මජ්ඣිම නිකාය

උපරි පණ්ණාසකෝ

3.5.8. නගරවින්දෙය්‍ය සුත්තං

3.5.8. නගරවින්ද ගමේදී වදාළ දෙසුම

ඒවං මේ සුතං: ඒකං සමයං භගවා කෝසලේසු චාරිකං චරමානෝ මහතා භික්ඛුසංඝේන සද්ධිං යේන නගරවින්දං නාම කෝසලානං බ්‍රාහ්මණානං ගාමෝ, තදවසරි. අස්සෝසුං ඛෝ නගරවින්දෙය්‍යකා බ්‍රාහ්මණගහපතිකා: “සමණෝ ඛලු‍ භෝ ගෝතමෝ සක්‍යපුත්තෝ සක්‍යකුලා පබ්බජිතෝ කෝසලේසු චාරිකං චරමානෝ මහතා භික්ඛුසංඝේන සද්ධිං නගරවින්දං අනුප්පත්තෝ. තං ඛෝ පන භවන්තං ගෝතමං ඒවං කල්‍යාණෝ කිත්තිසද්දෝ අබ්භුග්ගතෝ: ‘ඉතිපි සෝ භගවා අරහං සම්මාසම්බුද්ධෝ විජ්ජාචරණසම්පන්නෝ සුගතෝ ලෝකවිදූ අනුත්තරෝ පුරිසදම්මසාරථි සත්ථා දේවමනුස්සානං බුද්ධෝ භගවා’ති. සෝ ඉමං ලෝකං සදේවකං සමාරකං සබ්‍රහ්මකං සස්සමණබ්‍රාහ්මණිං පජං සදේවමනුස්සං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවේදේති. සෝ ධම්මං දේසේති ආදිකල්‍යාණං මජ්ඣේකල්‍යාණං පරියෝසානකල්‍යාණං සාත්ථං සබ්‍යඤ්ජනං කේවලපරිපුණ්ණං පරිසුද්ධං බ්‍රහ්මචරියං පකාසේති. සාධු ඛෝ පන තථාරූපානං අරහතං දස්සනං හෝතී”ති.

මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. එසමයෙහි භාග්‍යවතුන් වහන්සේ මහත් භික්ෂුසංඝයා සමඟ කෝසල ජනපදයෙහි චාරිකාවෙහි වඩිද්දී කොසොල් රට නගරවින්ද නම් බ්‍රාහ්මණ ගමට වැඩම කොට එහි වැඩසිටියා. එතකොට නගරවින්ද ගමෙහි බ්‍රාහ්මණ ගෘහපතිවරුන්ට මෙය අසන්නට ලැබුනා.

“ශාක්‍ය කුලයෙන් නික්ම පැවිදි වූ, ශාක්‍ය පුත්‍ර වූ, ගෞතම නම් වූ ශ්‍රමණයන් වහන්සේ නමක් කෝසල ජනපදයෙහි චාරිකාවේ වඩින අතරේ නගරවින්ද ගමට මහත් භික්ෂු පිරිසක් සමඟ වැඩම කොට ඉන්නවා. ඒ භවත් ගෞතමයන් වහන්සේ පිළිබඳව මේ ආකාර වූ ඉතා සුන්දර කීර්ති ඝෝෂාවක් දසත පැන නැගී තිබෙනවා” ඒ කියන්නේ;

‘ඒ භාග්‍යවතුන් වහන්සේ මේ මේ කරුණු හේතුවෙන් අරහං වන සේක. සම්මාසම්බුද්ධ වන සේක. විජ්ජාචරණ සම්පන්න වන සේක. සුගත වන සේක. ලෝකවිදූ වන සේක. අනුත්තරෝ පුරිසදම්ම සාරථී වන සේක. සත්ථා දේවමනුස්සානං වන සේක. බුද්ධ වන සේක. භගවා වන සේක’ කියලා.

ඒ වගේම උන්වහන්සේ මේ දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත, ශ්‍රමණ බ්‍රාහ්මණයින් සහිත, දෙව් මිනිස් ප්‍රජාවෙන් යුතු ලෝකයා හට ස්වකීය වූ විශිෂ්ට ඤාණයෙන් සාක්ෂාත් කරගත් ධර්මයක් දේශනා කරනවා. උන්වහන්සේ ධර්මය දේශනා කරනවා. මුල කල්‍යාණ වූ, මැද කල්‍යාණ වූ, සමාප්තිය කල්‍යාණ වූ, අර්ථ සහිත වූ, පැහැදිලි ප්‍රකාශන මාධ්‍යයකින් හෙබියා වූ මුළුමනින්ම පිරිපුන්, පිරිසිදු නිවන් මඟ ප්‍රකාශ කරනවා. මෙබඳු වූ රහතුන්ගේ දැක්ම කොතරම් අගේද” කියා ඒ බ්‍රාහ්මණවරුන් අතර කතාබහ ඇතිවුනා.

අථ ඛෝ නගරවින්දෙය්‍යකා බ්‍රාහ්මණගහපතිකා යේන භගවා, තේනුපසංකමිංසු. උපසංකමිත්වා අප්පේකච්චේ භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදිංසු, අප්පේකච්චේ භගවතා සද්ධිං සම්මෝදිංසු. සම්මෝදනීයං කථං සාරණීයං වීතිසාරෙත්වා ඒකමන්තං නිසීදිංසු. අප්පේකච්චේ යේන භගවා, තේනඤ්ජලිං පණාමෙත්වා ඒකමන්තං නිසීදිංසු. අප්පේකච්චේ භගවතෝ සන්තිකේ නාමගොත්තං සාවෙත්වා ඒකමන්තං නිසීදිංසු. අප්පේකච්චේ තුණ්හීභූතා ඒකමන්තං නිසීදිංසු. ඒකමන්තං නිසින්නේ ඛෝ නගරවින්දෙය්‍යකේ බ්‍රාහ්මණගහපතිකේ භගවා ඒතදවෝච:

ඉතින් නගරවින්ද ගමේ බ්‍රාහ්මණ ගෘහපතිවරුන් භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියා. එසේ පැමිණි ඇතැම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කොට එකත්පස්ව වාඩිවුනා. ඇතැමෙක් භාග්‍යවතුන් වහන්සේ සමඟ සතුටු වුනා. සතුටු විය යුතු පිළිසඳර කතා බහේ යෙදී එකත්පස්ව වාඩිවුනා. ඇතැමෙක් භාග්‍යවතුන් වහන්සේ දෙසට ඇඳිලි බැඳ වන්දනා කොට එකත්පස්ව වාඩිවුනා. ඇතැම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ තම නම් ගොත් හෙළිකොට එකත්පස්ව වාඩිවුනා. ඇතැම් කෙනෙක් නිහඬවම එකත්පස්ව වාඩිවුනා. එකත්පස්ව හුන් නගරවින්දවාසී බමුණු ගෘහපතිවරුන්ට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළා.

සචේ වෝ ගහපතයෝ, අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා ඒවං පුච්ඡෙය්‍යුං: ‘කථංරෑපා ගහපතයෝ, සමණබ්‍රාහ්මණා න සක්කාතබ්බා න ගරුකාතබ්බා න මානේතබ්බා න පූජේතබ්බා’ති. ඒවං පුට්ඨා තුම්හේ ගහපතයෝ, තේසං අඤ්ඤතිත්ථියානං පරිබ්බාජකානං ඒවං බ්‍යාකරෙය්‍යාථ: ‘යේ තේ සමණබ්‍රාහ්මණා චක්ඛුවිඤ්ඤෙය්‍යසේ රූපේසු අවීතරාගා අවීතදෝසා අවීතමෝහා, අජ්ඣත්තං අවූපසන්තචිත්තා සමවිසමං චරන්ති කායේන වාචාය මනසා, ඒවරූපා සමණබ්‍රාහ්මණා න සක්කාතබ්බා, න ගරුකාතබ්බා, න මානේතබ්බා, න පූජේතබ්බා. තං කිස්ස හේතු: මයම්පි හි චක්ඛුවිඤ්ඤෙය්‍යේසු රූපේසු අවීතරාගා අවීතදෝසා අවීතමෝහා, අජ්ඣත්තං අවූපසන්තචිත්තා, සමවිසමං චරාම කායේන වාචාය මනසා, තේසං නෝ සමචරියම්පි හේතං උත්තරි අපස්සතං. තස්මා තේ භොන්තෝ සමණබ්‍රාහ්මණා න සක්කාතබ්බා න ගරුකාතබ්බා න මානේතබ්බා න පූජේතබ්බා. යේ තේ සමණබ්‍රාහ්මණා සෝතවිඤ්ඤෙය්‍යේසු සද්දේසු …පෙ… ඝානවිඤ්ඤෙය්‍යේසු ගන්ධේසු …පෙ… ජිව්හාවිඤ්ඤෙය්‍යේසු රසේසු …පෙ… කායවිඤ්ඤෙය්‍යේසු ඵොට්ඨබ්බේසු…පෙ… මනෝවිඤ්ඤෙය්‍යේසු ධම්මේසු අවීතරාගා අවීතදෝසා අවීතමෝහා, අජ්ඣත්තං අවූපසන්තචිත්තා, සමවිසමං චරන්ති කායේන වාචාය මනසා. ඒවරූපා සමණබ්‍රාහ්මණා න සක්කාතබ්බා න ගරුකාතබ්බා න මානේතබ්බා න පූජේතබ්බා. තං කිස්ස හේතු: මයම්පි හි මනෝවිඤ්ඤෙය්‍යසේු ධම්මේසු අවීතරාගා අවීතදෝසා අවීතමෝහා අජ්ඣත්තං අවූපසන්තචිත්තා, සමවිසමං චරාම කායේන වාචාය මනසා, තේසං නෝ සමචරියම්පි හේතං උත්තරි අපස්සතං. තස්මා තේ භොන්තෝ සමණබ්‍රාහ්මණා න සක්කාතබ්බා න ගරුකාතබ්බා න මානේතබ්බා න පූජේතබ්බා’ති. ඒවං පුට්ඨා තුම්හේ ගහපතයෝ, තේසං අඤ්ඤතිත්ථියානං පරිබ්බාජකානං ඒවං ව්‍යාකරෙය්‍යාථ.

“පින්වත් ගෘහපතිවරුනි, ඉදින් අන්‍යාගමික තාපසවරුන් ඔබෙන් මෙහෙම ඇසුවොත්, ‘එම්බා ගෘහපතිවරුනි, කෙබඳු ගතිගුණ ඇති ශ්‍රමණ බ්‍රාහ්මණයින්ටද සත්කාර නොකළ යුත්තේ? ගෞරව නොකළ යුත්තේ? බුහුමන් නොකළ යුත්තේ? නොපිදිය යුත්තේ?’ කියලා. පින්වත් ගෘහපතිවරුනි, ඔය විදිහට අසන ප්‍රශ්නය උදෙසා ඒ අන්‍යාගමික තාපසවරුන්ට පිළිතුරු දිය යුත්තේ මෙහෙමයි.

යම් ශ්‍රමණ බ්‍රාහ්මණවරුන් ඇසෙන් දකින රූප කෙරෙහි රාගය දුරු කොට නැත්නම්, ද්වේෂය දුරුකොට නැත්නම්, මෝහය දුරුකොට නැත්නම්, තමා තුළ නොසන්සිඳුනු සිතින් යුතුව, කයෙන්, වචනයෙන්, මනසින් හොඳ නරක දෙකේම හැසිරෙනවා නම්, එබඳු ගතිගුණ ඇති ශ්‍රමණ බ්‍රාහ්මණවරුන්ටයි සත්කාර නොකළ යුත්තේ. ගෞරව නොකළ යුත්තේ. බුහුමන් නොකළ යුත්තේ. නොපිදිය යුත්තේ. මක් නිසාද යත්; අපි ත් ඇසෙන් දකින රූප කෙරෙහි රාගය දුරු කොට නැහැ, ද්වේෂය දුරුකොට නැහැ, මෝහය දුරුකොට නැහැ, තමා තුළ නොසන්සිඳුනු සිතින් යුතුව, කයෙන්, වචනයෙන්, මනසින් හොඳ නරක දෙකේම හැසිරෙනවා. ඉතින් අපට වඩා විශේෂ හැසිරීමක් ඔවුන් තුළ දකින්නට නැති නිසා අපගේ හැසිරීමත් එක්ක එය සමානයි. ඒ නිසයි ඒ භවත් ශ්‍රමණ බමුණන්ට සත්කාර නොකළ යුත්තේ. ගෞරව නොකළ යුත්තේ. බුහුමන් නොකළ යුත්තේ. නොපිදිය යුත්තේ.

යම් ශ්‍රමණ බ්‍රාහ්මණවරුන් කනෙන් අසන ශබ්ද කෙරෙහි ….(පෙ)…. නාසයට දැනෙන ගඳ සුවඳ කෙරෙහි ….(පෙ)…. දිවට දැනෙන රසය කෙරෙහි ….(පෙ)…. කයට දැනෙන පහස කෙරෙහි ….(පෙ)…. මනසට සිතෙන අරමුණු කෙරෙහි රාගය දුරු කොට නැත්නම්, ද්වේෂය දුරුකොට නැත්නම්, මෝහය දුරුකොට නැත්නම්, තමා තුළ නොසන්සිඳුනු සිතින් යුතුව, කයෙන්, වචනයෙන්, මනසින් හොඳ නරක දෙකේම හැසිරෙනවා නම්, එබඳු ගතිගුණ ඇති ශ්‍රමණ බ්‍රාහ්මණවරුන්ටයි සත්කාර නොකළ යුත්තේ. ගෞරව නොකළ යුත්තේ. බුහුමන් නොකළ යුත්තේ. නොපිදිය යුත්තේ. මක් නිසාද යත්; අපිත් මනසට සිතෙන අරමුණු කෙරෙහි රාගය දුරු කොට නැහැ, ද්වේෂය දුරුකොට නැහැ, මෝහය දුරුකොට නැහැ, තමා තුළ නොසන්සිඳුනු සිතින් යුතුව, කයෙන්, වචනයෙන්, මනසින් හොඳ නරක දෙකේම හැසිරෙනවා. ඉතින් අපට වඩා විශේෂ හැසිරීමක් ඔවුන් තුළ දකින්නට නැති නිසා අපගේ හැසිරීමත් එක්ක එය සමානයි. ඒ නිසයි ඒ භවත් ශ්‍රමණ බමුණන්ට සත්කාර නොකළ යුත්තේ. ගෞරව නොකළ යුත්තේ. බුහුමන් නොකළ යුත්තේ. නොපිදිය යුත්තේ. පින්වත් ගෘහපතිවරුනි, එසේ අසන ලද ප්‍රශ්නයට ඒ අන්‍යාගමික තාපසයන් හට පිළිතුරු දිය යුත්තේ ඔය විදිහටයි.

“සචේ පන වෝ ගහපතයෝ, අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා ඒවං පුච්ඡෙය්‍යුං: කථංරෑපා ගහපතයෝ, සමණබ්‍රාහ්මණා සක්කාතබ්බා ගරුකාතබ්බා මානේතබ්බා පූජේතබ්බා’ති. ඒවං පුට්ඨා තුම්හේ ගහපතයෝ, තේසං අඤ්ඤතිත්ථියානං පරිබ්බාජකානං ඒවං ව්‍යාකරෙය්‍යාථ: යේ තේ සමණබ්‍රාහ්මණා චක්ඛුවිඤ්ඤෙය්‍යේසු රූපේසු වීතරාගා වීතදෝසා වීතමෝහා, අජ්ඣත්තං වූපසන්තචිත්තා, සමචරියං චරන්ති කායේන වාචාය මනසා, ඒවරූපා සමණබ්‍රාහ්මණා සක්කාතබ්බා ගරුකාතබ්බා මානේතබ්බා පූජේතබ්බා. තං කිස්ස හේතු: මයම්පි හි චක්ඛුවිඤ්ඤෙය්‍යේසු රූපේසු අවීතරාගා අවීතදෝසා අවීතමෝහා, අජ්ඣත්තං අවූපසන්තචිත්තා, සමවිසමං චරාම කායේන වාචාය මනසා, තේසං නෝ සමචරියම්පි හේතං උත්තරි පස්සතං. තස්මා තේ භොන්තෝ සමණබ්‍රාහ්මණා සක්කාතබ්බා ගරුකාතබ්බා මානේතබ්බා පූජේතබ්බා. යේ තේ සමණබ්‍රාහ්මණා සෝතවිඤ්ඤෙය්‍යේසු සද්දේසු …පෙ… ඝානවිඤ්ඤෙය්‍යේසු ගන්ධේසු …පෙ… ජිව්හාවිඤ්ඤෙය්‍යේසු රසේසු …පෙ… කායවිඤ්ඤෙය්‍යේසු ඵොට්ඨබ්බේසු …පෙ… මනෝවිඤ්ඤෙය්‍යේසු ධම්මේසු වීතරාගා වීතදෝසා වීතමෝහා, අජ්ඣත්තං වූපසන්තචිත්තා, සමචරියං චරන්ති කායේන වාචාය මනසා, ඒවරූපා සමණබ්‍රාහ්මණා සක්කාතබ්බා ගරුකාතබ්බා මානේතබ්බා පූජේතබ්බා. තං කිස්ස හේතු: මයම්පි හි මනෝවිඤ්ඤෙය්‍යේසු ධම්මේසු අවීතරාගා අවීතදෝසා අවීතමෝහා අජ්ඣත්තං අවූපසන්තචිත්තා, සමවිසමං චරාම කායේන වාචාය මනසා, තේසං නෝ සමචරියම්පි හේතං උත්තරි පස්සතං. තස්මා තේ භොන්තෝ සමණබ්‍රාහ්මණා සක්කාතබ්බා ගරුකාතබ්බා මානේතබ්බා පූජේතබ්බා’ති. ඒවං පුට්ඨා තුම්හේ ගහපතයෝ, තේසං අඤ්ඤතිත්ථියානං පරිබ්බාජකානං ඒවං ව්‍යාකරෙය්‍යාථ.

පින්වත් ගෘහපතිවරුනි, ඉදින් අන්‍යාගමික තාපසවරුන් ඔබෙන් මෙහෙම ඇසුවොත්, ‘එම්බා ගෘහපතිවරුනි, කෙබඳු ගතිගුණ ඇති ශ්‍රමණ බ්‍රාහ්මණයින්ටද සත්කාර කළ යුත්තේ? ගෞරව කළ යුත්තේ? බුහුමන් කළ යුත්තේ? පිදිය යුත්තේ?’ කියලා. පින්වත් ගෘහපතිවරුනි, ඔය විදිහට අසන ප්‍රශ්නය උදෙසා ඒ අන්‍යාගමික තාපසවරුන්ට පිළිතුරු දිය යුත්තේ මෙහෙමයි.

යම් ශ්‍රමණ බ්‍රාහ්මණවරුන් ඇසෙන් දකින රූප කෙරෙහි රාගය දුරු කොට ඇත්නම්, ද්වේෂය දුරු කොට ඇත්නම්, මෝහය දුරු කොට ඇත්නම්, තමා තුළ සන්සිඳුනු සිතින් යුතුව, කයෙන්, වචනයෙන්, මනසින් යහපතෙහි හැසිරෙනවා නම්, එබඳු ගතිගුණ ඇති ශ්‍රමණ බ්‍රාහ්මණවරුන්ටයි සත්කාර කළ යුත්තේ. ගෞරව කළ යුත්තේ. බුහුමන් කළ යුත්තේ. පිදිය යුත්තේ. මක් නිසාද යත්; අපි ඇසෙන් දකින රූප කෙරෙහි රාගය දුරු කොට නැහැ, ද්වේෂය දුරුකොට නැහැ, මෝහය දුරුකොට නැහැ, තමා තුළ නොසන්සිඳුනු සිතින් යුතුව, කයෙන්, වචනයෙන්, මනසින් හොඳ නරක දෙකේම හැසිරෙනවා. ඉතින් අපට වඩා විශේෂ හැසිරීමක් ඔවුන් තුළ දකින්නට තිබෙන නිසා අපගේ හැසිරීමත් එක්ක බලද්දී එය ශ්‍රේෂ්ඨයි. ඒ නිසයි ඒ භවත් ශ්‍රමණ බමුණන්ට සත්කාර කළ යුත්තේ. ගෞරව කළ යුත්තේ. බුහුමන් කළ යුත්තේ. පිදිය යුත්තේ.

යම් ශ්‍රමණ බ්‍රාහ්මණවරුන් කනෙන් අසන ශබ්ද කෙරෙහි ….(පෙ)…. නාසයට දැනෙන ගඳ සුවඳ කෙරෙහි ….(පෙ)…. දිවට දැනෙන රසය කෙරෙහි ….(පෙ)…. කයට දැනෙන පහස කෙරෙහි ….(පෙ)…. මනසට සිතෙන අරමුණු කෙරෙහි රාගය දුරු කොට ඇත්නම්, ද්වේෂය දුරු කොට ඇත්නම්, මෝහය දුරු කොට ඇත්නම්, තමා තුළ සන්සිඳුනු සිතින් යුතුව, කයෙන්, වචනයෙන්, මනසින් යහපතෙහි හැසිරෙනවා නම්, එබඳු ගතිගුණ ඇති ශ්‍රමණ බ්‍රාහ්මණවරුන්ටයි සත්කාර කළ යුත්තේ. ගෞරව කළ යුත්තේ. බුහුමන් කළ යුත්තේ. පිදිය යුත්තේ. මක් නිසාද යත්; අපි මනසට සිතෙන අරමුණු කෙරෙහි රාගය දුරු කොට නැහැ, ද්වේෂය දුරුකොට නැහැ, මෝහය දුරුකොට නැහැ, තමා තුළ නොසන්සිඳුනු සිතින් යුතුව, කයෙන්, වචනයෙන්, මනසින් හොඳ නරක දෙකේම හැසිරෙනවා. ඉතින් අපට වඩා විශේෂ හැසිරීමක් ඔවුන් තුළ දකින්නට තිබෙන නිසා අපගේ හැසිරීමත් එක්ක බලද්දී එය ශ්‍රේෂ්ඨයි. ඒ නිසයි ඒ භවත් ශ්‍රමණ බමුණන්ට සත්කාර කළ යුත්තේ. ගෞරව කළ යුත්තේ. බුහුමන් කළ යුත්තේ. පිදිය යුත්තේ. පින්වත් ගෘහපතිවරුනි, එසේ අසන ලද ප්‍රශ්නයට ඒ අන්‍යාගමික තාපසයන් හට පිළිතුරු දිය යුත්තේ ඔය විදිහටයි.

“සචේ පන වෝ ගහපතයෝ, අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා ඒවං පුච්ඡෙය්‍යුං: ‘කේ පනායස්මන්තානං ආකාරා, කේ අන්වයා, යේන තුම්හේ ආයස්මන්තෝ ඒවං වදේථ: අද්ධා තේ ආයස්මන්තෝ වීතරාගා වා රාගවිනයාය වා පටිපන්නා, වීතදෝසා වා දෝසවිනයාය වා පටිපන්නා, වීතමෝහා වා මෝහවිනයාය වා පටිපන්නා’ති. ඒවං පුට්ඨා තුම්හේ ගහපතයෝ, තේසං අඤ්ඤතිත්ථියානං පරිබ්බාජකානං ඒවං ව්‍යාකරෙය්‍යාථ: තථා හි තේ ආයස්මන්තෝ අරඤ්ඤවනපත්ථානි පන්තානි සේනාසනානි පටිසේවන්ති. නත්ථි ඛෝ පන තත්ථ තථාරූපා චක්ඛුවිඤ්ඤෙය්‍යා රූපා, යේ දිස්වා දිස්වා අභිරමෙය්‍යුං. නත්ථි ඛෝ පන තත්ථ තථාරූපා සෝතවිඤ්ඤෙය්‍යා සද්දා යේ සුත්වා සුත්වා අභිරමෙය්‍යුං. නත්ථි ඛෝ පන තත්ථ තථාරූපා ඝානවිඤ්ඤෙය්‍යා ගන්ධා යේ ඝායිත්වා ඝායිත්වා අභිරමෙය්‍යුං. නත්ථි ඛෝ පන තත්ථ තථාරූපා ජිව්හාවිඤ්ඤෙය්‍යා රසා යේ සායිත්වා සායිත්වා අභිරමෙය්‍යුං. නත්ථි ඛෝ පන තත්ථ තථාරූපා කායවිඤ්ඤෙය්‍යා ඵොට්ඨබ්බා යේ ඵුසිත්වා ඵුසිත්වා අභිරමෙය්‍යුං. ඉමේ ඛෝ නෝ ආවුසෝ, ආකාරා ඉමේ අන්වයා, යේන මයං ආයස්මන්තෝ ඒවං වදේම. අද්ධා තේ ආයස්මන්තෝ වීතරාගා වා රාගවිනයාය වා පටිපන්නා, වීතදෝසා වා දෝසවිනයාය වා පටිපන්නා, වීතමෝහා වා මෝහවිනයාය වා පටිපන්නා’ති. ඒවං පුට්ඨා තුම්හේ ගහපතයෝ, තේසං අඤ්ඤතිත්ථියානං පරිබ්බාජකානං ඒවං ව්‍යාකරෙය්‍යාථා”ති.

ඉදින් පින්වත් ගෘහපතිවරුනි, අන්‍යාගමික තාපසවරුන් ඔබෙන් මේ විදිහටත් අසන්නට පුළුවනි. හොඳයි ආයුෂ්මතුනි, යම් හෙයකින් ඔබ ඒ ආයුෂ්මතුන් වහන්සේලා ගැන මෙහෙම කියනවා නෙව. ‘ඒකාන්තයෙන්ම ඒ ආයුෂ්මතුන් වහන්සේලා වීතරාගීවයි ඉන්නේ. එහෙම නැත්නම් රාගය දුරුකිරීම පිණිස පිළිපන්නාය කියලා. වීතදෝෂීවයි ඉන්නේ. එහෙම නැත්නම් ද්වේෂය දුරුකිරීම පිණිස පිළිපන්නාය කියලා. වීතමෝහීව යි ඉන්නේ. එහෙම නැත්නම් මෝහය දුරුකිරීම පිණිස පිළිපන්නාය කියලා’ කියනවා නෙව. ඉතින් ඒ ආයුෂ්මතුන්ලාගේ ස්වභාවය මොකක්ද? වැඩපිළිවෙල මොකක්ද?

පින්වත් ගෘහපතිවරුනි, ඔය විදිහට ඇසුවොත් ඒ අන්‍යාගමික තාපසවරුන්ට පිළිතුරු දියයුත්තේ මෙහෙමයි. ‘ඒක ඇත්ත. ඒ ආයුෂ්මතුන් වහන්සේලා අරණ්‍යවල, ඈත වනසෙනසුන්වල, හුදෙකලා සේනාසනවල තමයි වාසය කරන්නේ. යම්බඳු රූපයක් දැක දැක සිත ඇලී වාසය කරනවා නම්, ඇසින් දැක්ක යුතු එබඳු රූප ඒ වනයේ නැහැ. යම් බඳු ශබ්දයක් අස අසා සිත ඇලී වාසය කරනවා නම්, කනෙන් ඇසිය යුතු එබඳු ශබ්ද ඒ වනයේ නැහැ. යම් බඳු ගඳ සුවඳක් දැන දැන සිත ඇලී වාසය කරනවා නම්, නාසයෙන් දත යුතු එබඳු ගඳසුවඳ ඒ වනයේ නැහැ. යම් බඳු රසයක් විඳ විඳ සිත ඇලී වාසය කරනවා නම්, දිවෙන් වින්ඳ යුතු එබඳු රස ඒ වනයේ නැහැ. යම් බඳු පහසක් දැන දැන සිත ඇලී වාසය කරනවා නම්, කයෙන් දත යුතු එබඳු පහස ඒ වනයේ නැහැ. ආයුෂ්මතුනි, අපි යම් හෙයකින් මේ විදිහට කියනවා නම්, ‘ඒකාන්තයෙන්ම ඒ ආයුෂ්මතුන් වහන්සේලා වීතරාගීවයි ඉන්නේ. එහෙම නැත්නම් රාගය දුරුකිරීම පිණිස පිළිපන්නාය කියලා. වීතදෝෂීවයි ඉන්නේ. එහෙම නැත්නම් ද්වේෂය දුරුකිරීම පිණිස පිළිපන්නාය කියලා. වීතමෝහීවයි ඉන්නේ. එහෙම නැත්නම් මෝහය දුරුකිරීම පිණිස පිළිපන්නාය’ කියලා මේක තමයි ඒ ආකාරය. මේක තමයි ඒ වැඩපිළිවෙල. පින්වත් ගෘහපතිවරුනි, එසේ විමසුවොත් ඒ අන්‍යාගමික තාපසවරුන්ට උත්තර දෙන්නට තියෙන්නේ ඔය විදිහටයි.

ඒවං වුත්තේ නගරවින්දෙය්‍යකා බ්‍රාහ්මණගහපතිකා භගවන්තං ඒතදවෝචුං: “අභික්කන්තං භෝ ගෝතම, අභික්කන්තං, භෝ ගෝතම, සෙය්‍යථාපි භෝ ගෝතම, නික්කුජ්ජිතං වා උක්කුජ්ජෙය්‍ය, පටිච්ඡන්නං වා විවරෙය්‍ය, මූළ්හස්ස වා මග්ගං ආචික්ඛෙය්‍ය, අන්ධකාරේ වා තේලපජ්ජෝතං ධාරෙය්‍ය ‘චක්ඛුමන්තෝ රූපානි දක්ඛන්තී’ති. ඒවමේවං භෝතා ගෝතමේන අනේකපරියායේන ධම්මෝ පකාසිතෝ. ඒතේ මයං භවන්තං ගෝතමං සරණං ගච්ඡාම ධම්මඤ්ච භික්ඛුසංඝඤ්ච. උපාසකේ නෝ භවං ගෝතමෝ ධාරේතු අජ්ජතග්ගේ පාණුපේතේ සරණං ගතේ”ති.

මෙසේ වදාළ විට නගරවින්දවාසී බ්‍රාහ්මණ ගෘහපතිවරු භාග්‍යවතුන් වහන්සේට මෙසේ කියා සිටියා. “පින්වත් ගෞතමයන් වහන්ස, හරිම සුන්දරයි! පින්වත් ගෞතමයන් වහන්ස, හරිම සුන්දරයි! පින්වත් ගෞතමයන් වහන්ස, මේ ගැන අපට මේ විදිහටයි හිතෙන්නෙ.

යටිකුරු වෙච්ච දෙයක් උඩට හැරෙව්වා වගෙයි. සැඟවෙච්ච දෙයක් විවෘත කළා වගෙයි. මං මුළා වූ කෙනෙකුට මාර්ගය පෙන්වුවා වගෙයි. අඳුරේ සිටින උදවියට රූප දකින්ට තෙල් පහන් දැල්වූවා වගෙයි. ඔන්න ඔය විදිහටයි පින්වත් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් ආකාරයෙන් ශ්‍රී සද්ධර්මය වදාළේ. ඉතින් අපිත් පින්වත් ගෞතමයන් වහන්සේව සරණ යනවා. ශ්‍රී සද්ධර්මයත් සරණ යනවා. ශ්‍රාවක සඟරුවනත් සරණ යනවා. භාග්‍යවතුන් වහන්සේ අද පටන් දිවි ඇති තුරාවට තෙරුවන් සරණ ගිය උපාසකවරු වශයෙන් අපව පිළිගන්නා සේක්වා!”

සාදු! සාදු!! සාදු!!!

නගරවින්දෙය්‍යසුත්තං අට්ඨමං.

නගරවින්ද ගමේදී වදාළ දෙසුම නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/mn3_3-5-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M