මජ්ඣිම නිකාය

උපරි පණ්ණාසකෝ

3.5.3. පුණ්ණෝවාද සුත්තං

3.5.3. පුණ්ණ තෙරුන්ට අවවාද වශයෙන් වදාළ දෙසුම

ඒවං මේ සුතං: ඒකං සමයං භගවා සාවත්ථියං විහරති ජේතවනේ අනාථපිණ්ඩිකස්ස ආරාමේ. අථ ඛෝ ආයස්මා පුණ්ණෝ සායන්හසමයං පතිසල්ලානා වුට්ඨිතෝ යේන භගවා, තේනුපසංකමි. උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදි. ඒකමන්තං නිසින්නෝ ඛෝ ආයස්මා පුණ්ණෝ භගවන්තං ඒතදවෝච:

මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. එසමයෙහි භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුතුමා ගේ ආරාමයේ. එදා ආයුෂ්මත් පුණ්ණ තෙරුන් සවස් වරුවෙහි භාවනාවෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේ වැඩසිටි තැනට පැමිණුනා. පැමිණ භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කොට එකත්පස්ව වාඩිවුනා. එකත්පස්ව වාඩිවුන ආයුෂ්මත් පුණ්ණ තෙරුන් භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ සැලකළා.

සාධු මං භන්තේ, භගවා සංඛිත්තේන ඕවාදේන ඕවදතු, ‘යමහං භගවතෝ ධම්මං සුත්වා ඒකෝ වූපකට්ඨෝ අප්පමත්තෝ ආතාපී පහිතත්තෝ විහරෙය්‍ය’න්ති.

“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, මා හට සංක්ෂේපයෙන් ශ්‍රී සද්ධර්මය වදාරණ සේක් නම් මැනැවි. එතකොට මට භාග්‍යවතුන් වහන්සේගෙන් යම් ධර්මයක් අසා දැනගෙන හුදෙකලා වෙලා, පිරිසෙන් වෙන් වෙලා, අප්‍රමාදීව, කෙලෙස් තවන වීරිය ඇතිව, දහමට දිවි පුදා වාසය කරන්න පුළුවනි.”

තේන හි පුණ්ණ, සුණෝහි, සාධුකං මනසි කරෝහි, භාසිස්සාමීති.

“එසේ නම් පින්වත් පුණ්ණ, හොඳින් සවන් යොමා අසන්න. මනා කොට නුවණින් මෙනෙහි කරන්න. මා කියා දෙන්නම්.”

ඒවං භන්තේති ඛෝ ආයස්මා පුණ්ණෝ භගවතෝ පච්චස්සෝසි. භගවා ඒතදවෝච:

“එසේය, ස්වාමීනී” කියලා ආයුෂ්මත් පුණ්ණ තෙරුන් භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නා. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළා.

සන්ති ඛෝ පුණ්ණ, චක්ඛුවිඤ්ඤෙය්‍යා රූපා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. තඤ්චේ භික්ඛු අභිනන්දති, අභිවදති, අජ්ඣෝසාය තිට්ඨති. තස්ස තං අභිනන්දතෝ අභිවදතෝ අජ්ඣෝසාය තිට්ඨතෝ උප්පජ්ජති නන්දි, නන්දිසමුදයා දුක්ඛසමුදයෝ පුණ්ණාති වදාමි.

“පින්වත් පුණ්ණ, ඇසෙන් දැනගත යුතු වූ සිත් ඇද ගන්නා, ලස්සන, මනාප, ප්‍රිය ස්වරූප ඇති, කැමැත්ත ඇති කරවන, බැඳීම හටගන්නා රූප තියෙනවා. ඉතින් භික්ෂුව එය සතුටින් පිළිගන්නවා, එහි ගුණ කියනවා, එහි බැසගෙන සිටිනවා. එතකොට එය සතුටින් පිළිගනිද්දී, එහි ගුණ කියද්දී, එහි බැසගෙන සිටිද්දී ඔහුට උපදින්නේ තණ්හාවයි. පින්වත් පුණ්ණ, තණ්හාව හට ගැනීමෙනුයි දුක හටගන්නේ කියලයි මා කියන්නේ.

සන්ති ඛෝ පුණ්ණ, සෝතවිඤ්ඤෙය්‍යා සද්දා ….(පෙ)…. ඝානවිඤ්ඤෙය්‍යා ගන්ධා ….(පෙ)…. ජිව්හාවිඤ්ඤෙය්‍යා රසා ….(පෙ)…. කායවිඤ්ඤෙය්‍යා ඵොට්ඨබ්බා ….(පෙ)…. මනෝවිඤ්ඤෙය්‍යා ධම්මා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. තඤ්චේ භික්ඛු අභිනන්දති, අභිවදති, අජ්ඣෝසාය තිට්ඨති. තස්ස තං අභිනන්දතෝ අභිවදතෝ අජ්ඣෝසාය තිට්ඨතෝ උප්පජ්ජති නන්දි, නන්දිසමුදයා දුක්ඛසමුදයෝ පුණ්ණාති වදාමි.

පින්වත් පුණ්ණ, කනෙන් දැනගත යුතු ශබ්ද තියෙනවා ….(පෙ)…. නාසයෙන් දැනගත යුතු ගඳ සුවඳ තියෙනවා ….(පෙ)…. දිවෙන් දැනගත යුතු රස තියෙනවා ….(පෙ)…. කයෙන් දැනගත යුතු පහස තියෙනවා ….(පෙ)…. පින්වත් පුණ්ණ, මනසින් දැනගත යුතු වූ සිත් ඇද ගන්නා, ලස්සන, මනාප, ප්‍රිය ස්වරූප ඇති, කැමැත්ත ඇති කරවන, බැඳීම හටගන්නා අරමුණු තියෙනවා. ඉතින් භික්ෂුව එය සතුටින් පිළිගන්නවා, එහි ගුණ කියනවා, එහි බැසගෙන සිටිනවා. එතකොට එය සතුටින් පිළිගනිද්දී, එහි ගුණ කියද්දී, එහි බැසගෙන සිටිද්දී ඔහුට උපදින්නේ තණ්හාවයි. පින්වත් පුණ්ණ, තණ්හාව හටගැනීමෙනුයි දුක හටගන්නේ කියලයි මා කියන්නේ.

සන්ති ච ඛෝ පුණ්ණ, චක්ඛුවිඤ්ඤෙය්‍යා රූපා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. තඤ්චේ භික්ඛු නාභිනන්දති, නාභිවදති, නාජ්ඣෝසාය තිට්ඨති. තස්ස තං අනභිනන්දතෝ අනභිවදතෝ අනජ්ඣෝසාය තිට්ඨතෝ නන්දි නිරුජ්ඣති. නන්දි නිරෝධා දුක්ඛනිරෝධෝ පුණ්ණාති වදාමි.

පින්වත් පුණ්ණ, ඇසෙන් දැනගත යුතු වූ සිත් ඇදගන්නා, ලස්සන, මනාප, ප්‍රිය ස්වරූප ඇති, කැමැත්ත ඇතිකරවන, බැඳීම හටගන්නා රූප තියෙනවා. ඉතින් භික්ෂුව එය සතුටින් පිළිගන්නේ නෑ. එහි ගුණ කියන්නේ නෑ, එහි බැසගෙන ඉන්නෙත් නෑ. එතකොට එය සතුටින් නොපිළිගනිද්දී, එහි ගුණ නොකියද්දී, එහි බැසගෙන නොසිටිද්දී ඔහු ගේ තණ්හාව නිරුද්ධ වෙනවා. පින්වත් පුණ්ණ, තණ්හාව නිරුද්ධ වීමෙනුයි දුක් නිරුද්ධ වෙන්නේ කියලයි මා කියන්නේ.

සන්ති ච ඛෝ පුණ්ණ, සෝතවිඤ්ඤෙය්‍යා සද්දා ….(පෙ)…. ඝානවිඤ්ඤෙය්‍යා ගන්ධා ….(පෙ)…. ජිව්හාවිඤ්ඤෙය්‍යා රසා ….(පෙ)…. කායවිඤ්ඤෙය්‍යා ඵොට්ඨබ්බා ….(පෙ)…. මනෝවිඤ්ඤෙය්‍යා ධම්මා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. තඤ්චේ භික්ඛු නාභිනන්දති, නාභිවදති, නාජ්ඣෝසාය තිට්ඨති. තස්ස තං අනභිනන්දතෝ අනභිවදතෝ අනජ්ඣෝසාය තිට්ඨතෝ නන්දි නිරුජ්ඣති. නන්දි නිරෝධා දුක්ඛනිරෝධෝ පුණ්ණාති වදාමි.

පින්වත් පුණ්ණ, කනෙන් දැනගත යුතු ශබ්ද තියෙනවා ….(පෙ)…. නාසයෙන් දැනගත යුතු ගඳ සුවඳ තියෙනවා ….(පෙ)…. දිවෙන් දැනගත යුතු රස තියෙනවා ….(පෙ)…. කයෙන් දැනගත යුතු පහස තියෙනවා ….(පෙ)…. පින්වත් පුණ්ණ, මනසින් දැනගත යුතු වූ සිත් ඇද ගන්නා, ලස්සන, මනාප, ප්‍රිය ස්වරූප ඇති, කැමැත්ත ඇති කරවන, බැඳීම හටගන්නා අරමුණු තියෙනවා. ඉතින් භික්ෂුව එය සතුටින් පිළිගන්නේ නෑ. එහි ගුණ කියන්නේ නෑ. එහි බැසගෙන ඉන්නෙත් නෑ. එතකොට එය සතුටින් නොපිළිගනිද්දී, එහි ගුණ නොකියද්දී, එහි බැසගෙන නොසිටිද්දී ඔහු ගේ තණ්හාව නිරුද්ධ වෙනවා. පින්වත් පුණ්ණ, තණ්හාව නිරුද්ධ වීමෙනුයි දුක නිරුද්ධ වෙන්නේ කියලයි මා කියන්නේ.

ඉමිනා ච ත්වං පුණ්ණ, මයා සංඛිත්තේන ඕවාදේන ඕවදිතෝ කතරස්මිං ජනපදේ විහරිස්සසීති. ඉමිනාහං භන්තේ, භගවතා සංඛිත්තේන ඕවාදේන ඕවදිතෝ අත්ථි සුණාපරන්තෝ නාම ජනපදෝ තත්ථාහං විහරිස්සාමි.

පින්වත් පුණ්ණ, මා විසින් මේ අවවාදයෙන් සංක්ෂිප්තව අවවාද කරපු ඔබ කවර ජනපදයක වාසය කරන්නද යන්නේ?” “ස්වාමීනී, සුනාපරන්ත නමින් ජනපදයක් තියෙනවා. භාග්‍යවතුන් වහන්සේ විසින් මේ අවවාදයෙන් සංක්ෂිප්තව අවවාද කරනු ලැබූ මම එහෙ තමයි වාසය කරන්න යන්නේ.”

චණ්ඩා ඛෝ පුණ්ණ, සුණාපරන්තකා මනුස්සා, ඵරුසා ඛෝ පුණ්ණ, සුණාපරන්තකා මනුස්සා. සචේ තං පුණ්ණ, සුණාපරන්තකා මනුස්සා අක්කෝසිස්සන්ති පරිභාසිස්සන්ති, තත්ථ තේ පුණ්ණ කින්ති භවිස්සතී’ති.

“පින්වත් පුණ්ණ, ඔය සුනාපරන්තයේ මිනිස්සු ප්‍රචණ්ඩ යි. පින්වත් පුණ්ණ, ඔය සුනාපරන්තයේ මිනිස්සු පරුෂයි. පින්වත් පුණ්ණ, ඉතින් ඔය සුනාපරන්තයේ මිනිස්සු ඔබට ආක්‍රෝෂ කරාවි. පරිභව කරාවි. එතකොට පුණ්ණ, ඔබට කුමක් හිතේවිද?”

සචේ මං භන්තේ, සුණාපරන්තකා මනුස්සා අක්කෝසිස්සන්ති. පරිභාසිස්සන්ති, තත්ථ මේ ඒවං භවිස්සති: ‘භද්දකා වතිමේ සුණාපරන්තකා මනුස්සා, සුභද්දකා වතිමේ සුණාපරන්තකා මනුස්සා. යං මේ නයිමේ පාණිනා පහාරං දෙන්තී’ති. ඒවමෙත්ථ භගවා, භවිස්සති. ඒවමෙත්ථ සුගත, භවිස්සතී’ති.

“ස්වාමීනී, ඉතින් සුනාපරන්තයේ මිනිස්සු මට ආක්‍රෝෂ කළෝතින්, පරිභව කළෝතින්, ඒ ගැන මං මේ විදිහටයි හිතන්නේ. ‘යම් කරුණකින් මේ උදවිය මට අතින් පහර නොදෙත්ද, සැබැවින්ම මේ සුනාපරන්තයේ මිනිස්සු නම් හරි යහපත් නෙව. සැබැවින්ම මේ සුණාපරන්තයේ මිනිස්සු නම් ඉතාමත්ම යහපත් නෙව’ කියලයි. භාග්‍යවතුන් වහන්ස, ඒ ගැන මට හිතෙන්නේ ඔන්න ඔය විදිහටයි. සුගතයන් වහන්ස, ඒ ගැන මට හිතෙන්නේ ඔන්න ඔය විදිහටයි.”

සචේ පන තේ පුණ්ණ, සුණාපරන්තකා මනුස්සා පාණිනා පහාරං දස්සන්ති, තත්ථ පන තේ පුණ්ණ, කින්ති භවිස්සතී’ති.

“පින්වත් පුණ්ණ, ඉතින් සුනාපරන්තයේ ඔය මිනිස්සු ඔබට අතින් පහර දේවි. එතකොට පුණ්ණ, ඔබට කුමක් හිතේවිද?”

සචේ මේ භන්තේ, සුණාපරන්තකා මනුස්සා පාණිනා පහාරං දස්සන්ති. තත්ථ මේ ඒවං භවිස්සති: ‘භද්දකා වතිමේ සුණාපරන්තකා මනුස්සා, සුභද්දකා වතිමේ සුණාපරන්තකා මනුස්සා, යං මේ නයිමේ ලෙඩ්ඩුනා පහාරං දෙන්තී’ති. ඒවමෙත්ථ භගවා, භවිස්සති. ඒවමෙත්ථ සුගත, භවිස්සතී’ති.

“ස්වාමීනී, ඉදින් සුනාපරන්තයේ මිනිස්සු මට අතින් පහර දුන්නොත් ඒ ගැන මං හිතන්නේ මේ විදිහටයි. ‘යම් කරුණකින් මේ උදවිය මට ගල්වලින් පහර නොදෙත්ද, සැබැවින්ම මේ සුනාපරන්තයේ මිනිස්සු නම් හරි යහපත් නෙව. සැබැවින්ම මේ සුණාපරන්තයේ මිනිස්සු නම් ඉතාමත්ම යහපත් නෙව’ කියලයි. භාග්‍යවතුන් වහන්ස, ඒ ගැන මට හිතෙන්නේ ඔන්න ඔය විදිහටයි. සුගතයන් වහන්ස, ඒ ගැන මට හිතෙන්නේ ඔන්න ඔය විදිහටයි.”

සචේ පන තේ පුණ්ණ, සුණාපරන්තකා මනුස්සා ලෙඩ්ඩුනා පහාරං දස්සන්ති. තත්ථ පන තේ පුණ්ණ, කින්ති භවිස්සතී’ති. සචේ මේ භන්තේ, සුණාපරන්තකා මනුස්සා ලෙඩ්ඩුනා පහාරං දස්සන්ති, තත්ථ මේ ඒවං භවිස්සති: ‘භද්දකා වතිමේ සුණාපරන්තකා මනුස්සා, සුභද්දකා වතිමේ සුණාපරන්තකා මනුස්සා, යං මේ නයිමේ දණ්ඩේන පහාරං දෙන්තී’ති. ඒවමෙත්ථ භගවා, භවිස්සති. ඒවමෙත්ථ සුගත, භවිස්සතී’ති.

“පින්වත් පුණ්ණ, ඉදින් සුනාපරන්තයේ ඔය මිනිස්සු ඔබට ගල්වලින් පහර දේවි. එතකොට පුණ්ණ, ඔබට කුමක් හිතේවිද?”

“ස්වාමීනී, ඉදින් සුනාපරන්තයේ මිනිස්සු මට ගල්වලින් පහර දුන්නොත් ඒ ගැන මං හිතන්නේ මේ විදිහටයි. ‘යම් කරුණකින් මේ උදවිය මට දඬුමුගුරින් පහර නොදෙත්ද, සැබැවින්ම මේ සුණාපරන්තයේ මිනිස්සු නම් හරි යහපත් නෙව. සැබැවින්ම මේ සුණාපරන්තයේ මිනිස්සු නම් ඉතාමත්ම යහපත් නෙව’ කියලයි. භාග්‍යවතුන් වහන්ස, ඒ ගැන මට හිතෙන්නේ ඔන්න ඔය විදිහටයි. සුගතයන් වහන්ස, ඒ ගැන මට හිතෙන්නේ ඔන්න ඔය විදිහටයි.”

සචේ පන තේ පුණ්ණ, සුණාපරන්තකා මනුස්සා දණ්ඩේන පහාරං දස්සන්ති. තත්ථ පන තේ පුණ්ණ, කින්ති භවිස්සතී’ති. ‘සචේ පන මේ භන්තේ සුණාපරන්තකා මනුස්සා දණ්ඩේන පහාරං දස්සන්ති. තත්ථ මේ ඒවං භවිස්සති: ‘භද්දකා වතිමේ සුණාපරන්තකා මනුස්සා, සුභද්දකා වතිමේ සුණාපරන්තකා මනුස්සා, යං මේ නයිමේ සත්ථේන පහාරං දෙන්තී’ති. ඒවමෙත්ථ භගවා, භවිස්සති. ඒවමෙත්ථ සුගත, භවිස්සතී’ති.

“පින්වත් පුණ්ණ, ඉදින් සුනාපරන්තයේ ඔය මිනිස්සු ඔබට දඬුමුගුරින් පහර දේවි. එතකොට පුණ්ණ, ඔබට කුමක් හිතේවිද?”

“ස්වාමීනී, ඉදින් සුනාපරන්තයේ මිනිස්සු මට දඬුමුගුරින් පහර දුන්නොත් ඒ ගැන මං හිතන්නේ මේ විදිහටයි. ‘යම් කරුණකින් මේ උදවිය මට ආයුධයෙන් පහර නොදෙත්ද, සැබැවින්ම මේ සුණාපරන්තයේ මිනිස්සු නම් හරි යහපත් නෙව. සැබැවින්ම මේ සුණාපරන්තයේ මිනිස්සු නම් ඉතාමත්ම යහපත් නෙව’ කියලයි. භාග්‍යවතුන් වහන්ස, ඒ ගැන මට හිතෙන්නේ ඔන්න ඔය විදිහටයි. සුගතයන් වහන්ස, ඒ ගැන මට හිතෙන්නේ ඔන්න ඔය විදිහටයි.”

සචේ පන තේ පුණ්ණ, සුණාපරන්තකා මනුස්සා සත්ථේන පහාරං දස්සන්ති. තත්ථ පන තේ පුණ්ණ කින්ති භවිස්සතී’ති. ‘සචේ මේ භන්තේ සුණාපරන්තකා මනුස්සා සත්ථේන පහාරං දස්සන්ති. තත්ථ මේ ඒවං භවිස්සති: ‘භද්දකා වතිමේ සුණාපරන්තකා මනුස්සා, සුභද්දකා වතිමේ සුණාපරන්තකා මනුස්සා, යං මං නයිමේ තිණ්හේන සත්ථේන ජීවිතා වෝරෝපෙන්ති. ඒවමෙත්ථ භගවා, භවිස්සති. ඒවමෙත්ථ සුගත, භවිස්සතී’ති.

“පින්වත් පුණ්ණ, ඉතින් සුනාපරන්තයේ ඔය මිනිස්සු ඔබට ආයුධයෙන් පහර දේවි. එතකොට පුණ්ණ, ඔබට කුමක් හිතේවිද?”

“ස්වාමීනී, ඉතින් සුනාපරන්තයේ මිනිස්සු මට ආයුධයෙන් පහර දුන්නොත් ඒ ගැන මං හිතන්නේ මේ විදිහටයි. ‘යම් කරුණකින් මේ උදවිය තියුණු ආයුධයකින් පහරදී මාව මරණයට පත් නොකරවත්ද, සැබැවින්ම මේ සුනාපරන්තයේ මිනිස්සු නම් හරි යහපත් නෙව. සැබැවින් ම මේ සුනාපරන්තයේ මිනිස්සු නම් ඉතාමත් ම යහපත් නෙව’ කියලයි. භාග්‍යවතුන් වහන්ස, ඒ ගැන මට හිතෙන්නේ ඔන්න ඔය විදිහටයි. සුගතයන් වහන්ස, ඒ ගැන මට හිතෙන්නේ ඔන්න ඔය විදිහටයි.”

සචේ පන තං පුණ්ණ, සුණාපරන්තකා මනුස්සා තිණ්හේන සත්ථේන ජීවිතා වෝරෝපෙස්සන්ති. තත්ථ පන තේ පුණ්ණ, කින්ති භවිස්සතී’ති. සචේ මං භන්තේ, සුණාපරන්තකා මනුස්සා තිණ්හේන සත්ථේන ජීවිතා වෝරෝපෙන්ති. තත්ථ පන මේ ඒවං භවිස්සති: සන්ති ඛෝ භගවතෝ සාවකා කායේන ච ජීවිතේන ච අට්ටීයමානා හරායමානා ජිගුච්ඡමානා සත්ථහාරකං පරියේසන්ති, තං මේ ඉදං අපරියිට්ඨංයේව සත්ථහාරකං ලද්ධන්ති. ඒවමෙත්ථ භගවා, භවිස්සති. ඒවමෙත්ථ සුගත, භවිස්සතී’ති.

“පින්වත් පුණ්ණ, ඉතින් සුනාපරන්තයේ ඔය මිනිස්සු ඔබට තියුණු ආයුධයකින් පහරදී මරා දමාවි. එතකොට පුණ්ණ, ඔබට කුමක් හිතේවිද?”

“ස්වාමීනී, ඉදින් සුනාපරන්තයේ මිනිස්සු මට තියුණු ආයුධයකින් පහරදී මරා දැම්මොත් ඒ ගැන මං හිතන්නේ මේ විදිහටයි. ‘භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෝ ඉන්නවා. කය ගැනත්, ජීවිතය ගැනත් හෙම්බත් වෙලා. ලැජ්ජාවෙලා. පිළිකුළ ඇතිවෙලා. (දිවි නසාගැනීමට) ආයුධ පාවිච්චි කරන්ටත් ක්‍රම හොයනවා. ඉතින් මට මේ ආයුධයක් නොසොයාම ආයුධයක් මා කරා ඇවිදින් තියෙනවා.’ භාග්‍යවතුන් වහන්ස, ඒ ගැන මට හිතෙන්නේ ඔන්න ඔය විදිහටයි. සුගතයන් වහන්ස, ඒ ගැන මට හිතෙන්නේ ඔන්න ඔය විදිහටයි.”

සාධු සාධු පුණ්ණ, සක්ඛිස්සසි ඛෝ ත්වං පුණ්ණ, ඉමිනා දමූපසමේන සමන්නාගතෝ සුණාපරන්තස්මිං ජනපදේ විහරිතුං. යස්සදානි ත්වං පුණ්ණ, කාලං මඤ්ඤසීති.

“සාදු! සාදු! පින්වත් පුණ්ණ, ඔබට ඔය දමනයෙන් සංසිඳීමෙන් යුක්ත වීම නිසා පින්වත් පුණ්ණ, සුණාපරන්ත ජනපදයේ වාසය කරන්න පුළුවන්ම යි. පින්වත් පුණ්ණ, දැන් ඔබ යමකට සුදුසු කාලය දන්නවා නම් එය කරන්න.”

අථ ඛෝ ආයස්මා පුණ්ණෝ භගවතෝ භාසිතං අභිනන්දිත්වා අනුමෝදිත්වා උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා සේනාසනං සංසාමෙත්වා පත්තචීවරං ආදාය යේන සුණාපරන්තෝ ජනපදෝ, තේන චාරිකං පක්කාමි. අනුපුබ්බේන චාරිකං චරමානෝ යේන සුණාපරන්තෝ ජනපදෝ, තදවසරි. තත්‍ර සුදං ආයස්මා පුණ්ණෝ සුණාපරන්තස්මිං ජනපදේ විහරති.

ඉතින් ආයුෂ්මත් පුණ්ණ තෙරුන් භාග්‍යවතුන් වහන්සේ වදාළ දේශනාව සතුටින් පිළිඅරගෙන, සතුටින් අනුමෝදන් වෙලා, අසුනෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වැඳ පැදකුණු කොට, කුටිය අස්පස් කරලා, පාසිවුරුත් රැගෙන සුනාපරන්ත ජනපදයට චාරිකාවේ පිටත් වුනා. පිළිවෙලින් චාරිකාවේ වඩිමින් සුනාපරන්ත ජනපදය යම් තැනකද එහි වාසය කළා. දැන් ආයුෂ්මත් පුණ්ණ තෙරුන් ඒ සුනාපරන්ත ජනපදයේ තමයි වාසය කරන්නේ.

අථ ඛෝ ආයස්මා පුණ්ණෝ තේනේවන්තරවස්සේන පඤ්චමත්තානි උපාසකසතානි පටිපාදේසි. තේනේවන්තරවස්සේන පඤ්චමත්තානි උපාසිකාසතානි පටිපාදේසි.තේනේවන්තරවස්සේන තිස්සෝ විජ්ජා සච්ඡාකාසි. අථ ඛෝ ආයස්මා පුණ්ණෝ අපරේන සමයේන පරිනිබ්බායි. අථ ඛෝ සම්බහුලා භික්ඛූ යේන භගවා, තේනුපසංකමිංසු.උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදිංසු. ඒකමන්තං නිසින්නා ඛෝ තේ භික්ඛූ භගවන්තං ඒතදවෝචුං: යෝ සෝ භන්තේ, පුණ්ණෝ නාම කුලපුත්තෝ භගවතා සංඛිත්තේන ඕවාදේන ඕවදිතෝ, සෝ කාලංකතෝ. තස්ස කා ගති, කෝ අභිසම්පරායෝ’ති.

ඉතින් ආයුෂ්මත් පුණ්ණ තෙරුන් ඒ අවුරුද්ද ඇතුළතදීම පන්සියයක් උපාසකවරුන්ට චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කෙරෙව්වා. ඒ අවුරුද්ද ඇතුළතදීම පන්සියයක් උපාසිකාවන්ට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කෙරෙව්වා.

ඒ අවුරුද්ද ඇතුළතදීම ත්‍රිවිද්‍යාවත් සාක්ෂාත් කළා. පසු කලකදී ආයුෂ්මත් පුණ්ණයන් වහන්සේ පිරිනිවන් පෑවා.

එතකොට බොහෝ භික්ෂූන් භාග්‍යවතුන් වහන්සේ වැඩසිටි තැනට පැමිණුනා. පැමිණ භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කොට එකත්පස්ව වාඩිවුනා. එකත්පස්ව වාඩිවුන ඒ භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේගෙන් මෙකරුණ විමසුවා. “ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ විසින් සංක්ෂිප්තව අවවාදයකින් අවවාද කරපු යම් ඒ පුණ්ණ නම් කුලපුත්‍රයෙක් සිටියා නෙව. ඔහු කළුරිය කළා. ඔහුගේ ගතිය කුමක්ද? පරලොව ජීවිතය කුමක්ද?”

පණ්ඩිතෝ භික්ඛවේ, පුණ්ණෝ කුලපුත්තෝ, පච්චපාදී ධම්මස්සානුධම්මං, න ච මං ධම්මාධිකරණං විහේඨේසි. පරිනිබ්බුතෝ භික්ඛවේ, පුණ්ණෝ කුලපුත්තෝති.

“පින්වත් මහණෙනි, පුණ්ණ කුලපුත්‍රයා හොඳ නුවණින් යුක්තයි. ධර්මානුකූලවම ජීවත් වුනා. ධර්මයෙන් ප්‍රශ්න හදාගෙන මාව වෙහෙසට පත් කළේ නෑ. පින්වත් මහණෙනි, පුණ්ණ කුලපුත්‍රයා පිරිනිවන් පෑවා.”

ඉදමවෝච භගවා. අත්තමනා තේ භික්ඛූ භගවතෝ භාසිතං අභිනන්දුන්ති.

භාග්‍යවතුන් වහන්සේ මේ උතුම් දේශනය වදාළා. ඒ දේශනය ගැන ඒ භික්ෂූන් වහන්සේලා ගොඩක් සතුටු වුනා. භාග්‍යවතුන් වහන්සේ වදාළ මේ දේශනය සතුටින් පිළිගත්තා.

සාදු! සාදු!! සාදු!!!

පුණ්ණෝවාද සුත්තං තතියං.

පුණ්ණ තෙරුන්ට අවවාද වශයෙන් වදාළ දෙසුම නිමා විය.�

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/mn3_3-5-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M