මජ්ඣිම නිකාය

උපරි පණ්ණාසකෝ

3.5.6. ඡ ඡක්ක සුත්තං

3.5.6. හයේ ඒවා හයක් ගැන වදාළ දෙසුම

ඒවං මේ සුතං: ඒකං සමයං භගවා සාවත්ථියං විහරති ජේතවනේ අනාථපිණ්ඩිකස්ස ආරාමේ. තත්‍ර ඛෝ භගවා භික්ඛූ ආමන්තේසි: ‘භික්ඛවෝ’ති. භදන්තේති තේ භික්ඛූ භගවතෝ පච්චස්සෝසුං. භගවා ඒතදවෝච:

මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුතුමා විසින් කරවන ලද ආරාමයේ. එදා භාග්‍යවතුන් වහන්සේ “පින්වත් මහණෙනි” කියා භික්ෂුසංඝයා අමතා වදාළා. “පින්වතුන් වහන්ස” කියා ඒ භික්ෂූන් ද භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නා. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළා.

ධම්මං වෝ භික්ඛවේ, දේසිස්සාමි ආදිකල්‍යාණං මජ්ඣේකල්‍යාණං පරියෝසානකල්‍යාණං සාත්ථං සව්‍යඤ්ජනං කේවලපරිපුණ්ණං පරිසුද්ධං බ්‍රහ්මචරියං පකාසිස්සාමි. යදිදං ඡ ඡක්කානි. තං සුණාථ, සාධුකං මනසිකරෝථ. භාසිස්සාමී’ති.

“පින්වත් මහණෙනි, ඔබට මුල කල්‍යාණ වූ, මැද කල්‍යාණ වූ, අවසානය කල්‍යාණ වූ, අර්ථ සහිත වූ, පැහැදිලි ප්‍රකාශන සහිත වූ, මුළුමනින්ම පිරිපුන්, පිරිසිදු බඹසර ප්‍රකාශ කරන්නම්. එය අසන්න. මනාකොට නුවණින් මෙනෙහි කරන්න. මා කියාදෙන්නම්.”

ඒවං භන්තේති ඛෝ තේ භික්ඛූ භගවතෝ පච්චස්සෝසුං. භගවා ඒතදවෝච:

“එසේය, ස්වාමීනී” කියා ඒ භික්ෂූන් ද භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නා. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළා.

ඡ අජ්ඣත්තිකානි ආයතනානි වේදිතබ්බානි. ඡ බාහිරානි ආයතනානි වේදිතබ්බානි. ඡ විඤ්ඤාණකායා වේදිතබ්බා. ඡ ඵස්සකායා වේදිතබ්බා. ඡ වේදනාකායා වේදිතබ්බා. ඡ තණ්හාකායා වේදිතබ්බා.

“ආධ්‍යාත්මික ආයතන හය අවබෝධ කළ යුතුයි. බාහිර ආයතන හය අවබෝධ කළ යුතුයි. විඤ්ඤාණකාය හය අවබෝධ කළ යුතුයි. ස්පර්ශකාය හය අවබෝධ කළ යුතුයි. වේදනාකාය හය අවබෝධ කළ යුතුයි. තෘෂ්ණාකාය හය අවබෝධ කළ යුතුයි.

‘ඡ අජ්ඣත්තිකානි ආයතනානි වේදිතබ්බානී’ති ඉති ඛෝ පනේතං වුත්තං. කිඤ්චේතං පටිච්ච වුත්තං. චක්ඛායතනං සෝතායතනං ඝානායතනං ජිව්හායතනං කායායතනං මනායතනං. ‘ඡ අජ්ඣත්තිකානි ආයතනානි වේදිතබ්බානී’ති ඉති යං තං වුත්තං, ඉදමේතං පටිච්ච වුත්තං. ඉදං පඨමං ඡක්කං.

‘ආධ්‍යාත්මික ආයතන හය අවබෝධ කළ යුතුයි’ කියා මෙසේ යම් ප්‍රකාශයක් කළා නම්, මෙය කුමන කරුණක් සඳහාද මා පැවසුවේ? එනම්; ඇස නම් ආයතනයක් තියෙනවා. කන නම් ආයතනයක් තියෙනවා. නාසය නම් ආයතනයක් තියෙනවා. දිව නම් ආයතනයක් තියෙනවා. කය නම් ආයතනයක් තියෙනවා. මනස නම් ආයතනයක් තියෙනවා. ‘ආධ්‍යාත්මික ආයතනය හය අවබෝධ කළ යුතුයි’ කියා මෙසේ යම් ප්‍රකාශයක් කළා නම්, මෙය ප්‍රකාශ කරන ලද්දේ ඔය කරුණ සඳහායි.

‘ඡ බාහිරානි ආයතනානි වේදිතබ්බානී’ති ඉති ඛෝ පනේතං වුත්තං, කිඤ්චේතං පටිච්ච වුත්තං. රූපායතනං සද්දායතනං ගන්ධායතනං රසායතනං ඵොට්ඨබ්බායතනං ධම්මායතනං. ‘ඡ බාහිරානි ආයතනානි වේදිතබ්බානී’ති ඉති යං තං වුත්තං, ඉදමේතං පටිච්ච වුත්තං. ඉදං දුතියං ඡක්කං.

‘බාහිර ආයතන හය අවබෝධ කළ යුතුයි’ කියා මෙසේ යම් ප්‍රකාශයක් කළා නම්, මෙය කුමන කරුණක් සඳහාද මා පැවසුවේ? එනම්; රූප නම් ආයතනයක් තියෙනවා. ශබ්ද නම් ආයතනයක් තියෙනවා. ගඳ සුවඳ නම් ආයතනයක් තියෙනවා. රස නම් ආයතනයක් තියෙනවා. පහස නම් ආයතනයක් තියෙනවා. අරමුණු නම් ආයතනයක් තියෙනවා. ‘බාහිර ආයතන හය අවබෝධ කළ යුතුයි’ කියා මෙසේ යම් ප්‍රකාශයක් කළා නම්, මෙය ප්‍රකාශ කරන ලද්දේ ඔය කරුණ සඳහායි.

‘ඡ විඤ්ඤාණකායා වේදිතබ්බා’ති ඉති ඛෝ පනේතං වුත්තං, කිඤ්චේතං පටිච්ච වුත්තං. චක්ඛුඤ්ච පටිච්ච රූපේ ච උප්පජ්ජති චක්ඛුවිඤ්ඤාණං. සෝතඤ්ච පටිච්ච සද්දේ ච උප්පජ්ජති සෝතවිඤ්ඤාණං ඝානඤ්ච පටිච්ච ගන්ධේ ච උප්පජ්ජති ඝානවිඤ්ඤාණං. ජිව්හඤ්ච පටිච්ච රසේ ච උප්පජ්ජති ජිව්හාවිඤ්ඤාණං. කායඤ්ච පටිච්ච ඵොට්ඨබ්බේ ච උප්පජ්ජති කායවිඤ්ඤාණං. මනඤ්ච පටිච්ච ධම්මේ ච උප්පජ්ජති මනෝවිඤ්ඤාණං. ‘ඡ විඤ්ඤාණකායා වේදිතබ්බා’ති ඉති යං තං වුත්තං, ඉදමේතං පටිච්ච වුත්තං. ඉදං තතියං ඡක්කං.

‘විඤ්ඤාණකාය හය අවබෝධ කළ යුතුයි’ කියා මෙසේ යම් ප්‍රකාශයක් කළා නම්, මෙය කුමන කරුණක් සඳහාද මා පැවසුවේ? එනම්; ඇසත් රූපත් හේතුකොට ගෙන ඇසේ විඤ්ඤාණය උපදිනවා. කනත් ශබ්දත් හේතුකොට ගෙන කනේ විඤ්ඤාණය උපදිනවා. නාසයත් ගඳ සුවඳත් හේතුකොට ගෙන නාසයේ විඤ්ඤාණය උපදිනවා. දිවත් රසයත් හේතුකොට ගෙන දිවේ විඤ්ඤාණය උපදිනවා. කයත් පහසත් හේතුකොට ගෙන කයේ විඤ්ඤාණය උපදිනවා. මනසත් අරමුණුත් හේතුකොට ගෙන මනෝ විඤ්ඤාණය උපදිනවා. ‘විඤ්ඤාණකාය හය අවබෝධ කළ යුතුයි’ කියා මෙසේ යම් ප්‍රකාශයක් කළා නම්, මෙය ප්‍රකාශ කරන ලද්දේ ඔය කරුණ සඳහායි.

‘ඡ ඵස්සකායා වේදිතබ්බා’ති ඉති ඛෝ පනේතං වුත්තං, කිඤ්චේතං පටිච්ච වුත්තං. චක්ඛුඤ්ච පටිච්ච රූපේ ච උප්පජ්ජති චක්ඛුවිඤ්ඤාණං, තිණ්ණං සංගති ඵස්සෝ. සෝතඤ්ච පටිච්ච සද්දේ ච උප්පජ්ජති සෝතවිඤ්ඤාණං, තිණ්ණං සංගති ඵස්සෝ. ඝානඤ්ච පටිච්ච ගන්ධේ ච උප්පජ්ජති ඝානවිඤ්ඤාණං, තිණ්ණං සංගති ඵස්සෝ. ජිව්හඤ්ච පටිච්ච රසේ ච උප්පජ්ජති ජිව්හාවිඤ්ඤාණං, තිණ්ණං සංගති ඵස්සෝ. කායඤ්ච පටිච්ච ඵොට්ඨබ්බේ ච උප්පජ්ජති කායවිඤ්ඤාණං, තිණ්ණං සංගති ඵස්සෝ. මනඤ්ච පටිච්ච ධම්මේ ච උප්පජ්ජති මනෝවිඤ්ඤාණං, තිණ්ණං සංගති ඵස්සෝ. ‘ඡ ඵස්සකායා වේදිතබ්බා’ති ඉති යං තං වුත්තං ඉදමේතං පටිච්ච වුත්තං. ඉදං චතුත්ථං ඡක්කං.

‘ස්පර්ශකාය හය අවබෝධ කළ යුතුයි’ කියා මෙසේ යම් ප්‍රකාශයක් කළා නම්, මෙය කුමන කරුණක් සඳහාද මා පැවසුවේ? එනම්; ඇසත් රූපත් හේතුකොට ගෙන ඇසේ විඤ්ඤාණය උපදිනවා. ඒ තුනේ එකතු වීම ස්පර්ශයයි. කනත් ශබ්දත් හේතුකොට ගෙන කනේ විඤ්ඤාණය උපදිනවා. ඒ තුනේ එකතු වීම ස්පර්ශයයි. නාසයත් ගඳ සුවඳත් හේතුකොට ගෙන නාසයේ විඤ්ඤාණය උපදිනවා. ඒ තුනේ එකතු වීම ස්පර්ශයයි. දිවත් රසයත් හේතුකොට ගෙන දිවේ විඤ්ඤාණය උපදිනවා. ඒ තුනේ එකතු වීම ස්පර්ශයයි. කයත් පහසත් හේතුකොට ගෙන කයේ විඤ්ඤාණය උපදිනවා. ඒ තුනේ එකතු වීම ස්පර්ශයයි. මනසත් අරමුණුත් හේතුකොට ගෙන මනෝ විඤ්ඤාණය උපදිනවා. ඒ තුනේ එකතු වීම ස්පර්ශයයි. ‘ස්පර්ශකාය හය අවබෝධ කළ යුතුයි’ කියා මෙසේ යම් ප්‍රකාශයක් කළා නම්, මෙය ප්‍රකාශ කරන ලද්දේ ඔය කරුණ සඳහායි.

‘ඡ වේදනාකායා වේදිතබ්බා’ති ඉති ඛෝ පනේතං වුත්තං. කිඤ්චේතං පටිච්ච වුත්තං. චක්ඛුඤ්ච පටිච්ච රූපේ ච උප්පජ්ජති චක්ඛුවිඤ්ඤාණං. තිණ්ණං සංගති ඵස්සෝ, ඵස්සපච්චයා වේදනා. සෝතඤ්ච පටිච්ච සද්දේ ච උප්පජ්ජති සෝතවිඤ්ඤාණං ….(පෙ)…. ඝානඤ්ච පටිච්ච ගන්ධේ ච උප්පජ්ජති ඝානවිඤ්ඤාණං ….(පෙ)…. ජිව්හඤ්ච පටිච්ච රසේ ච උප්පජ්ජති ජිව්හාවිඤ්ඤාණං ….(පෙ)…. කායඤ්ච පටිච්ච ඵොට්ඨබ්බේ ච උප්පජ්ජති කායවිඤ්ඤාණං ….(පෙ)…. මනඤ්ච පටිච්ච ධම්මේ ච උප්පජ්ජති මනෝවිඤ්ඤාණං. තිණ්ණං සංගති ඵස්සෝ, ඵස්සපච්චයා වේදනා. ‘ඡ වේදනාකායා වේදිතබ්බා’ති ඉති යං තං වුත්තං, ඉදමේතං පටිච්ච වුත්තං. ඉදං පඤ්චමං ඡක්කං.

‘වේදනාකාය හය අවබෝධ කළ යුතුයි’ කියා මෙසේ යම් ප්‍රකාශයක් කළා නම්, මෙය කුමන කරුණක් සඳහාද මා පැවසුවේ? එනම්; ඇසත් රූපත් හේතුකොට ගෙන ඇසේ විඤ්ඤාණය උපදිනවා. ඒ තුනේ එකතු වීම ස්පර්ශයයි. ස්පර්ශය හේතු කොට ගෙනයි විඳීම ඇතිවන්නේ. කනත් ශබ්දත් හේතුකොට ගෙන කනේ විඤ්ඤාණය උපදිනවා. ….(පෙ)…. නාසයත් ගඳ සුවඳත් හේතුකොට ගෙන නාසයේ විඤ්ඤාණය උපදිනවා. ….(පෙ)…. දිවත් රසයත් හේතුකොට ගෙන දිවේ විඤ්ඤාණය උපදිනවා. ….(පෙ)…. කයත් පහසත් හේතුකොට ගෙන කයේ විඤ්ඤාණය උපදිනවා. ….(පෙ)…. මනසත් අරමුණුත් හේතුකොට ගෙන මනෝ විඤ්ඤාණය උපදිනවා. ඒ තුනේ එකතු වීම ස්පර්ශයයි. ස්පර්ශය හේතු කොටගෙනයි විඳීම ඇතිවන්නේ. ‘වේදනාකාය හය අවබෝධ කළ යුතුයි’ කියා මෙසේ යම් ප්‍රකාශයක් කළා නම්, මෙය ප්‍රකාශ කරන ලද්දේ ඔය කරුණ සඳහායි.

‘ඡ තණ්හාකායා වේදිතබ්බා’ති ඉති ඛෝ පනේතං වුත්තං, කිඤ්චේතං පටිච්ච වුත්තං. චක්ඛුඤ්ච පටිච්ච රූපේ ච උප්පජ්ජති චක්ඛුවිඤ්ඤාණං, තිණ්ණං සංගති, ඵස්සෝ ඵස්සපච්චයා වේදනා, වේදනාපච්චයා තණ්හා, සෝතඤ්ච පටිච්ච සද්දේ ච උප්පජ්ජති සෝතවිඤ්ඤාණං ….(පෙ)…. ඝානඤ්ච පටිච්ච ගන්ධේ ච උප්පජ්ජති ඝානවිඤ්ඤාණං ….(පෙ)…. ජිව්හඤ්ච පටිච්ච රසේ ච උප්පජ්ජති ජිව්හාවිඤ්ඤාණං ….(පෙ)…. කායඤ්ච පටිච්ච ඵොට්ඨබ්බේ ච උප්පජ්ජති කායවිඤ්ඤාණං ….(පෙ)…. මනඤ්ච පටිච්ච ධම්මේ ච උප්පජ්ජති මනෝවිඤ්ඤාණං, තිණ්ණං සංගති ඵස්සෝ, ඵස්සපච්චයා වේදනා, වේදනාපච්චයා තණ්හා. ‘ඡ තණ්හාකායා වේදිතබ්බා’ති ඉති යං තං වුත්තං, ඉදමේතං පටිච්ච වුත්තං. ඉදං ඡට්ඨං ඡක්කං.

‘තණ්හාකාය හය අවබෝධ කළ යුතුයි’ කියා මෙසේ යම් ප්‍රකාශයක් කළා නම්, මෙය කුමන කරුණක් සඳහාද මා පැවසුවේ? එනම්; ඇසත් රූපත් හේතුකොට ගෙන ඇසේ විඤ්ඤාණය උපදිනවා. ඒ තුනේ එකතු වීම ස්පර්ශයයි. ස්පර්ශය හේතු කොටගෙනයි විඳීම ඇතිවන්නේ. විඳීම හේතු කොටගෙනයි තණ්හාව ඇතිවන්නේ. කනත් ශබ්දත් හේතුකොට ගෙන කනේ විඤ්ඤාණය උපදිනවා. ….(පෙ)…. නාසයත් ගඳ සුවඳත් හේතුකොට ගෙන නාසයේ විඤ්ඤාණය උපදිනවා. ….(පෙ)…. දිවත් රසයත් හේතුකොට ගෙන දිවේ විඤ්ඤාණය උපදිනවා. ….(පෙ)…. කයත් පහසත් හේතුකොට ගෙන කයේ විඤ්ඤාණය උපදිනවා. ….(පෙ)…. මනසත් අරමුණුත් හේතුකොට ගෙන මනෝ විඤ්ඤාණය උපදිනවා. ඒ තුනේ එකතු වීම ස්පර්ශයයි. ස්පර්ශය හේතු කොට ගෙනයි විඳීම ඇතිවන්නේ. විඳීම හේතු කොටගෙනයි තණ්හාව ඇතිවන්නේ. ‘තණ්හාකාය හය අවබෝධ කළ යුතුයි’ කියා මෙසේ යම් ප්‍රකාශයක් කළා නම්, මෙය ප්‍රකාශ කරන ලද්දේ ඔය කරුණ සඳහායි.

‘චක්ඛුං අත්තා’ති යෝ වදෙය්‍ය. තං න උපපජ්ජති. චක්ඛුස්ස උප්පාදෝපි වයෝපි පඤ්ඤායති. යස්ස ඛෝ පන උප්පාදෝපි වයෝපි පඤ්ඤායති, ‘අත්තා මේ උප්පජ්ජති ච වේති චා’ති ඉච්චස්ස ඒවමාගතං හෝති. තස්මා තං න උපපජ්ජති, ‘චක්ඛුං අත්තා’ති යෝ වදෙය්‍ය. ඉති චක්ඛුං අනත්තා.

ඇස ආත්මයක් ය කියලා කවුරුහරි කිව්වොත්, එය ගැලපෙන කථාවක් නොවෙයි. ඇසේ ඉපදීමත් පෙනෙනවා. වැනසීමත් පෙනෙනවා. යම් දෙයක ඉපදීමකුත් පෙනෙනවා නම්, වැනසීමකුත් පෙනෙනවා නම්, ‘මාගේ ආත්මය උපදිනවා වගේම වැනසී යනවා’ කියන දෘෂ්ටියයි ඔහුට ඇතිවන්නේ. එනිසා යමෙක් ඇස ආත්මයක් ය කියලා කියනවා නම්, එය හේතු යුක්ති ඇති කථාවක් නොවෙයි. මෙසේ ඇස අනාත්මයි.

‘රූපා අත්තා’ති යෝ වදෙය්‍ය. තං න උපපජ්ජති. රූපානං උප්පාදෝපි වයෝපි පඤ්ඤායති. යස්ස ඛෝ පන උප්පාදෝපි වයෝපි පඤ්ඤායති. ‘අත්තා මේ උප්පජ්ජති ච වේති චා’ති ඉච්චස්ස ඒවමාගතං හෝති. තස්මා තං න උපපජ්ජති ‘රූපා අත්තා’ති යෝ වදෙය්‍ය. ඉති චක්ඛුං අනත්තා රූපා අනත්තා.

රූප ආත්මයක් ය කියලා කවුරුහරි කිව්වොත්, එය ගැලපෙන කථාවක් නොවෙයි. රූපවල ඉපදීමත් පෙනෙනවා. වැනසීමත් පෙනෙනවා. යම් දෙයක ඉපදීමකුත් පෙනෙනවා නම්, වැනසීමකුත් පෙනෙනවා නම්, ‘මාගේ ආත්මය උපදිනවා වගේම වැනසී යනවා’ කියන දෘෂ්ටියයි ඔහුට ඇතිවන්නේ. එනිසා යමෙක් රූප ආත්මයක් ය කියලා කියනවා නම්, එය හේතු යුක්ති ඇති කථාවක් නොවෙයි. මෙසේ ඇසත් අනාත්මයි. රූපත් අනාත්මයි.

‘චක්ඛුවිඤ්ඤාණං අත්තා’ති යෝ වදෙය්‍ය. තං න උපපජ්ජති. චක්ඛුවිඤ්ඤාණස්ස උප්පාදෝපි වයෝපි පඤ්ඤායති. යස්ස ඛෝ පන උප්පාදෝපි වයෝපි පඤ්ඤායති, ‘අත්තා මේ උප්පජ්ජති ච වේති චා’ති ඉච්චස්ස ඒවමාගතං හෝති. තස්මා තං න උපපජ්ජති ‘චක්ඛුවිඤ්ඤාණං අත්තා’ති යෝ වදෙය්‍ය. ඉති චක්ඛුං අනත්තා, රූපා අනත්තා, චක්ඛුවිඤ්ඤාණං අනත්තා.

ඇසේ විඤ්ඤාණය ආත්මයක් ය කියලා කවුරුහරි කිව්වොත්, එය ගැලපෙන කථාවක් නොවෙයි. ඇසේ විඤ්ඤාණයේ ඉපදීමත් පෙනෙනවා. වැනසීමත් පෙනෙනවා. යම් දෙයක ඉපදීමකුත් පෙනෙනවා නම්, වැනසීමකුත් පෙනෙනවා නම්, ‘මාගේ ආත්මය උපදිනවා වගේම වැනසී යනවා’ කියන දෘෂ්ටියයි ඔහුට ඇතිවන්නේ. එනිසා යමෙක් ඇසේ විඤ්ඤාණය ආත්මයක් ය කියලා කියනවා නම්, එය හේතු යුක්ති ඇති කථාවක් නොවෙයි. මෙසේ ඇසත් අනාත්මයි. රූපත් අනාත්මයි. ඇසේ විඤ්ඤාණයත් අනාත්මයි.

‘චක්ඛුසම්ඵස්සෝ අත්තා’ති යෝ වදෙය්‍ය. තං න උපපජ්ජති. චක්ඛුසම්ඵස්සස්ස උප්පාදෝපි වයෝපි පඤ්ඤායති. යස්ස ඛෝ පන උප්පාදෝපි වයෝපි පඤ්ඤායති, ‘අත්තා මේ උප්පජ්ජති ච වේති චා’ති ඉච්චස්ස ඒවමාගතං හෝති. තස්මා තං න උපපජ්ජති ‘චක්ඛුසම්ඵස්සෝ අත්තා’ති යෝ වදෙය්‍ය. ඉති චක්ඛුං අනත්තා, රූපා අනත්තා, චක්ඛුවිඤ්ඤාණං අනත්තා, චක්ඛුසම්ඵස්සෝ අනත්තා.

ඇසේ ස්පර්ශය ආත්මයක් ය කියලා කවුරුහරි කිව්වොත්, එය ගැලපෙන කථාවක් නොවෙයි. ඇසේ ස්පර්ශයේ ඉපදීමත් පෙනෙනවා. වැනසීමත් පෙනෙනවා. යම් දෙයක ඉපදීමකුත් පෙනෙනවා නම්, වැනසීමකුත් පෙනෙනවා නම්, ‘මාගේ ආත්මය උපදිනවා වගේම වැනසී යනවා’ කියන දෘෂ්ටියයි ඔහුට ඇතිවන්නේ. එනිසා යමෙක් ඇසේ ස්පර්ශය ආත්මයක් ය කියලා කියනවා නම්, එය හේතු යුක්ති ඇති කථාවක් නොවෙයි. මෙසේ ඇසත් අනාත්මයි. රූපත් අනාත්මයි. ඇසේ විඤ්ඤාණයත් අනාත්මයි. ඇසේ ස්පර්ශයත් අනාත්මයි.

‘වේදනා අත්තා’ති යෝ වදෙය්‍ය. තං න උපපජ්ජති. වේදනාය උප්පාදෝපි වයෝපි පඤ්ඤායති. යස්ස ඛෝ පන උප්පාදෝපි වයෝපි පඤ්ඤායති, ‘අත්තා මේ උප්පජ්ජති ච වේති චා’ති ඉච්චස්ස ඒවමාගතං හෝති. තස්මා තං න උපපජ්ජති ‘වේදනා අත්තා’ති යෝ වදෙය්‍ය. ඉති චක්ඛුං අනත්තා, රූපා අනත්තා, චක්ඛුවිඤ්ඤාණං අනත්තා, චක්ඛුසම්ඵස්සෝ අනත්තා, වේදනා අනත්තා.

විඳීම ආත්මයක් ය කියලා කවුරුහරි කිව්වොත්, එය ගැලපෙන කථාවක් නොවෙයි. විඳීමේ ඉපදීමත් පෙනෙනවා. වැනසීමත් පෙනෙනවා. යම් දෙයක ඉපදීමකුත් පෙනෙනවා නම්, වැනසීමකුත් පෙනෙනවා නම්, ‘මාගේ ආත්මය උපදිනවා වගේම වැනසී යනවා’ කියන දෘෂ්ටියයි ඔහුට ඇතිවන්නේ. එනිසා යමෙක් විඳීම ආත්මයක් ය කියලා කියනවා නම්, එය හේතු යුක්ති ඇති කථාවක් නොවෙයි. මෙසේ ඇසත් අනාත්මයි. රූපත් අනාත්මයි. ඇසේ විඤ්ඤාණයත් අනාත්මයි. ඇසේ ස්පර්ශයත් අනාත්මයි. විඳීමත් අනාත්මයි.

‘තණ්හා අත්තා’ති යෝ වදෙය්‍ය. තං න උපපජ්ජති. තණ්හාය උප්පාදෝපි වයෝපි පඤ්ඤායති. යස්ස ඛෝ පන උප්පාදෝපි වයෝපි පඤ්ඤායති, ‘අත්තා මේ උප්පජ්ජති ච වේති චා’ති ඉච්චස්ස ඒවමාගතං හෝති. තස්මා තං න උපපජ්ජති ‘තණ්හා අත්තා’ති යෝ වදෙය්‍ය. ඉති චක්ඛුං අනත්තා, රූපා අනත්තා, චක්ඛුවිඤ්ඤාණං අනත්තා, චක්ඛුසම්ඵස්සෝ අනත්තා, වේදනා අනත්තා, තණ්හා අනත්තා.

තණ්හාව ආත්මයක් ය කියලා කවුරුහරි කිව්වොත්, එය ගැලපෙන කථාවක් නොවෙයි. තණ්හාවේ ඉපදීමත් පෙනෙනවා. වැනසීමත් පෙනෙනවා. යම් දෙයක ඉපදීමකුත් පෙනෙනවා නම්, වැනසීමකුත් පෙනෙනවා නම්, ‘මාගේ ආත්මය උපදිනවා වගේම වැනසී යනවා’ කියන දෘෂ්ටියයි ඔහුට ඇතිවන්නේ. එනිසා යමෙක් තණ්හාව ආත්මයක් ය කියලා කියනවා නම්, එය හේතු යුක්ති ඇති කථාවක් නොවෙයි. මෙසේ ඇසත් අනාත්මයි. රූපත් අනාත්මයි. ඇසේ විඤ්ඤාණයත් අනාත්මයි. ඇසේ ස්පර්ශයත් අනාත්මයි. විඳීමත් අනාත්මයි. තණ්හාවත් අනාත්මයි.

‘සෝතං අත්තා’ති යෝ වදෙය්‍ය ….(පෙ)…. ‘ඝානං අත්තා’ති යෝ වදෙය්‍ය ….(පෙ)…. ‘ජිව්හා අත්තා’ති යෝ වදෙය්‍ය ….(පෙ)…. ‘කායෝ අත්තා’ති යෝ වදෙය්‍ය ….(පෙ)…. ‘මනෝ අත්තා’ති යෝ වදෙය්‍ය. තං න උපපජ්ජති. මනස්ස උප්පාදෝපි වයෝපි පඤ්ඤායති, යස්ස ඛෝ පන උප්පාදෝපි වයෝපි පඤ්ඤායති. ‘අත්තා මේ උප්පජ්ජති ච වේති චා’ති ඉච්චස්ස ඒවමාගතං හෝති. තස්මා තං න උපපජ්ජති ‘මනෝ අත්තා’ති යෝ වදෙය්‍ය. ඉති මනෝ අනත්තා.

කන ආත්මයක් ය කියලා කවුරුහරි කිව්වොත්, ….(පෙ)…. නාසය ආත්මයක් ය කියලා කවුරුහරි කිව්වොත්, ….(පෙ)…. දිව ආත්මයක් ය කියලා කවුරුහරි කිව්වොත්, ….(පෙ)…. කය ආත්මයක් ය කියලා කවුරුහරි කිව්වොත්, ….(පෙ)…. මනස ආත්මයක් ය කියලා කවුරුහරි කිව්වොත්, එය ගැලපෙන කථාවක් නොවෙයි. මනසේ ඉපදීමත් පෙනෙනවා. වැනසීමත් පෙනෙනවා. යම් දෙයක ඉපදීමකුත් පෙනෙනවා නම්, වැනසීමකුත් පෙනෙනවා නම්, ‘මාගේ ආත්මය උපදිනවා වගේම වැනසී යනවා’ කියන දෘෂ්ටියයි ඔහුට ඇතිවන්නේ. එනිසා යමෙක් මනස ආත්මයක් ය කියලා කියනවා නම්, එය හේතු යුක්ති ඇති කථාවක් නොවෙයි. මෙසේ මනස අනාත්මයි.

‘ධම්මා අත්තා’ති යෝ වදෙය්‍ය. තං න උපපජ්ජති. ධම්මානං උප්පාදෝපි වයෝපි පඤ්ඤායති. යස්ස ඛෝ පන උප්පාදෝපි වයෝපි පඤ්ඤායති, ‘අත්තා මේ උප්පජ්ජති ච වේති චා’ති ඉච්චස්ස ඒවමාගතං හෝති. තස්මා තං න උපපජ්ජති. ‘ධම්මා අත්තා’ති යෝ වදෙය්‍ය. ඉති මනෝ අනත්තා ධම්මා අනත්තා.

අරමුණු ආත්මයක් ය කියලා කවුරුහරි කිව්වොත්, එය ගැලපෙන කථාවක් නොවෙයි. අරමුණුවල ඉපදීමත් පෙනෙනවා. වැනසීමත් පෙනෙනවා. යම් දෙයක ඉපදීමකුත් පෙනෙනවා නම්, වැනසීමකුත් පෙනෙනවා නම්, ‘මාගේ ආත්මය උපදිනවා වගේම වැනසී යනවා’ කියන දෘෂ්ටියයි ඔහුට ඇතිවන්නේ. එනිසා යමෙක් අරමුණු ආත්මයක් ය කියලා කියනවා නම්, එය හේතු යුක්ති ඇති කථාවක් නොවෙයි. මෙසේ මනසත් අනාත්මයි. අරමුණුත් අනාත්මයි.

‘මනෝවිඤ්ඤාණං අත්තා’ති යෝ වදෙය්‍ය. තං න උපපජ්ජති. මනෝවිඤ්ඤාණස්ස උප්පාදෝපි වයෝපි පඤ්ඤායති. යස්ස ඛෝ පන උප්පාදෝපි වයෝපි පඤ්ඤායති. ‘අත්තා මේ උප්පජ්ජති ච වේති චා’ති ඉච්චස්ස ඒවමාගතං හෝති. තස්මා තං න උපපජ්ජති ‘මනෝවිඤ්ඤාණං අත්තා’ති යෝ වදෙය්‍ය. ඉති මනෝ අනත්තා, ධම්මා අනත්තා, මනෝවිඤ්ඤාණං අනත්තා.

මනසේ විඤ්ඤාණය ආත්මයක් ය කියලා කවුරුහරි කිව්වොත්, එය ගැලපෙන කථාවක් නොවෙයි. මනසේ විඤ්ඤාණයේ ඉපදීමත් පෙනෙනවා. වැනසීමත් පෙනෙනවා. යම් දෙයක ඉපදීමකුත් පෙනෙනවා නම්, වැනසීමකුත් පෙනෙනවා නම්, ‘මාගේ ආත්මය උපදිනවා වගේම වැනසී යනවා’ කියන දෘෂ්ටියයි ඔහුට ඇතිවන්නේ. එනිසා යමෙක් මනසේ විඤ්ඤාණය ආත්මයක් ය කියලා කියනවා නම්, එය හේතු යුක්ති ඇති කථාවක් නොවෙයි. මෙසේ මනසත් අනාත්මයි. අරමුණුත් අනාත්මයි. මනසේ විඤ්ඤාණයත් අනාත්මයි.

‘මනෝසම්ඵස්සෝ අත්තා’ති යෝ වදෙය්‍ය. තං න උපපජ්ජති. මනෝසම්ඵස්සස්ස උප්පාදෝපි වයෝපි පඤ්ඤායති. යස්ස ඛෝ පන උප්පාදෝපි වයෝපි පඤ්ඤායති. ‘අත්තා මේ උප්පජ්ජති ච වේති චා’ති ඉච්චස්ස ඒවමාගතං හෝති. තස්මා තං න උපපජ්ජති ‘මනෝසම්ඵස්සෝ අත්තා’ති යෝ වදෙය්‍ය. ඉති මනෝ අනත්තා, ධම්මා අනත්තා, මනෝවිඤ්ඤාණං අනත්තා, මනෝසම්ඵස්සෝ අනත්තා.

මනසේ ස්පර්ශය ආත්මයක් ය කියලා කවුරුහරි කිව්වොත්, එය ගැලපෙන කථාවක් නොවෙයි. මනසේ ස්පර්ශයේ ඉපදීමත් පෙනෙනවා. වැනසීමත් පෙනෙනවා. යම් දෙයක ඉපදීමකුත් පෙනෙනවා නම්, වැනසීමකුත් පෙනෙනවා නම්, ‘මාගේ ආත්මය උපදිනවා වගේම වැනසී යනවා’ කියන දෘෂ්ටියයි ඔහුට ඇතිවන්නේ. එනිසා යමෙක් මනසේ ස්පර්ශය ආත්මයක් ය කියලා කියනවා නම්, එය හේතු යුක්ති ඇති කථාවක් නොවෙයි. මෙසේ මනසත් අනාත්මයි. අරමුණුත් අනාත්මයි. මනසේ විඤ්ඤාණයත් අනාත්මයි. මනසේ ස්පර්ශයත් අනාත්මයි.

‘වේදනා අත්තා’ති යෝ වදෙය්‍ය. තං න උපපජ්ජති. වේදනාය උප්පාදෝපි වයෝපි පඤ්ඤායති. යස්ස ඛෝ පන උප්පාදෝපි වයෝපි පඤ්ඤායති ‘අත්තා මේ උප්පජ්ජති ච වේති චා’ති ඉච්චස්ස ඒවමාගතං හෝති. තස්මා තං න උපපජ්ජති. ‘වේදනා අත්තා’ති යෝ වදෙය්‍ය. ඉති මනෝ අනත්තා, ධම්මා අනත්තා, මනෝවිඤ්ඤාණං අනත්තා, මනෝසම්ඵස්සෝ අනත්තා, වේදනා අනත්තා.

විඳීම ආත්මයක් ය කියලා කවුරුහරි කිව්වොත්, එය ගැලපෙන කථාවක් නොවෙයි. විඳීමේ ඉපදීමත් පෙනෙනවා. වැනසීමත් පෙනෙනවා. යම් දෙයක ඉපදීමකුත් පෙනෙනවා නම්, වැනසීමකුත් පෙනෙනවා නම්, ‘මාගේ ආත්මය උපදිනවා වගේම වැනසී යනවා’ කියන දෘෂ්ටියයි ඔහුට ඇතිවන්නේ. එනිසා යමෙක් විඳීම ආත්මයක් ය කියලා කියනවා නම්, එය හේතු යුක්ති ඇති කථාවක් නොවෙයි. මෙසේ මනසත් අනාත්මයි. අරමුණුත් අනාත්මයි. මනසේ විඤ්ඤාණයත් අනාත්මයි. මනසේ ස්පර්ශයත් අනාත්මයි. විඳීමත් අනාත්මයි.

‘තණ්හා අත්තා’ති යෝ වදෙය්‍ය. තං න උපපජ්ජති. තණ්හාය උප්පාදෝපි වයෝපි පඤ්ඤායති. යස්ස ඛෝ පන උප්පාදෝපි වයෝපි පඤ්ඤායති ‘අත්තා මේ උප්පජ්ජති ච වේති චා’ති ඉච්චස්ස ඒවමාගතං හෝති. තස්මා තං න උපපජ්ජති ‘තණ්හා අත්තා’ති යෝ වදෙය්‍ය. ඉති මනෝ අනත්තා, ධම්මා අනත්තා, මනෝවිඤ්ඤාණං අනත්තා, මනෝසම්ඵස්සෝ අනත්තා, වේදනා අනත්තා, තණ්හා අනත්තා.

තණ්හාව ආත්මයක් ය කියලා කවුරුහරි කිව්වොත්, එය ගැලපෙන කථාවක් නොවෙයි. තණ්හාවේ ඉපදීමත් පෙනෙනවා. වැනසීමත් පෙනෙනවා. යම් දෙයක ඉපදීමකුත් පෙනෙනවා නම්, වැනසීමකුත් පෙනෙනවා නම්, ‘මාගේ ආත්මය උපදිනවා වගේම වැනසී යනවා’ කියන දෘෂ්ටියයි ඔහුට ඇතිවන්නේ. එනිසා යමෙක් තණ්හාව ආත්මයක් ය කියලා කියනවා නම්, එය හේතු යුක්ති ඇති කථාවක් නොවෙයි. මෙසේ මනසත් අනාත්මයි. අරමුණුත් අනාත්මයි. මනසේ විඤ්ඤාණයත් අනාත්මයි. මනසේ ස්පර්ශයත් අනාත්මයි. විඳීමත් අනාත්මයි. තණ්හාවත් අනාත්මයි.

අයං ඛෝ පන භික්ඛවේ, සක්කාය සමුදයගාමිනී පටිපදා: චක්ඛුං ‘ඒතං මම, ඒසෝහමස්මි, ඒසෝ මේ අත්තා’ති සමනුපස්සති. රූපේ ‘ඒතං මම, ඒසෝහමස්මි, ඒසෝ මේ අත්තා’ති සමනුපස්සති. චක්ඛුවිඤ්ඤාණං ‘ඒතං මම, ඒසෝහමස්මි, ඒසෝ මේ අත්තා’ති සමනුපස්සති. චක්ඛුසම්ඵස්සං ‘ඒතං මම, ඒසෝහමස්මි, ඒසෝ මේ අත්තා’ති සමනුපස්සති. වේදනං ‘ඒතං මම, ඒසෝහමස්මි, ඒසෝ මේ අත්තා’ති සමනුපස්සති. තණ්හං ‘ඒතං මම, ඒසෝහමස්මි, ඒසෝ මේ අත්තා’ති සමනුපස්සති. සෝතං ‘ඒතං මම, ….(පෙ)…. ඝානං ‘ඒතං මම ….(පෙ)…. ජිව්හං ‘ඒතං මම ….(පෙ)…. කායං ‘ඒතං මම ….(පෙ)…. මනං ‘ඒතං මම, ඒසෝහමස්මි, ඒසෝ මේ අත්තා’ති සමනුපස්සති. ධම්මේ ‘ඒතං මම, ඒසෝහමස්මි, ඒසෝ මේ අත්තා’ති සමනුපස්සති. මනෝවිඤ්ඤාණං ‘ඒතං මම, ඒසෝහමස්මි, ඒසෝ මේ අත්තා’ති සමනුපස්සති. මනෝසම්ඵස්සං ‘ඒතං මම, ඒසෝහමස්මි, ඒසෝ මේ අත්තා’ති සමනුපස්සති. වේදනං ‘ඒතං මම, ඒසෝහමස්මි, ඒසෝ මේ අත්තා’ති සමනුපස්සති. තණ්හං ‘ඒතං මම, ඒසෝහමස්මි, ඒසෝ මේ අත්තා’ති සමනුපස්සති.

පින්වත් මහණෙනි, පංච උපාදානස්කන්ධය හටගන්නේ මෙන්න මේ වැඩපිළිවෙල නිසයි. ‘මෙය මම, මෙය මගේ, මෙය මාගේ ආත්මයයි’ කියලා ඇස ගැන මුලාවෙන් දකිනවා. ‘මෙය මම, මෙය මගේ, මෙය මාගේ ආත්මයයි’ කියලා රූප ගැන මුලාවෙන් දකිනවා. ‘මෙය මම, මෙය මගේ, මෙය මාගේ ආත්මයයි’ කියලා ඇසේ විඤ්ඤාණය ගැන මුලාවෙන් දකිනවා. ‘මෙය මම, මෙය මගේ, මෙය මාගේ ආත්මයයි’ කියලා ඇසේ ස්පර්ශය ගැන මුලාවෙන් දකිනවා. ‘මෙය මම, මෙය මගේ, මෙය මාගේ ආත්මයයි’ කියලා විඳීම ගැන මුලාවෙන් දකිනවා. ‘මෙය මම, මෙය මගේ, මෙය මාගේ ආත්මයයි’ කියලා තණ්හාව ගැන මුලාවෙන් දකිනවා.

‘මෙය මම, මෙය මගේ, මෙය මාගේ ආත්මයයි’ කියලා කන ගැන මුලාවෙන් දකිනවා. ….(පෙ)…. ‘මෙය මම, මෙය මගේ, මෙය මාගේ ආත්මයයි’ කියලා නාසය ගැන මුලාවෙන් දකිනවා. ….(පෙ)…. ‘මෙය මම, මෙය මගේ, මෙය මාගේ ආත්මයයි’ කියලා දිව ගැන මුලාවෙන් දකිනවා. ….(පෙ)…. ‘මෙය මම, මෙය මගේ, මෙය මාගේ ආත්මයයි’ කියලා කය ගැන මුලාවෙන් දකිනවා. ….(පෙ)…. ‘මෙය මම, මෙය මගේ, මෙය මාගේ ආත්මයයි’ කියලා මනස ගැන මුලාවෙන් දකිනවා. ‘මෙය මම, මෙය මගේ, මෙය මාගේ ආත්මයයි’ කියලා අරමුණු ගැන මුලාවෙන් දකිනවා. ‘මෙය මම, මෙය මගේ, මෙය මාගේ ආත්මයයි’ කියලා මනසේ විඤ්ඤාණය ගැන මුලාවෙන් දකිනවා. ‘මෙය මම, මෙය මගේ, මෙය මාගේ ආත්මයයි’ කියලා මනසේ ස්පර්ශය ගැන මුලාවෙන් දකිනවා. ‘මෙය මම, මෙය මගේ, මෙය මාගේ ආත්මයයි’ කියලා විඳීම ගැන මුලාවෙන් දකිනවා. ‘මෙය මම, මෙය මගේ, මෙය මාගේ ආත්මයයි’ කියලා තණ්හාව ගැන මුලාවෙන් දකිනවා.

අයං ඛෝ පන භික්ඛවේ, සක්කාය නිරෝධගාමිනී පටිපදා: චක්ඛුං ‘නේතං මම, නේසෝහමස්මි, න මේසෝ අත්තා’ති සමනුපස්සති. රූපේ ‘නේතං මම, නේසෝහමස්මි, න මේසෝ අත්තා’ති සමනුපස්සති. චක්ඛුවිඤ්ඤාණං ‘නේතං මම, නේසෝහමස්මි, න මේසෝ අත්තා’ති සමනුපස්සති. චක්ඛුසම්ඵස්සං ‘නේතං මම, නේසෝහමස්මි, න මේසෝ අත්තා’ති සමනුපස්සති. වේදනං ‘නේතං මම, නේසෝහමස්මි, න මේසෝ අත්තා’ති සමනුපස්සති. තණ්හං ‘නේතං මම, නේසෝහමස්මි, න මේසෝ අත්තා’ති සමනුපස්සති. සෝතං ‘නේතං මම ….(පෙ)…. ඝානං ‘නේතං මම ….(පෙ) ජිව්හං ‘නේතං මම ….(පෙ)…. කායං ‘නේතං මම ….(පෙ)…. මනං ‘නේතං මම, නේසෝහමස්මි, න මේසෝ අත්තා’ති සමනුපස්සති. ධම්මේ ‘නේතං මම, නේසෝහමස්මි, න මේසෝ අත්තා’ති සමනුපස්සති. මනෝවිඤ්ඤාණං ‘නේතං මම, නේසෝහමස්මි, න මේසෝ අත්තා’ති සමනුපස්සති. මනෝසම්ඵස්සං ‘නේතං මම, නේසෝහමස්මි, න මේසෝ අත්තා’ති සමනුපස්සති. වේදනං ‘නේතං මම, නේසෝහමස්මි, න මේසෝ අත්තා’ති සමනුපස්සති. තණ්හං ‘නේතං මම, නේසෝහමස්මි, න මේසෝ අත්තා’ති සමනුපස්සති.

පින්වත් මහණෙනි, පංච උපාදානස්කන්ධය නිරුද්ධ වන්නේ මෙන්න මේ වැඩපිළිවෙල නිසයි. ‘මෙය මම නොවේ, මෙය මගේ නොවේ, මෙය මාගේ ආත්මය නොවේ’ කියලා ඇස ගැන නුවණින් දකිනවා. ‘මෙය මම නොවේ, මෙය මගේ නොවේ, මෙය මාගේ ආත්මය නොවේ’ කියලා රූප ගැන නුවණින් දකිනවා. ‘මෙය මම නොවේ, මෙය මගේ නොවේ, මෙය මාගේ ආත්මය නොවේ’ කියලා ඇසේ විඤ්ඤාණය ගැන නුවණින් දකිනවා. ‘මෙය මම නොවේ, මෙය මගේ නොවේ, මෙය මාගේ ආත්මය නොවේ’ කියලා ඇසේ ස්පර්ශය ගැන නුවණින් දකිනවා. ‘මෙය මම නොවේ, මෙය මගේ නොවේ, මෙය මාගේ ආත්මය නොවේ’ කියලා විඳීම ගැන නුවණින් දකිනවා. ‘මෙය මම නොවේ, මෙය මගේ නොවේ, මෙය මාගේ ආත්මය නොවේ’ කියලා තණ්හාව ගැන නුවණින් දකිනවා.

‘මෙය මම නොවේ, මෙය මගේ නොවේ, මෙය මාගේ ආත්මය නොවේ’ කියලා කන ගැන නුවණින් දකිනවා. ….(පෙ)…. ‘මෙය මම නොවේ, මෙය මගේ නොවේ, මෙය මාගේ ආත්මය නොවේ’ කියලා නාසය ගැන නුවණින් දකිනවා. ….(පෙ)…. ‘මෙය මම නොවේ, මෙය මගේ නොවේ, මෙය මාගේ ආත්මය නොවේ’ කියලා දිව ගැන නුවණින් දකිනවා. ….(පෙ)…. ‘මෙය මම නොවේ, මෙය මගේ නොවේ, මෙය මාගේ ආත්මය නොවේ’ කියලා කය ගැන නුවණින් දකිනවා. ….(පෙ)…. ‘මෙය මම නොවේ, මෙය මගේ නොවේ, මෙය මාගේ ආත්මය නොවේ’ කියලා මනස ගැන නුවණින් දකිනවා. ‘මෙය මම නොවේ, මෙය මගේ නොවේ, මෙය මාගේ ආත්මය නොවේ’ කියලා අරමුණු ගැන නුවණින් දකිනවා. ‘මෙය මම නොවේ, මෙය මගේ නොවේ, මෙය මාගේ ආත්මය නොවේ’ කියලා මනසේ විඤ්ඤාණය ගැන නුවණින් දකිනවා. ‘මෙය මම නොවේ, මෙය මගේ නොවේ, මෙය මාගේ ආත්මය නොවේ’ කියලා මනසේ ස්පර්ශය ගැන නුවණින් දකිනවා. ‘මෙය මම නොවේ, මෙය මගේ නොවේ, මෙය මාගේ ආත්මය නොවේ’ කියලා විඳීම ගැන නුවණින් දකිනවා. ‘මෙය මම නොවේ, මෙය මගේ නොවේ, මෙය මාගේ ආත්මය නොවේ’ කියලා තණ්හාව ගැන නුවණින් දකිනවා.

චක්ඛුඤ්ච භික්ඛවේ, පටිච්ච රූපේ ච උප්පජ්ජති චක්ඛුවිඤ්ඤාණං. තිණ්ණං සංගති ඵස්සෝ. ඵස්සපච්චයා උප්පජ්ජති වේදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා. සෝ සුඛාය වේදනාය ඵුට්ඨෝ සමානෝ අභිනන්දති අභිවදති අජ්ඣෝසාය තිට්ඨති. තස්ස රාගානුසයෝ අනුසේති. දුක්ඛාය වේදනාය ඵුට්ඨෝ සමානෝ සෝචති කිලමති පරිදේවති උරත්තාළිං කන්දති සම්මෝහං ආපජ්ජති. තස්ස පටිඝානුසයෝ අනුසේති. අදුක්ඛමසුඛාය වේදනාය ඵුට්ඨෝ සමානෝ තස්සා වේදනාය සමුදයඤ්ච අත්ථංගමඤ්ච අස්සාදඤ්ච ආදීනවඤ්ච නිස්සරණඤ්ච යථාභූතං නප්පජානාති. තස්ස අවිජ්ජානුසයෝ අනුසේති. සෝ වත භික්ඛවේ, සුඛාය වේදනාය රාගානුසයං අප්පහාය දුක්ඛාය වේදනාය පටිඝානුසයං අප්පටිවිනෝදෙත්වා අදුක්ඛමසුඛාය වේදනාය අවිජ්ජානුසයං අසමූහනිත්වා අවිජ්ජං අප්පහාය විජ්ජං අනුප්පාදෙත්වා දිට්ඨේව ධම්මේ දුක්ඛස්සන්තකරෝ භවිස්සතීති නේතං ඨානං විජ්ජති.

පින්වත් මහණෙනි, ඇසත් රූපත් හේතුකොට ගෙන ඇසේ විඤ්ඤාණය උපදිනවා. ඒ තුනේ එකතු වීම ස්පර්ශයයි. ස්පර්ශය හේතු කොට ගෙන සැපක් වේවා, දුකක් වේවා, දුක් සැප රහිත බවක් වේවා, විඳීමක් උපදිනවා. එතකොට ඔහු සැප විඳීමෙන් ස්පර්ශයක් ලද විට එය සතුටින් පිළිගන්නවා. එහි ගුණ කියනවා. එහි ආශාවෙන් බැසගන්නවා. එතකොට අභ්‍යන්තරයේ රාගය තැන්පත් වෙනවා. දුක් වේදනාවකින් පහස ලැබෙන විට ඔහු ශෝක කරනවා. ක්ලාන්ත වෙනවා. වැළපෙනවා. ළයෙහි අත්ගසා ගන්නවා. සිහි මුළාවට පත්වෙනවා. එතකොට ඔහු තුළ පටිඝ අනුසය තැන්පත් වෙනවා. දුක්සැප රහිත විඳීමකින් පහස ලැබූ විට ඒ දුක් සැප රහිත විඳීම හටගත් අයුරුත්, නැතිවන අයුරුත්, එහි ආශ්වාදයත්, ආදීනවයත්, එයට නොඇලීමෙන් නිදහස් වීමත්, යථාභූත වශයෙන් හඳුනාගන්නෙ නෑ. එතකොට ඔහු තුළ අවිද්‍යා අනුසය තැන්පත් වෙනවා. පින්වත් මහණෙනි, ඒකාන්තයෙන්ම සැප විඳීමෙන් හටගන්නා රාග අනුසය දුරු නොකොට, දුක් විඳීමෙන් හටගන්නා පටිඝ අනුසය දුරු නොකොට, දුක් සැප රහිත විඳීමෙන් ඇතිවෙන අවිද්‍යා අනුසය මුලින්ම උපුටා නොදමා, අවිද්‍යාව ප්‍රහාණය නොකොට, විද්‍යාව නූපදවා මේ ජීවිතය තුළ දී දුක් කෙළවර කරන්නේය කියන කරුණ සිදුවෙන දෙයක් නම් නොවෙයි.

සෝතඤ්ච භික්ඛවේ, පටිච්ච සද්දේ ච උප්පජ්ජති සෝතවිඤ්ඤාණං. ….(පෙ)…. ඝානඤ්ච භික්ඛවේ, පටිච්ච ගන්ධේ ච උප්පජ්ජති ඝානවිඤ්ඤාණං. ….(පෙ)…. ජිව්හඤ්ච භික්ඛවේ, පටිච්ච රසේ ච උප්පජ්ජති ජිව්හාවිඤ්ඤාණං. ….(පෙ)…. කායඤ්ච භික්ඛවේ, පටිච්ච ඵොට්ඨබ්බේ ච උප්පජ්ජති කායවිඤ්ඤාණං. ….(පෙ)…. මනඤ්ච භික්ඛවේ පටිච්ච ධම්මේ ච උප්පජ්ජති මනෝවිඤ්ඤාණං. තිණ්ණං සංගති ඵස්සෝ. ඵස්සපච්චයා උප්පජ්ජති වේදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා. සෝ සුඛාය වේදනාය ඵුට්ඨෝ සමානෝ අභිනන්දති අභිවදති අජ්ඣෝසාය තිට්ඨති. තස්ස රාගානුසයෝ අනුසේති. දුක්ඛාය වේදනාය ඵුට්ඨෝ සමානෝ සෝචති කිලමති පරිදේවති උරත්තාළිං කන්දති සම්මෝහං ආපජ්ජති. තස්ස පටිඝානුසයෝ අනුසේති. අදුක්ඛමසුඛාය වේදනාය ඵුට්ඨෝ සමානෝ තස්සා වේදනාය සමුදයඤ්ච අත්ථංගමඤ්ච අස්සාදඤ්ච ආදීනවඤ්ච නිස්සරණඤ්ච යථාභූතං නප්පජානාති. තස්ස අවිජ්ජානුසයෝ අනුසේති. සෝ වත භික්ඛවේ, සුඛාය වේදනාය රාගානුසයං අප්පහාය දුක්ඛාය වේදනාය පටිඝානුසයං අප්පටිවිනෝදෙත්වා අදුක්ඛමසුඛාය වේදනාය අවිජ්ජානුසයං අසමූහනිත්වා අවිජ්ජං අප්පහාය විජ්ජං අනුප්පාදෙත්වා දිට්ඨේව ධම්මේ දුක්ඛස්සන්තකරෝ භවිස්සතීති නේතං ඨානං විජ්ජති.

පින්වත් මහණෙනි, කනත් ශබ්දත් හේතුකොට ගෙන කනේ විඤ්ඤාණය උපදිනවා. ….(පෙ)…. පින්වත් මහණෙනි, නාසයත් ගඳ සුවඳත් හේතුකොට ගෙන නාසයේ විඤ්ඤාණය උපදිනවා. ….(පෙ)…. පින්වත් මහණෙනි, දිවත් රසත් හේතුකොට ගෙන දිවේ විඤ්ඤාණය උපදිනවා. ….(පෙ)…. පින්වත් මහණෙනි, කයත් පහසත් හේතුකොට ගෙන කයේ විඤ්ඤාණය උපදිනවා. ….(පෙ)…. පින්වත් මහණෙනි, මනසත් අරමුණුත් හේතුකොට ගෙන මනසේ විඤ්ඤාණය උපදිනවා. ඒ තුනේ එකතු වීම ස්පර්ශයයි. ස්පර්ශය හේතු කොට ගෙන සැපක් වේවා, දුකක් වේවා, දුක් සැප රහිත බවක් වේවා, විඳීමක් උපදිනවා. එතකොට ඔහු සැප විඳීමෙන් ස්පර්ශයක් ලද විට එය සතුටින් පිළිගන්නවා. එහි ගුණ කියනවා. එහි ආශාවෙන් බැසගන්නවා. එතකොට අභ්‍යන්තරයේ රාගය තැන්පත් වෙනවා. දුක් වේදනාවකින් පහස ලැබෙන විට ඔහු ශෝක කරනවා. ක්ලාන්ත වෙනවා. වැළපෙනවා. ළයෙහි අත්ගසා ගන්නවා. සිහි මුළාවට පත්වෙනවා. එතකොට ඔහු තුළ පටිඝ අනුසය තැන්පත් වෙනවා. දුක්සැප රහිත විඳීමකින් පහස ලැබූ විට ඒ දුක් සැප රහිත විඳීම හටගත් අයුරුත්, නැතිවන අයුරුත්, එහි ආශ්වාදයත්, ආදීනවයත්, එයට නොඇලීමෙන් නිදහස් වීමත්, යථාභූත වශයෙන් හඳුනාගන්නෙ නෑ. එතකොට ඔහු තුළ අවිද්‍යා අනුසය තැන්පත් වෙනවා. පින්වත් මහණෙනි, ඒකාන්තයෙන්ම සැප විඳීමෙන් හටගන්නා රාග අනුසය දුරු නොකොට, දුක් විඳීමෙන් හටගන්නා පටිඝ අනුසය දුරු නොකොට, දුක් සැප රහිත විඳීමෙන් ඇතිවෙන අවිද්‍යා අනුසය මුලින්ම උපුටා නොදමා, අවිද්‍යාව ප්‍රහාණය නොකොට, විද්‍යාව නූපදවා මේ ජීවිතය තුළ දී දුක් කෙළවර කරන්නේය කියන කරුණ සිදුවෙන දෙයක් නම් නොවෙයි.

චක්ඛුඤ්ච ඛෝ භික්ඛවේ, පටිච්ච රූපේ ච උප්පජ්ජති චක්ඛුවිඤ්ඤාණං, තිණ්ණං සංගති ඵස්සෝ, ඵස්සපච්චයා උප්පජ්ජති වේදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා. සෝ සුඛාය වේදනාය ඵුට්ඨෝ සමානෝ නාභිනන්දති, නාභිවදති, නාජ්ඣෝසාය තිට්ඨති. තස්ස රාගානුසයෝ නානුසේති. දුක්ඛාය වේදනාය ඵුට්ඨෝ සමානෝ න සෝචති, න කිලමති, න පරිදේවති, න උරත්තාළිං කන්දති, න සම්මෝහං ආපජ්ජති. තස්ස පටිඝානුසයෝ නානුසේති. අදුක්ඛමසුඛාය වේදනාය ඵුට්ඨෝ සමානෝ තස්සා වේදනාය සමුදයඤ්ච අත්ථංගමඤ්ච අස්සාදඤ්ච ආදීනවඤ්ච නිස්සරණඤ්ච යථාභූතං පජානාති. තස්ස අවිජ්ජානුසයෝ නානුසේති. සෝ වත භික්ඛවේ, සුඛාය වේදනාය රාගානුසයං පහාය දුක්ඛාය වේදනාය පටිඝානුසයං පටිවිනෝදෙත්වා අදුක්ඛමසුඛාය වේදනාය අවිජ්ජානුසයං සමූහනිත්වා අවිජ්ජං පහාය විජ්ජං උප්පාදෙත්වා දිට්ඨේව ධම්මේ දුක්ඛස්සන්තකරෝ භවිස්සතීති ඨානමේතං විජ්ජති.

පින්වත් මහණෙනි, ඇසත් රූපත් හේතුකොට ගෙන ඇසේ විඤ්ඤාණය උපදිනවා. ඒ තුනේ එකතු වීම ස්පර්ශයයි. ස්පර්ශය හේතු කොට ගෙන සැපක් වේවා, දුකක් වේවා, දුක් සැප රහිත බවක් වේවා, විඳීමක් උපදිනවා. එතකොට ඔහු සැප විඳීමෙන් ස්පර්ශයක් ලද විට එය සතුටින් පිළිගන්නෙ නෑ. එහි ගුණ කියන්නෙ නෑ. එහි ආශාවෙන් බැසගන්නෙ නෑ. එතකොට අභ්‍යන්තරයේ රාගය තැන්පත් වෙන්නෙ නෑ. දුක් වේදනාවකින් පහස ලැබෙන විට ඔහු ශෝක කරන්නෙ නෑ. ක්ලාන්ත වෙන්නෙ නෑ. වැළපෙන්නෙ නෑ. ළයෙහි අත්ගසා ගන්නෙ නෑ. සිහි මුළාවට පත්වෙන්නෙ නෑ. එතකොට ඔහු තුළ පටිඝ අනුසය තැන්පත් වෙන්නෙ නෑ. දුක්සැප රහිත විඳීමකින් පහස ලැබූ විට ඒ දුක් සැප රහිත විඳීම හටගත් අයුරුත්, නැතිවන අයුරුත්, එහි ආශ්වාදයත්, ආදීනවයත්, එයට නොඇලීමෙන් නිදහස් වීමත්, යථාභූත වශයෙන් හඳුනාගන්නවා. එතකොට ඔහු තුළ අවිද්‍යා අනුසය තැන්පත් වෙන්නෙ නෑ. පින්වත් මහණෙනි, ඒකාන්තයෙන්ම සැප විඳීමෙන් හටගන්නා රාග අනුසය දුරු කොට, දුක් විඳීමෙන් හටගන්නා පටිඝ අනුසය දුරු කොට, දුක් සැප රහිත විඳීමෙන් ඇතිවෙන අවිද්‍යා අනුසය මුලින්ම උපුටා දමා, අවිද්‍යාව ප්‍රහාණය කොට, විද්‍යාව උපදවා මේ ජීවිතය තුළදී දුක් කෙළවර කරන්නේය කියන කරුණ සිදුවෙන දෙයක්ම යි.

සෝතඤ්ච භික්ඛවේ, පටිච්ච සද්දේ ච උප්පජ්ජති සෝතවිඤ්ඤාණං ….(පෙ)….. ඝානඤ්ච භික්ඛවේ, පටිච්ච ගන්ධේ ච උප්පජ්ජති ඝානවිඤ්ඤාණං ….(පෙ)….. ජිව්හඤ්ච භික්ඛවේ, පටිච්ච රසේ ච උප්පජ්ජති ජිව්හාවිඤ්ඤාණං ….(පෙ)…. කායඤ්ච භික්ඛවේ, පටිච්ච ඵොට්ඨබ්බේ ච උප්පජ්ජති කායවිඤ්ඤාණං ….(පෙ)….. මනඤ්ච භික්ඛවේ, පටිච්ච ධම්මේ ච උප්පජ්ජති මනෝවිඤ්ඤාණං. තිණ්ණං සංගති ඵස්සෝ, ඵස්සපච්චයා උප්පජ්ජති වේදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා. සෝ සුඛාය වේදනාය ඵුට්ඨෝ සමානෝ නාභිනන්දති, නාභිවදති, නාජ්ඣෝසාය තිට්ඨති. තස්ස රාගානුසයෝ නානුසේති. සෝ දුක්ඛාය වේදනාය ඵුට්ඨෝ සමානෝ ….(පෙ)…. සෝ අදුක්ඛමසුඛාය වේදනාය ඵුට්ඨෝ සමානෝ තස්සා වේදනාය සමුදයඤ්ච අත්ථංගමඤ්ච අස්සාදඤ්ච ආදීනවඤ්ච නිස්සරණඤ්ච යථාභූතං පජානාති. තස්ස අවිජ්ජානුසයෝ නානුසේති. සෝ වත භික්ඛවේ, සුඛාය වේදනාය රාගානුසයං පහාය දුක්ඛාය වේදනාය පටිඝානුසයං පටිවිනෝදෙත්වා අදුක්ඛමසුඛාය වේදනාය අවිජ්ජානුසයං සමූහනිත්වා අවිජ්ජං පහාය විජ්ජං උප්පාදෙත්වා දිට්ඨේව ධම්මේ දුක්ඛස්සන්තකරෝ භවිස්සතීති ඨානමේතං විජ්ජති.

පින්වත් මහණෙනි, කනත් ශබ්දත් හේතුකොට ගෙන කනේ විඤ්ඤාණය උපදිනවා. ….(පෙ)…. පින්වත් මහණෙනි, නාසයත් ගඳ සුවඳත් හේතුකොට ගෙන නාසයේ විඤ්ඤාණය උපදිනවා. ….(පෙ)…. පින්වත් මහණෙනි, දිවත් රසත් හේතුකොට ගෙන දිවේ විඤ්ඤාණය උපදිනවා. ….(පෙ)…. පින්වත් මහණෙනි, කයත් පහසත් හේතුකොට ගෙන කයේ විඤ්ඤාණය උපදිනවා. ….(පෙ)…. පින්වත් මහණෙනි, මනසත් අරමුණුත් හේතුකොට ගෙන මනසේ විඤ්ඤාණය උපදිනවා. ඒ තුනේ එකතු වීම ස්පර්ශයයි. ස්පර්ශය හේතු කොට ගෙන සැපක් වේවා, දුකක් වේවා, දුක් සැප රහිත බවක් වේවා, විඳීමක් උපදිනවා. එතකොට ඔහු සැප විඳීමෙන් ස්පර්ශයක් ලද විට එය සතුටින් පිළිගන්නෙ නෑ. එහි ගුණ කියන්නෙ නෑ. එහි ආශාවෙන් බැසගන්නෙ නෑ. එතකොට අභ්‍යන්තරයේ රාගය තැන්පත් වෙන්නෙ නෑ. දුක් වේදනාවකින් පහස ලැබෙන විට ඔහු ශෝක කරන්නෙ නෑ. ක්ලාන්ත වෙන්නෙ නෑ. වැළපෙන්නෙ නෑ. ළයෙහි අත් ගසා ගන්නෙ නෑ. සිහි මුළාවට පත්වෙන්නෙ නෑ. එතකොට ඔහු තුළ පටිඝ අනුසය තැන්පත් වෙන්නෙ නෑ. දුක්සැප රහිත විඳීමකින් පහස ලැබූ විට ඒ දුක් සැප රහිත විඳීම හටගත් අයුරුත්, නැතිවන අයුරුත්, එහි ආශ්වාදයත්, ආදීනවයත්, එයට නොඇලීමෙන් නිදහස් වීමත්, යථාභූත වශයෙන් හඳුනා ගන්නවා. එතකොට ඔහු තුළ අවිද්‍යා අනුසය තැන්පත් වෙන්නෙ නෑ. පින්වත් මහණෙනි, ඒකාන්තයෙන්ම සැප විඳීමෙන් හටගන්නා රාග අනුසය දුරු කොට, දුක් විඳීමෙන් හටගන්නා පටිඝ අනුසය දුරු කොට, දුක් සැප රහිත විඳීමෙන් ඇතිවෙන අවිද්‍යා අනුසය මුලින්ම උපුටා දමා, අවිද්‍යාව ප්‍රහාණය කොට, විද්‍යාව උපදවා මේ ජීවිතය තුළදී දුක් කෙළවර කරන්නේය කියන කරුණ සිදුවෙන දෙයක්ම යි.

ඒවං පස්සං භික්ඛවේ, සුතවා අරියසාවකෝ චක්ඛුස්මිං නිබ්බින්දති, රූපේසු නිබ්බින්දති, චක්ඛුවිඤ්ඤාණේ නිබ්බින්දති, චක්ඛුසම්ඵස්සේ නිබ්බින්දති, වේදනාය නිබ්බින්දති, තණ්හාය නිබ්බින්දති. සෝතස්මිං නිබ්බින්දති, සද්දේසු නිබ්බින්දති ….(පෙ)…. ඝානස්මිං නිබ්බින්දති, ගන්ධේසු නිබ්බින්දති ….(පෙ)…. ජිව්හාය නිබ්බින්දති, රසේසු නිබ්බින්දති ….(පෙ)…. කායස්මිං නිබ්බින්දති, ඵොට්ඨබ්බේසු නිබ්බින්දති ….(පෙ)…. මනස්මිං නිබ්බින්දති, ධම්මේසු නිබ්බින්දති, මනෝවිඤ්ඤාණේ නිබ්බින්දති, මනෝසම්ඵස්සේ නිබ්බින්දති, වේදනාය නිබ්බින්දති, තණ්හාය නිබ්බින්දති, නිබ්බින්දං විරජ්ජති, විරාගා විමුච්චති, විමුත්තස්මිං විමුත්තමිති ඤාණං හෝති: ‘ඛීණා ජාති, වුසිතං බ්‍රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායා’ති පජානාතීති.

පින්වත් මහණෙනි, ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා මේ අයුරින් නුවණින් දකින විට, ඇස කෙරෙහිත් අවබෝධයෙන්ම කළකිරෙනවා. රූප කෙරෙහිත් අවබෝධයෙන්ම කළකිරෙනවා. ඇසේ විඤ්ඤාණය කෙරෙහිත් අවබෝධයෙන්ම කළකිරෙනවා. ඇසේ ස්පර්ශය කෙරෙහිත් අවබෝධයෙන්ම කළකිරෙනවා. විඳීම කෙරෙහිත් අවබෝධයෙන්ම කළකිරෙනවා. තණ්හාව කෙරෙහිත් අවබෝධයෙන්ම කළකිරෙනවා. කන කෙරෙහිත් අවබෝධයෙන්ම කළකිරෙනවා. ….(පෙ)…. නාසය කෙරෙහිත් අවබෝධයෙන්ම කළකිරෙනවා. ….(පෙ)…. දිව කෙරෙහිත් අවබෝධයෙන්ම කළකිරෙනවා. ….(පෙ)…. කය කෙරෙහිත් අවබෝධයෙන්ම කළකිරෙනවා. ….(පෙ)…. මනස කෙරෙහිත් අවබෝධයෙන්ම කළකිරෙනවා. අරමුණු කෙරෙහිත් අවබෝධයෙන්ම කළකිරෙනවා. මනෝ විඤ්ඤාණය කෙරෙහිත් අවබෝධයෙන්ම කළකිරෙනවා. මනසේ ස්පර්ශය කෙරෙහිත් අවබෝධයෙන්ම කළකිරෙනවා. විඳීම කෙරෙහිත් අවබෝධයෙන්ම කළකිරෙනවා. තණ්හාව කෙරෙහිත් අවබෝධයෙන්ම කළකිරෙනවා. කළකිරුනු විට එහි සිත නොඇලී යනවා. නොඇලුණු විට, එයින් නිදහස් වෙනවා. නිදහස් වූ විට විමුක්තියට පත් වූ බවට අවබෝධ ඤාණය ඇතිවෙනවා. ‘ඉපදීම ක්ෂය වුණා. බඹසර වාසය සම්පූර්ණ කළා. කළ යුත්ත කළා. නිවන් පිණිස කළ යුතු වෙන දෙයක් නැතැ’යි අවබෝධ කරගන්නවා.

ඉදමවෝච භගවා. අත්තමනා තේ භික්ඛූ භගවතෝ භාසිතං අභිනන්දුන්ති. ඉමස්මිඤ්ච ඛෝ පන වෙය්‍යාකරණස්මිං භඤ්ඤමානේ සට්ඨිමත්තානං භික්ඛූනං අනුපාදාය ආසවේහි චිත්තානි විමුච්චිංසූති.

භාග්‍යවතුන් වහන්සේ මේ උතුම් දේශනය වදාළා. ඒ දේශනය ගැන ඒ භික්ෂූන් වහන්සේලා ගොඩක් සතුටු වුනා. භාග්‍යවතුන් වහන්සේ වදාළ මේ දේශනය සතුටින් පිළිගත්තා. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙම ගාථා රහිත දේශනය වදාරද්දී සැට නමක් පමණ වූ භික්ෂූන් වහන්සේලාගේ සිත් උපාදාන රහිතව ආශ්‍රවයන්ගෙන් නිදහස් වුනා.

සාදු! සාදු!! සාදු!!!

ඡ ඡක්ක සුත්තං ඡට්ඨං.

හයේ ඒවා හයක් ගැන වදාළ දෙසුම නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/mn3_3-5-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M