මජ්ඣිම නිකාය

උපරි පණ්ණාසකෝ

3.5.7. මහා සළායතනික සුත්තං

3.5.7. ආයතනය හය පිළිබඳව වදාළ විස්තරාත්මක දෙසුම

ඒවං මේ සුතං: ඒකං සමයං භගවා සාවත්ථියං විහරති ජේතවනේ අනාථපිණ්ඩිකස්ස ආරාමේ. තත්‍ර ඛෝ භගවා භික්ඛූ ආමන්තේසි භික්ඛවෝ’ති. ‘භදන්තේ’ති තේ භික්ඛූ භගවතෝ පච්චස්සෝසුං. භගවා ඒතදවෝච:

මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුතුමා විසින් කරවන ලද ආරාමයෙහි ය. එදා භාග්‍යවතුන් වහන්සේ “පින්වත් මහණෙනි” කියා භික්ෂුසංඝයා අමතා වදාළා. “පින්වතුන් වහන්ස” කියා ඒ භික්ෂූන් ද භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නා. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළා.

මහාසළායතනිකං වෝ භික්ඛවේ, දේසිස්සාමි. තං සුණාථ සාධුකං මනසි කරෝථ භාසිස්සාමීති.

“පින්වත් මහණෙනි, ඔබට ආයතන හය පිළිබඳ විස්තරාත්මකව දේශනා කරන්නම්. එය අසන්න. මනාකොට නුවණින් මෙනෙහි කරන්න. මා කියාදෙන්නම්.”

ඒවං භන්තේති ඛෝ තේ භික්ඛූ භගවතෝ පච්චස්සෝසුං. භගවා ඒතදවෝච:

“එසේය, ස්වාමීනී” කියා ඒ භික්ෂූන් ද භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නා. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළා.

චක්ඛුං භික්ඛවේ, අජානං අපස්සං යථාභූතං, රූපේ අජානං අපස්සං යථාභූතං, චක්ඛුවිඤ්ඤාණං අජානං අපස්සං යථාභූතං, චක්ඛුසම්ඵස්සං අජානං අපස්සං යථාභූතං, යම්පිදං චක්ඛුසම්ඵස්සපච්චයා උප්පජ්ජති වේදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා, තම්පි අජානං අපස්සං යථාභූතං, චක්ඛුස්මිං සාරජ්ජති, රූපේසු සාරජ්ජති, චක්ඛුවිඤ්ඤාණේ සාරජ්ජති, චක්ඛුසම්ඵස්සේ සාරජ්ජති, යම්පිදං චක්ඛුසම්ඵස්සපච්චයා උප්පජ්ජති වේදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා, තස්මිම්පි සාරජ්ජති.

“පින්වත් මහණෙනි, ඇස පිළිබඳව යථාභූත වශයෙන් නොදැනම යි, නොදැකම යි, රූපයන් පිළිබඳව ද යථාභූත වශයෙන් නොදැනම යි, නොදැකම යි, ඇසෙහි විඤ්ඤාණය පිළිබඳව ද යථාභූත වශයෙන් නොදැනම යි, නොදැකම යි, ඇසේ ස්පර්ශය පිළිබඳව ද යථාභූත වශයෙන් නොදැනම යි, නොදැකම යි, ඇසේ ස්පර්ශය ප්‍රත්‍යයෙන් හටගන්නා වූ සැපක් වේවා, දුකක් වේවා, උපේක්ෂාවක් වේවා, යම් විඳීමක් ඇද්ද, එය පිළිබඳව ද යථාභූත වශයෙන් නොදැනම යි, නොදැකම යි ඇසෙහි ඇලෙන්නේ. රූපවලත් ඇලෙන්නේ. ඇසේ විඤ්ඤාණයෙත් ඇලෙන්නේ. ඇසේ ස්පර්ශයෙත් ඇලෙන්නේ. ඇසේ ස්පර්ශය ප්‍රත්‍යයෙන් හටගන්නා වූ සැපක් වේවා, දුකක් වේවා, උපේක්ෂාවක් වේවා, යම් විඳීමක් ඇද්ද, එයටත් ඇලෙන්නේ.

තස්ස සාරත්තස්ස සංයුත්තස්ස සම්මූළ්හස්ස අස්සාදානුපස්සිනෝ විහරතෝ ආයතිං පඤ්චුපාදානක්ඛන්ධා උපචයං ගච්ඡන්ති. තණ්හා චස්ස පෝනෝභවිකා නන්දිරාගසහගතා තත්‍ර තත්‍රාභිනන්දිනී, සා චස්ස පවඞ්ඪති. තස්ස කායිකාපි දරථා පවඞ්ඪන්ති, චේතසිකාපි දරථා පවඞ්ඪන්ති, කායිකාපි සන්තාපා පවඞ්ඪන්ති, චේතසිකාපි සන්තාපා පවඞ්ඪන්ති, කායිකාපි පරිළාහා පවඞ්ඪන්ති, චේතසිකාපි පරිළාහා පවඞ්ඪන්ති, සෝ කායදුක්ඛම්පි චේතෝදුක්ඛම්පි පටිසංවේදේති.

ඒ විදිහට ඇලිලා, ඒ හා එක්වෙලා, එයට මුලාවෙලා, ආශ්වාදය අනුව දකිමින් වාසය කරන ඔහුගේ පංච උපාදානස්කන්ධය අනාගතය පිණිස මෝරනවා. එතකොට ඔහු තුළ පුනර්භවය ඇතිකරන, නන්දිරාගයෙන් යුක්ත වූ, ඒ ඒ තැන සතුටින් පිළිගන්නා වූ යම් තණ්හාවක් ඇද්ද, එය ඔහු තුළ වැඩෙනවා. එතකොට ඔහුට කායික වශයෙනුත් පීඩා ඇතිවෙනවා. මානසික වශයෙනුත් පීඩා ඇතිවෙනවා. කායික වශයෙනුත් සංතාප ඇතිවෙනවා. මානසිකවත් සංතාප ඇතිවෙනවා. කායිකවත් දැවිලි ඇතිවෙනවා. මානසිකවත් දැවිලි ඇතිවෙනවා. එතකොට ඔහු කායික දුකත්, මානසික දුකත් විඳිනවා.

සෝතං භික්ඛවේ, අජානං අපස්සං යථාභූතං ….(පෙ)…. ඝානං භික්ඛවේ, අජානං අපස්සං යථාභූතං ….(පෙ)…. ජිව්හං භික්ඛවේ, අජානං අපස්සං යථාභූතං ….(පෙ)…. කායං භික්ඛවේ, අජානං අපස්සං යථාභූතං ….(පෙ)…. මනං භික්ඛවේ, අජානං අපස්සං යථාභූතං, ධම්මේ අජානං අපස්සං යථාභූතං, මනෝවිඤ්ඤාණං අජානං අපස්සං යථාභූතං, මනෝසම්ඵස්සං අජානං අපස්සං යථාභූතං, යම්පිදං මනෝසම්ඵස්සපච්චයා උප්පජ්ජති වේදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා, තම්පි අජානං අපස්සං යථාභූතං, මනස්මිං සාරජ්ජති, ධම්මේසු සාරජ්ජති, මනෝවිඤ්ඤාණේ සාරජ්ජති, මනෝසම්ඵස්සේ සාරජ්ජති, යම්පිදං මනෝසම්ඵස්සපච්චයා උප්පජ්ජති වේදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා, තස්මිම්පි සාරජ්ජති.

“පින්වත් මහණෙනි, කන පිළිබඳව යථාභූත වශයෙන් නොදැනම යි, නොදැකම යි, ….(පෙ)…. නාසය පිළිබඳව යථාභූත වශයෙන් නොදැනම යි, නොදැකම යි, ….(පෙ)…. දිව පිළිබඳව යථාභූත වශයෙන් නොදැනම යි, නොදැකම යි, ….(පෙ)…. කය පිළිබඳව යථාභූත වශයෙන් නොදැනම යි, නොදැකම යි, ….(පෙ)…. මනස පිළිබඳව යථාභූත වශයෙන් නොදැනම යි, නොදැකම යි, අරමුණු පිළිබඳව ද යථාභූත වශයෙන් නොදැනම යි, නොදැකම යි, මනෝ විඤ්ඤාණය පිළිබඳව ද යථාභූත වශයෙන් නොදැනම යි, නොදැකම යි, මනසේ ස්පර්ශය පිළිබඳව ද යථාභූත වශයෙන් නොදැනම යි, නොදැකම යි, මනසේ ස්පර්ශය ප්‍රත්‍යයෙන් හටගන්නා වූ සැපක් වේවා, දුකක් වේවා, උපේක්ෂාවක් වේවා, යම් විඳීමක් ඇද්ද, එය පිළිබඳව ද යථාභූත වශයෙන් නොදැනම යි, නොදැකම යි මනසෙහි ඇලෙන්නේ. අරමුණුවලත් ඇලෙන්නේ. මනෝ විඤ්ඤාණයෙත් ඇලෙන්නේ. මනසේ ස්පර්ශයෙත් ඇලෙන්නේ. මනසේ ස්පර්ශය ප්‍රත්‍යයෙන් හටගන්නා වූ සැපක් වේවා, දුකක් වේවා, උපේක්ෂාවක් වේවා, යම් විඳීමක් ඇද්ද, එයටත් ඇලෙන්නේ.

තස්ස සාරත්තස්ස සංයුත්තස්ස සම්මූළ්හස්ස අස්සාදානුපස්සිනෝ විහරතෝ ආයතිං පඤ්චුපාදානක්ඛන්ධා උපචයං ගච්ඡන්ති. තණ්හා චස්ස පෝනෝභවිකා නන්දිරාගසහගතා තත්‍රතත්‍රාභිනන්දිනී, සා චස්ස පවඞ්ඪති. තස්ස කායිකාපි දරථා පවඞ්ඪන්ති, චේතසිකාපි දරථා පවඞ්ඪන්ති, කායිකාපි සන්තාපා පවඞ්ඪන්ති, චේතසිකාපි සන්තාපා පවඞ්ඪන්ති, කායිකාපි පරිළාහා පවඞ්ඪන්ති, චේතසිකාපි පරිළාහා පවඞ්ඪන්ති. සෝ කායදුක්ඛම්පි චේතෝදුක්ඛම්පි පටිසංවේදේති.

ඒ විදිහට ඇලිලා, ඒ හා එක්වෙලා, එයට මුලාවෙලා, ආශ්වාදය අනුව දකිමින් වාසය කරන ඔහුගේ පංච උපාදානස්කන්ධය අනාගතය පිණිස මෝරනවා. එතකොට ඔහු තුළ පුනර්භවය ඇතිකරන, නන්දිරාගයෙන් යුක්ත වූ, ඒ ඒ තැන සතුටින් පිළිගන්නා වූ යම් තණ්හාවක් ඇද්ද, එය ඔහු තුළ වැඩෙනවා. එතකොට ඔහුට කායික වශයෙනුත් පීඩා ඇතිවෙනවා. මානසික වශයෙනුත් පීඩා ඇතිවෙනවා. කායික වශයෙනුත් සංතාප ඇතිවෙනවා. මානසිකවත් සංතාප ඇතිවෙනවා. කායිකවත් දැවිලි ඇතිවෙනවා. මානසිකවත් දැවිලි ඇතිවෙනවා. එතකොට ඔහු කායික දුකත්, මානසික දුකත් විඳිනවා.

චක්ඛුඤ්ච ඛෝ භික්ඛවේ, ජානං පස්සං යථාභූතං, රූපේ ජානං පස්සං යථාභූතං, චක්ඛුවිඤ්ඤාණං ජානං පස්සං යථාභූතං, චක්ඛුසම්ඵස්සං ජානං පස්සං යථාභූතං, යම්පිදං චක්ඛුසම්ඵස්සපච්චයා උප්පජ්ජති වේදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා, තම්පි ජානං පස්සං යථාභූතං, චක්ඛුස්මිං න සාරජ්ජති, රූපේසු න සාරජ්ජති, චක්ඛුවිඤ්ඤාණේ න සාරජ්ජති, චක්ඛුසම්ඵස්සේ න සාරජ්ජති, යම්පිදං චක්ඛුසම්ඵස්සපච්චයා උප්පජ්ජති වේදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා, තස්මිම්පි න සාරජ්ජති.

“පින්වත් මහණෙනි, ඇස පිළිබඳව යථාභූත වශයෙන් දැනගෙනම යි, දැකගෙනම යි, රූපයන් පිළිබඳව ද යථාභූත වශයෙන් දැනගෙනම යි, දැකගෙනම යි, ඇසෙහි විඤ්ඤාණය පිළිබඳව ද යථාභූත වශයෙන් දැනගෙනම යි, දැකගෙනම යි, ඇසේ ස්පර්ශය පිළිබඳව ද යථාභූත වශයෙන් දැනගෙනම යි, දැකගෙනම යි, ඇසේ ස්පර්ශය ප්‍රත්‍යයෙන් හටගන්නා වූ සැපක් වේවා, දුකක් වේවා, උපේක්ෂාවක් වේවා, යම් විඳීමක් ඇද්ද, එය පිළිබඳව ද යථාභූත වශයෙන් දැනගෙනම යි, දැකගෙනම යි, ඇසෙහි නොඇලෙන්නේ. රූපවලත් නොඇලෙන්නේ. ඇසේ විඤ්ඤාණයෙත් නොඇලෙන්නේ. ඇසේ ස්පර්ශයෙත් නොඇලෙන්නේ. ඇසේ ස්පර්ශය ප්‍රත්‍යයෙන් හටගන්නා වූ සැපක් වේවා, දුකක් වේවා, උපේක්ෂාවක් වේවා, යම් විඳීමක් ඇද්ද, එයටත් නොඇලෙන්නේ.

තස්ස අසාරත්තස්ස අසංයුත්තස්ස අසම්මූළ්හස්ස ආදීනවානුපස්සිනෝ විහරතෝ ආයතිං පඤ්චුපාදානක්ඛන්ධා අපචයං ගච්ඡන්ති. තණ්හා චස්ස පෝනෝභවිකා නන්දිරාගසහගතා තත්‍රතත්‍රාභිනන්දිනී, සා චස්ස පහීයති. තස්ස කායිකාපි දරථා පහීයන්ති. චේතසිකාපි දරථා පහීයන්ති. කායිකාපි සන්තාපා පහීයන්ති. චේතසිකාපි සන්තාපා පහීයන්ති. කායිකාපි පරිළාහා පහීයන්ති. චේතසිකාපි පරිළාහා පහීයන්ති. සෝ කායසුඛම්පි චේතෝසුඛම්පි පටිසංවේදේති.

ඒ විදිහට නොඇලිලා, ඒ හා එක් නොවී, එයට මුලා නොවී, ආදීනව අනුව දකිමින් වාසය කරන ඔහුගේ පංච උපාදානස්කන්ධය අනාගතය පිණිස සකස් නොවී යනවා. එතකොට ඔහු තුළ පුනර්භවය ඇතිකරන, නන්දිරාගයෙන් යුක්ත වූ, ඒ ඒ තැන සතුටින් පිළිගන්නා වූ යම් තණ්හාවක් ඇද්ද, එය ඔහු තුළ ප්‍රහාණය වෙනවා. එතකොට ඔහුට කායික පීඩාත් ප්‍රහාණය වෙනවා. මානසික පීඩාත් ප්‍රහාණය වෙනවා. කායික සංතාපත් ප්‍රහාණය වෙනවා. මානසික සංතාපත් ප්‍රහාණය වෙනවා. කායික දැවිලිත් ප්‍රහාණය වෙනවා. මානසික දැවිලිත් ප්‍රහාණය වෙනවා. එතකොට ඔහු කායික සැපයත්, මානසික සැපයත් විඳිනවා.

යා තථාභූතස්ස දිට්ඨි, සාස්ස හෝති සම්මාදිට්ඨි. යෝ තථාභූතස්ස සංකප්පෝ, ස්වාස්ස හෝති සම්මාසංකප්පෝ. යෝ තථාභූතස්ස වායාමෝ, ස්වාස්ස හෝති සම්මාවායාමෝ. යා තථාභූතස්ස සති, සාස්ස හෝති සම්මාසති. යෝ තථාභූතස්ස සමාධි, ස්වාස්ස හෝති සම්මාසමාධි. පුබ්බේව ඛෝ පනස්ස කායකම්මං වචීකම්මං ආජීවෝ සුපරිසුද්ධෝ හෝති. ඒවමස්සායං අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ භාවනාපාරිපූරිං ගච්ඡති.

එබඳු වූ කෙනෙකුගේ යම් දෘෂ්ටියක් ඇද්ද, ඒ දෘෂ්ටිය තමයි ඔහුගේ සම්මා දිට්ඨිය වන්නේ. එබඳු වූ කෙනෙකුගේ යම් සංකල්පයක් ඇද්ද, ඒ සංකල්පය තමයි ඔහුගේ සම්මා සංකල්පය වන්නේ. එබඳු වූ කෙනෙකුගේ යම් වීරියක් ඇද්ද, ඒ වීරිය තමයි ඔහුගේ සම්මා වායාමය වන්නේ. එබඳු වූ කෙනෙකුගේ යම් සතියක් ඇද්ද, ඒ සතිය තමයි ඔහුගේ සම්මා සතිය වන්නේ. එබඳු වූ කෙනෙකුගේ යම් සමාධියක් ඇද්ද, ඒ සමාධිය තමයි ඔහුගේ සම්මා සමාධිය වන්නේ. කලින්ම ඔහුගේ කායික ක්‍රියාවද, වාචසික ක්‍රියාවද, දිවි පැවැත්මද හොඳින් පිරිසිදු වෙලයි තියෙන්නේ. ඔය විදිහට ඔහු තුළ ආර්ය අෂ්ටාංගික මාර්ගය භාවනා වශයෙන් සම්පූර්ණ වෙනවා.

තස්ස ඒවං ඉමං අරියං අට්ඨංගිකං මග්ගං භාවයතෝ චත්තාරෝපි සතිපට්ඨානා භාවනාපාරිපූරිං ගච්ඡන්ති. චත්තාරෝපි සම්මප්පධානා භාවනාපාරිපූරිං ගච්ඡන්ති. චත්තාරෝපි ඉද්ධිපාදා භාවනාපාරිපූරිං ගච්ඡන්ති. පඤ්චපි ඉන්ද්‍රියානි භාවනාපාරිපූරිං ගච්ඡන්ති. පඤ්චපි බලානි භාවනාපාරිපූරිං ගච්ඡන්ති. සත්තපි බොජ්ඣංගා භාවනාපාරිපූරිං ගච්ඡන්ති.

ඔහු තුළ ඔය අයුරින් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩද්දී සතර සතිපට්ඨානයන් භාවනා වශයෙන් සම්පූර්ණත්වයට පත්වෙනවා. සතර සම්‍යක් ප්‍රධාන වීර්යය භාවනා වශයෙන් සම්පූර්ණත්වයට පත්වෙනවා. සතර ඉර්ධිපාද භාවනා වශයෙන් සම්පූර්ණත්වයට පත්වෙනවා. පංච ඉන්ද්‍රිය ධර්ම භාවනා වශයෙන් සම්පූර්ණත්වයට පත්වෙනවා. පංච බල ධර්ම භාවනා වශයෙන් සම්පූර්ණත්වයට පත්වෙනවා. සප්ත බොජ්ඣංග ධර්ම භාවනා වශයෙන් සම්පූර්ණත්වයට පත්වෙනවා.

තස්සිමේ ද්වේ ධම්මා යුගනද්ධා වත්තන්ති සමථෝ ච විපස්සනා ච. සෝ යේ ධම්මා අභිඤ්ඤා පරිඤ්ඤෙය්‍යා, තේ ධම්මේ අභිඤ්ඤා පරිජානාති. යේ ධම්මා අභිඤ්ඤා පහාතබ්බා, තේ ධම්මේ අභිඤ්ඤා පජහති. යේ ධම්මා අභිඤ්ඤා භාවේතබ්බා, තේ ධම්මේ අභිඤ්ඤා භාවේති. යේ ධම්මා අභිඤ්ඤා සච්ඡිකාතබ්බා, තේ ධම්මේ අභිඤ්ඤා සච්ඡිකරෝති.

ඔහු තුළ ධර්මයන් දෙකක් එකට වැඩෙනවා. එනම් සමථයත්, විදර්ශනාවත්ය. ඉතින් ඔහු යම් ධර්මයක් විශිෂ්ට වූ ඤාණයකින් පිරිසිඳ අවබෝධ කළ යුතුද, ඒ ධර්මයන් විශිෂ්ට වූ ඤාණයකින් පිරිසිඳ අවබෝධ කරගන්නවා. යම් ධර්මයක් විශිෂ්ට වූ ඤාණයකින් ප්‍රහාණය කළ යුතුද, ඒ ධර්මයන් විශිෂ්ට වූ ඤාණයෙන් ප්‍රහාණය කරනවා. යම් ධර්මයක් විශිෂ්ට වූ ඤාණයෙන් වැඩිය යුතුද, ඒ ධර්මයන් විශිෂ්ට වූ ඤාණයෙන් වඩනවා. යම් ධර්මයක් විශිෂ්ට වූ ඤාණයෙන් සාක්ෂාත් කළ යුතුද, ඒ ධර්මයන් විශිෂ්ට වූ ඤාණයෙන් සාක්ෂාත් කරනවා.

කතමේ ච භික්ඛවේ, ධම්මා අභිඤ්ඤා පරිඤ්ඤෙය්‍යා: පඤ්චුපාදානක්ඛන්ධාතිස්ස වචනීයං. සෙය්‍යථීදං: රූපූපාදානක්ඛන්ධෝ වේදනූපාදානක්ඛන්ධෝ සඤ්ඤූපාදානක්ඛන්ධෝ සංඛාරූපාදානක්ඛන්ධෝ විඤ්ඤාණූපාදානක්ඛන්ධෝ. ඉමේ ධම්මා අභිඤ්ඤා පරිඤ්ඤෙය්‍යා.

පින්වත් මහණෙනි, විශිෂ්ට වූ ඤාණයෙන් පිරිසිඳ දත යුතු ධර්මයන් මොනවාද? එයට කිව යුත්තේ පංච උපාදාස්කන්ධය කියලයි. ඒ කුමක්ද යත්; රූපූපාදානස්කන්ධයයි. වේදනූපාදානස්කන්ධයයි. සඤ්ඤූපාදානස්කන්ධයයි. සංඛාරූපාදානස්කන්ධයයි. විඤ්ඤාණූපාදානස්කන්ධයයි. මේ ධර්මයන් තමයි විශිෂ්ට ඤාණයෙන් පිරිසිඳ දත යුත්තේ.

කතමේ ච භික්ඛවේ, ධම්මා අභිඤ්ඤා පහාතබ්බා: අවිජ්ජා ච භවතණ්හා ච. ඉමේ ධම්මා අභිඤ්ඤා පහාතබ්බා.

පින්වත් මහණෙනි, විශිෂ්ට වූ ඤාණයෙන් ප්‍රහාණය කළ යුතු ධර්මයන් මොනවාද? අවිද්‍යාවත්, භව තණ්හාවත් ය. මේ ධර්මයන් තමයි විශිෂ්ට වූ ඤාණයෙන් ප්‍රහාණය කළ යුත්තේ.

කතමේ ච භික්ඛවේ, ධම්මා අභිඤ්ඤා භාවේතබ්බා: සමථෝ ච විපස්සනා ච. ඉමේ ධම්මා අභිඤ්ඤා භාවේතබ්බා.

පින්වත් මහණෙනි, විශිෂ්ට වූ ඤාණයෙන් වැඩිය යුතු ධර්මයන් මොනවාද? සමථයත්, විදර්ශනාවත් ය. මේ ධර්මයන් තමයි විශිෂ්ට වූ ඤාණයෙන් වැඩිය යුත්තේ.

කතමේ ච භික්ඛවේ, ධම්මා අභිඤ්ඤා සච්ඡිකාතබ්බා: විජ්ජා ච විමුත්ති ච. ඉමේ ධම්මා අභිඤ්ඤා සච්ඡිකාතබ්බා.

පින්වත් මහණෙනි, විශිෂ්ට වූ ඤාණයෙන් සාක්ෂාත් කළ යුතු ධර්මයන් මොනවාද? විද්‍යාවත්, විමුක්තියත් ය. මේ ධර්මයන් තමයි විශිෂ්ට වූ ඤාණයෙන් සාක්ෂාත් කළ යුත්තේ.

සෝතං භික්ඛවේ, ජානං පස්සං යථාභූතං ….(පෙ)…. ඝානං භික්ඛවේ, ජානං පස්සං යථාභූතං ….(පෙ)…. ජිව්හං භික්ඛවේ, ජානං පස්සං යථාභූතං ….(පෙ)…. කායං භික්ඛවේ, ජානං පස්සං යථාභූතං ….(පෙ)…. මනං භික්ඛවේ, ජානං පස්සං යථාභූතං, ධම්මේ ජානං පස්සං යථාභූතං, මනෝවිඤ්ඤාණං ජානං පස්සං යථාභූතං, මනෝසම්ඵස්සං ජානං පස්සං යථාභූතං, යම්පිදං මනෝසම්ඵස්සපච්චයා උප්පජ්ජති වේදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා තම්පි ජානං පස්සං යථාභූතං, මනස්මිං න සාරජ්ජති. ධම්මේසු න සාරජ්ජති. මනෝවිඤ්ඤාණේ න සාරජ්ජති. මනෝසම්ඵස්සේ න සාරජ්ජති. යම්පිදං මනෝසම්ඵස්සපච්චයා උප්පජ්ජති වේදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා. තස්මිම්පි න සාරජ්ජති.

“පින්වත් මහණෙනි, කන පිළිබඳව යථාභූත වශයෙන් දැනගෙනම යි, දැකගෙනම යි, ….(පෙ)…. නාසය පිළිබඳව යථාභූත වශයෙන් දැනගෙනම යි, දැක ගෙනම යි, ….(පෙ)…. දිව පිළිබඳව යථාභූත වශයෙන් දැනගෙනම යි, දැකගෙනම යි, ….(පෙ)…. කය පිළිබඳව යථාභූත වශයෙන් දැනගෙනම යි, දැකගෙනම යි, ….(පෙ)…. මනස පිළිබඳව යථාභූත වශයෙන් දැනගෙනම යි, දැකගෙනම යි, අරමුණු පිළිබඳව ද යථාභූත වශයෙන් දැනගෙනම යි, දැකගෙනම යි, මනෝ විඤ්ඤාණය පිළිබඳව ද යථාභූත වශයෙන් දැනගෙනම යි, දැකගෙනම යි, මනසේ ස්පර්ශය පිළිබඳව ද යථාභූත වශයෙන් දැනගෙනම යි, දැකගෙනම යි, මනසේ ස්පර්ශය ප්‍රත්‍යයෙන් හටගන්නා වූ සැපක් වේවා, දුකක් වේවා, උපේක්ෂාවක් වේවා, යම් විඳීමක් ඇද්ද, එය පිළිබඳව ද යථාභූත වශයෙන් දැනගෙනම යි, දැකගෙනම යි, මනසෙහි නොඇලෙන්නේ. අරමුණුවලත් නොඇලෙන්නේ. මනෝ විඤ්ඤාණයෙත් නො ඇලෙන්නේ. මනසේ ස්පර්ශයෙත් නොඇලෙන්නේ. මනසේ ස්පර්ශය ප්‍රත්‍යයෙන් හටගන්නා වූ සැපක් වේවා, දුකක් වේවා, උපේක්ෂාවක් වේවා, යම් විඳීමක් ඇද්ද, එයටත් නොඇලෙන්නේ.

තස්ස අසාරත්තස්ස අසංයුත්තස්ස අසම්මූළ්හස්ස ආදීනවානුපස්සිනෝ විහරතෝ ආයතිං පඤ්චුපාදානක්ඛන්ධා අපචයං ගච්ඡන්ති. තණ්හා චස්ස පෝනෝභවිකා නන්දිරාගසහගතා තත්‍රතත්‍රාභිනන්දිනී, සා චස්ස පහීයති. තස්ස කායිකාපි දරථා පහීයන්ති. චේතසිකාපි දරථා පහීයන්ති. කායිකාපි සන්තාපා පහීයන්ති. චේතසිකාපි සන්තාපා පහීයන්ති. කායිකාපි පරිළාහා පහීයන්ති. චේතසිකාපි පරිළාහා පහීයන්ති. සෝ කායසුඛම්පි චේතෝසුඛම්පි පටිසංවේදේති.

ඒ විදිහට නොඇලිලා, ඒ හා එක් නොවී, එයට මුලා නොවී, ආදීනව අනුව දකිමින් වාසය කරන ඔහුගේ පංච උපාදානස්කන්ධය අනාගතය පිණිස සකස් නොවී යනවා. එතකොට ඔහු තුළ පුනර්භවය ඇතිකරන, නන්දිරාගයෙන් යුක්ත වූ, ඒ ඒ තැන සතුටින් පිළිගන්නා වූ යම් තණ්හාවක් ඇද්ද, එය ඔහු තුළ ප්‍රහාණය වෙනවා. එතකොට ඔහුට කායික පීඩාත් ප්‍රහාණය වෙනවා. මානසික පීඩාත් ප්‍රහාණය වෙනවා. කායික සංතාපත් ප්‍රහාණය වෙනවා. මානසික සංතාපත් ප්‍රහාණය වෙනවා. කායික දැවිලිත් ප්‍රහාණය වෙනවා. මානසික දැවිලිත් ප්‍රහාණය වෙනවා. එතකොට ඔහු කායික සැපයත්, මානසික සැපයත් විඳිනවා.

යා තථාභූතස්ස දිට්ඨි, සාස්ස හෝති සම්මාදිට්ඨි. යෝ තථාභූතස්ස සංකප්පෝ, ස්වාස්ස හෝති සම්මාසංකප්පෝ. යෝ තථාභූතස්ස වායාමෝ, ස්වාස්ස හෝති සම්මාවායාමෝ. යා තථාභූතස්ස සති, සාස්ස හෝති සම්මාසති. යෝ තථාභූතස්ස සමාධි. ස්වාස්ස හෝති සම්මාසමාධි. පුබ්බේව ඛෝ පනස්ස කායකම්මං වචීකම්මං ආජීවෝ සුපරිසුද්ධෝ හෝති. ඒවමස්සායං අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ භාවනාපාරිපූරිං ගච්ඡති.

එබඳු වූ කෙනෙකුගේ යම් දෘෂ්ටියක් ඇද්ද, ඒ දෘෂ්ටිය තමයි ඔහුගේ සම්මා දිට්ඨිය වන්නේ. එබඳු වූ කෙනෙකුගේ යම් සංකල්පයක් ඇද්ද, ඒ සංකල්පය තමයි ඔහුගේ සම්මා සංකල්පය වන්නේ. එබඳු වූ කෙනෙකුගේ යම් වීරියක් ඇද්ද, ඒ වීරිය තමයි ඔහුගේ සම්මා වායාමය වන්නේ. එබඳු වූ කෙනෙකුගේ යම් සතියක් ඇද්ද, ඒ සතිය තමයි ඔහුගේ සම්මා සතිය වන්නේ. එබඳු වූ කෙනෙකුගේ යම් සමාධියක් ඇද්ද, ඒ සමාධිය තමයි ඔහුගේ සම්මා සමාධිය වන්නේ. කලින්ම ඔහුගේ කායික ක්‍රියාවද, වාචසික ක්‍රියාවද, දිවි පැවැත්මද හොඳින් පිරිසිදු වෙලයි තියෙන්නේ. ඔය විදිහට ඔහු තුළ ආර්ය අෂ්ටාංගික මාර්ගය භාවනා වශයෙන් සම්පූර්ණ වෙනවා.

තස්ස ඒවං ඉමං අරියං අට්ඨංගිකං මග්ගං භාවයතෝ චත්තාරෝපි සතිපට්ඨානා භාවනාපාරිපූරිං ගච්ඡන්ති. චත්තාරෝපි සම්මප්පධානා භාවනාපාරිපූරිං ගච්ඡන්ති. චත්තාරෝපි ඉද්ධිපාදා භාවනාපාරිපූරිං ගච්ඡන්ති. පඤ්චපි ඉන්ද්‍රියානි භාවනාපාරිපූරිං ගච්ඡන්ති. පඤ්චපි බලානි භාවනාපාරිපූරිං ගච්ඡන්ති. සත්තපි බොජ්ඣංගා භාවනාපාරිපූරිං ගච්ඡන්ති.

ඔහු තුළ ඔය අයුරින් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩද්දී සතර සතිපට්ඨානයන් භාවනා වශයෙන් සම්පූර්ණත්වයට පත්වෙනවා. සතර සම්‍යක් ප්‍රධාන වීර්යය භාවනා වශයෙන් සම්පූර්ණත්වයට පත්වෙනවා. සතර ඉර්ධිපාද භාවනා වශයෙන් සම්පූර්ණත්වයට පත්වෙනවා. පංච ඉන්ද්‍රිය ධර්ම භාවනා වශයෙන් සම්පූර්ණත්වයට පත්වෙනවා. පංච බල ධර්ම භාවනා වශයෙන් සම්පූර්ණත්වයට පත්වෙනවා. සප්ත බොජ්ඣංග ධර්ම භාවනා වශයෙන් සම්පූර්ණත්වයට පත්වෙනවා.

තස්සිමේ ද්වේ ධම්මා යුගනද්ධා වත්තන්ති සමථෝ ච විපස්සනා ච. සෝ යේ ධම්මා අභිඤ්ඤා පරිඤ්ඤෙය්‍යා, තේ ධම්මේ අභිඤ්ඤා පරිජානාති. යේ ධම්මා අභිඤ්ඤා පහාතබ්බා. තේ ධම්මේ අභිඤ්ඤා පජහති. යේ ධම්මා අභිඤ්ඤා භාවේතබ්බා, තේ ධම්මේ අභිඤ්ඤා භාවේති. යේ ධම්මා අභිඤ්ඤා සච්ඡිකාතබ්බා, තේ ධම්මේ අභිඤ්ඤා සච්ඡිකරෝති.

ඔහු තුළ ධර්මයන් දෙකක් එකට වැඩෙනවා. එනම් සමථයත්, විදර්ශනාවත් ය. ඉතින් ඔහු යම් ධර්මයක් විශිෂ්ට වූ ඤාණයකින් පිරිසිඳ අවබෝධ කළ යුතුද, ඒ ධර්මයන් විශිෂ්ට වූ ඤාණයකින් පිරිසිඳ අවබෝධ කරගන්නවා. යම් ධර්මයක් විශිෂ්ට වූ ඤාණයකින් ප්‍රහාණය කළ යුතුද, ඒ ධර්මයන් විශිෂ්ට වූ ඤාණයෙන් ප්‍රහාණය කරනවා. යම් ධර්මයක් විශිෂ්ට වූ ඤාණයෙන් වැඩිය යුතුද, ඒ ධර්මයන් විශිෂ්ට වූ ඤාණයෙන් වඩනවා. යම් ධර්මයක් විශිෂ්ට වූ ඤාණයෙන් සාක්ෂාත් කළ යුතුද, ඒ ධර්මයන් විශිෂ්ට වූ ඤාණයෙන් සාක්ෂාත් කරනවා.

කතමේ ච භික්ඛවේ, ධම්මා අභිඤ්ඤා පරිඤ්ඤෙය්‍යා: පඤ්චුපාදානක්ඛන්ධා’තිස්ස වචනීයං සෙය්‍යථීදං: රූපූපාදානක්ඛන්ධෝ වේදනූපාදානක්ඛන්ධෝ සඤ්ඤූපාදානක්ඛන්ධෝ සංඛාරූපාදානක්ඛන්ධෝ විඤ්ඤාණූපාදානක්ඛන්ධෝ. ඉමේ ධම්මා අභිඤ්ඤා පරිඤ්ඤෙය්‍යා.

පින්වත් මහණෙනි, විශිෂ්ට වූ ඤාණයෙන් පිරිසිඳ දත යුතු ධර්මයන් මොනවාද? එයට කිව යුත්තේ පංච උපාදාස්කන්ධය කියලයි. ඒ කුමක්ද යත්; රූපූපාදානස්කන්ධයයි. වේදනූපාදානස්කන්ධයයි. සඤ්ඤූපාදානස්කන්ධයයි. සංඛාරූපාදානස්කන්ධයයි. විඤ්ඤාණූපාදානස්කන්ධයයි. මේ ධර්මයන් තමයි විශිෂ්ට ඤාණයෙන් පිරිසිඳ දත යුත්තේ.

කතමේ ච භික්ඛවේ, ධම්මා අභිඤ්ඤා පහාතබ්බා: අවිජ්ජා ච භවතණ්හා ච. ඉමේ ධම්මා අභිඤ්ඤා පහාතබ්බා.

පින්වත් මහණෙනි, විශිෂ්ට වූ ඤාණයෙන් ප්‍රහාණය කළ යුතු ධර්මයන් මොනවාද? අවිද්‍යාවත්, භව තණ්හාවත් ය. මේ ධර්මයන් තමයි විශිෂ්ට වූ ඤාණයෙන් ප්‍රහාණය කළ යුත්තේ.

කතමේ ච භික්ඛවේ, ධම්මා අභිඤ්ඤා භාවේතබ්බා: සමථෝ ච විපස්සනා ච. ඉමේ ධම්මා අභිඤ්ඤා භාවේතබ්බා.

පින්වත් මහණෙනි, විශිෂ්ට වූ ඤාණයෙන් වැඩිය යුතු ධර්මයන් මොනවාද? සමථයත්, විදර්ශනාවත් ය. මේ ධර්මයන් තමයි විශිෂ්ට වූ ඤාණයෙන් වැඩිය යුත්තේ.

කතමේ ච භික්ඛවේ, ධම්මා අභිඤ්ඤා සච්ඡිකාතබ්බා: විජ්ජා ච විමුත්ති ච. ඉමේ ධම්මා අභිඤ්ඤා සච්ඡිකාතබ්බාති.

පින්වත් මහණෙනි, විශිෂ්ට වූ ඤාණයෙන් සාක්ෂාත් කළ යුතු ධර්මයන් මොනවාද? විද්‍යාවත්, විමුක්තියත් ය. මේ ධර්මයන් තමයි විශිෂ්ට වූ ඤාණයෙන් සාක්ෂාත් කළ යුත්තේ.

ඉදමවෝච භගවා. අත්තමනා තේ භික්ඛූ භගවතෝ භාසිතං අභිනන්දුන්ති.

භාග්‍යවතුන් වහන්සේ මේ උතුම් දේශනය වදාළා. ඒ දේශනය ගැන ඒ භික්ෂූන් වහන්සේලා ගොඩක් සතුටු වුනා. භාග්‍යවතුන් වහන්සේ වදාළ මේ දේශනය සතුටින් පිළිගත්තා.

සාදු! සාදු!! සාදු!!!

මහාසළායතනික සුත්තං සත්තමං.

ආයතන හය පිළිබඳව වදාළ විස්තරාත්මක දෙසුම නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/mn3_3-5-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M