මජ්ඣිම නිකාය

උපරි පණ්ණාසකෝ

3.5.10. ඉන්ද්‍රියභාවනා සුත්තං

3.5.10. ඉන්ද්‍රිය භාවනාව ගැන වදාළ දෙසුම

ඒවං මේ සුතං: ඒකං සමයං භගවා කජංගලායං විහරති මුඛේලු‍වනේ. අථ ඛෝ උත්තරෝ මාණවෝ පාරාසරියන්තේවාසී යේන භගවා, තේනුපසංකමි. උපසංකමිත්වා භගවතා සද්ධිං සම්මෝදි. සම්මෝදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා ඒකමන්තං නිසීදි. ඒකමන්තං නිසින්නං ඛෝ උත්තරං මාණවං පාරාසරියන්තේවාසිං භගවා ඒතදවෝච:

මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. එසමයෙහි භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ කජංගලා නම් නියම් ගමෙහි මුඛේලු වනයෙහි ය. එදා පාරාසරිය බ්‍රාහ්මණයාගේ ගෝලයෙකු වන උත්තර මාණවකයා භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියා. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමඟ සතුටු වුනා. සතුටුවිය යුතු පිළිසඳර කතාබහේ යෙදී එකත්පස්ව හිඳගත්තා. එකත්පස්ව හුන් පාරාසරිය අතවැසි උත්තර මාණවකයා හට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළා.

දේසේති උත්තර, පාරාසරියෝ බ්‍රාහ්මණෝ සාවකානං ඉන්ද්‍රියභාවනන්ති.

“පින්වත් උත්තරය, පාරාසරිය බ්‍රාහ්මණයා, ශ්‍රාවකයන්ට ඉන්ද්‍රිය භාවනාව කියා දෙනවාද?”

දේසේති භෝ ගෝතම, පාරාසරියෝ බ්‍රාහ්මණෝ සාවකානං ඉන්ද්‍රියභාවනන්ති.

“භවත් ගෞතමය, පාරාසරිය බ්‍රාහ්මණයා, ශ්‍රාවකයන්ට ඉන්ද්‍රිය භාවනාව කියා දෙනවා.”

යථා කථං පන උත්තර, දේසේති පාරාසරියෝ බ්‍රාහ්මණෝ සාවකානං ඉන්ද්‍රියභාවනන්ති.

“පින්වත් උත්තරය, පාරාසරිය බ්‍රාහ්මණයා, ශ්‍රාවකයන්ට ඉන්ද්‍රිය භාවනාව කියා දෙන්නේ කොහොමද?”

ඉධ භෝ ගෝතම, චක්ඛුනා රූපං න පස්සති, සෝතේන සද්දං න සුණාති. ඒවං ඛෝ භෝ ගෝතම, දේසේති පාරාසරියෝ බ්‍රාහ්මණෝ සාවකානං ඉන්ද්‍රියභාවනන්ති.

“භවත් ගෞතමයන් වහන්ස, මෙහිලා ඇසින් රූපයක් දකින්නේ නැත්නම්, කනෙන් ශබ්දයක් අසන්නේ නැත්නම්, භවත් ගෞතමයන් වහන්ස, ඔන්න ඔය විදිහටයි පාරාසරිය බ්‍රාහ්මණයා, ශ්‍රාවකයන්ට ඉන්ද්‍රිය භාවනාව කියා දෙන්නේ.”

ඒවං සන්තේ ඛෝ උත්තර, අන්ධෝ භාවිතින්ද්‍රියෝ භවිස්සති, බධිරෝ භාවිතින්ද්‍රියෝ භවිස්සති. යථා පාරාසරියස්ස බ්‍රාහ්මණස්ස වචනං. අන්ධෝ හි උත්තර, චක්ඛුනා රූපං න පස්සති. බධිරෝ සෝතේන සද්දං න සුණාතීති.

“පින්වත් උත්තරය, ඒක එහෙම නම්, පාරාසරිය බ්‍රාහ්මණයාගේ වචනයේ හැටියට, අන්ධ කෙනා ඉන්ද්‍රියයන් වඩලයි ඉන්නේ. ඒ වගේම බිහිරි තැනැත්තාත් ඉන්ද්‍රියයන් වඩලයි ඉන්නේ. පින්වත් උත්තරය, අන්ධ කෙනා ඇසින් රූපයක් දකින්නේ නැහැ නෙව. බිහිරි කෙනා කනෙන් ශබ්දයක් අසන්නේ නැහැ නෙව.”

ඒවං වුත්තේ උත්තරෝ මාණවෝ පාරාසරියන්තේවාසී තුණ්හීභූතෝ මංකුභූතෝ පත්තක්ඛන්ධෝ අධෝමුඛෝ පජ්ඣායන්තෝ අප්පටිභානෝ නිසීදි.

මෙසේ වදාළ විට පාරාසරිය අතවැසි උත්තර මාණවකයා නිශ්ශබ්ද වුනා. හැකිළුනා. ඇඟ පහළට හරවා ගත්තා. මුහුණ යටට හරවා ගත්තා. වැටහීම් රහිත වූ සිතුවිල්ලෙන් හිටියා.

අථ ඛෝ භගවා උත්තරං මාණවං පාරාසරියන්තේවාසිං තුණ්හීභූතං මංකුභූතං පත්තක්ඛන්ධං අධෝමුඛං පජ්ඣායන්තං අප්පටිභානං විදිත්වා ආයස්මන්තං ආනන්දං ආමන්තේසි: ‘අඤ්ඤථා ඛෝ ආනන්ද, දේසේති පාරාසරියෝ බ්‍රාහ්මණෝ සාවකානං ඉන්ද්‍රියභාවනං, අඤ්ඤථා ච පනානන්ද අරියස්ස විනයේ අනුත්තරා ඉන්ද්‍රියභාවනා හෝතී’ති.

එවිට භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්දව සිටින, හැකිලී ගිය, ඇඟ පහළට හරවා ගත්, මුහුණ යටට හරවා ගත්, වැටහීම් රහිත සිතුවිල්ලෙන් සිටින ඒ පාරාසරිය අතවැසි උත්තර මාණවකයා දෙස බලා ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ අමතා වදාළා.

“පින්වත් ආනන්ද, පාරාසරිය බ්‍රාහ්මණයා ශ්‍රාවකයින්ට ඉන්ද්‍රිය භාවනාව කියා දෙන්නේ වෙනත් විදිහකටයි. ඒ වගේම පින්වත් ආනන්ද, මේ බුද්ධ ශාසනයෙහි අනුත්තර වූ ඉන්ද්‍රිය භාවනාව තියෙන්නේ වෙනත් විදිහකටයි.”

ඒතස්ස භගවා කාලෝ, ඒතස්ස සුගත කාලෝ, යං භගවා අරියස්ස විනයේ අනුත්තරං ඉන්ද්‍රියභාවනං දේසෙය්‍ය, භගවතෝ සුත්වා භික්ඛූ ධාරෙස්සන්තී’ති.

“භාග්‍යවතුන් වහන්ස, මේ එයට කාලයයි. සුගතයන් වහන්ස, මේ එයට කාලයයි. භාග්‍යවතුන් වහන්සේ මේ බුද්ධ ශාසනයෙහි යම් අනුත්තර වූ ඉන්ද්‍රිය භාවනා ධර්මයක් දේශනා කරන සේක් නම්, භාග්‍යවතුන් වහන්සේ ගෙන් අසා භික්ෂූන් වහන්සේලා මතක තබාගන්නවාම යි.”

තේන’හානන්ද, සුණාහි සාධුකං මනසිකරෝහි භාසිස්සාමීති.

“එසේ වී නම් පින්වත් ආනන්ද, සවන් යොමා අසන්න. නුවණින් මෙනෙහි කරන්න. මා කියා දෙන්නම්.”

ඒවං භන්තේති ඛෝ ආයස්මා ආනන්දෝ භගවතෝ පච්චස්සෝසි. භගවා ඒතදවෝච:

“එසේය, ස්වාමීනී” කියල ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නා. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළා.

කථඤ්චානන්ද, අරියස්ස විනයේ අනුත්තරා ඉන්ද්‍රියභාවනා හෝති: ඉධානන්ද, භික්ඛුනෝ චක්ඛුනා රූපං දිස්වා උප්පජ්ජති මනාපං, උප්පජ්ජති අමනාපං, උප්පජ්ජති මනාපාමනාපං. සෝ ඒවං පජානාති: ‘උප්පන්නං ඛෝ මේ ඉදං මනාපං උප්පන්නං අමනාපං උප්පන්නං මනාපාමනාපං. තඤ්ච ඛෝ සංඛතං ඕළාරිකං පටිච්චසමුප්පන්නං. ඒතං සන්තං ඒතං පණීතං යදිදං උපෙක්ඛා’ති. තස්ස තං උප්පන්නං මනාපං උප්පන්නං අමනාපං උප්පන්නං මනාපාමනාපං නිරුජ්ඣති, උපෙක්ඛා සණ්ඨාති. සෙය්‍යථාපි ආනන්ද, චක්ඛුමා පුරිසෝ උම්මීලෙත්වා වා නිමීලෙය්‍ය නිමීලෙත්වා වා උම්මීලෙය්‍ය. ඒවමේව ඛෝ ආනන්ද, යස්ස කස්සචි ඒවං සීඝං ඒවං තුවටං ඒවං අප්පකසිරේන උප්පන්නං මනාපං උප්පන්නං අමනාපං උප්පන්නං මනාපාමනාපං නිරුජ්ඣති, උපෙක්ඛා සණ්ඨාති. අයං වුච්චතානන්ද, අරියස්ස විනයේ අනුත්තරා ඉන්ද්‍රියභාවනා චක්ඛුවිඤ්ඤෙය්‍යේසු රූපේසු.

“පින්වත් ආනන්ද, ආර්ය විනයෙහි අනුත්තර වූ ඉන්ද්‍රිය භාවනාව තිබෙන්නේ කොහොමද? පින්වත් ආනන්ද, මේ ශාසනයෙහි භික්ෂුවට ඇසින් රූපයක් දැක්ක විට කැමැත්තක් ඇතිවෙනවා. අකැමැත්තකුත් ඇතිවෙනවා. ඒ වගේම මනාප අමනාප දෙකම ඇතිවෙනවා. එතකොට ඔහු මෙහෙමයි දැනගන්නේ. ‘මට මේ කැමැත්තක් උපන්නා. අකැමැත්තක් උපන්නා. මනාප අමනාප බව උපන්නා. මේකත් හේතු ඵල දහමින් හැදෙන දෙයක්. ගොරෝසු දෙයක්. පටිච්චසමුප්පාදයෙන් හැදුණු දෙයක්. ඒ නිසා යම් උපේක්ෂාවක් ඇද්ද, එයයි ශාන්ත. එය යි ප්‍රණීත’ කියලා. ඉතින් එතකොට ඔහු තුළ උපන් කැමැත්තත්, උපන් අකමැත්තත්, උපන් මනාප අමනාප බවත් නිරුද්ධ වෙනවා. උපේක්ෂාව තුළ පිහිටනවා. පින්වත් ආනන්ද, ඒක මේ වගේ දෙයක්. පුරුෂයෙක් ඇස් ඇර බලා ආයෙමත් ඇස් පියාගන්නවාද, ඇස් පියාගෙන ආයෙමත් ඇස් ඇර බලනවාද, පින්වත් ආනන්ද, අන්න ඒ වගේ තමයි යම් භික්ෂුවකට ඔය විදිහට වේගයෙන් ඔය විදිහට ඉක්මනින්, ඔය විදිහට සුළු මහන්සියකින් උපන් කැමැත්තත්, උපන් අකැමැත්තත්, උපන් මනාප අමනාප බවත් නිරුද්ධ වෙනවාද, උපේක්ෂාව පිහිටනවාද, පින්වත් ආනන්ද, ආර්ය විනයෙහි ඇසින් දත යුතු රූපයන් පිළිබඳව අනුත්තර වූ ඉන්ද්‍රිය භාවනාව කියන්නේ මෙයටයි.

පුන ච පරං ආනන්ද, භික්ඛුනෝ සෝතේන සද්දං සුත්වා උප්පජ්ජති මනාපංල උප්පජ්ජති අමනාපංල උප්පජ්ජති මනාපාමනාපං. සෝ ඒවං පජානාති: උප්පන්නං ඛෝ මේ ඉදං මනාපංල උප්පන්නං අමනාපංල උප්පන්නං මනාපාමනාපං. තඤ්ච ඛෝ සංඛතං ඕළාරිකං පටිච්චසමුප්පන්නං. ඒතං සන්තං ඒතං පණීතං යදිදං උපෙක්ඛා’ති. තස්ස තං උප්පන්නං මනාපං උප්පන්නං අමනාපං උප්පන්නං මනාපාමනාපං නිරුජ්ඣති, උපෙක්ඛා සණ්ඨාති. සෙය්‍යථාපි ආනන්ද, බලවා පුරිසෝ අප්පකසිරේනේව අච්ඡරං පහරෙය්‍ය. ඒවමේව ඛෝ ආනන්ද, යස්ස කස්සචි ඒවං සීඝං ඒවං තුවටං ඒවං අප්පකසිරේන උප්පන්නං මනාපං උප්පන්නං අමනාපං උප්පන්නං මනාපාමනාපං නිරුජ්ඣති, උපෙක්ඛා සණ්ඨාති. අයං වුච්චතානන්ද, අරියස්ස විනයේ අනුත්තරා ඉන්ද්‍රියභාවනා සෝතවිඤ්ඤෙය්‍යේසු සද්දේසු.

පින්වත් ආනන්ද, ආර්ය විනයෙහි අනුත්තර වූ ඉන්ද්‍රිය භාවනාව ගැන තවදුරටත් කියනවා නම්, පින්වත් ආනන්ද, මේ ශාසනයෙහි භික්ෂුවට කනෙන් ශබ්දයක් ඇසූ විට කැමැත්තක් ඇතිවෙනවා. අකැමැත්තකුත් ඇතිවෙනවා. ඒ වගේම මනාප අමනාප දෙකම ඇතිවෙනවා. එතකොට ඔහු මෙහෙමයි දැනගන්නේ. ‘මට මේ කැමැත්තක් උපන්නා. අකැමැත්තක් උපන්නා. මනාප අමනාප බව උපන්නා. මේකත් හේතු ඵල දහමින් හැදෙන දෙයක්. ගොරෝසු දෙයක්. පටිච්චසමුප්පාදයෙන් හැදුනු දෙයක්. ඒ නිසා යම් උපේක්ෂාවක් ඇද්ද, එයයි ශාන්ත. එයයි ප්‍රණීත’ කියලා. ඉතින් එතකොට ඔහු තුළ උපන් කැමැත්තත්, උපන් අකමැත්තත්, උපන් මනාප අමනාප බවත් නිරුද්ධ වෙනවා. උපේක්ෂාව පිහිටනවා. පින්වත් ආනන්ද, ඒක මේ වගේ දෙයක්. ශක්තිමත් පුරුෂයෙක් සුළු උත්සාහයකින් අසුරක් ගසන්නේද, පින්වත් ආනන්ද, අන්න ඒ වගේ තමයි යම් භික්ෂුවකට ඔය විදිහට වේගයෙන් ඔය විදිහට ඉක්මනින්, ඔය විදිහට සුළු මහන්සියකින් උපන් කැමැත්තත්, උපන් අකැමැත්තත්, උපන් මනාප අමනාප බවත් නිරුද්ධ වෙනවාද, උපේක්ෂාව තුළ පිහිටනවාද, පින්වත් ආනන්ද, ආර්ය විනයෙහි කනෙන් දත යුතු ශබ්දයන් පිළිබඳව අනුත්තර වූ ඉන්ද්‍රිය භාවනාව කියන්නේ මෙයටයි.

පුන ච පරං ආනන්ද, භික්ඛුනෝ ඝානේන ගන්ධං ඝායිත්වා උප්පජ්ජති මනාපං, උප්පජ්ජති අමනාපං, උප්පජ්ජති මනාපාමනාපං. සෝ ඒවං පජානාති: ‘උප්පන්නං ඛෝ මේ ඉදං මනාපං උප්පන්නං අමනාපං උප්පන්නං මනාපාමනාපං. තඤ්ච ඛෝ සංඛතං ඕළාරිකං පටිච්චසමුප්පන්නං. ඒතං සන්තං ඒතං පණීතං යදිදං උපෙක්ඛා’ති. තස්ස තං උප්පන්නං මනාපං උප්පන්නං අමනාපං උප්පන්නං මනාපාමනාපං නිරුජ්ඣති, උපෙක්ඛා සණ්ඨාති. සෙය්‍යථාපි ආනන්ද, ඊසකපෝණේ, පදුමිනීපත්තේ උදකඵුසිතානි පවත්තන්ති, න සණ්ඨහන්ති. ඒවමේව ඛෝ ආනන්ද, යස්ස කස්සචි ඒවං සීඝං ඒවං තුවටං ඒවං අප්පකසිරේන උප්පන්නං මනාපං උප්පන්නං අමනාපං උප්පන්නං මනාපාමනාපං නිරුජ්ඣති, උපෙක්ඛා සණ්ඨාති. අයං වුච්චතානන්ද, අරියස්ස විනයේ අනුත්තරා ඉන්ද්‍රියභාවනා ඝානවිඤ්ඤෙය්‍යේසු ගන්ධේසු.

පින්වත් ආනන්ද, ආර්ය විනයෙහි අනුත්තර වූ ඉන්ද්‍රිය භාවනාව ගැන තවදුරටත් කියනවා නම්, පින්වත් ආනන්ද, මේ ශාසනයෙහි භික්ෂුවට නාසයෙන් ගඳ සුවඳක් දැනගත් විට කැමැත්තක් ඇතිවෙනවා. අකැමැත්තකුත් ඇතිවෙනවා. ඒ වගේම මනාප අමනාප දෙකම ඇතිවෙනවා. එතකොට ඔහු මෙහෙමයි දැනගන්නේ. ‘මට මේ කැමැත්තක් උපන්නා. අකැමැත්තක් උපන්නා. මනාප අමනාප බව උපන්නා. මේකත් හේතු ඵල දහමින් හැදෙන දෙයක්. ගොරෝසු දෙයක්. පටිච්චසමුප්පාදයෙන් හැදුනු දෙයක්. ඒ නිසා යම් උපේක්ෂාවක් ඇද්ද, එයයි ශාන්ත. එය යි ප්‍රණීත’ කියලා. ඉතින් එතකොට ඔහු තුළ උපන් කැමැත්තත්, උපන් අකමැත්තත්, උපන් මනාප අමනාප බවත් නිරුද්ධ වෙනවා. උපේක්ෂාව තුළ පිහිටනවා. පින්වත් ආනන්ද, ඒක මේ වගේ දෙයක්. නෙළුම් කොළයක් මදක් ඇල කළ විට, එය මත තිබූ දිය බින්ඳු පෙරළී වැටෙනවාද, පිහිටා නොසිටිනවා ද, පින්වත් ආනන්ද, අන්න ඒ වගේ තමයි යම් භික්ෂුවකට ඔය විදිහට වේගයෙන් ඔය විදිහට ඉක්මනින්, ඔය විදිහට සුළු මහන්සියකින් උපන් කැමැත්තත්, උපන් අකැමැත්තත්, උපන් මනාප අමනාප බවත් නිරුද්ධ වෙනවාද, උපේක්ෂාව තුළ පිහිටනවාද, පින්වත් ආනන්ද, ආර්ය විනයෙහි නාසයෙන් දත යුතු ගඳ සුවඳ පිළිබඳව අනුත්තර වූ ඉන්ද්‍රිය භාවනාව කියන්නේ මෙයයි.

පුන ච පරං ආනන්ද, භික්ඛුනෝ ජිව්හාය රසං සායිත්වා උප්පජ්ජති මනාපං උප්පජ්ජති අමනාපං, උප්පජ්ජති මනාපාමනාපං. සෝ ඒවං පජානාති: ‘උප්පන්නං ඛෝ මේ ඉදං මනාපං උප්පන්නං අමනාපං උප්පන්නං මනාපාමනාපං. තඤ්ච ඛෝ සංඛතං ඕළාරිකං පටිච්චසමුප්පන්නං. ඒතං සන්තං ඒතං පණීතං යදිදං උපෙක්ඛා’ති. තස්ස තං උප්පන්නං මනාපං උප්පන්නං අමනාපං උප්පන්නං මනාපාමනාපං නිරුජ්ඣති, උපෙක්ඛා සණ්ඨාති. සෙය්‍යථාපි ආනන්ද, බලවා පුරිසෝ ජිව්හග්ගේ ඛේළපිණ්ඩං සංයූහිත්වා අප්පකසිරේන වමෙය්‍ය. ඒවමේව ඛෝ ආනන්ද, යස්ස කස්සචි ඒවං සීඝං ඒවං තුවටං ඒවං අප්පකසිරේන උප්පන්නං මනාපං උප්පන්නං අමනාපං උප්පන්නං මනාපාමනාපං නිරුජ්ඣති, උපෙක්ඛා සණ්ඨාති. අයං වුච්චතානන්ද, අරියස්ස විනයේ අනුත්තරා ඉන්ද්‍රියභාවනා ජිව්හාවිඤ්ඤෙය්‍යේසු රසේසු.

පින්වත් ආනන්ද, ආර්ය විනයෙහි අනුත්තර වූ ඉන්ද්‍රිය භාවනාව ගැන තවදුරටත් කියනවා නම්, පින්වත් ආනන්ද, මේ ශාසනයෙහි භික්ෂුවට දිවෙන් රසයක් දැනගත් විට කැමැත්තක් ඇතිවෙනවා. අකැමැත්තකුත් ඇතිවෙනවා. ඒ වගේම මනාප අමනාප දෙකම ඇතිවෙනවා. එතකොට ඔහු මෙහෙමයි දැනගන්නේ. ‘මට මේ කැමැත්තක් උපන්නා. අකැමැත්තක් උපන්නා. මනාප අමනාප බව උපන්නා. මේකත් හේතු ඵල දහමින් හැදෙන දෙයක්. ගොරෝසු දෙයක්. පටිච්චසමුප්පාදයෙන් හැදුනු දෙයක්. ඒ නිසා යම් උපේක්ෂාවක් ඇද්ද, එයයි ශාන්ත. එයයි ප්‍රණීත’ කියලා. ඉතින් එතකොට ඔහු තුළ උපන් කැමැත්තත්, උපන් අකමැත්තත්, උපන් මනාප අමනාප බවත් නිරුද්ධ වෙනවා. උපේක්ෂාව තුළ පිහිටනවා. පින්වත් ආනන්ද, ඒක මේ වගේ දෙයක්. ශක්තිමත් පුරුෂයෙක් දිව අගට කෙළ පිඬක් කැටිකොට ඉතා පහසුවෙන් වීසි කරනවාද, පින්වත් ආනන්ද, අන්න ඒ වගේ තමයි යම් භික්ෂුවකට ඔය විදිහට වේගයෙන් ඔය විදිහට ඉක්මනින්, ඔය විදිහට සුළු මහන්සියකින් උපන් කැමැත්තත්, උපන් අකැමැත්තත්, උපන් මනාප අමනාප බවත් නිරුද්ධ වෙනවාද, උපේක්ෂාව තුළ පිහිටනවාද, පින්වත් ආනන්ද, ආර්ය විනයෙහි දිවෙන් දත යුතු රසයන් පිළිබඳව අනුත්තර වූ ඉන්ද්‍රිය භාවනාව කියන්නේ මෙයටයි.

පුන ච පරං ආනන්ද, භික්ඛුනෝ කායේන ඵොට්ඨබ්බං ඵුසිත්වා උප්පජ්ජති මනාපං උප්පජ්ජති අමනාපං උප්පජ්ජති මනාපාමනාපං. සෝ ඒවං පජානාති: ‘උප්පන්නං ඛෝ මේ ඉදං මනාපං උප්පන්නං අමනාපං උප්පන්නං මනාපාමනාපං. තඤ්ච ඛෝ සංඛතං ඕළාරිකං පටිච්චසමුප්පන්නං. ඒතං සන්තං ඒතං පණීතං යදිදං උපෙක්ඛා’ති. තස්ස තං උප්පන්නං මනාපං උප්පන්නං අමනාපං උප්පන්නං මනාපාමනාපං නිරුජ්ඣති, උපෙක්ඛා සණ්ඨාති. සෙය්‍යථාපි ආනන්ද, බලවා පුරිසෝ සමිඤ්ජිතං වා බාහං පසාරෙය්‍ය, පසාරිතං වා බාහං සම්මිඤ්ජෙය්‍ය ඒවමේව ඛෝ ආනන්ද, යස්ස කස්සචි ඒවං සීඝං ඒවං තුවටං ඒවං අප්පකසිරේන උප්පන්නං මනාපං උප්පන්නං අමනාපං උප්පන්නං මනාපාමනාපං නිරුජ්ඣති, උපෙක්ඛා සණ්ඨාති. අයං වුච්චතානන්ද, අරියස්ස විනයේ අනුත්තරා ඉන්ද්‍රියභාවනා කායවිඤ්ඤෙය්‍යේසු ඵොට්ඨබ්බේසු.

පින්වත් ආනන්ද, ආර්ය විනයෙහි අනුත්තර වූ ඉන්ද්‍රිය භාවනාව ගැන තවදුරටත් කියනවා නම්, පින්වත් ආනන්ද, මේ ශාසනයෙහි භික්ෂුවට කයෙන් පහසක් ලැබූ විට කැමැත්තක් ඇතිවෙනවා. අකැමැත්තකුත් ඇතිවෙනවා. ඒ වගේම මනාප අමනාප දෙකම ඇතිවෙනවා. එතකොට ඔහු මෙහෙමයි දැනගන්නේ. ‘මට මේ කැමැත්තක් උපන්නා. අකැමැත්තක් උපන්නා. මනාප අමනාප බව උපන්නා. මේකත් හේතු ඵල දහමින් හැදෙන දෙයක්. ගොරෝසු දෙයක්. පටිච්චසමුප්පාදයෙන් හැදුනු දෙයක්. ඒ නිසා යම් උපේක්ෂාවක් ඇද්ද, එයයි ශාන්ත. එයයි ප්‍රණීත’ කියලා. ඉතින් එතකොට ඔහු තුළ උපන් කැමැත්තත්, උපන් අකමැත්තත්, උපන් මනාප අමනාප බවත් නිරුද්ධ වෙනවා. උපේක්ෂාව තුළ පිහිටනවා. පින්වත් ආනන්ද, ඒක මේ වගේ දෙයක්. ශක්තිමත් පුරුෂයෙක් හැකිලූ අතක් දිග හරීද, දික් කළ අතක් හකුළයිද, පින්වත් ආනන්ද, අන්න ඒ වගේ තමයි යම් භික්ෂුවකට ඔය විදිහට වේගයෙන් ඔය විදිහට ඉක්මනින්, ඔය විදිහට සුළු මහන්සියකින් උපන් කැමැත්තත්, උපන් අකැමැත්තත්, උපන් මනාප අමනාප බවත් නිරුද්ධ වෙනවාද, උපේක්ෂාව තුළ පිහිටනවාද, පින්වත් ආනන්ද, ආර්ය විනයෙහි කයෙන් දැනගන්නා පහස පිළිබඳව අනුත්තර වූ ඉන්ද්‍රිය භාවනාව කියන්නේ මෙයටයි.

පුන ච පරං ආනන්ද, භික්ඛුනෝ මනසා ධම්මං විඤ්ඤාය උප්පජ්ජති මනාපං උප්පජ්ජති අමනාපං උප්පජ්ජති මනාපාමනාපං. සෝ ඒවං පජානාති: ‘උප්පන්නං ඛෝ මේ ඉදං මනාපං උප්පන්නං අමනාපං උප්පන්නං මනාපාමනාපං. තඤ්ච ඛෝ සංඛතං ඕළාරිකං පටිච්චසමුප්පන්නං. ඒතං සන්තං ඒතං පණීතං යදිදං උපෙක්ඛා’ති. තස්ස තං උප්පන්නං මනාපං උප්පන්නං අමනාපං උප්පන්නං මනාපාමනාපං නිරුජ්ඣති, උපෙක්ඛා සණ්ඨාති. සෙය්‍යථාපි ආනන්ද, බලවා පුරිසෝ දිවසසන්තත්තේ අයෝකටාහේ ද්වේ වා තීණි වා උදකඵුසිතානි නිපාතෙය්‍ය. දන්ධෝ ආනන්ද, උදකඵුසිතානං නිපාතෝ, අථ ඛෝ නං ඛිප්පමේව පරික්ඛයං පරියාදානං ගච්ඡෙය්‍ය. ඒවමේව ඛෝ ආනන්ද, යස්ස කස්සචි ඒවං සීඝං ඒවං තුවටං ඒවං අප්පකසිරේන උප්පන්නං මනාපං උප්පන්නං අමනාපං උප්පන්නං මනාපාමනාපං නිරුජ්ඣති, උපෙක්ඛා සණ්ඨාති. අයං වුච්චතානන්ද, අරියස්ස විනයේ අනුත්තරා ඉන්ද්‍රියභාවනා මනෝවිඤ්ඤෙය්‍යේසු ධම්මේසු. ඒවං ඛෝ ආනන්ද, අරියස්ස විනයේ අනුත්තරා ඉන්ද්‍රියභාවනා හෝති.

පින්වත් ආනන්ද, ආර්ය විනයෙහි අනුත්තර වූ ඉන්ද්‍රිය භාවනාව ගැන තවදුරටත් කියනවා නම්, පින්වත් ආනන්ද, මේ ශාසනයෙහි භික්ෂුවට මනසින් අරමුණක් දැනගත් විට කැමැත්තක් ඇතිවෙනවා. අකැමැත්තකුත් ඇතිවෙනවා. ඒ වගේම මනාප අමනාප දෙකම ඇතිවෙනවා. එතකොට ඔහු මෙහෙමයි දැනගන්නේ. ‘මට මේ කැමැත්තක් උපන්නා. අකැමැත්තක් උපන්නා. මනාප අමනාප බව උපන්නා. මේකත් හේතු ඵල දහමින් හැදෙන දෙයක්. ගොරෝසු දෙයක්. පටිච්චසමුප්පාදයෙන් හැදුණු දෙයක්. ඒ නිසා යම් උපේක්ෂාවක් ඇද්ද, එයයි ශාන්ත. එයයි ප්‍රණීත’ කියලා. ඉතින් එතකොට ඔහු තුළ උපන් කැමැත්තත්, උපන් අකමැත්තත්, උපන් මනාප අමනාප බවත් නිරුද්ධ වෙනවා. උපේක්ෂාව තුළ පිහිටනවා. පින්වත් ආනන්ද, ඒක මේ වගේ දෙයක්. ශක්තිමත් පුරුෂයෙක් දවසක් මුළුල්ලෙහි හොඳින් රත් වූ යකඩ තහඩුවක් මත දිය බිඳු දෙකක් හෝ තුනක් හෝ හෙලනවා. හැබැයි පින්වත් ආනන්ද, ඒ දිය බින්දු වැටෙන්නේ හෙමින්. නමුත් වැටුණු වහාම සිඳිලා යනවා. පින්වත් ආනන්ද, අන්න ඒ වගේ තමයි යම් භික්ෂුවකට ඔය විදිහට වේගයෙන් ඔය විදිහට ඉක්මනින්, ඔය විදිහට සුළු මහන්සියකින් උපන් කැමැත්තත්, උපන් අකැමැත්තත්, උපන් මනාප අමනාප බවත් නිරුද්ධ වෙනවාද, උපේක්ෂාව තුළ පිහිටනවාද, පින්වත් ආනන්ද, ආර්ය විනයෙහි මනසින් දැනගන්නා අරමුණු පිළිබඳව අනුත්තර වූ ඉන්ද්‍රිය භාවනාව කියන්නේ මෙයටයි. ඔය විදිහටයි පින්වන් ආනන්ද, ආර්ය විනයෙහි අනුත්තර වූ ඉන්ද්‍රිය භාවනාව තිබෙන්නේ.

කථඤ්චානන්ද, සේඛෝ හෝති පාටිපදෝ. ඉධානන්ද, භික්ඛුනෝ චක්ඛුනා රූපං දිස්වා උප්පජ්ජති මනාපං, උප්පජ්ජති අමනාපං, උප්පජ්ජති මනාපාමනාපං. සෝ තේන උප්පන්නේන මනාපේන උප්පන්නේන අමනාපේන උප්පන්නේන මනාපාමනාපේන අට්ටීයති හරායති ජිගුච්ඡති. සෝතේන සද්දං සුත්වා ….(පෙ)…. ඝානේන ගන්ධං ඝායිත්වා ….(පෙ)…. ජිව්හාය රසං සායිත්වා ….(පෙ)…. කායේන ඵොට්ඨබ්බං ඵුසිත්වා ….(පෙ)…. මනසා ධම්මං විඤ්ඤාය උප්පජ්ජති මනාපං, උප්පජ්ජති අමනාපං, උප්පජ්ජති මනාපාමනාපං. සෝ තේන උප්පන්නේන මනාපේන උප්පන්නේන අමනාපේන උප්පන්නේන මනාපාමනාපේන අට්ටීයති හරායති ජිගුච්ඡති. ඒවං ඛෝ ආනන්ද, සේඛෝ හෝති පාටිපදෝ.

පින්වත් ආනන්ද, ධර්මයෙහි හික්මෙන සේඛ භික්ෂුවගේ ප්‍රතිපදාව මොන වගේ දෙයක්ද? මේ ශාසනයෙහි භික්ෂුවට ඇසින් රූපයක් දැක්ක විට කැමැත්තක් ඇතිවෙනවා. අකැමැත්තකුත් ඇතිවෙනවා. ඒ වගේම මනාප අමනාප දෙකම ඇතිවෙනවා. එතකොට ඔහු ඒ උපන් කැමැත්ත නිසාත්, උපන් අකැමැත්ත නිසාත්, උපන් මනාප අමනාප බව නිසාත්, පීඩාවට පත්වෙනවා, ලැජ්ජාවට පත්වෙනවා, පිළිකුලට පත්වෙනවා. කනෙන් ශබ්දයක් අසා ….(පෙ)…. නාසයෙන් ගඳ සුවඳ දැන ….(පෙ)…. දිවෙන් රස විඳ ….(පෙ)…. කයෙන් පහස ලබා ….(පෙ)…. මනසින් අරමුණු සිතා කැමැත්තක් ඇතිවෙනවා. අකැමැත්තකුත් ඇතිවෙනවා. ඒ වගේම මනාප අමනාප දෙකම ඇතිවෙනවා. එතකොට ඔහු ඒ උපන් කැමැත්ත නිසාත්, උපන් අකැමැත්ත නිසාත්, උපන් මනාප අමනාප බව නිසාත්, පීඩාවට පත්වෙනවා, ලැජ්ජාවට පත්වෙනවා, පිළිකුලට පත්වෙනවා. පින්වත් ආනන්දය, ධර්මයේ හැසිරෙන සේඛ භික්ෂුවගේ ප්‍රතිපදාව ඔය විදිහයි.

කථඤ්චානන්ද, අරියෝ හෝති භාවිතින්ද්‍රියෝ. ඉධානන්ද, භික්ඛුනෝ චක්ඛුනා රූපං දිස්වා උප්පජ්ජති මනාපං, උප්පජ්ජති අමනාපං, උප්පජ්ජති මනාපාමනාපං. සෝ සචේ ආකංඛති: ‘පටික්කූලේ අප්පටික්කූලසඤ්ඤී විහරෙය්‍ය’න්ති. අප්පටික්කූලසඤ්ඤී තත්ථ විහරති. සචේ ආකංඛති: ‘අප්පටික්කූලේ පටික්කූලසඤ්ඤී විහරෙය්‍ය’න්ති. පටික්කූලසඤ්ඤී තත්ථ විහරති. සචේ ආකංඛති: ‘පටික්කූලේ ච අප්පටික්කූලේ ච අප්පටික්කූලසඤ්ඤී විහරෙය්‍ය’න්ති. අප්පටික්කූලසඤ්ඤී තත්ථ විහරති. සචේ ආකංඛති: ‘අප්පටික්කූලේ ච පටික්කූලේ ච පටික්කූලසඤ්ඤී විහරෙය්‍ය’න්ති. පටික්කූලසඤ්ඤී තත්ථ විහරති. සචේ ආකංඛති: ‘පටික්කූලඤ්ච අප්පටික්කූලඤ්ච තදුභයං අභිනිවජ්ජෙත්වා උපෙක්ඛකෝ විහරෙය්‍යං සතෝ සම්පජානෝ’ති. උපෙක්ඛකෝ තත්ථ විහරති සතෝ සම්පජානෝ.

පින්වත් ආනන්දය, ඉන්ද්‍රිය ධර්මයන් වඩන ලද, ආර්යයන් වහන්සේ කියන්නේ කොහොම කෙනෙක්ද? මෙහිලා මේ ශාසනයෙහි භික්ෂුවට ඇසින් රූපයක් දැක්ක විට කැමැත්තක් ඇතිවෙනවා. අකැමැත්තකුත් ඇතිවෙනවා. ඒ වගේම මනාප අමනාප දෙකම ඇතිවෙනවා. ඉදින් ඔහු කැමැති නම්, පිළිකුල් අරමුණෙහි පිළිකුල් රහිත සඤ්ඤාවෙන් ඉන්නට ඕන කියලා, එහිදී පිළිකුල් රහිත සඤ්ඤාවෙනුයි වාසය කරන්නේ. ඉදින් ඔහු කැමැති නම්, පිළිකුල් රහිත අරමුණෙහි පිළිකුල් සඤ්ඤාවෙන් ඉන්නට ඕන කියලා, එහිදී පිළිකුල් සඤ්ඤාවෙනුයි වාසය කරන්නේ. ඉදින් ඔහු කැමැති නම්, පිළිකුල් අරමුණෙත්, පිළිකුල් රහිත අරමුණෙත් පිළිකුල් රහිත සඤ්ඤාවෙන් ඉන්නට ඕන කියලා, එහිදී පිළිකුල් රහිත සඤ්ඤාවෙනුයි වාසය කරන්නේ. ඉදින් ඔහු කැමැති නම්, පිළිකුල් අරමුණෙත්, පිළිකුල් රහිත අරමුණෙත් පිළිකුල් සඤ්ඤාවෙන් ඉන්නට ඕන කියලා, එහිදී පිළිකුල් සඤ්ඤාවෙනුයි වාසය කරන්නේ. ඉදින් ඔහු කැමැති නම්, පිළිකුල් අරමුණෙත්, පිළිකුල් රහිත අරමුණෙත් ඒ දෙකම බැහැර කොට මනා සිහි නුවණින් යුක්තව උපේක්ෂාවෙන් ඉන්නට ඕන කියලා, එහිදී මනා සිහි නුවණින් යුතුව උපේක්ෂාවෙනුයි වාසය කරන්නේ.

පුන ච පරං ආනන්ද, භික්ඛුනෝ සෝතේන සද්දං සුත්වා ….(පෙ)…. ඝානේන ගන්ධං ඝායිත්වා ….(පෙ)…. ජිව්හාය රසං සායිත්වා ….(පෙ)…. කායේන ඵොට්ඨබ්බං ඵුසිත්වා ….(පෙ)…. මනසා ධම්මං විඤ්ඤාය උප්පජ්ජති මනාපං, උප්පජ්ජති අමනාපං, උප්පජ්ජති මනාපාමනාපං. සෝ සචේ ආකංඛති: ‘පටික්කූලේ අප්පටික්කූලසඤ්ඤී විහරෙය්‍ය’න්ති. අප්පටික්කූලසඤ්ඤී තත්ථ විහරති. සචේ ආකංඛති: ‘අප්පටික්කූලේ පටික්කූලසඤ්ඤී විහරෙය්‍ය’න්ති. පටික්කූලසඤ්ඤී තත්ථ විහරති. සචේ ආකංඛති: ‘පටික්කූලේ ච අප්පටික්කූලේ ච අප්පටික්කූලසඤ්ඤී විහරෙය්‍ය’න්ති. අප්පටික්කූලසඤ්ඤී තත්ථ විහරති. සචේ ආකංඛති: ‘අප්පටික්කූලේ ච පටික්කූලේ ච පටික්කූලසඤ්ඤී විහරෙය්‍ය’න්ති. පටික්කූලසඤ්ඤී තත්ථ විහරති. සචේ ආකංඛති: ‘පටික්කූලඤ්ච අප්පටික්කූලඤ්ච තදුභයං අභිනිවජ්ජෙත්වා උපෙක්ඛකෝ විහරෙය්‍යං සතෝ සම්පජානෝ’ති. උපෙක්ඛකෝ තත්ථ විහරති සතෝ සම්පජානෝ. ඒවං ඛෝ ආනන්ද, අරියෝ හෝති භාවිතින්ද්‍රියෝ.

පින්වත් ආනන්දය, නැවත අනෙකක් කියමි. මෙහිලා මේ ශාසනයෙහි භික්ෂුවට කනෙන් ශබ්දයක් ඇසූ විට ….(පෙ)…. නාසයෙන් ගඳ සුවඳ දැනගත් විට ….(පෙ)…. දිවෙන් රස දැනගත් විට ….(පෙ)…. කයෙන් පහස ලැබූ විට ….(පෙ)…. මනසින් අරමුණක් දැනගත් විට කැමැත්තක් ඇතිවෙනවා. අකැමැත්තකුත් ඇතිවෙනවා. ඒ වගේම මනාප අමනාප දෙකම ඇතිවෙනවා. ඉදින් ඔහු කැමැති නම්, පිළිකුල් අරමුණෙහි පිළිකුල් රහිත සඤ්ඤාවෙන් ඉන්නට ඕන කියලා, එහිදී පිළිකුල් රහිත සඤ්ඤාවෙනුයි වාසය කරන්නේ. ඉදින් ඔහු කැමැති නම්, පිළිකුල් රහිත අරමුණෙහි පිළිකුල් සඤ්ඤාවෙන් ඉන්නට ඕන කියලා, එහිදී පිළිකුල් සඤ්ඤාවෙනුයි වාසය කරන්නේ. ඉදින් ඔහු කැමැති නම්, පිළිකුල් අරමුණෙත්, පිළිකුල් රහිත අරමුණෙත් පිළිකුල් රහිත සඤ්ඤාවෙන් ඉන්නට ඕන කියලා, එහිදී පිළිකුල් රහිත සඤ්ඤාවෙනුයි වාසය කරන්නේ. ඉදින් ඔහු කැමැති නම්, පිළිකුල් අරමුණෙත්, පිළිකුල් රහිත අරමුණෙත් පිළිකුල් සඤ්ඤාවෙන් ඉන්නට ඕන කියලා, එහිදී පිළිකුල් සඤ්ඤාවෙනුයි වාසය කරන්නේ. ඉදින් ඔහු කැමැති නම්, පිළිකුල් අරමුණෙත්, පිළිකුල් රහිත අරමුණෙත් ඒ දෙකම බැහැර කොට මනා සිහි නුවණින් යුක්තව උපේක්ෂාවෙන් ඉන්නට ඕන කියලා, එහිදී මනා සිහි නුවණින් යුතුව උපේක්ෂාවෙනුයි වාසය කරන්නේ. ඔය විදිහටයි පින්වත් ආනන්දය, ආර්යයන් වහන්සේ වඩන ලද ඉන්ද්‍රිය ධර්මයන්ගෙන් යුක්ත වන්නේ.

ඉති ඛෝ ආනන්ද, දේසිතා මයා අරියස්ස විනයේ අනුත්තරා ඉන්ද්‍රියභාවනා. දේසිතෝ සේඛෝ පාටිපදෝ. දේසිතෝ අරියෝ භාවිතින්ද්‍රියෝ. යං ඛෝ ආනන්ද, සත්ථාරා කරණීයං සාවකානං හිතේසිනා අනුකම්පකේන අනුකම්පං උපාදාය, කතං වෝ තං මයා. ඒතානි ආනන්ද, රුක්ඛමූලානි, ඒතානි සුඤ්ඤාගාරානි, ඣායථානන්ද, මා පමාදත්ථ. මා පච්ඡා විප්පටිසාරිනෝ අහුවත්ථ. අයං වෝ අම්හාකං අනුසාසනීති.

පින්වත් ආනන්දය, මා විසින් මේ අයුරින් බුද්ධ ශාසනයෙහි අනුත්තර වූ ඉන්ද්‍රිය භාවනාව ගැනත් දේශනා කළා. ධර්ම මාර්ගයෙහි පුහුණු වෙන සේඛ භික්ෂුවගේ ප්‍රතිපදාව ගැනත් දේශනා කළා. වඩන ලද ඉන්ද්‍රියන්ගෙන් යුතු ආර්යයන් වහන්සේ ගැනත් දේශනා කළා.

පින්වත් ආනන්දය, ශාස්තෘන් වහන්සේ නමක් විසින් ශ්‍රාවකයන්ට හිතවත්ව, අනුකම්පාවෙන්, අනුකම්පා උපදවා, කළ යුතු යමක් ඇද්ද, මා විසින් එය ඔබට කරලයි තියෙන්නේ. පින්වත් ආනන්ද, ඔය තියෙන්නේ රුක් සෙවන. ඔය තියෙන්නේ නිදහස් තැන්. පින්වත් ආනන්ද, ධ්‍යාන වඩන්න. පමා වෙන්න එපා! පස්සේ පසුතැවිල්ලට පත්වෙන්නට එපා! මෙය තමයි ඔබට අපෙන් කෙරෙන අනුශාසනාව.”

ඉදමවෝච භගවා, අත්තමනෝ ආයස්මා ආනන්දෝ භගවතෝ භාසිතං අභිනන්දීති.

භාග්‍යවතුන් වහන්සේ මේ උතුම් දේශනය වදාළා. ඒ දේශනය ගැන ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ ගොඩක් සතුටු වුනා. භාග්‍යවතුන් වහන්සේ වදාළ මේ දේශනය සතුටින් පිළිගත්තා.

සාදු! සාදු!! සාදු!!!

ඉන්ද්‍රියභාවනා සුත්තං දසමං.

ඉන්ද්‍රිය භාවනාව ගැන වදාළ දෙසුම නිමා විය.

සළායතනවග්ගෝ පඤ්චමෝ.

පස්වෙනි සළායතන වර්ගයයි.

උපරිපණ්ණාසකං සමත්තං

මජ්ඣිම නිකාය – උපරි පණ්ණාසකය නිමා විය.

තස්ස වග්ගස්ස උද්දානං.

අනාථපිණ්ඩිකෝ ඡන්නෝ පුණ්ණෝ නන්දකරාහුලා,
ඡ ඡක්කං සළායතනිකං නගරවින්දෙය්‍ය සුද්ධිකා,
ඉන්ද්‍රියභාවනා චාපි වග්ගෝ ඕවාද පඤ්චමෝති.

ඉදං වග්ගානමුද්දානං.

දේවදහෝ’නුපදෝ ච සුඤ්ඤතෝ ච විභංගකෝ,
සළායතනෝති වග්ගා උපරිපණ්ණාසකේ ඨිතාති.

තීහි පණ්ණාසකේහි පතිමණ්ඩිතෝ සකලෝ
මජ්ඣිමනිකායෝ සමත්තෝ.

මජ්ඣිම නිකාය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/mn3_3-5-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M