මජ්ඣිම නිකාය

උපරි පණ්ණාසකෝ

3.5.4. නන්දකෝවාද සුත්තං

3.5.4. නන්දක තෙරුන් භික්ෂුණීන්ට අවවාද වශයෙන් වදාළ දෙසුම

ඒවං මේ සුතං: ඒකං සමයං භගවා සාවත්ථියං විහරති ජේතවනේ අනාථපිණ්ඩිකස්ස ආරාමේ. අථ ඛෝ මහාපජාපතිගෝතමී පඤ්චමත්තේහි භික්ඛුනිසතේහි සද්ධිං යේන භගවා තේනුපසංකමි, උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං අට්ඨාසි. ඒකමන්තං ඨිතා ඛෝ මහාපජාපතිගෝතමී භගවන්තං ඒතදවෝච: “ඕවදතු භන්තේ, භගවා භික්ඛුනියෝ, අනුසාසතු භන්තේ, භගවා භික්ඛුනියෝ, කරෝතු භන්තේ, භගවා භික්ඛුනීනං ධම්මිං කථ”න්ති.

මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. එසමයෙහි භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයේ. එදා මහාප්‍රජාපතී ගෞතමී භික්ෂුණිය පන්සියයක් පමණ භික්ෂුණීන් සමඟ භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියා. පැමිණ භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කොට එකත්පස්ව සිටගත්තා. එකත්පස්ව සිටි මහාප්‍රජාපතී ගෞතමී මෙහෙණිය භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවා.

“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, භික්ෂුණීන්ට අවවාද කරන සේක්වා! ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, භික්ෂුණීන්ට අනුශාසනා කරන සේක්වා! ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, භික්ෂුණීන්ට ධර්ම කථාව කරන සේක්වා!”

තේන ඛෝ පන සමයේන ථේරා භික්ඛූ භික්ඛුනියෝ ඕවදන්ති පරියායේන. ආයස්මා පන නන්දකෝ න ඉච්ඡති භික්ඛුනියෝ ඕවදිතුං පරියායේන. අථ ඛෝ භගවා ආයස්මන්තං ආනන්දං ආමන්තේසි: “කස්ස නු ඛෝ ආනන්ද, අජ්ජ පරියායෝ භික්ඛුනියෝ ඕවදිතුං පරියායේනා”ති.

එසමයෙහි ස්ථවිර භික්ෂූන් වහන්සේලා තමන්ට ලැබෙන වාරයට අනුවයි භික්ෂුණීන්ට අවවාද කරන්නේ. නමුත් භික්ෂුණීන්ට අවවාද කිරීමට වාරය පැමිණි කල්හි ආයුෂ්මත් නන්දකයන් වහන්සේ එයට නොකැමති වුනා. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්දයන් අමතා වදාළා. “පින්වත් ආනන්ද, අද භික්ෂුණීන්ට අවවාද කිරීමේ වාරයේදී කාගේ වාරයද පැමිණිලා තියෙන්නේ?”

“නන්දකස්ස භන්තේ, පරියායෝ භික්ඛුනියෝ ඕවදිතුං පරියායේන, අයං භන්තේ, ආයස්මා න්දකෝ න ඉච්ඡති භික්ඛුනියෝ ඕවදිතුං පරියායේනා”ති.

“ස්වාමීනී, භික්ෂුණීන්ට අවවාද කරන වාරයෙහිදී නන්දක තෙරුන්ගේ වාරයයි පැමිණිලා තියෙන්නේ. නමුත් ස්වාමීනී, මේ ආයුෂ්මත් නන්දකයන් වහන්සේ තමන්ගේ වාරයෙහිදී භික්ෂුණීන්ට අවවාද කරන්නට කැමැති නැහැ.”

අථ ඛෝ භගවා ආයස්මන්තං නන්දකං ආමන්තේසි: “ඕවද නන්දක, භික්ඛුනියෝ. අනුසාස නන්දක, භික්ඛුනියෝ, කරෝහි ත්වං බ්‍රාහ්මණ, භික්ඛුනීනං ධම්මිං කථ”න්ති.

එවිට භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් නන්දකයන් අමතා වදාළා. “පින්වත් නන්දක, භික්ෂුණීන්ට අවවාද කරන්න. පින්වත් නන්දක, භික්ෂුණීන්ට අනුශාසනා කරන්න. පින්වත් බ්‍රාහ්මණය, ඔබ භික්ෂුණීන්ට ධර්ම කථාව කරන්න.”

ඒවං භන්තේති සෝ ආයස්මා නන්දකෝ භගවතෝ පටිස්සුත්වා පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරං ආදාය සාවත්ථිං පිණ්ඩාය පාවිසි, සාවත්ථියං පිණ්ඩාය චරිත්වා පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තෝ අත්තදුතියෝ යේන රාජකාරාමෝ තේනුපසංකමි. අද්දසංසු ඛෝ තා භික්ඛුනියෝ ආයස්මන්තං නන්දකං දූරතෝව ආගච්ඡන්තං. දිස්වාන ආසනං පඤ්ඤාපේසුං, උදකඤ්ච පාදානං උපට්ඨපේසුං. නිසීදි ඛෝ ආයස්මා නන්දකෝ පඤ්ඤත්තේ ආසනේ, නිසජ්ජ පාදේ පක්ඛාලේසි. තාපි ඛෝ භික්ඛුනියෝ ආයස්මන්තං නන්දකං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදිංසු, ඒකමන්තං නිසින්නා ඛෝ තා භික්ඛුනියෝ ආයස්මා නන්දකෝ ඒතදවෝච: “පටිපුච්ඡකථා ඛෝ භගිනියෝ, භවිස්සති. තත්ථ ආජානන්තීහි ‘ආජානාමාතිස්ස වචනීයං, න ආජානන්තීහි න ආජානාමාතිස්ස වචනීයං. යස්සා වා පනස්ස කංඛා වා විමති වා, අහමේව තත්ථ පටිපුච්ඡිතබ්බෝ: ‘ඉදං භන්තේ, කථං ඉමස්ස ක්වත්ථෝ’”ති.

“එසේ ය, ස්වාමීනී” කියලා ඒ ආයුෂ්මත් නන්දකයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දී පෙරවරුවෙහි සිවුරු හැඳ පොරවාගෙන, පාත්‍රය ද ගෙන සැවැත් නුවර පිඬු සිඟා වැඩියා. සැවැත් නුවර පිඬු පිණිස හැසිර දානයෙන් පසු පිණ්ඩපාතයෙන් වැළකී තමා සමඟ තව දෙවෙනි භික්ෂුවක් ඇතුව රාජකාරාමයට පැමිණුනා. එතකොට දුරින්ම වඩින්නා වූ ආයුෂ්මත් නන්දකයන් වහන්සේව ඒ භික්ෂුණීන් දැක්කා. දැක ආසනයක් පැණෙව්වා. පා දෝවනයට පැන් පිළියෙල කළා. ආයුෂ්මත් නන්දකයන් වහන්සේ පණවන ලද අසුනෙහි වැඩසිටියා. වැඩහිඳ පා දෝවනය කළා. ඒ භික්ෂුණීන් වහන්සේලා ආයුෂ්මත් නන්දකයන් වහන්සේට ආදරයෙන් වැඳ එකත්පස්ව වාඩිවුනා. එකත්පස්ව හුන් ඒ භික්ෂුණීන් වහන්සේලාට ආයුෂ්මත් නන්දකයන් වහන්සේ මෙය වදාළා.

“පින්වත් සොයුරියනි, ප්‍රශ්න කරමින් තමයි ධර්ම කථාව කෙරෙන්නේ. එහිදී දන්නවා නම් දන්නවා ය කියල කියන්නට ඕන. දන්නේ නැත්නම් දන්නේ නැතෙයි කියලයි කියන්නට ඕන. ඒ වගේම යම් කෙනෙකුට සැකයක් ඇතිවුණොත්, විමතියක් ඇතිවුණොත් ඒ ගැන මගෙන්ම ඇසිය යුතුයි. ‘ස්වාමීනී, මේක කොහොමද? මේකේ අර්ථය මොකක්ද?’ කියලා.”

“එත්තකේනපි මයං භන්තේ, අය්‍යස්ස නන්දකස්ස අත්තමනා අභිරද්ධා. යං නෝ අය්‍යෝ නන්දකෝ පවාරේතී”ති.

“ස්වාමීනී, අපි මෙපමණකින්මත් ආර්ය වූ නන්දකයන් වහන්සේ ගැන සතුටු සිත් ඇතිවුනා. බොහොම පැහැදුනා. යම් හෙයකින් අපව ආර්ය වූ නන්දකයන් වහන්සේ දහම් විමසීමට පවරනවාද, එනිසයි”

“තං කිං මඤ්ඤථ භගිනියෝ, චක්ඛුං නිච්චං වා අනිච්චං වා”ති?

“පින්වත් සොයුරියනි, ඒ ගැන කුමක්ද සිතන්නේ? ඇස නිත්‍යද? අනිත්‍ය ද?”

“අනිච්චං භන්තේ”.

“ස්වාමීනී, අනිත්‍යයි”

“යං පනානිච්චං දුක්ඛං වා තං සුඛං වා”ති.

“යමක් අනිත්‍ය නම් එය දුකක්ද? සැපක්ද?”

“දුක්ඛං භන්තේ”.

“ස්වාමීනී, එය දුකයි.”

“යං පනානිච්චං දුක්ඛං විපරිණාමධම්මං, කල්ලං නු තං සමනුපස්සිතුං. ‘ඒතං මම, ඒසෝහමස්මි, ඒසෝ මේ අත්තා’”ති?

“යමක් අනිත්‍ය නම්, දුක නම්, වෙනස්වෙන ස්වභාවයෙන් යුක්ත නම්, එය ‘මෙය මාගේ ය, මෙය මම වෙමි, මෙය මාගේ ආත්මය යි’ කියල මුලාවෙන් දකින්නට සුදුසුද?”

“නෝ හේතං භන්තේ”.

“ස්වාමීනී, එසේ දැකීම සුදුසු නෑ.”

“තං කිං මඤ්ඤථ භගිනියෝ, සෝතං නිච්චං වා අනිච්චං වා”ති.

“පින්වත් සොයුරියනි, ඒ ගැන කුමක්ද සිතන්නේ? කන නිත්‍යද? අනිත්‍යද?”

“අනිච්චං භන්තේ. …පෙ…

“ස්වාමීනී, අනිත්‍යයි” ….(පෙ)….

ඝානං නිච්චං වා අනිච්චං වා”ති.

නාසය නිත්‍යද? අනිත්‍යද?”

“අනිච්චං භන්තේ”. …පෙ…

“ස්වාමීනී, අනිත්‍යයි” ….(පෙ)….

“ජිව්හා නිච්චා වා අනිච්චා වා”ති.

දිව නිත්‍යද? අනිත්‍යද?”

“අනිච්චා භන්තේ”. …පෙ…

“ස්වාමීනී, අනිත්‍යයි” ….(පෙ)….

“කායෝ නිච්චෝ වා අනිච්චෝ වා”ති.

කය නිත්‍යද? අනිත්‍යද?”

“අනිච්චෝ භන්තේ”. …පෙ…

“ස්වාමීනී, අනිත්‍යයි” ….(පෙ)….

“මනෝ නිච්චෝ වා අනිච්චෝ වා”ති.

මනස නිත්‍යද? අනිත්‍යද?”

“අනිච්චෝ භන්තේ”.

“ස්වාමීනී, අනිත්‍යයි”

“යං පනානිච්චං දුක්ඛං වා තං සුඛං වා”ති.

“යමක් අනිත්‍ය නම් එය දුකක්ද? සැපක්ද?”

“දුක්ඛං භන්තේ”.

“ස්වාමීනී, එය දුකයි.”

“යං පනානිච්චං දුක්ඛං විපරිණාමධම්මං කල්ලං නු තං සමනුපස්සිතුං. ‘ඒතං මම, ඒසෝහමස්මි, ඒසෝ මේ අත්තා’”ති.

“යමක් අනිත්‍ය නම්, දුක නම්, වෙනස්වෙන ස්වභාවයෙන් යුක්ත නම්, එය ‘මෙය මාගේ ය, මෙය මම වෙමි, මෙය මාගේ ආත්මය යි’ කියල මුලාවෙන් දකින්නට සුදුසුද?”

“නෝ හේතං භන්තේ”. “තං කිස්ස හේතු”: “පුබ්බේව නෝ ඒතං භන්තේ, යථාභූතං සම්මප්පඤ්ඤාය සුදිට්ඨං: ‘ඉතිපිමේ ඡ අජ්ඣත්තිකා ආයතනා අනිච්චා’”ති.

“ස්වාමීනී, එසේ දැකීම සුදුසු නෑ.”

“ඒකට හේතුව කුමක්ද?”

“ස්වාමීනී, කලින්ම යථාර්ථයක් වශයෙන් සම්‍යක් ප්‍රඥාවෙන් අපි මෙය දැකලයි තියෙන්නේ. ඔය විදිහට ආධ්‍යාත්මික ආයතන හය අනිත්‍යයයි කියලා.”

“සාධු, සාධු, භගිනියෝ, ඒවං හේතං භගිනියෝ, හෝති අරියසාවකස්ස යථාභූතං සම්මප්පඤ්ඤාය පස්සතෝ”. “තං කිං මඤ්ඤථ භගිනියෝ, රූපා නිච්චා වා අනිච්චා වා”ති.

“සාදු! සාදු! පින්වත් සොයුරියනි, යථාර්ථය සම්‍යක් ප්‍රඥාවෙන් දකින ආර්ය ශ්‍රාවකයෙකු හට විය යුත්තේ පින්වත් සොයුරියනි, ඒ විදිහට තමයි.”

“පින්වත් සොයුරියනි, ඒ ගැන කුමක්ද සිතන්නේ? රූප නිත්‍යද? අනිත්‍යද?”

“අනිච්චා භන්තේ”.

“ස්වාමීනී, අනිත්‍යයි”

“යං පනානිච්චං දුක්ඛං වා තං සුඛං වා”ති.

“යමක් අනිත්‍ය නම් එය දුකක්ද? සැපක්ද?”

“දුක්ඛං, භන්තේ”.

“ස්වාමීනී, එය දුකයි.”

“යං පනානිච්චං දුක්ඛං විපරිණාමධම්මං, කල්ලං නු තං සමනුපස්සිතුං. ‘ඒතං මම, ඒසෝහමස්මි, ඒසෝ මේ අත්තා’”ති.

“යමක් අනිත්‍ය නම්, දුක නම්, වෙනස්වෙන ස්වභාවයෙන් යුක්ත නම්, එය ‘මෙය මාගේ ය, මෙය මම වෙමි, මෙය මාගේ ආත්මය යි’ කියල මුලාවෙන් දකින්නට සුදුසුද?”

“නෝ හේතං භන්තේ”.

“ස්වාමීනී, එසේ දැකීම සුදුසු නෑ.”

“තං කිං මඤ්ඤථ භගිනියෝ, සද්දා නිච්චා වා අනිච්චා වා”ති.

“පින්වත් සොයුරියනි, ඒ ගැන කුමක්ද සිතන්නේ? ශබ්ද නිත්‍යද? අනිත්‍ය ද?”

“අනිච්චා භන්තේ ….පෙ….

“ස්වාමීනී, අනිත්‍යයි” ….(පෙ)….

ගන්ධා නිච්චා වා අනිච්චා වා”ති.

ගඳ සුවඳ නිත්‍යද? අනිත්‍යද?”

“අනිච්චා භන්තේ”. …පෙ…

“ස්වාමීනී, අනිත්‍යයි” ….(පෙ)….

“රසා නිච්චා වා අනිච්චා වා”ති.

රස නිත්‍යද? අනිත්‍යද?”

“අනිච්චා, භන්තේ”. …පෙ…

“ස්වාමීනී, අනිත්‍යයි” ….(පෙ)….

“ඵොට්ඨබ්බා නිච්චා වා අනිච්චා වා”ති.

පහස නිත්‍යද? අනිත්‍යද?”

“අනිච්චා භන්තේ”. …පෙ…

“ස්වාමීනී, අනිත්‍යයි” ….(පෙ)….

“ධම්මා නිච්චා වා අනිච්චා වා”ති.

අරමුණු නිත්‍යද? අනිත්‍යද?”

“අනිච්චා භන්තේ”.

“ස්වාමීනී, අනිත්‍යයි”

“යං පනානිච්චං දුක්ඛං වා තං සුඛං වා”ති.

“යමක් අනිත්‍ය නම් එය දුකක්ද? සැපක්ද?”

“දුක්ඛං භන්තේ”.

“ස්වාමීනී, එය දුකයි.”

“යං පනානිච්චං දුක්ඛං විපරිණාමධම්මං, කල්ලං නු තං සමනුපස්සිතුං. ‘ඒතං මම, ඒසෝහමස්මි, ඒසෝ මේ අත්තා’”ති.

“යමක් අනිත්‍ය නම්, දුක නම්, වෙනස්වෙන ස්වභාවයෙන් යුක්ත නම්, එය ‘මෙය මාගේ ය, මෙය මම වෙමි, මෙය මාගේ ආත්මය යි’ කියල මුලාවෙන් දකින්නට සුදුසුද?”

“නෝ හේතං භන්තේ”. “තං කිස්ස හේතු”: “පුබ්බේව නෝ හේතං භන්තේ, යථාභූතං සම්මප්පඤ්ඤාය සුදිට්ඨං: ‘ඉතිපිමේ ඡ බාහිරා ආයතනා අනිච්චා’”ති.

“ස්වාමීනී, එසේ දැකීම සුදුසු නෑ.”

“ඒකට හේතුව කුමක්ද?” “ස්වාමීනී, කලින්ම යථාර්ථයක් වශයෙන් සම්‍යක් ප්‍රඥාවෙන් අපි මෙය දැකලයි තියෙන්නේ. ඔය විදිහට බාහිර ආයතන හය අනිත්‍යයයි කියලා.”

“සාධු, සාධු, භගිනියෝ, ඒවං හේතං භගිනියෝ, හෝති අරියසාවකස්ස යථාභූතං සම්මප්පඤ්ඤාය පස්සතෝ”. “තං කිං මඤ්ඤථ භගිනියෝ, චක්ඛුවිඤ්ඤාණං නිච්චං වා අනිච්චං වා”ති.

“සාදු! සාදු! පින්වත් සොයුරියනි. යථාර්ථය සම්‍යක් ප්‍රඥාවෙන් අවබෝධ කරන ආර්ය ශ්‍රාවකයෙකු හට විය යුත්තේ පින්වත් සොයුරියනි, ඒ විදිහට තමයි.”

“පින්වත් සොයුරියනි, ඒ ගැන කුමක්ද සිතන්නේ? ඇසේ විඤ්ඤාණය නිත්‍යද? අනිත්‍යද?”

“අනිච්චං භන්තේ”.

“ස්වාමීනී, අනිත්‍යයි”

“යං පනානිච්චං දුක්ඛං වා තං සුඛං වා”ති.

“යමක් අනිත්‍ය නම් එය දුකක්ද? සැපක්ද?”

“දුක්ඛං භන්තේ”.

“ස්වාමීනී, එය දුකයි.”

“යං පනානිච්චං දුක්ඛං විපරිණාමධම්මං, කල්ලං නු තං සමනුපස්සිතුං. ‘ඒතං මම, ඒසෝහමස්මි, ඒසෝ මේ අත්තා’”ති.

“යමක් අනිත්‍ය නම්, දුක නම්, වෙනස්වෙන ස්වභාවයෙන් යුක්ත නම්, එය ‘මෙය මාගේ ය, මෙය මම වෙමි, මෙය මාගේ ආත්මය යි’ කියල මුලාවෙන් දකින්නට සුදුසුද?”

“නෝ හේතං භන්තේ”.

“ස්වාමීනී, එසේ දැකීම සුදුසු නෑ.”

“තං කිං මඤ්ඤථ භගිනියෝ, සෝතවිඤ්ඤාණං නිච්චං වා අනිච්චං වා”ති.

“පින්වත් සොයුරියනි, ඒ ගැන කුමක්ද සිතන්නේ? කනේ විඤ්ඤාණය නිත්‍යද? අනිත්‍යද?”

“අනිච්චං භන්තේ. …පෙ….

“ස්වාමීනී, අනිත්‍යයි” ….(පෙ)….

ඝානවිඤ්ඤාණං නිච්චං වා අනිච්චං වා”ති.

නාසයේ විඤ්ඤාණය නිත්‍යද? අනිත්‍යද?”

“අනිච්චං භන්තේ”. …පෙ…

“ස්වාමීනී, අනිත්‍යයි” ….(පෙ)….

“ජිව්හාවිඤ්ඤාණං නිච්චං වා අනිච්චං වා”ති.

දිවේ විඤ්ඤාණය නිත්‍යද? අනිත්‍යද?”

“අනිච්චං භන්තේ”.

“ස්වාමීනී, අනිත්‍යයි” ….(පෙ)….

“කායවිඤ්ඤාණං නිච්චං වා අනිච්චං වා”ති.

කයේ විඤ්ඤාණය නිත්‍යද? අනිත්‍යද?”

“අනිච්චං භන්තේ”. …පෙ…

“ස්වාමීනී, අනිත්‍යයි” ….(පෙ)….

“මනෝවිඤ්ඤාණං නිච්චං වා අනිච්චං වා”ති.

මනෝ විඤ්ඤාණය නිත්‍යද? අනිත්‍යද?”

“අනිච්චං භන්තේ”.

“ස්වාමීනී, අනිත්‍යයි”

“යං පනානිච්චං දුක්ඛං වා තං සුඛං වාති”.

“යමක් අනිත්‍ය නම් එය දුකක්ද? සැපක්ද?”

“දුක්ඛං භන්තේ”.

“ස්වාමීනී, එය දුකයි.”

“යං පනානිච්චං දුක්ඛං විපරිණාමධම්මං, කල්ලං නු තං සමනුපස්සිතුං. ‘ඒතං මම, ඒසෝහමස්මි, ඒසෝ මේ අත්තා’”ති.

“යමක් අනිත්‍ය නම්, දුක නම්, වෙනස්වෙන ස්වභාවයෙන් යුක්ත නම්, එය ‘මෙය මාගේ ය, මෙය මම වෙමි, මෙය මාගේ ආත්මය යි’ කියල මුලාවෙන් දකින්නට සුදුසුද?” “ස්වාමීනී, එසේ දැකීම සුදුසු නෑ.”

“නෝ හේතං භන්තේ”. “තං කිස්ස හේතු”. “පුබ්බේව නෝ හේතං භන්තේ, යථාභූතං සම්මප්පඤ්ඤාය සුදිට්ඨං: ඉතිපිමේ ඡ විඤ්ඤාණකායා අනිච්චා’”ති.

“ඒකට හේතුව කුමක්ද?” “ස්වාමීනී, කලින්ම යථාර්ථයක් වශයෙන් සම්‍යක් ප්‍රඥාවෙන් අපි මෙය දැකලයි තියෙන්නේ. ඔය විදිහට විඤ්ඤාණකාය හය අනිත්‍යයයි කියලා.”

“සාධු, සාධු, භගිනියෝ, ඒවං හේතං භගිනියෝ, හෝති අරියසාවකස්ස යථාභූතං සම්මප්පඤ්ඤාය පස්සතෝ”.

“සාදු! සාදු! පින්වත් සොයුරියනි, යථාර්ථය සම්‍යක් ප්‍රඥාවෙන් දකින ආර්ය ශ්‍රාවකයෙකු හට විය යුත්තේ පින්වත් සොයුරියනි, ඒ විදිහට තමයි.”

“සෙය්‍යථාපි භගිනියෝ, තේලප්පදීපස්ස ඣායතෝ තේලම්පි අනිච්චං විපරිණාමධම්මං, වට්ටිපි අනිච්චා විපරිණාමධම්මා, අච්චිපි අනිච්චා විපරිණාමධම්මා, ආභාපි අනිච්චා විපරිණාමධම්මා. යෝ නු ඛෝ භගිනියෝ, ඒවං වදෙය්‍ය, ‘අමුස්ස තේලප්පදීපස්ස ඣායතෝ තේලම්පි අනිච්චං විපරිණාමධම්මං, වට්ටිපි අනිච්චා විපරිණාමධම්මා, අච්චිපි අනිච්චා විපරිණාමධම්මා, යා ඛ්වාස්ස ආභා, සා නිච්චා ධුවා සස්සතා අවිපරිණාමධම්මා’ති. සම්මා නු ඛෝ සෝ භගිනියෝ, වදමානෝ වදෙය්‍යා”ති.

“පින්වත් සොයුරියනි, ඒක මේ වගේ දෙයක්. තෙල් පහනක් දැල්වෙද්දී තෙලත් අනිත්‍ය වෙලා, විපරිණාමයට පත්වෙලා යනවා. වැටිත් අනිත්‍ය වෙලා, විපරිණාමයට පත්වෙලා යනවා. සිලුත් අනිත්‍ය වෙලා, විපරිණාමයට පත්වෙලා යනවා. එළියත් අනිත්‍ය වෙලා, විපරිණාමයට පත්වෙලා යනවා. ඒ වුණාට පින්වත් සොයුරියනි, යම් කෙනෙක් මෙහෙම කිව්වොත්, මේ දැල්වෙන තෙල් පහනේ තෙලත් අනිත්‍යයි. වෙනස් වෙන ස්වභාවයෙන් යුක්තයි. වැටිත් අනිත්‍යයි. වෙනස් වෙන ස්වභාවයෙන් යුක්තයි. සිලුත් අනිත්‍යයි. වෙනස් වෙන ස්වභාවයෙන් යුක්තයි. නමුත් මේ තෙල් පහනේ යම් ආලෝකයක් ඇද්ද, එය නිත්‍යයි. ස්ථිරයි. ශාස්වතයි. නොවෙනස් වන ස්වභාවයෙන් යුක්තයි කියලා, පින්වත් සොයුරියනි, එසේ කියන්නා වූ ඒ තැනැත්තා ඒ කියන්නේ හැබෑ කථාවක්ද?”

“නෝ හේතං භන්තේ”. “තං කිස්ස හේතු”: “අමුස්ස හි භන්තේ, තේලප්පදීපස්ස ඣායතෝ තේලම්පි අනිච්චං විපරිණාමධම්මං, වට්ටිපි අනිච්චා විපරිණාමධම්මා, අච්චිපි අනිච්චා විපරිණාමධම්මා, පගේවස්ස ආභා අනිච්චා විපරිණාමධම්මා”ති.

“ස්වාමීනී, එය හැබෑ කථාවක් නම් නොවෙයි.” “එයට හේතුව කුමක්ද?” “ස්වාමීනී, ඒ දැල්වෙන තෙල් පහනේ තෙලත් අනිත්‍යම යි, වෙනස් ස්වභාවයට අයිතිම යි, වැටිත් අනිත්‍යම යි, වෙනස් ස්වභාවයට අයිතිම යි, සිලුත් අනිත්‍යම යි, වෙනස් වන ස්වභාවයට අයිතිම යි, ඉතින් එහෙම එකේ එළියත් අනිත්‍ය බව, වෙනස් වෙන ස්වභාවයට අයිති බව අමුතුවෙන් කියන්න දෙයක් නැහැ නෙව.”

“ඒවමේව ඛෝ භගිනියෝ, යෝ නු ඛෝ ඒවං වදෙය්‍ය, ‘ඡ හි ඛෝ ඉමා අජ්ඣත්තිකා ආයතනා අනිච්චා, යඤ්ච ඛෝ ඡ අජ්ඣත්තිකේ ආයතනේ පටිච්ච පටිසංවේදේති සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා, තං නිච්චං ධුවං සස්සතං අවිපරිණාමධම්ම’න්ති. සම්මා නු ඛෝ සෝ භගිනියෝ, වදමානෝ වදෙය්‍යා”ති.

“පින්වත් සොයුරියනි, මේකත් එහෙම දෙයක් තමයි. යම්කිසි කෙනෙක් මේ විදිහට කියන්නට පුළුවනි. මේ ආධ්‍යාත්මික ආයතන හය අනිත්‍ය තමයි. නමුත් ආධ්‍යාත්මික ආයතන හය හේතුවෙන් යම් සැපක් හෝ දුකක් හෝ දුක් සැප රහිත බවක් හෝ විඳිනවා නම්, එය නිත්‍යයි. ස්ථිරයි. නොවෙනස් වන ස්වභාවයෙන් යුක්තයි කියල කිව්වොත්, පින්වත් සොයුරියනි, ඒ තැනැත්තා කියන්නේ හැබෑ වූ කථාවක් ද?”

“නෝ හේතං භන්තේ”. “තං කිස්ස හේතු”, “තජ්ජං තජ්ජං භන්තේ, පච්චයං පටිච්ච තජ්ජා තජ්ජා වේදනා උප්පජ්ජන්ති. තජ්ජස්ස තජ්ජස්ස පච්චයස්ස නිරෝධා තජ්ජා තජ්ජා වේදනා නිරුජ්ඣන්තී”ති.

“ස්වාමීනී, එය හැබෑ කථාවක් නම් නොවෙයි.” “එයට හේතුව කුමක්ද?” “ස්වාමීනී, ඒ ඒ උපකාරක ධර්මයන්ගේ හේතුවෙනුයි ඒ ඒ වේදනා උපදින්නේ. ඒ ඒ උපකාරක ධර්මයන්ගේ නිරුද්ධ වීමෙන් ඒ ඒ විඳීම් නිරුද්ධ වෙලා යනවා.”

“සාධු, සාධු, භගිනියෝ, ඒවං හේතං භගිනියෝ, හෝති අරියසාවකස්ස යථාභූතං සම්මප්පඤ්ඤාය පස්සතෝ”.

“සාදු! සාදු! පින්වත් සොයුරියනි, යථාර්ථය සම්‍යක් ප්‍රඥාවෙන් දකින ආර්ය ශ්‍රාවකයෙකු හට විය යුත්තේ පින්වත් සොයුරියනි, ඒ විදිහට තමයි.”

“සෙය්‍යථාපි භගිනියෝ, මහතෝ රුක්ඛස්ස තිට්ඨතෝ සාරවතෝ මූලම්පි අනිච්චං විපරිණාමධම්මං, ඛන්ධෝපි අනිච්චෝ විපරිණාමධම්මෝ, සාඛාපලාසම්පි අනිච්චං විපරිණාමධම්මං, ඡායාපි අනිච්චා විපරිණාමධම්මා. යෝ නු ඛෝ භගිනියෝ, ඒවං වදෙය්‍ය: ‘අමුස්ස මහතෝ රුක්ඛස්ස තිට්ඨතෝ සාරවතෝ මූලම්පි අනිච්චං විපරිණාමධම්මං, ඛන්ධෝපි අනිච්චෝ විපරිණාමධම්මෝ, සාඛාපලාසම්පි අනිච්චං විපරිණාමධම්මං, යා ච ඛ්වාස්ස ඡායා සා නිච්චා ධුවා සස්සතා අවිපරිණාමධම්මා’ති. සම්මා නු ඛෝ සෝ භගිනියෝ, වදමානෝ වදෙය්‍යා”ති.

“පින්වත් සොයුරියනි, මේ වගේ දෙයක් තියෙනවා. හොඳින් මුල්බැස ගත්තු, අරටුව ඇති විශාල වෘක්ෂයක් තියෙනවා. ඒ වෘක්ෂයේ මුලත් අනිත්‍යයි. වෙනස් වන ස්වභාවයෙන් යුක්තයි. කඳත් අනිත්‍යයි. වෙනස් වන ස්වභාවයෙන් යුක්තයි. අතුපතරත් අනිත්‍යයි. වෙනස් වන ස්වභාවයෙන් යුක්තයි. ඡායාවත් අනිත්‍යයි. වෙනස් වන ස්වභාවයෙන් යුක්තයි. නමුත් පින්වත් සොයුරියනි, යමෙක් මෙහෙම කියන්නට පුළුවනි. හොඳින් මුල් බැසගත් අරටුව ඇති ඔය අතිවිශාල වෘක්ෂයේ මුලත් අනිත්‍ය තමයි. වෙනස් වන ස්වභාවයෙන් යුක්ත තමයි. කඳත් අනිත්‍ය තමයි. වෙනස් වන ස්වභාවයෙන් යුක්ත තමයි. අතු පතරත් අනිත්‍ය තමයි. වෙනස් වන ස්වභාවයෙන් යුක්ත තමයි. නමුත් ඔය වෘක්ෂයේ යම් ඡායාවක් ඇද්ද, ඒක නිත්‍යයි. ස්ථිරයි. නොවෙනස් වන ස්වභාවයෙන් යුක්තයි කියලා, පින්වත් සොයුරියනි, ඒ තැනැත්තා කියන්නේ හැබෑ වූ කථාවක්ද?”

“නෝ හේතං භන්තේ”. “තං කිස්ස හේතු”: “අමුස්ස හි භන්තේ, මහතෝ රුක්ඛස්ස තිට්ඨතෝ සාරවතෝ මූලම්පි අනිච්චං විපරිණාමධම්මං, ඛන්ධෝපි අනිච්චෝ විපරිණාමධම්මෝ, සාඛාපලාසම්පි අනිච්චං විපරිණාමධම්මං, පගේවස්ස ඡායා අනිච්චා විපරිණාමධම්මා”ති.

“ස්වාමීනී, ඒක හැබෑ කථාවක් නම් නොවෙයි.” “එයට හේතුව කුමක්ද?” “ස්වාමීනී, හොඳින් මුල් අල්ලපු, අරටුව සහිත, මේ මහා වෘක්ෂයේ මුලත් අනිත්‍යම යි. වෙනස් වෙන ස්වභාවයෙන් යුක්තම යි. කඳත් අනිත්‍යම යි. වෙනස් වන ස්වභාවයෙන් යුක්තම යි. අතුපතරත් අනිත්‍යම යි. වෙනස් වන ස්වභාවයෙන් යුක්තම යි. එහෙම එකේ ඒ වෘක්ෂයේ ඡායාව අනිත්‍ය බව, වෙනස් වන ස්වභාවයෙන් යුක්ත බව අමුතුවෙන් කියන්න ඕන නෑ ම යි.”

“ඒවමේව ඛෝ භගිනියෝ, යෝ නු ඛෝ ඒවං වදෙය්‍ය: ‘ඡ ඛෝමේ බාහිරා ආයතනා අනිච්චා විපරිණාමධම්මා යඤ්ච ඛෝ ඡ බාහිරේ ආයතනේ පටිච්ච පටිසංවේදේමි සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා තං නිච්චං ධුවං සස්සතං අවිපරිණාමධම්ම’න්ති, සම්මා නු ඛෝ සෝ භගිනියෝ, වදමානෝ වදෙය්‍යා”ති.

“පින්වත් සොයුරියනි, මේකත් එහෙම දෙයක් තමයි. යම් කිසි කෙනෙක් මේ විදිහට කියන්නට පුළුවනි. මේ බාහිර ආයතන හය අනිත්‍ය තමයි. නමුත් බාහිර ආයතන හය හේතුවෙන් යම් සැපක් හෝ දුකක් හෝ දුක් සැප රහිත බවක් හෝ විඳිනවා නම්, එය නිත්‍යයි. ස්ථිරයි. නොවෙනස් වන ස්වභාවයෙන් යුක්තයි කියල කිව්වොත්, පින්වත් සොයුරියනි, ඒ තැනැත්තා කියන්නේ හැබෑ වූ කථාවක්ද?”

“නෝ හේතං භන්තේ”. “තං කිස්ස හේතු”: “තජ්ජං තජ්ජං භන්තේ, පච්චයං පටිච්ච තජ්ජා තජ්ජා වේදනා උප්පජ්ජන්ති. තජ්ජස්ස තජ්ජස්ස පච්චයස්ස නිරෝධා තජ්ජා තජ්ජා වේදනා නිරුජ්ඣන්තී”ති.

“ස්වාමීනී, එය හැබෑ කථාවක් නම් නොවෙයි.” “එයට හේතුව කුමක්ද?” “ස්වාමීනී, ඒ ඒ උපකාරක ධර්මයන්ගේ හේතුවෙනුයි ඒ ඒ වේදනා උපදින්නේ. ඒ ඒ උපකාරක ධර්මයන්ගේ නිරුද්ධ වීමෙන් ඒ ඒ විඳීම් නිරුද්ධ වෙලා යනවා.”

“සාධු, සාධු, භගිනියෝ, ඒවං හේතං භගිනියෝ, හෝති අරියසාවකස්ස යථාභූතං සම්මප්පඤ්ඤාය පස්සතෝ”.

“සාදු! සාදු! පින්වත් සොයුරියනි, යථාර්ථය සම්‍යක් ප්‍රඥාවෙන් දකින ආර්ය ශ්‍රාවකයෙකු හට විය යුත්තේ පින්වත් සොයුරියනි, ඒ විදිහට තමයි.”

“සෙය්‍යථාපි භගිනියෝ, දක්ඛෝ ගෝඝාතකෝ වා ගෝඝාතකන්තේවාසී වා ගාවිං වධිත්වා තිණ්හේන. ගෝවිකන්තනේන ගාවිං විකන්තෙය්‍ය අනුපහච්ච අන්තරං මංසකායං අනුපහච්ච බාහිරං චම්මකායං. යං යදේව තත්ථ අන්තරා විලිමංසං, අන්තරා නහාරු, අන්තරා බන්ධනං, තං තදේව තිණ්හේන ගෝවිකන්නේන සඤ්ඡින්දෙය්‍ය සංකන්තෙය්‍ය සම්පකන්තෙය්‍ය සම්පරිකන්තෙය්‍ය, සඤ්ඡින්දිත්වා, සංකන්තිත්, සම්පකන්තිත්වා, සම්පරිකන්තිත්වා, විධුනිත්වා බාහිරං චම්මකායං තේනේව චම්මේන තං ගාවිං පටිච්ඡාදෙත්වා ඒවං වදෙය්‍ය: ‘තථේවායං ගාවී සංයුත්තා ඉමිනාව චම්මේනා’ති. සම්මා නු ඛෝ සෝ භගිනියෝ, වදමානෝ වදෙය්‍යා”ති.

“පින්වත් සොයුරියනි, දක්ෂ ගවඝාතකයෙක් හෝ ඔහුගේ අතවැසියෙක් හෝ ඉන්නවා කියලා සිතමු. ඉතින් ඔහු ගවදෙනක් මරලා ගවයන් කපන තියුණු ආයුධයෙන් ඒ ගව දෙන කෑලිවලට කපනවා. එහිදී ඇතුළු මස නොකපා බාහිර හමත් නොකපා, ඒ අතරේ ඇති නහර වැල් සමඟ මස්වල ඇති සම්බන්ධයත්, නහරවැල් අතරත්, අනෙකුත් බන්ධන අතරත් තියුණු ගෙරි කපන කැත්තෙන් කෑලි කපනවා. ඉතා හොඳින් කීතු කරනවා. තව තවත් කීතු කරනවා. හැම පැත්තෙන්ම කීතු කර කර කපනවා. ඔය විදිහට කෑලි කපලා, කීතු කරලා, තව තවත් කීතු කරලා, හැම පැත්තෙන්මත් කීතු කරලා, බාහිර සම් කය ගලෝලා ඒ හමෙන්ම ගව දෙන වහලා මෙහෙම කියනවා. ‘ඔය ගව දෙන මේ සමත් එක්ක එකතු වෙලා නෙව ඉන්නෙ’ කියලා. පින්වත් සොයුරියනි, ඒ තැනැත්තා කියන්නේ හැබෑ වූ කථාවක්ද?”

“නෝ හේතං භන්තේ”. “තං කිස්ස හේතු”: “අමු හි භන්තේ, දක්ඛෝ ගෝඝාතකෝ වා ගෝඝාතකන්තේවාසී වා ගාවිං වධිත්වා තිණ්හේන ගෝවිකන්තනේන ගාවිං සංකන්තෙය්‍ය අනුපහච්ච අන්තරං මංසකායං, අනුපහච්ච බාහිරං චම්මකායං, යං යදේව තත්ථ අන්තරා විලිමංසං, අන්තරා නහාරු, අන්තරා බන්ධනං, තං තදේව තිණ්හේන ගෝවිකන්තනේන සඤ්ඡින්දෙය්‍ය, සංකන්තෙය්‍ය, සම්පකන්තෙය්‍ය, සම්පරිකන්තෙය්‍ය. සඤ්ඡින්දිත්වා සංකන්තිත්වා සම්පරිකන්තිත්වා විධුනිත්වා බාහිරං චම්මකායං තේනේව චම්මේන තං ගාවිං පටිච්ඡාදෙත්වා කිඤ්චාපි සෝ ඒවං වදෙය්‍ය: ‘තථේවායං ගාවී සංයුත්තා ඉමිනාව චම්මේනා’ති. අථ ඛෝ සා ගාවී විසංයුත්තා තේනේව චම්මේනා”ති.

“ස්වාමීනී, එය හැබෑ කථාවක් නම් නොවෙයි.” “එයට හේතුව කුමක්ද?” “ස්වාමීනී, මේ දක්ෂ ගව ඝාතකයා හෝ ඔහුගේ ගෝලයා හෝ ගව දෙන මරලා ගෙරි කපන තියුණු කැත්තෙන් කැපුවා නෙව. එතකොට ගව දෙනගේ ඇතුළු මාංශ කායට මොනවත් නොකර, බාහිර සම් කයටත් මොකවත් නොකර, ඇතුළේ නහරවැල් සමඟ බැඳුණු මස් තිබුනා නෙව. ඒ මසුත්, බන්ධනත් හැම එකක්ම තියුණු ගෙරි කපන කැත්තෙන් කෑලි කළා නෙව. හොඳින්ම කපලා දැම්මා නෙව. කීතු කළා නෙව. හැම පැත්තෙන්ම කීතු කර කර කැපුවා නෙව. ඉතින් ඒ විදිහට කෑලි කපලා, හොඳටෝම කපලා, කීතු කීතු කපලා, හැම පැත්තෙන්ම කීතු කර කර කපලා හිට බාහිර සම් කයත් ගලෝලා, ඒ සමින්ම ඒ ගවදෙන වහලා හිට, කවුරු හරි මෙහෙම කිව්වත්, මේ ගව දෙන කලින් විදිහටම මේ හමට සම්බන්ධ වෙලා ඉන්නවා කියල, නමුත් ඒ ගව දෙන ඒ සමෙන් වෙන් වෙලාම යි ඉන්නේ.”

“උපමා ඛෝ මේ අයං භගිනියෝ, කතා අත්ථස්ස විඤ්ඤාපනාය. අයමේවෙත්ථ අත්ථෝ: ‘අන්තරා මංසකායෝ’ති ඛෝ භගිනියෝ, ඡන්නේතං අජ්ඣත්තිකානං ආයතනානං අධිවචනං. ‘බාහිරෝ චම්මකායෝ’ති ඛෝ භගිනියෝ, ඡන්නේතං බාහිරානං ආයතනානං අධිවචනං; ‘අන්තරා විලිමංසං, අන්තරා නහාරු, අන්තරා බන්ධන’න්ති ඛෝ භගිනියෝ, නන්දීරාගස්සේතං අධිවචනං. ‘තිණ්හං ගෝවිකන්තන’න්ති ඛෝ භගිනියෝ, අරියායේතං පඤ්ඤාය අධිවචනං යායං අරියා පඤ්ඤා අන්තරා කිලේසං අන්තරා සංයෝජනං අන්තරා බන්ධනං සඤ්ඡින්දති සංකන්තති සම්පකන්තති සම්පරිකන්තති.

“පින්වත් සොයුරියනි, මං මේ උපමාව කළේ අර්ථයක් තේරුම් කරලා දෙන්නටයි. ඔය උපමාවේ අර්ථය මේකයි. පින්වත් සොයුරියනි, ඇතුළු මස් කය කියලා කියන්නේ ආධ්‍යාත්මික ආයතන හයට කියන නමක්. බාහිර සම් කය කියලා කියන්නේ බාහිර ආයතන හයට කියන නමක්. ඇතුළත තිබෙන නහරවල් බැඳුණු මස්, ඇතුළත බන්ධන ආදිය කියලා කියන්නේ සොයුරියනි, මේ නන්දිරාගයට කියන නමක්. තියුණු ගෙරි කපන කැත්ත ය කියන්නේ සොයුරියනි, මේ ආර්ය වූ ප්‍රඥාවට කියන නමක්. යම් මේ ආර්ය ප්‍රඥාවකින් ඇතුළත කෙලෙස්, ඇතුළත සංයෝජන, ඇතුළත බන්ධන කෑලි කෑලි කපනවාද, හොඳින් කපනවාද, කීතු කර කර කපනවාද, හාත්පස කීතු කර කර කපනවාද, එයයි.

“සත්ත ඛෝ ඉමේ භගිනියෝ, බොජ්ඣංගා යේසං භාවිතත්තා බහුලීකතත්තා භික්ඛු ආසවානං ඛයා අනාසවං චේතෝවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨේව ධම්මේ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති. කතමේ සත්ත: ඉධ භගිනියෝ, භික්ඛු සතිසම්බොජ්ඣංගං භාවේති විවේකනිස්සිතං විරාගනිස්සිතං නිරෝධනිස්සිතං වොස්සග්ගපරිණාමිං, ධම්මවිචයසම්බොජ්ඣංගං භාවේති ….පෙ…. වීරියසම්බොජ්ඣංගං භාවේති ….පෙ…. පීතිසම්බොජ්ඣංගං භාවේති ….පෙ…. පස්සද්ධිසම්බොජ්ඣංගං භාවේති ….පෙ…. සමාධිසම්බොජ්ඣංගං භාවේත ….පෙ…. උපෙක්ඛාසම්බොජ්ඣංගං භාවේති විවේකනිස්සිතං විරාගනිස්සිතං නිරෝධනිස්සිතං වොස්සග්ගපරිණාමිං. ඉමේ ඛෝ භගිනියෝ, සත්ත බොජ්ඣංගා: යේසං භාවිතත්තා බහුලීකතත්තා භික්ඛු ආසවානං ඛයා අනාසවං චේතෝවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨේව ධම්මේ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරතී”ති.

පින්වත් සොයුරියනි, බොජ්ඣංග ධර්මයන් හතක් තියෙනවා. යම් භික්ෂුවක් තුළ මේ බොජ්ඣංග ධර්ම වැඩීම හේතුවෙන් බහුල වශයෙන් වැඩීම හේතුවෙන් තමයි ආශ්‍රවයන් ක්ෂය කරලා අනාශ්‍රව වූ චිත්ත විමුක්තියත්, ප්‍රඥා විමුක්තියත් මෙලොවදී ම ස්වකීය විශිෂ්ට වූ ප්‍රඥාවෙන් සාක්ෂාත් කොට පැමිණ වාසය කරන්නේ. ඒ බොජ්ඣංග ධර්මයන් සත මොනවාද? පින්වත් සොයුරියනි, මේ ශාසනයෙහි භික්ෂුව, පංච නීවරණ බැහැර වීමෙන් ලත් විවේකය ඇසුරු කොට, අවබෝධයෙන් ලත් කලකිරීමෙන් ඇති වූ නොඇල්ම ඇසුරු කොට, තෘෂ්ණා නිරෝධය ඇසුරු කොට, නිවනට නැඹුරු කොට, සති සම්බොජ්ඣංගය වඩනවා. ….(පෙ)…. ධම්මවිචය සම්බොජ්ඣංගය වඩනවා. ….(පෙ)…. විරිය සම්බොජ්ඣංගය වඩනවා. ….(පෙ)…. පීති සම්බොජ්ඣංගය වඩනවා. ….(පෙ)…. පස්සද්ධි සම්බොජ්ඣංගය වඩනවා. ….(පෙ)…. සමාධි සම්බොජ්ඣංගය වඩනවා. මේ ශාසනයෙහි භික්ෂුව, පංච නීවරණ බැහැර වීමෙන් ලත් විවේකය ඇසුරු කොට, අවබෝධයෙන් ලත් කලකිරීමෙන් ඇති වූ නොඇල්ම ඇසුරු කොට, තෘෂ්ණා නිරෝධය ඇසුරු කොට, නිවනට නැඹුරු කොට, උපෙක්ඛා සම්බොජ්ඣංගය වඩනවා. පින්වත් සොයුරියනි, සප්ත බොජ්ඣංග කියන්නේ මේවාටයි. ඒ බොජ්ඣංගයන්ගේ වැඩීමෙන්, බහුල වශයෙන් වැඩීමෙන් තමයි භික්ෂුව ආශ්‍රවයන් ක්ෂය කරලා අනාශ්‍රව වූ චිත්ත විමුක්තියත්, ප්‍රඥා විමුක්තියත් මෙලොවදී ම ස්වකීය විශිෂ්ට වූ ප්‍රඥාවෙන් සාක්ෂාත් කොට පැමිණ වාසය කරන්නේ.”

අථ ඛෝ ආයස්මා නන්දකෝ තා භික්ඛුනියෝ ඉමිනා ඕවාදේන ඕවදිත්වා උය්‍යෝජේසි: “ගච්ඡථ භගිනියෝ, කාලෝ”ති.

ඊටපස්සේ ආයුෂ්මත් නන්දකයන් වහන්සේ ඒ භික්ෂුණීන් හට මේ අවවාදයෙන් අවවාද දී, ‘එහෙමනම් යන්න, පින්වත් සොයුරියනි, එයට කාලයයි’ කියලා පිටත් කෙරෙව්වා.

අථ ඛෝ තා භික්ඛුනියෝ ආයස්මතෝ නන්දකස්ස භාසිතං අභිනන්දිත්වා අනුමෝදිත්වා උට්ඨායාසනා ආයස්මන්තං නන්දකං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා යේන භගවා, තේනුපසංකමිංසු. උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං අට්ඨංසු. ඒකමන්තං ඨිතා ඛෝ තා භික්ඛුනියෝ භගවා ඒතදවෝච: “ගච්ඡථ භික්ඛුනියෝ, කාලෝ”ති.

එවිට ඒ භික්ෂුණීන් වහන්සේලා ආයුෂ්මත් නන්දකයන් වහන්සේ වදාළ ධර්මය සතුටින් පිළිගෙන අනුමෝදන් වෙලා, හුනස්නෙන් නැගිට ආයුෂ්මත් නන්දකයන් වහන්සේට ආදරයෙන් වන්දනා කොට, පැදකුණු කොට භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියා. පැමිණ භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කොට එකත්පස්ව වාඩිවුනා. එකත්පස්ව හුන් ඒ භික්ෂුණීන්ට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළා. “එහෙමනම් යන්න, පින්වත් මෙහෙණියනි, එයට කාලයයි.”

අථ ඛෝ තා භික්ඛුනියෝ භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා පක්කමිංසු.

එතකොට ඒ භික්ෂුණීන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කොට, පැදකුණු කොට පිටත්ව ගියා.

අථ ඛෝ භගවා අචිරපක්කන්තීසු තාසු භික්ඛුනීසු භික්ඛූ ආමන්තේසි: “සෙය්‍යථාපි භික්ඛවේ, තදහුපෝසථේ චාතුද්දසේ න හෝති බහුනෝජනස්ස කංඛා වා විමති වා: ‘ඌනෝ නු ඛෝ චන්දෝ, පුණ්ණෝ නු ඛෝ චන්දෝ’ති. අථ ඛෝ ඌනෝ චන්දොත්වේව හෝති. ඒවමේව ඛෝ භික්ඛවේ, තා භික්ඛුනියෝ නන්දකස්ස ධම්මදේසනාය අත්තමනා චෙව හොන්ති, නෝ ච ඛෝ පරිපුණ්ණසංකප්පා”ති.

ඉතින් ඒ භික්ෂුණීන් පිටත්ව ගිය නොබෝ වේලාවකින් භාග්‍යවතුන් වහන්සේ භික්ෂුසංඝයා අමතා වදාළා. “පින්වත් මහණෙනි, ඒක මේ වගේ දෙයක්. තුදුස්වක පොහොය දවසට බොහෝ ජනයාට චන්ද්‍රයා අසම්පූර්ණයිද, එහෙම නැත්නම් චන්ද්‍රයා සම්පූර්ණයිද කියලා සැකයක් හෝ විමතියක් ඇතිවෙන්නේ නෑ. ඒ මොකද, චන්ද්‍රයා අසම්පූර්ණ නිසාම යි. පින්වත් මහණෙනි, ඒ වගේ නන්දකයන්ගේ ධර්ම දේශනාවෙන් භික්ෂුණීන් සතුටු සිත් ඇතිකරගත්තා. නමුත් අදහස සම්පූර්ණ වුනේ නෑ.”

අථ ඛෝ භගවා ආයස්මන්තං නන්දකං ආමන්තේසි: “තේන හි ත්වං නන්දක, ස්වේපි තා භික්ඛුනියෝ තේනේවෝවාදේන ඕවදෙය්‍යාසී”ති. “ඒවං භන්තේ”ති ඛෝ ආයස්මා නන්දකෝ භගවතෝ පච්චස්සෝසි.
අථ ඛෝ ආයස්මා නන්දකෝ තස්සා රත්තියා අච්චයේන පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරං ආදාය සාවත්ථිං පිණ්ඩාය පාවිසි. සාවත්ථියං පිණ්ඩාය චරිත්වා පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තෝ අත්තදුතියෝ යේන රාජකාරාමෝ තේනුපසංකමි. අද්දසංසු ඛෝ තා භික්ඛුනියෝ ආයස්මන්තං නන්දකං දූරතෝව ආගච්ඡන්තං, දිස්වාන ආසනං පඤ්ඤාපේසුං, උදකඤ්ච පාදානං උපට්ඨපේසුං. නිසීදි ඛෝ ආයස්මා නන්දකෝ පඤ්ඤත්තේ ආසනේ, නිසජ්ජ පාදේ පක්ඛාලේසි. තාපි ඛෝ භික්ඛුනියෝ ආයස්මන්තං නන්දකං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදිංසු. ඒකමන්තං නිසින්නා ඛෝ තා භික්ඛුනියෝ ආයස්මා නන්දකෝ ඒතදවෝච: “පටිපුච්ඡකථා ඛෝ භගිනියෝ, භවිස්සති. තත්ථ ආජානන්තීහි ආජානාමා තිස්ස වචනීයං. න ආජානන්තීහි න ආජානාමා තිස්ස වචනීයං. යස්සා වා පනස්ස කංඛා වා විමති වා, අහමේව තත්ථ පටිපුච්ඡිතබ්බෝ: ‘ඉදං භන්තේ, කථං ඉමස්ස ක්වත්ථෝ’”ති.

එවිට භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් නන්දකයන් වහන්සේ අමතා වදාළා. එසේ වී නම් පින්වත් නන්දකය, හෙටත් ඒ භික්ෂුණීන්ට ඔය අවවාදයෙන්ම අවවාද කරන්න.” “එසේය, ස්වාමීනී” කියලා ආයුෂ්මත් නන්දකයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නා.

ඉතින් ආයුෂ්මත් නන්දකයන් වහන්සේ ඒ රාත්‍රිය ඇවෑමෙන් පෙරවරුවෙහි සිවුරු හැඳ පොරවාගෙන, පාත්‍රය ද ගෙන සැවැත් නුවර පිඬු සිඟා වැඩියා. සැවැත් නුවර පිඬු පිණිස හැසිර දානයෙන් පසු පිණ්ඩපාතයෙන් වැළකී තමා සමඟ තව දෙවෙනි භික්ෂුවක් ඇතුව රාජකාරාමයට පැමිණුනා. එතකොට දුරින්ම වඩින්නා වූ ආයුෂ්මත් නන්දකයන් වහන්සේව ඒ භික්ෂුණීන් දැක්කා. දැක ආසනයක් පැණෙව්වා. පා දෝවනයට පැන් පිළියෙල කළා. ආයුෂ්මත් නන්දකයන් වහන්සේ පණවන ලද අසුනෙහි වැඩසිටියා. වැඩහිඳ පා දෝවනය කළා. ඒ භික්ෂුණීන් වහන්සේලා ආයුෂ්මත් නන්දකයන් වහන්සේට ආදරයෙන් වැඳ එකත්පස්ව වාඩිවුනා. එකත්පස්ව හුන් ඒ භික්ෂුණීන් වහන්සේලාට ආයුෂ්මත් නන්දකයන් වහන්සේ මෙය වදාළා.

“පින්වත් සොයුරියනි, ප්‍රශ්න කරමින් තමයි ධර්ම කථාව කෙරෙන්නේ. එහිදී දන්නවා නම් දන්නවා ය කියල කියන්නට ඕන. දන්නේ නැත්නම් දන්නේ නැතෙයි කියලයි කියන්නට ඕන. ඒ වගේම යම් කෙනෙකුට සැකයක් ඇතිවුණොත්, විමතියක් ඇතිවුනොත් ඒ ගැන මගෙන්ම ඇසිය යුතුයි. ‘ස්වාමීනී, මේක කොහොමද? මේකේ අර්ථය මොකක්ද?’ කියලා.”

“එත්තකේනපි මයං භන්තේ, අය්‍යස්ස නන්දකස්ස අත්තමනා අභිරද්ධා. යං නෝ අය්‍යෝ නන්දකෝ පවාරේතී”ති.

“ස්වාමීනී, අපි මෙපමණකින්මත් ආර්ය වූ නන්දකයන් වහන්සේ ගැන සතුටු සිත් ඇතිවුනා. බොහොම පැහැදුනා. යම් හෙයකින් අපව ආර්ය වූ නන්දකයන් වහන්සේ දහම් විමසීමට පවරනවාද, එනිසයි”

“තං කිං මඤ්ඤථ භගිනියෝ, චක්ඛුං නිච්චං වා අනිච්චං වා”ති?

“පින්වත් සොයුරියනි, ඒ ගැන කුමක්ද සිතන්නේ? ඇස නිත්‍යද? අනිත්‍යද?”

“අනිච්චං භන්තේ”.

“ස්වාමීනී, අනිත්‍යයි”

“යං පනානිච්චං දුක්ඛං වා තං සුඛං වා”ති.

“යමක් අනිත්‍ය නම් එය දුකක්ද? සැපක්ද?”

“දුක්ඛං භන්තේ”.

“ස්වාමීනී, එය දුකයි.”

“යං පනානිච්චං දුක්ඛං විපරිණාමධම්මං, කල්ලං නු තං සමනුපස්සිතුං. ‘ඒතං මම, ඒසෝහමස්මි, ඒසෝ මේ අත්තා’”ති?

“යමක් අනිත්‍ය නම්, දුක නම්, වෙනස්වෙන ස්වභාවයෙන් යුක්ත නම්, එය ‘මෙය මාගේ ය, මෙය මම වෙමි, මෙය මාගේ ආත්මය යි’ කියල මුලාවෙන් දකින්නට සුදුසුද?”

“නෝ හේතං භන්තේ”.

“ස්වාමීනී, එසේ දැකීම සුදුසු නෑ.”

“තං කිං මඤ්ඤථ භගිනියෝ, සෝතං නිච්චං වා අනිච්චං වා”ති.

“පින්වත් සොයුරියනි, ඒ ගැන කුමක්ද සිතන්නේ? කන නිත්‍යද? අනිත්‍ය ද?”

“අනිච්චං භන්තේ. …පෙ…

“ස්වාමීනී, අනිත්‍යයි” ….(පෙ)….

ඝානං නිච්චං වා අනිච්චං වා”ති.

නාසය නිත්‍යද? අනිත්‍යද?”

“අනිච්චං භන්තේ”. …පෙ…

“ස්වාමීනී, අනිත්‍යයි” ….(පෙ)….

“ජිව්හා නිච්චා වා අනිච්චා වා”ති.

දිව නිත්‍යද? අනිත්‍යද?”

“අනිච්චා භන්තේ”. …පෙ…

“ස්වාමීනී, අනිත්‍යයි” ….(පෙ)….

“කායෝ නිච්චෝ වා අනිච්චෝ වා”ති.

කය නිත්‍යද? අනිත්‍යද?”

“අනිච්චෝ භන්තේ”. …පෙ…

“ස්වාමීනී, අනිත්‍යයි” ….(පෙ)….

“මනෝ නිච්චෝ වා අනිච්චෝ වා”ති.

මනස නිත්‍යද? අනිත්‍යද?”

“අනිච්චෝ භන්තේ”.

“ස්වාමීනී, අනිත්‍යයි”

“යං පනානිච්චං දුක්ඛං වා තං සුඛං වා”ති.

“යමක් අනිත්‍ය නම් එය දුකක්ද? සැපක්ද?”

“දුක්ඛං භන්තේ”.

“ස්වාමීනී, එය දුකයි.”

“යං පනානිච්චං දුක්ඛං විපරිණාමධම්මං කල්ලං නු තං සමනුපස්සිතුං. ‘ඒතං මම, ඒසෝහමස්මි, ඒසෝ මේ අත්තා’”ති.

“යමක් අනිත්‍ය නම්, දුක නම්, වෙනස්වෙන ස්වභාවයෙන් යුක්ත නම්, එය ‘මෙය මාගේ ය, මෙය මම වෙමි, මෙය මාගේ ආත්මය යි’ කියල මුලාවෙන් දකින්නට සුදුසුද?”

“නෝ හේතං භන්තේ”. “තං කිස්ස හේතු”: “පුබ්බේව නෝ ඒතං භන්තේ, යථාභූතං සම්මප්පඤ්ඤාය සුදිට්ඨං: ‘ඉතිපිමේ ඡ අජ්ඣත්තිකා ආයතනා අනිච්චා’”ති.

“ස්වාමීනී, එසේ දැකීම සුදුසු නෑ.”

“ඒකට හේතුව කුමක්ද?”

“ස්වාමීනී, කලින්ම යථාර්ථයක් වශයෙන් සම්‍යක් ප්‍රඥාවෙන් අපි මෙය දැකලයි තියෙන්නේ. ඔය විදිහට ආධ්‍යාත්මික ආයතන හය අනිත්‍යයයි කියලා.”

“සාධු, සාධු, භගිනියෝ, ඒවං හේතං භගිනියෝ, හෝති අරියසාවකස්ස යථාභූතං සම්මප්පඤ්ඤාය පස්සතෝ”. “තං කිං මඤ්ඤථ භගිනියෝ, රූපා නිච්චා වා අනිච්චා වා”ති.

“සාදු! සාදු! පින්වත් සොයුරියනි, යථාර්ථය සම්‍යක් ප්‍රඥාවෙන් දකින ආර්ය ශ්‍රාවකයෙකු හට විය යුත්තේ පින්වත් සොයුරියනි, ඒ විදිහට තමයි.”

“පින්වත් සොයුරියනි, ඒ ගැන කුමක්ද සිතන්නේ? රූප නිත්‍යද? අනිත්‍යද?”

“අනිච්චා භන්තේ”.

“ස්වාමීනී, අනිත්‍යයි”

“යං පනානිච්චං දුක්ඛං වා තං සුඛං වා”ති.

“යමක් අනිත්‍ය නම් එය දුකක්ද? සැපක්ද?”

“දුක්ඛං, භන්තේ”.

“ස්වාමීනී, එය දුකයි.”

“යං පනානිච්චං දුක්ඛං විපරිණාමධම්මං, කල්ලං නු තං සමනුපස්සිතුං. ‘ඒතං මම, ඒසෝහමස්මි, ඒසෝ මේ අත්තා’”ති.

“යමක් අනිත්‍ය නම්, දුක නම්, වෙනස්වෙන ස්වභාවයෙන් යුක්ත නම්, එය ‘මෙය මාගේ ය, මෙය මම වෙමි, මෙය මාගේ ආත්මය යි’ කියල මුලාවෙන් දකින්නට සුදුසුද?”

“නෝ හේතං භන්තේ”.

“ස්වාමීනී, එසේ දැකීම සුදුසු නෑ.”

“තං කිං මඤ්ඤථ භගිනියෝ, සද්දා නිච්චා වා අනිච්චා වා”ති.

“පින්වත් සොයුරියනි, ඒ ගැන කුමක්ද සිතන්නේ? ශබ්ද නිත්‍යද? අනිත්‍යද?”

“අනිච්චා භන්තේ ….පෙ….

“ස්වාමීනී, අනිත්‍යයි” ….(පෙ)….

ගන්ධා නිච්චා වා අනිච්චා වා”ති.

ගඳ සුවඳ නිත්‍යද? අනිත්‍යද?”

“අනිච්චා භන්තේ”. …පෙ…

“ස්වාමීනී, අනිත්‍යයි” ….(පෙ)….

“රසා නිච්චා වා අනිච්චා වා”ති.

රස නිත්‍යද? අනිත්‍යද?”

“අනිච්චා, භන්තේ”. …පෙ…

“ස්වාමීනී, අනිත්‍යයි” ….(පෙ)….

“ඵොට්ඨබ්බා නිච්චා වා අනිච්චා වා”ති.

පහස නිත්‍යද? අනිත්‍යද?”

“අනිච්චා භන්තේ”. …පෙ…

“ස්වාමීනී, අනිත්‍යයි” ….(පෙ)….

“ධම්මා නිච්චා වා අනිච්චා වා”ති.

අරමුණු නිත්‍යද? අනිත්‍යද?”

“අනිච්චා භන්තේ”.

“ස්වාමීනී, අනිත්‍යයි”

“යං පනානිච්චං දුක්ඛං වා තං සුඛං වා”ති.

“යමක් අනිත්‍ය නම් එය දුකක්ද? සැපක්ද?”

“දුක්ඛං භන්තේ”.

“ස්වාමීනී, එය දුකයි.”

“යං පනානිච්චං දුක්ඛං විපරිණාමධම්මං, කල්ලං නු තං සමනුපස්සිතුං. ‘ඒතං මම, ඒසෝහමස්මි, ඒසෝ මේ අත්තා’”ති.

“යමක් අනිත්‍ය නම්, දුක නම්, වෙනස්වෙන ස්වභාවයෙන් යුක්ත නම්, එය ‘මෙය මාගේ ය, මෙය මම වෙමි, මෙය මාගේ ආත්මය යි’ කියල මුලාවෙන් දකින්නට සුදුසුද?”

“නෝ හේතං භන්තේ”. “තං කිස්ස හේතු”: “පුබ්බේව නෝ හේතං භන්තේ, යථාභූතං සම්මප්පඤ්ඤාය සුදිට්ඨං: ‘ඉතිපිමේ ඡ බාහිරා ආයතනා අනිච්චා’”ති.

“ස්වාමීනී, එසේ දැකීම සුදුසු නෑ.” “ඒකට හේතුව කුමක්ද?” “ස්වාමීනී, කලින්ම යථාර්ථයක් වශයෙන් සම්‍යක් ප්‍රඥාවෙන් අපි මෙය දැකලයි තියෙන්නේ. ඔය විදිහට බාහිර ආයතන හය අනිත්‍යයයි කියලා.”

“සාධු, සාධු, භගිනියෝ, ඒවං හේතං භගිනියෝ, හෝති අරියසාවකස්ස යථාභූතං සම්මප්පඤ්ඤාය පස්සතෝ”.

“සාදු! සාදු! පින්වත් සොයුරියනි, යථාර්ථය සම්‍යක් ප්‍රඥාවෙන් අවබෝධ කරන ආර්ය ශ්‍රාවකයෙකු හට විය යුත්තේ පින්වත් සොයුරියනි, ඒ විදිහට තමයි.”

“තං කිං මඤ්ඤථ භගිනියෝ, චක්ඛුවිඤ්ඤාණං නිච්චං වා අනිච්චං වා”ති.

“පින්වත් සොයුරියනි, ඒ ගැන කුමක්ද සිතන්නේ? ඇසේ විඤ්ඤාණය නිත්‍යද? අනිත්‍යද?”

“අනිච්චං භන්තේ”.

“ස්වාමීනී, අනිත්‍යයි”

“යං පනානිච්චං දුක්ඛං වා තං සුඛං වා”ති.

“යමක් අනිත්‍ය නම් එය දුකක්ද? සැපක්ද?”

“දුක්ඛං භන්තේ”.

“ස්වාමීනී, එය දුකයි.”

“යං පනානිච්චං දුක්ඛං විපරිණාමධම්මං, කල්ලං නු තං සමනුපස්සිතුං. ‘ඒතං මම, ඒසෝහමස්මි, ඒසෝ මේ අත්තා’”ති.

“යමක් අනිත්‍ය නම්, දුක නම්, වෙනස්වෙන ස්වභාවයෙන් යුක්ත නම්, එය ‘මෙය මාගේ ය, මෙය මම වෙමි, මෙය මාගේ ආත්මය යි’ කියල මුලාවෙන් දකින්නට සුදුසුද?”

“නෝ හේතං භන්තේ”.

“ස්වාමීනී, එසේ දැකීම සුදුසු නෑ.”

“තං කිං මඤ්ඤථ භගිනියෝ, සෝතවිඤ්ඤාණං නිච්චං වා අනිච්චං වා”ති.

“පින්වත් සොයුරියනි, ඒ ගැන කුමක්ද සිතන්නේ? කනේ විඤ්ඤාණය නිත්‍යද? අනිත්‍යද?”

“අනිච්චං භන්තේ. …පෙ….

“ස්වාමීනී, අනිත්‍යයි” ….(පෙ)….

ඝානවිඤ්ඤාණං නිච්චං වා අනිච්චං වා”ති.

නාසයේ විඤ්ඤාණය නිත්‍යද? අනිත්‍යද?”

“අනිච්චං භන්තේ”. …පෙ…

“ස්වාමීනී, අනිත්‍යයි” ….(පෙ)….

“ජිව්හාවිඤ්ඤාණං නිච්චං වා අනිච්චං වා”ති.

දිවේ විඤ්ඤාණය නිත්‍යද? අනිත්‍යද?”

“අනිච්චං භන්තේ”.

“ස්වාමීනී, අනිත්‍යයි” ….(පෙ)….

“කායවිඤ්ඤාණං නිච්චං වා අනිච්චං වා”ති.

කයේ විඤ්ඤාණය නිත්‍යද? අනිත්‍යද?”

“අනිච්චං භන්තේ”. …පෙ…

“ස්වාමීනී, අනිත්‍යයි” ….(පෙ)….

“මනෝවිඤ්ඤාණං නිච්චං වා අනිච්චං වා”ති.

මනෝ විඤ්ඤාණය නිත්‍යද? අනිත්‍යද?”

“අනිච්චං භන්තේ”.

“ස්වාමීනී, අනිත්‍යයි”

“යං පනානිච්චං දුක්ඛං වා තං සුඛං වාති”.

“යමක් අනිත්‍ය නම් එය දුකක්ද? සැපක්ද?”

“දුක්ඛං භන්තේ”.

“ස්වාමීනී, එය දුකයි.”

“යං පනානිච්චං දුක්ඛං විපරිණාමධම්මං, කල්ලං නු තං සමනුපස්සිතුං. ‘ඒතං මම, ඒසෝහමස්මි, ඒසෝ මේ අත්තා’”ති.

“යමක් අනිත්‍ය නම්, දුක නම්, වෙනස්වෙන ස්වභාවයෙන් යුක්ත නම්, එය ‘මෙය මාගේ ය, මෙය මම වෙමි, මෙය මාගේ ආත්මය යි’ කියල මුලාවෙන් දකින්නට සුදුසුද?”

“නෝ හේතං භන්තේ”. “තං කිස්ස හේතු”. “පුබ්බේව නෝ හේතං භන්තේ, යථාභූතං සම්මප්පඤ්ඤාය සුදිට්ඨං: ඉතිපිමේ ඡ විඤ්ඤාණකායා අනිච්චා’”ති.

“ස්වාමීනී, එසේ දැකීම සුදුසු නෑ.”

“ඒකට හේතුව කුමක්ද?” “ස්වාමීනී, කලින්ම යථාර්ථයක් වශයෙන් සම්‍යක් ප්‍රඥාවෙන් අපි මෙය දැකලයි තියෙන්නේ. ඔය විදිහට විඤ්ඤාණකාය හය අනිත්‍යයයි කියලා.”

“සාධු, සාධු, භගිනියෝ, ඒවං හේතං භගිනියෝ, හෝති අරියසාවකස්ස යථාභූතං සම්මප්පඤ්ඤාය පස්සතෝ”.

“සාදු! සාදු! පින්වත් සොයුරියනි, යථාර්ථය සම්‍යක් ප්‍රඥාවෙන් දකින ආර්ය ශ්‍රාවකයෙකු හට විය යුත්තේ පින්වත් සොයුරියනි, ඒ විදිහට තමයි.”

“සෙය්‍යථාපි භගිනියෝ, තේලප්පදීපස්ස ඣායතෝ තේලම්පි අනිච්චං විපරිණාමධම්මං, වට්ටිපි අනිච්චා විපරිණාමධම්මා, අච්චිපි අනිච්චා විපරිණාමධම්මා, ආභාපි අනිච්චා විපරිණාමධම්මා. යෝ නු ඛෝ භගිනියෝ, ඒවං වදෙය්‍ය, ‘අමුස්ස තේලප්පදීපස්ස ඣායතෝ තේලම්පි අනිච්චං විපරිණාමධම්මං, වට්ටිපි අනිච්චා විපරිණාමධම්මා, අච්චිපි අනිච්චා විපරිණාමධම්මා, යා ඛ්වාස්ස ආභා, සා නිච්චා ධුවා සස්සතා අවිපරිණාමධම්මා’ති. සම්මා නු ඛෝ සෝ භගිනියෝ, වදමානෝ වදෙය්‍යා”ති.

“පින්වත් සොයුරියනි, ඒක මේ වගේ දෙයක්. තෙල් පහනක් දැල්වෙද්දී තෙලුත් අනිත්‍ය වෙලා, විපරිණාමයට පත්වෙලා යනවා. වැටිත් අනිත්‍ය වෙලා, විපරිණාමයට පත්වෙලා යනවා. සිලුත් අනිත්‍ය වෙලා, විපරිණාමයට පත්වෙලා යනවා. එළියත් අනිත්‍ය වෙලා, විපරිණාමයට පත්වෙලා යනවා. ඒ වුනාට පින්වත් සොයුරියනි, යම් කෙනෙක් මෙහෙම කිව්වොත්, මේ දැල්වෙන තෙල් පහනේ තෙලුත් අනිත්‍යයි. වෙනස් වෙන ස්වභාවයෙන් යුක්තයි. වැටිත් අනිත්‍යයි. වෙනස් වෙන ස්වභාවයෙන් යුක්තයි. සිලුත් අනිත්‍යයි. වෙනස් වෙන ස්වභාවයෙන් යුක්තයි. නමුත් මේ තෙල් පහනේ යම් ආලෝකයක් ඇද්ද, එය නිත්‍යයි. ස්ථිරයි. ශාස්වතයි. නොවෙනස් වන ස්වභාවයෙන් යුක්තයි කියලා, පින්වත් සොයුරියනි, එසේ කියන්නා ඒ කියන්නේ හැබෑ කථාවක්ද?”

“නෝ හේතං භන්තේ”. “තං කිස්ස හේතු”: “අමුස්ස හි භන්තේ, තේලප්පදීපස්ස ඣායතෝ තේලම්පි අනිච්චං විපරිණාමධම්මං, වට්ටිපි අනිච්චා විපරිණාමධම්මා, අච්චිපි අනිච්චා විපරිණාමධම්මා, පගේවස්ස ආභා අනිච්චා විපරිණාමධම්මා”ති.

“ස්වාමීනී, එය හැබෑ කථාවක් නම් නොවෙයි.” “එයට හේතුව කුමක්ද?” “ස්වාමීනී, ඒ දැල්වෙන තෙල් පහනේ තෙලුත් අනිත්‍යම යි, වෙනස් වෙන ස්වභාවයට අයිතිම යි, වැටිත් අනිත්‍යම යි, වෙනස් ස්වභාවයට අයිතිම යි, සිලුත් අනිත්‍යම යි, වෙනස් වෙන ස්වභාවයට අයිතිම යි, ඉතින් එහෙම එකේ එළියත් අනිත්‍ය බව, වෙනස් වෙන ස්වභාවයට අයිති බව අමුතුවෙන් කියන්න දෙයක් නැහැ නෙව.”

“ඒවමේව ඛෝ භගිනියෝ, යෝ නු ඛෝ ඒවං වදෙය්‍ය, ‘ඡ හි ඛෝ ඉමා අජ්ඣත්තිකා ආයතනා අනිච්චා, යඤ්ච ඛෝ ඡ අජ්ඣත්තිකේ ආයතනේ පටිච්ච පටිසංවේදේති සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා, තං නිච්චං ධුවං සස්සතං අවිපරිණාමධම්ම’න්ති. සම්මා නු ඛෝ සෝ භගිනියෝ, වදමානෝ වදෙය්‍යා”ති.

“පින්වත් සොයුරියනි, මේකත් එහෙම දෙයක් තමයි. යම්කිසි කෙනෙක් මේ විදිහට කියන්නට පුළුවනි. මේ ආධ්‍යාත්මික ආයතන හය අනිත්‍ය තමයි. නමුත් ආධ්‍යාත්මික ආයතන හය හේතුවෙන් යම් සැපක් හෝ දුකක් හෝ දුක් සැප රහිත බවක් හෝ විඳිනවා නම්, එය නිත්‍යයි. ස්ථිරයි. නොවෙනස් වන ස්වභාවයෙන් යුක්තයි කියල කිව්වොත්, පින්වත් සොයුරියනි, ඒ තැනැත්තා කියන්නේ හැබෑ වූ කථාවක් ද?”

“නෝ හේතං භන්තේ”. “තං කිස්ස හේතු”, “තජ්ජං තජ්ජං භන්තේ, පච්චයං පටිච්ච තජ්ජා තජ්ජා වේදනා උප්පජ්ජන්ති. තජ්ජස්ස තජ්ජස්ස පච්චයස්ස නිරෝධා තජ්ජා තජ්ජා වේදනා නිරුජ්ඣන්තී”ති.

“ස්වාමීනී, එය හැබෑ කථාවක් නම් නොවෙයි.” “එයට හේතුව කුමක්ද?” “ස්වාමීනී, ඒ ඒ උපකාරක ධර්මයන්ගේ හේතුවෙනුයි ඒ ඒ වේදනා උපදින්නේ. ඒ ඒ උපකාරක ධර්මයන්ගේ නිරුද්ධ වීමෙන් ඒ ඒ විඳීම් නිරුද්ධ වෙලා යනවා.”

“සාධු, සාධු, භගිනියෝ, ඒවං හේතං භගිනියෝ, හෝති අරියසාවකස්ස යථාභූතං සම්මප්පඤ්ඤාය පස්සතෝ”.

“සාදු! සාදු! පින්වත් සොයුරියනි, යථාර්ථය සම්‍යක් ප්‍රඥාවෙන් දකින ආර්ය ශ්‍රාවකයෙකු හට විය යුත්තේ පින්වත් සොයුරියනි, ඒ විදිහට තමයි.”

“සෙය්‍යථාපි භගිනියෝ, මහතෝ රුක්ඛස්ස තිට්ඨතෝ සාරවතෝ මූලම්පි අනිච්චං විපරිණාමධම්මං, ඛන්ධෝපි අනිච්චෝ විපරිණාමධම්මෝ, සාඛාපලාසම්පි අනිච්චං විපරිණාමධම්මං, ඡායාපි අනිච්චා විපරිණාමධම්මා. යෝ නු ඛෝ භගිනියෝ, ඒවං වදෙය්‍ය: ‘අමුස්ස මහතෝ රුක්ඛස්ස තිට්ඨතෝ සාරවතෝ මූලම්පි අනිච්චං විපරිණාමධම්මං, ඛන්ධෝපි අනිච්චෝ විපරිණාමධම්මෝ, සාඛාපලාසම්පි අනිච්චං විපරිණාමධම්මං, යා ච ඛ්වාස්ස ඡායා සා නිච්චා ධුවා සස්සතා අවිපරිණාමධම්මා’ති. සම්මා නු ඛෝ සෝ භගිනියෝ, වදමානෝ වදෙය්‍යා”ති.

“පින්වත් සොයුරියනි, මේ වගේ දෙයක් තියෙනවා. හොඳින් මුල්බැස ගත්තු, අරටුව ඇති විශාල වෘක්ෂයක් තියෙනවා. ඒ වෘක්ෂයේ මුලත් අනිත්‍යයි. වෙනස් වන ස්වභාවයෙන් යුක්තයි. කඳත් අනිත්‍යයි. වෙනස් වන ස්වභාවයෙන් යුක්තයි. අතුපතරත් අනිත්‍යයි. වෙනස් වන ස්වභාවයෙන් යුක්තයි. ඡායාවත් අනිත්‍යයි. වෙනස් වන ස්වභාවයෙන් යුක්තයි. නමුත් පින්වත් සොයුරියනි, යමෙක් මෙහෙම කියන්නට පුළුවනි. හොඳින් මුල් බැසගත්, අරටුව ඇති ඔය අති විශාල වෘක්ෂයේ මුලත් අනිත්‍ය තමයි. වෙනස් වන ස්වභාවයෙන් යුක්ත තමයි. කඳත් අනිත්‍ය තමයි. වෙනස් වන ස්වභාවයෙන් යුක්ත තමයි. අතු පතරත් අනිත්‍ය තමයි. වෙනස් වන ස්වභාවයෙන් යුක්ත තමයි. නමුත් ඔය වෘක්ෂයේ යම් ඡායාවක් ඇද්ද, ඒක නිත්‍යයි. ස්ථිරයි. නොවෙනස් වන ස්වභාවයෙන් යුක්තයි කියලා, පින්වත් සොයුරියනි, ඒ තැනැත්තා කියන්නේ හැබෑ වූ කථාවක්ද?”

“නෝ හේතං භන්තේ”. “තං කිස්ස හේතු”: “අමුස්ස හි භන්තේ, මහතෝ රුක්ඛස්ස තිට්ඨතෝ සාරවතෝ මූලම්පි අනිච්චං විපරිණාමධම්මං, ඛන්ධෝපි අනිච්චෝ විපරිණාමධම්මෝ, සාඛාපලාසම්පි අනිච්චං විපරිණාමධම්මං, පගේවස්ස ඡායා අනිච්චා විපරිණාමධම්මා”ති.

“ස්වාමීනී, ඒක හැබෑ කථාවක් නම් නොවෙයි.” “එයට හේතුව කුමක්ද?” “ස්වාමීනී, හොඳින් මුල් අල්ලපු, අරටුව සහිත, මේ මහා වෘක්ෂයේ මුලත් අනිත්‍යම යි. වෙනස් වෙන ස්වභාවයෙන් යුක්තම යි. කඳත් අනිත්‍යම යි. වෙනස් වන ස්වභාවයෙන් යුක්තම යි. අතුපතරත් අනිත්‍යම යි. වෙනස් වන ස්වභාවයෙන් යුක්තම යි. එහෙම එකේ ඒ වෘක්ෂයේ ඡායාව අනිත්‍ය බව, වෙනස් වන ස්වභාවයෙන් යුක්ත බව අමුතුවෙන් කියන්න ඕන නෑ ම යි.”

“ඒවමේව ඛෝ භගිනියෝ, යෝ නු ඛෝ ඒවං වදෙය්‍ය: ‘ඡ ඛෝමේ බාහිරා ආයතනා අනිච්චා විපරිණාමධම්මා යඤ්ච ඛෝ ඡ බාහිරේ ආයතනේ පටිච්ච පටිසංවේදේමි සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා තං නිච්චං ධුවං සස්සතං අවිපරිණාමධම්ම’න්ති, සම්මා නු ඛෝ සෝ භගිනියෝ, වදමානෝ වදෙය්‍යා”ති.

“පින්වත් සොයුරියනි, මේකත් එහෙම දෙයක් තමයි. යම්කිසි කෙනෙක් මේ විදිහට කියන්නට පුළුවනි. මේ බාහිර ආයතන හය අනිත්‍ය තමයි. නමුත් බාහිර ආයතන හය හේතුවෙන් යම් සැපක් හෝ දුකක් හෝ දුක් සැප රහිත බවක් හෝ විඳිනවා නම්, එය නිත්‍යයි. ස්ථිරයි. නොවෙනස් වන ස්වභාවයෙන් යුක්තයි කියල කිව්වොත්, පින්වත් සොයුරියනි, ඒ තැනැත්තා කියන්නේ හැබෑ වූ කථාවක්ද?”

“ස්වාමීනී, එය හැබෑ කථාවක් නම් නොවෙයි.” “නෝ හේතං භන්තේ”. “තං කිස්ස හේතු”: “තජ්ජං තජ්ජං භන්තේ, පච්චයං පටිච්ච තජ්ජා තජ්ජා වේදනා උප්පජ්ජන්ති. තජ්ජස්ස තජ්ජස්ස පච්චයස්ස නිරෝධා තජ්ජා තජ්ජා වේදනා නිරුජ්ඣන්තී”ති.

“එයට හේතුව කුමක්ද?” “ස්වාමීනී, ඒ ඒ උපකාරක ධර්මයන්ගේ හේතුවෙනුයි ඒ ඒ වේදනා උපදින්නේ. ඒ ඒ උපකාරක ධර්මයන්ගේ නිරුද්ධ වීමෙන් ඒ ඒ විඳීම් නිරුද්ධ වෙලා යනවා.”

“සාධු, සාධු, භගිනියෝ, ඒවං හේතං භගිනියෝ, හෝති අරියසාවකස්ස යථාභූතං සම්මප්පඤ්ඤාය පස්සතෝ”.

“සාදු! සාදු! පින්වත් සොයුරියනි, යථාර්ථය සම්‍යක් ප්‍රඥාවෙන් දකින ආර්ය ශ්‍රාවකයෙකු හට විය යුත්තේ පින්වත් සොයුරියනි, ඒ විදිහට තමයි.”

“සෙය්‍යථාපි භගිනියෝ, දක්ඛෝ ගෝඝාතකෝ වා ගෝඝාතකන්තේවාසී වා ගාවිං වධිත්වා තිණ්හේන. ගෝවිකන්තනේන ගාවිං විකන්තෙය්‍ය අනුපහච්ච අන්තරං මංසකායං අනුපහච්ච බාහිරං චම්මකායං. යං යදේව තත්ථ අන්තරා විලිමංසං, අන්තරා නහාරු, අන්තරා බන්ධනං, තං තදේව තිණ්හේන ගෝවිකන්නේන සඤ්ඡින්දෙය්‍ය සංකන්තෙය්‍ය සම්පකන්තෙය්‍ය සම්පරිකන්තෙය්‍ය, සඤ්ඡින්දිත්වා, සංකන්තිත්, සම්පකන්තිත්වා, සම්පරිකන්තිත්වා, විධුනිත්වා බාහිරං චම්මකායං තේනේව චම්මේන තං ගාවිං පටිච්ඡාදෙත්වා ඒවං වදෙය්‍ය: ‘තථේවායං ගාවී සංයුත්තා ඉමිනාව චම්මේනා’ති. සම්මා නු ඛෝ සෝ භගිනියෝ, වදමානෝ වදෙය්‍යා”ති.

“පින්වත් සොයුරියනි, දක්ෂ ගවඝාතකයෙක් හෝ ඔහුගේ අතවැසියෙක් හෝ ඉන්නවා කියලා සිතමු. ඉතින් ඔහු ගවදෙනක් මරලා ගවයන් කපන තියුණු ආයුධයෙන් ඒ ගව දෙන කෑලිවලට කපනවා. එහිදී ඇතුළු මස නොකපා, බාහිර හමත් නොකපා, ඒ අතරේ ඇති නහර වැල් සමඟ මස්වල ඇති සම්බන්ධයත්, නහරවල් අතරත්, අනෙකුත් බන්ධන අතරත් තියුණු ගෙරි කපන කැත්තෙන් කෑලි කපනවා. ඉතා හොඳින් කීතු කරනවා. තව තවත් කීතු කරනවා. හැම පැත්තෙන්ම කීතු කර කර කපනවා. ඔය විදිහට කෑලි කපලා, කීතු කරලා, තව තවත් කීතු කරලා, හැම පැත්තෙන්මත් කීතු කරලා, බාහිර සම් කය ගලෝලා ඒ හමෙන්ම ගව දෙන වහලා මෙහෙම කියනවා. ‘ඔය ගව දෙන මේ සමත් එක්ක එකතු වෙලා නෙව ඉන්නෙ’ කියලා. පින්වත් සොයුරියනි, ඒ තැනැත්තා කියන්නේ හැබෑ වූ කථාවක්ද?”

“නෝ හේතං භන්තේ”. “තං කිස්ස හේතු”: “අමු හි භන්තේ, දක්ඛෝ ගෝඝාතකෝ වා ගෝඝාතකන්තේවාසී වා ගාවිං වධිත්වා තිණ්හේන ගෝවිකන්තනේන ගාවිං සංකන්තෙය්‍ය අනුපහච්ච අන්තරං මංසකායං, අනුපහච්ච බාහිරං චම්මකායං, යං යදේව තත්ථ අන්තරා විලිමංසං, අන්තරා නහාරු, අන්තරා බන්ධනං, තං තදේව තිණ්හේන ගෝවිකන්තනේන සඤ්ඡින්දෙය්‍ය, සංකන්තෙය්‍ය, සම්පකන්තෙය්‍ය, සම්පරිකන්තෙය්‍ය. සඤ්ඡින්දිත්වා සංකන්තිත්වා සම්පරිකන්තිත්වා විධුනිත්වා බාහිරං චම්මකායං තේනේව චම්මේන තං ගාවිං පටිච්ඡාදෙත්වා කිඤ්චාපි සෝ ඒවං වදෙය්‍ය: ‘තථේවායං ගාවී සංයුත්තා ඉමිනාව චම්මේනා’ති. අථ ඛෝ සා ගාවී විසංයුත්තා තේනේව චම්මේනා”ති.

“ස්වාමීනී, එය හැබෑ කථාවක් නම් නොවෙයි.” “එයට හේතුව කුමක්ද?” “ස්වාමීනී, මේ දක්ෂ ගව ඝාතකයා හෝ ඔහුගේ ගෝලයා හෝ ගව දෙන මරලා ගෙරි කපන තියුණු කැත්තෙන් කැපුවා නෙව. එතකොට ගව දෙනගේ ඇතුළු මාංශ කායට මොනවත් නොකර, බාහිර සම් කයටත් මොකවත් නොකර, ඇතුළේ නහරවැල් සමඟ බැඳුණු මස් තිබුනා නෙව. ඒ මසුත්, බන්ධනත් හැම එකක්ම තියුණු ගෙරි කපන කැත්තෙන් කෑලි කළා නෙව. හොඳින්ම කපලා දැම්මා නෙව. කීතු කළා නෙව. හැම පැත්තෙන්ම කීතු කර කර කැපුවා නෙව. ඉතින් ඒ විදිහට කෑලි කපලා, හොඳටෝම කපලා, කීතු කීතු කපලා, හැම පැත්තෙන්ම කීතු කර කර කපලා හිට බාහිර සම් කයත් ගලෝලා, ඒ සමින්ම ඒ ගවදෙන වහලා හිට, කවුරු හරි මෙහෙම කිව්වත්, මේ ගව දෙන කලින් විදිහටම මේ හමට සම්බන්ධ වෙලා ඉන්නවා කියල, නමුත් ඒ ගව දෙන ඒ සමෙන් වෙන් වෙලාම යි ඉන්නේ.”

“උපමා ඛෝ මේ අයං භගිනියෝ, කතා අත්ථස්ස විඤ්ඤාපනාය. අයමේවෙත්ථ අත්ථෝ: ‘අන්තරා මංසකායෝ’ති ඛෝ භගිනියෝ, ඡන්නේතං අජ්ඣත්තිකානං ආයතනානං අධිවචනං. ‘බාහිරෝ චම්මකායෝ’ති ඛෝ භගිනියෝ, ඡන්නේතං බාහිරානං ආයතනානං අධිවචනං; ‘අන්තරා විලිමංසං, අන්තරා නහාරු, අන්තරා බන්ධන’න්ති ඛෝ භගිනියෝ, නන්දීරාගස්සේතං අධිවචනං. ‘තිණ්හං ගෝවිකන්තන’න්ති ඛෝ භගිනියෝ, අරියායේතං පඤ්ඤාය අධිවචනං යායං අරියා පඤ්ඤා අන්තරා කිලේසං අන්තරා සංයෝජනං අන්තරා බන්ධනං සඤ්ඡින්දති සංකන්තති සම්පකන්තති සම්පරිකන්තති.

“පින්වත් සොයුරියනි, මං මේ උපමාව කළේ අර්ථයක් තේරුම් කරලා දෙන්නටයි. ඔය උපමාවේ අර්ථය මේකයි. පින්වත් සොයුරියනි, ඇතුළු මස් කය කියලා කියන්නේ ආධ්‍යාත්මික ආයතන හයට කියන නමක්. බාහිර සම් කය කියලා කියන්නේ බාහිර ආයතන හයට කියන නමක්. ඇතුළත තිබෙන නහරවල් බැඳුණු මස්, ඇතුළත බන්ධන ආදිය කියලා කියන්නේ සොයුරියනි, මේ නන්දිරාගයට කියන නමක්. තියුණු ගෙරි කපන කැත්ත ය කියන්නේ සොයුරියනි, මේ ආර්ය වූ ප්‍රඥාවට කියන නමක්. යම් මේ ආර්ය ප්‍රඥාවකින් ඇතුළත කෙලෙස්, ඇතුළත සංයෝජන, ඇතුළත බන්ධන කෑලි කෑලි කපනවාද, හොඳින් කපනවාද, කීතු කර කර කපනවාද, හාත්පස කීතු කර කර කපනවාද, එයයි.

“සත්ත ඛෝ ඉමේ භගිනියෝ, බොජ්ඣංගා යේසං භාවිතත්තා බහුලීකතත්තා භික්ඛු ආසවානං ඛයා අනාසවං චේතෝවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨේව ධම්මේ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති. කතමේ සත්ත: ඉධ භගිනියෝ, භික්ඛු සතිසම්බොජ්ඣංගං භාවේති විවේකනිස්සිතං විරාගනිස්සිතං නිරෝධනිස්සිතං වොස්සග්ගපරිණාමිං, ධම්මවිචයසම්බොජ්ඣංගං භාවේති ….පෙ…. වීරියසම්බොජ්ඣංගං භාවේති ….පෙ…. පීතිසම්බොජ්ඣංගං භාවේති ….පෙ…. පස්සද්ධිසම්බොජ්ඣංගං භාවේති ….පෙ…. සමාධිසම්බොජ්ඣංගං භාවේත ….පෙ…. උපෙක්ඛාසම්බොජ්ඣංගං භාවේති විවේකනිස්සිතං විරාගනිස්සිතං නිරෝධනිස්සිතං වොස්සග්ගපරිණාමිං. ඉමේ ඛෝ භගිනියෝ, සත්ත බොජ්ඣංගා: යේසං භාවිතත්තා බහුලීකතත්තා භික්ඛු ආසවානං ඛයා අනාසවං චේතෝවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨේව ධම්මේ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරතී”ති.

පින්වත් සොයුරියනි, බොජ්ඣංග ධර්මයන් හතක් තියෙනවා. යම් භික්ෂුවක් තුළ මේ බොජ්ඣංග ධර්ම වැඩීම හේතුවෙන්, බහුල වශයෙන් වැඩීම හේතුවෙන් තමයි ආශ්‍රවයන් ක්ෂය කරලා අනාශ්‍රව වූ චිත්ත විමුක්තියත්, ප්‍රඥා විමුක්තියත් මෙලොවදී ම ස්වකීය විශිෂ්ට වූ ප්‍රඥාවෙන් සාක්ෂාත් කොට පැමිණ වාසය කරන්නේ. ඒ බොජ්ඣංග ධර්මයන් සත මොනවාද? පින්වත් සොයුරියනි, මේ ශාසනයෙහි භික්ෂුව, පංච නීවරණ බැහැර වීමෙන් ලත් විවේකය ඇසුරු කොට, අවබෝධයෙන් ලත් කලකිරීමෙන් ඇති වූ නොඇල්ම ඇසුරු කොට, තෘෂ්ණා නිරෝධය ඇසුරු කොට, නිවනට නැඹුරු කොට, සති සම්බොජ්ඣංගය වඩනවා. ….(පෙ)…. ධම්මවිචය සම්බොජ්ඣංගය වඩනවා. ….(පෙ)…. විරිය සම්බොජ්ඣංගය වඩනවා. ….(පෙ)…. පීති සම්බොජ්ඣංගය වඩනවා. ….(පෙ)…. පස්සද්ධි සම්බොජ්ඣංගය වඩනවා. ….(පෙ)…. සමාධි සම්බොජ්ඣංගය වඩනවා. මේ ශාසනයෙහි භික්ෂුව, පංච නීවරණ බැහැර වීමෙන් ලත් විවේකය ඇසුරු කොට, අවබෝධයෙන් ලත් කලකිරීමෙන් ඇති වූ නොඇල්ම ඇසුරු කොට, තෘෂ්ණා නිරෝධය ඇසුරු කොට, නිවනට නැඹුරු කොට, උපෙක්ඛා සම්බොජ්ඣංගය වඩනවා. පින්වත් සොයුරියනි, සප්ත බොජ්ඣංග කියන්නේ මේවාටයි. ඒ බොජ්ඣංගයන්ගේ වැඩීමෙන්, බහුල වශයෙන් වැඩීමෙන් තමයි භික්ෂුව ආශ්‍රවයන් ක්ෂය කරලා අනාශ්‍රව වූ චිත්ත විමුක්තියත්, ප්‍රඥා විමුක්තියත් මෙලොවදී ම ස්වකීය විශිෂ්ට වූ ප්‍රඥාවෙන් සාක්ෂාත් කොට පැමිණ වාසය කරන්නේ.”

අථ ඛෝ ආයස්මා නන්දකෝ තා භික්ඛුනියෝ ඉමිනා ඕවාදේන ඕවදිත්වා උය්‍යෝජේසි: “ගච්ඡථ භගිනියෝ, කාලෝ”ති.

ඊටපස්සේ ආයුෂ්මත් නන්දකයන් වහන්සේ ඒ භික්ෂුණීන් හට මේ අවවාදයෙන් අවවාද දී, ‘එහෙමනම් යන්න, පින්වත් සොයුරියනි, එයට කාලයයි’ කියලා පිටත් කෙරෙව්වා.

අථ ඛෝ තා භික්ඛුනියෝ ආයස්මතෝ නන්දකස්ස භාසිතං අභිනන්දිත්වා අනුමෝදිත්වා උට්ඨායාසනා ආයස්මන්තං නන්දකං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා යේන භගවා, තේනුපසංකමිංසු. උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං අට්ඨංසු. ඒකමන්තං ඨිතා ඛෝ තා භික්ඛුනියෝ භගවා ඒතදවෝච: “ගච්ඡථ භික්ඛුනියෝ, කාලෝ”ති.

එවිට ඒ භික්ෂුණීන් වහන්සේලා ආයුෂ්මත් නන්දකයන් වහන්සේ වදාළ ධර්මය සතුටින් පිළිගෙන අනුමෝදන් වෙලා, හුනස්නෙන් නැගිට ආයුෂ්මත් නන්දකයන් වහන්සේට ආදරයෙන් වන්දනා කොට, පැදකුණු කොට භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියා. පැමිණ භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කොට එකත්පස්ව වාඩිවුනා. එකත්පස්ව හුන් ඒ භික්ෂුණීන්ට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළා. “එහෙමනම් යන්න, පින්වත් මෙහෙණියනි, එයට කාලයයි.”

අථ ඛෝ තා භික්ඛුනියෝ භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා පක්කමිංසු. “සෙය්‍යථාපි භික්ඛවේ, තදහුපෝසථේ පන්නරසේ න හෝති බහුනෝ ජනස්ස කංඛා වා විමති වා: ‘ඌනෝ නු ඛෝ චන්දෝ, පුණ්ණෝ නු ඛෝ චන්දෝ’ති, අථ ඛෝ පුණ්ණෝ චන්දොත්වේව හෝති. ඒවමේව ඛෝ භික්ඛවේ, තා භික්ඛුනියෝ නන්දකස්ස ධම්මදේසනාය අත්තමනා චේව පරිපුණ්ණසංකප්පා ච. තාසං භික්ඛවේ, පඤ්චන්නං භික්ඛුනිසතානං යා පච්ඡිමා භික්ඛුනී, සෝතාපන්නා අවිනිපාතධම්මා නියතා සම්බෝධිපරායනා”ති.

එතකොට ඒ භික්ෂුණීන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කොට, පැදකුණු කොට පිටත්ව ගියා.

ඉතින් ඒ භික්ෂුණීන් පිටත්ව ගිය නොබෝ වේලාවකින් භාග්‍යවතුන් වහන්සේ භික්ෂුසංඝයා අමතා වදාළා. “පින්වත් මහණෙනි, ඒක මේ වගේ දෙයක්. පසළොස්වක පොහොය දවසට බොහෝ ජනයාට චන්ද්‍රයා අසම්පූර්ණයිද, එහෙම නැත්නම් චන්ද්‍රයා සම්පූර්ණයිද කියලා සැකයක් හෝ විමතියක් ඇතිවෙන්නේ නෑ. ඒ මොකද, චන්ද්‍රයා සම්පූර්ණ නිසාම යි. පින්වත් මහණෙනි, ඒ වගේ නන්දකයන්ගේ ධර්ම දේශනාවෙන් භික්ෂුණීන් සතුටු සිත් ඇතිකරගත්තා. ඒ වගේම අදහස සම්පූර්ණ වුනා. පින්වත් මහණෙනි, ඒ පන්සියයක් භික්ෂුණීන් අතර අන්තිමට යම් භික්ෂුණියක් සිටියා නම් ඈත් සතර අපායෙහි නොවැටෙන ස්වභාවයෙන් යුතුව, නියත වශයෙන්ම නිවන අවබෝධ කරන සෝතාපන්න තැනැත්තියක් වුනා.”

ඉදමවෝච භගවා. අත්තමනා තේ භික්ඛූ භගවතෝ භාසිතං අභිනන්දුන්ති.

භාග්‍යවතුන් වහන්සේ මේ උතුම් දේශනය වදාළා. ඒ දේශනය ගැන ඒ භික්ෂූන් වහන්සේලා ගොඩක් සතුටු වුනා. භාග්‍යවතුන් වහන්සේ වදාළ මේ දේශනය සතුටින් පිළිගත්තා.

සාදු! සාදු!! සාදු!!!

නන්දකෝවාදසුත්තං චතුත්ථං.

නන්දක තෙරුන් භික්ෂුණීන්ට අවවාද වශයෙන් වදාළ දෙසුම නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/mn3_3-5-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M