මා විසින් පංච බල ධර්මයන් වඩලා නෑ’ කියලා, එතකොට පින්වත් සාරිපුත්ත, ඒ භික්ෂුව විසින් පංච බල ධර්මයන් වැඩීම පිණිස වීරිය කළ යුතුයි.’ ඉදින් පින්වත් සාරිපුත්ත, භික්ෂුව නුවණින් ප්‍රත්‍යවෙක්ෂා කරද්දී මෙහෙම දැනගන්නවා නම්, ‘මා විසින් පංච බල ධර්මයන් වඩලා තියෙන්නේ කියලා’ එතකොට පින්වත් සාරිපුත්ත, ඒ භික්ෂුව විසින් ඒ ප්‍රීති ප්‍රමුදිත බවෙන් යුක්තව, රෑ දවල් දෙකෙහි කුසල ධර්මයන් තුළ හික්මෙමින් වාසය කළ යුතුයි.

පුන ච පරං සාරිපුත්ත, භික්ඛුනා ඉති පටිසඤ්චික්ඛිතබ්බං: භාවිතා නු ඛෝ මේ සත්තබොජ්ඣංගාති. සචේ සාරිපුත්ත, භික්ඛු පච්චවෙක්ඛමානෝ ඒවං ජානාති: අභාවිතා ඛෝ මේ සත්තබොජ්ඣංගා’ති. තේන සාරිපුත්ත, භික්ඛුනා සත්තන්නං බොජ්ඣංගානං භාවනාය වායමිතබ්බං. සචේ පන සාරිපුත්ත, භික්ඛු පච්චවෙක්ඛමානෝ ඒවං ජානාති: භාවිතා ඛෝ මේ සත්තබොජ්ඣංගා’ති. තේන සාරිපුත්ත, භික්ඛුනා තේනේව පීතිපාමොජ්ජේන විහාතබ්බං, අහෝරත්තානුසික්ඛිනා කුසලේසු ධම්මේසු.

පින්වත් සාරිපුත්ත, නැවත අනෙකක් කියමි. භික්ෂුව විසින් මේ විදිහටත් නුවණින් විමසිය යුතුයි. ‘මා විසින් සප්ත බොජ්ඣංග ධර්මයන් වඩලාද තියෙන්නේ?’ කියලා. ඉදින් පින්වත් සාරිපුත්ත, නුවණින් ප්‍රත්‍යවෙක්ෂා කරද්දී භික්ෂුව මෙහෙම දැනගන්නවා නම්, ‘මා විසින් සප්ත බොජ්ඣංග ධර්මයන් වඩලා නෑ’ කියලා, එතකොට පින්වත් සාරිපුත්ත, ඒ භික්ෂුව විසින් සප්ත බොජ්ඣංග ධර්මයන් වැඩීම පිණිස වීරිය කළ යුතුයි.’ ඉදින් පින්වත් සාරිපුත්ත, භික්ෂුව නුවණින් ප්‍රත්‍යවෙක්ෂා කරද්දී මෙහෙම දැනගන්නවා නම්, ‘මා විසින් සප්ත බොජ්ඣංග ධර්මයන් වඩලා තියෙන්නේ කියලා’ එතකොට පින්වත් සාරිපුත්ත, ඒ භික්ෂුව විසින් ඒ ප්‍රීති ප්‍රමුදිත බවෙන් යුක්තව, රෑ දවල් දෙකෙහි කුසල ධර්මයන් තුළ හික්මෙමින් වාසය කළ යුතුයි.

පුන ච පරං සාරිපුත්ත, භික්ඛුනා ඉති පටිසඤ්චික්ඛිතබ්බං: ‘භාවිතෝ නු ඛෝ මේ අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ’ති. සචේ සාරිපුත්ත, භික්ඛු පච්චවෙක්ඛමානෝ ඒවං ජානාති: ‘අභාවිතෝ ඛෝ මේ අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ’ති. තේන සාරිපුත්ත, භික්ඛුනා අරියස්ස අට්ඨංගිකස්ස මග්ගස්ස භාවනාය වායමිතබ්බං. සචේ පන සාරිපුත්ත, භික්ඛු පච්චවෙක්ඛමානෝ ඒවං ජානාති: ‘භාවිතෝ ඛෝ මේ අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ’ති. තේන සාරිපුත්ත, භික්ඛුනා තේනේව පීතිපාමොජ්ජේන විහාතබ්බං අහෝරත්තානුසික්ඛිනා කුසලේසු ධම්මේසු.

පින්වත් සාරිපුත්ත, නැවත අනෙකක් කියමි. භික්ෂුව විසින් මේ විදිහටත් නුවණින් විමසිය යුතුයි. ‘මා විසින් ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩලා ද තියෙන්නේ?’ කියලා. ඉදින් පින්වත් සාරිපුත්ත, නුවණින් ප්‍රත්‍යවෙක්ෂා කරද්දී භික්ෂුව මෙහෙම දැනගන්නවා නම්, ‘මා විසින් ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩලා නෑ’ කියලා, එතකොට පින්වත් සාරිපුත්ත, ඒ භික්ෂුව විසින් ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩීම පිණිස වීරිය කළ යුතුයි.’ ඉදින් පින්වත් සාරිපුත්ත, භික්ෂුව නුවණින් ප්‍රත්‍යවෙක්ෂා කරද්දී මෙහෙම දැනගන්නවා නම්, ‘මා විසින් ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩලා තියෙන්නේ කියලා’ එතකොට පින්වත් සාරිපුත්ත, ඒ භික්ෂුව විසින් ඒ ප්‍රීති ප්‍රමුදිත බවෙන් යුක්තව, රෑ දවල් දෙකෙහි කුසල ධර්මයන් තුළ හික්මෙමින් වාසය කළ යුතුයි.

පුන ච පරං සාරිපුත්ත, භික්ඛුනා ඉති පටිසඤ්චික්ඛිතබ්බං: ‘භාවිතා නු ඛෝ මේ සමථෝ ච විපස්සනා චා’ති. සචේ සාරිපුත්ත, භික්ඛු පච්චවෙක්ඛමානෝ ඒවං ජානාති: ‘අභාවිතා ඛෝ මේ සමථෝ ච විපස්සනා චා’ති. තේන සාරිපුත්ත, භික්ඛුනා සමථවිපස්සනානං භාවනාය වායමිතබ්බං. සචේ පන සාරිපුත්ත, භික්ඛු පච්චවෙක්ඛමානෝ ඒවං ජානාති: ‘භාවිතා ඛෝ මේ සමථෝ ච විපස්සනා චා’ති. තේන සාරිපුත්ත, භික්ඛුනා තේනේව පීතිපාමොජ්ජේන විහාතබ්බං අහෝරත්තානුසික්ඛිනා කුසලේසු ධම්මේසු.

පින්වත් සාරිපුත්ත, නැවත අනෙකක් කියමි. භික්ෂුව විසින් මේ විදිහටත් නුවණින් විමසිය යුතුයි. ‘මා විසින් සමථ විදර්ශනා ධර්මයන් වඩලද තියෙන්නේ?’ කියලා. ඉදින් පින්වත් සාරිපුත්ත, නුවණින් ප්‍රත්‍යවෙක්ෂා කරද්දී භික්ෂුව මෙහෙම දැනගන්නවා නම්, ‘මා විසින් සමථ විදර්ශනා ධර්මයන් වඩලා නෑ’ කියලා, එතකොට පින්වත් සාරිපුත්ත, ඒ භික්ෂුව විසින් සමථ විදර්ශනා ධර්මයන් වැඩීම පිණිස වීරිය කළ යුතුයි.’ ඉදින් පින්වත් සාරිපුත්ත, භික්ෂුව නුවණින් ප්‍රත්‍යවෙක්ෂා කරද්දී මෙහෙම දැනගන්නවා නම්, ‘මා විසින් සමථ විදර්ශනා ධර්මයන් වඩලා තියෙන්නේ කියලා’ එතකොට පින්වත් සාරිපුත්ත, ඒ භික්ෂුව විසින් ඒ ප්‍රීති ප්‍රමුදිත බවෙන් යුක්තව, රෑ දවල් දෙකෙහි කුසල ධර්මයන් තුළ හික්මෙමින් වාසය කළ යුතුයි.

පුන ච පරං සාරිපුත්ත, භික්ඛුනා ඉති පටිසඤ්චික්ඛිතබ්බං: ‘සච්ඡිකතා නු ඛෝ මේ විජ්ජා ච විමුත්ති චා’ති. සචේ සාරිපුත්ත, භික්ඛු පච්චවෙක්ඛමානෝ ඒවං ජානාති: ‘අසච්ඡිකතා ඛෝ මේ විජ්ජා ච විමුත්ති චා’ති. තේන සාරිපුත්ත, භික්ඛුනා විජ්ජාය ච විමුත්තියා ච සච්ඡිකිරියාය වායමිතබ්බං. සචේ පන සාරිපුත්ත, භික්ඛු පච්චවෙක්ඛමානෝ ඒවං ජානාති: ‘සච්ඡිකතා ඛෝ මේ විජ්ජා ච විමුත්ති චා’ති. තේන සාරිපුත්ත, භික්ඛුනා තේනේව පීතිපාමොජ්ජේන විහාතබ්බං අහෝරත්තානුසික්ඛිනා කුසලේසු ධම්මේසු.

පින්වත් සාරිපුත්ත, නැවත අනෙකක් කියමි. භික්ෂුව විසින් මේ විදිහටත් නුවණින් විමසිය යුතුයි. ‘මා විසින් විද්‍යාවත් විමුක්තියත් සාක්ෂාත් කරලාද තියෙන්නේ?’ කියලා. ඉදින් පින්වත් සාරිපුත්ත, නුවණින් ප්‍රත්‍යවෙක්ෂා කරද්දී භික්ෂුව මෙහෙම දැනගන්නවා නම්, ‘මා විසින් විද්‍යාවත් විමුක්තියත් සාක්ෂාත් කරලා නෑ’ කියලා, එතකොට පින්වත් සාරිපුත්ත, ඒ භික්ෂුව විසින් විද්‍යාවත් විමුක්තියත් සාක්ෂාත් කිරීම පිණිස වීරිය කළ යුතුයි.’ ඉදින් පින්වත් සාරිපුත්ත, භික්ෂුව නුවණින් ප්‍රත්‍යවෙක්ෂා කරද්දී මෙහෙම දැනගන්නවා නම්, ‘මා විද්‍යාවත් විමුක්තියත් සාක්ෂාත් කරලා තියෙන්නේ කියලා’ එතකොට පින්වත් සාරිපුත්ත, ඒ භික්ෂුව විසින් ඒ ප්‍රීති ප්‍රමුදිත බවෙන් යුක්තව, රෑ දවල් දෙකෙහි කුසල ධර්මයන් තුළ හික්මෙමින් වාසය කළ යුතුයි.

යේ හි කේචි සාරිපුත්ත, අතීතමද්ධානං සමණා වා බ්‍රාහ්මණා වා පිණ්ඩපාතං පරිසෝධේසුං, සබ්බේ තේ ඒවමේව පච්චවෙක්ඛිත්වා පච්චවෙක්ඛිත්වා පිණ්ඩපාතං පරිසෝධේසුං. යේපි හි කේචි සාරිපුත්ත, අනාගතමද්ධානං සමණා වා බ්‍රාහ්මණා වා පිණ්ඩපාතං පරිසෝධෙස්සන්ති, සබ්බේ තේ ඒවමේව පච්චවෙක්ඛිත්වා පච්චවෙක්ඛිත්වා පිණ්ඩපාතං පරිසෝධෙස්සන්ති. යේපි හි කේචි සාරිපුත්ත, ඒතරහි සමණා වා බ්‍රාහ්මණා වා පිණ්ඩපාතං පරිසෝධෙන්ති, සබ්බේ තේ ඒවමේව පච්චවෙක්ඛිත්වා පච්චවෙක්ඛිත්වා පිණ්ඩපාතං පරිසෝධෙන්ති. තෙන හි වෝ සාරිපුත්ත, ඒවං සික්ඛිතබ්බං: ‘පච්චවෙක්ඛිත්වා පච්චවෙක්ඛිත්වා පිණ්ඩපාතං පරිසෝධෙස්සාමා’ති. ඒවං හි වෝ සාරිපුත්ත, සික්ඛිතබ්බන්ති.

පින්වත් සාරිපුත්ත, අතීතයෙහි සිටි යම්කිසි ශ්‍රමණයන් වේවා, බ්‍රාහ්මණයන් වේවා පිණ්ඩපාතය පිරිසිදු බවට පත්කළා නම් ඒ සියල්ලෝම ඔය අයුරින් නුවණින් ප්‍රත්‍යවෙක්ෂා කර කර තමයි පිණ්ඩපාතය පිරිසිදු බවට පත් කළේ. පින්වත් සාරිපුත්ත, අනාගතයෙහි පහළ වන යම්කිසි ශ්‍රමණයන් වේවා, බ්‍රාහ්මණයන් වේවා පිණ්ඩපාතය පිරිසිදු බවට පත්කරනවා නම් ඒ සියල්ලෝම ඔය අයුරින් නුවණින් ප්‍රත්‍යවෙක්ෂා කර කර තමයි පිණ්ඩපාතය පිරිසිදු බවට පත් කරන්නේ. පින්වත් සාරිපුත්ත, වර්තමානයෙහි සිටින යම්කිසි ශ්‍රමණයන් වේවා, බ්‍රාහ්මණයන් වේවා පිණ්ඩපාතය පිරිසිදු බවට පත්කරනවා නම් ඒ සියල්ලෝම ඔය අයුරින් නුවණින් ප්‍රත්‍යවෙක්ෂා කර කර තමයි පිණ්ඩපාතය පිරිසිදු බවට පත් කරන්නේ.

එහෙයින් පින්වත් සාරිපුත්ත, ඔබ විසින් හික්මිය යුත්තේ මේ විදිහටයි. ‘නුවණින් ප්‍රත්‍යවෙක්ෂා කර කර අපිත් පිණ්ඩපාතය පිරිසිදු කරන්නට ඕන’ කියලා. පින්වත් සාරිපුත්ත, ඔබ හික්මිය යුත්තේ ඔය ආකාරයටයි.

ඉදමවෝච භගවා. අත්තමනෝ ආයස්මා සාරිපුත්තෝ භගවතෝ භාසිතං අභිනන්දීති.

භාග්‍යවතුන් වහන්සේ මේ උතුම් දේශනය වදාළා. ඒ දේශනය ගැන ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ ගොඩක් සතුටු වුනා. භාග්‍යවතුන් වහන්සේ වදාළ මේ දේශනය සතුටින් පිළිගත්තා.

සාදු! සාදු!! සාදු!!!

පිණ්ඩපාතපාරිසුද්ධි සුත්තං නවමං.

පිණ්ඩපාතය පිරිසිදු බවට පත් කිරීම ගැන වදාළ දෙසුම නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/mn3_3-5-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M